පානදුර උතුරු කෙසෙල්වත්තේ මවත් පුතාත් පැහැර ගෙන යයි

රුපියල් දස ලක්ෂයක කප්පමක් ඉල්ලා පානදුර උතුරු කෙසෙල්වත්තේ මවක හා ඇගේ හය අවුරුදු පුතා බදාදා උදේ පැහැරගෙන ගොස් ඇතැයි පානදුර පොලිසියට පැමිණිලි කැර ඇත.

විදේශ රැකියාවක් කරන තම සොහොයුරාගේ බිරිය පැහැරගෙන ඇතැයි කියනුයේ ඇය දරුවාට බෙහෙත් ගැනීමට නගරයට ආ අවස්ථාවේදී බව පැමිණිල්ලේ දැක්වේ.