නීතිපති චෝදනා හැලිම අප පුදුමයට පත් නොකරයි


හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා කැස්බෑව ශ්‍රීලනිප සංවිධායක චන්දන කත්ත‍්‍රිආරච්චි ඇතුළු සිවුදෙනෙක් පිළියන්දල නාම්පමුණුව මිනීමැරුම් නඩුවේ පළමු චෝදනාව වන අයුතු ජනරාශියට වරද පිළිගත්හ. වසර 15කට පෙර කේ. දොන් චන්ද්‍රරත්න කත‍්‍රිආරච්චිට වෙඩි තබා මරා ඔහුගේ සොයුරු කේ. දොන් කරුණාරත්නට තුවාල කළැයි චෝදනා තුනක් යටතේ පී.ජී. සුනිල් පෙරේරා, රුවන් චන්දන ප‍්‍රනාන්දු, එම්. මහේෂ් පීරිස් හා චන්දන කති‍්‍රආරච්චිට එරෙහි මේ නඩුව පවරා තිබිණි. වෙඩි තැබූ බව කියන සිව්වැනි විත්තිකාර ඒ. නිහාල් සුරේෂ් නොමැතිව නඩුව විභාග විය.

දෙවැනි තෙවැනි චෝදනා වූ ඝාතනය හා තුවාල සිදු කිරීමේ චෝදනා නීතිපති විසින් ඉන්පසු ඉල්ලා අස්කැර ගැනිණි. විත්තිකරුවන්ගේ ඇඟිලි සළකුණු ගන්නැයි නියෝග කළ කොළඹ දිසා විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ මහත්මිය දඬුවම් පැමිණවීම මාර්තු නව වැනිදාට කල් තැබුවාය.

නඩුව මුලින්ම විභාග වූයේ පානදුර මහාධිකරණයේදීය. තීන්දුව දීමට ඔන්න මෙන්න කියා තිබියදී ජූරි සභාවේ නායකයාට මරණ තර්ජන එල්ලවිය. ඉන්පසුව නඩුව කොළඹට මාරු කැරිණි.