අතුරුදහන් වු පුසාරි සිරුර කොවිලේ බාල්කයක

යාපනයේ චාවාකච්චේිරියේ ඉයත්තාලෙයි ප‍්‍රදේශයේ පිහිටි කෝවිලක තරුණ පූසාරි වරයෙකු එම කෝවිල තුල එල්ලා මරු දැක තිබියදී ඊයේ හමුවී ඇතැයි වාර්තා වේ.

වයස 24 ක් වන ‘ගුණානන්ද ශර්මා හරිහර ශර්මා’ නම් තරුණ පූසාරිවරයා මෙසේ මරු දැක තිබේ.

ඔහුගේ සිරුර කෝවිලේ බාල්කයක එල්ලා තිබී හමුවීමට දින දෙකකට පෙර ඔහු අතුරුදන්ව ඇතැයි ඔහුගේ ඥාතීහු චාවාකච්චේරි පොලීසියට පැමිණිලි කොට තිබී ඇත.