යුද්ධයෙන් පසුවද යාපනේ ජනයාට සැනසිමක් නැත.


හර්ෂි සි. පෙරේරා



යාපනයේ සිදුවන පැහැරගැනීම්, ඝාතන හා කොල්ලකෑම් නිසා එහි ජනයා නොසන්සුන් වී සිටිතියි ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. තරාතිරම නොබලා අපරාධකරුවනට දඬුවම් දෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසුයේ මේ ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් එහි යැවිය යුතු බවයි. මේ ගැන විවාදයකට ඉඩ දෙන්නැයි ද විපක්ෂ නායක යෝජනා කෙළේය. (ලංකාදීප)

යුද්ධයෙන් පසුව යාපනේ ජනතාව බලාපොරෝතු වන්නට ඇත්තේ සිය අනේකවිධ දුක්ඛ දොමිනස්සයන් සහ සදහටම අහිමිවු සිය නෑසියන් අසල්වාසින් සහ මිතුරන් ගේ වෙන්විමද දරාගෙන සාමකාමිව සිටිම වියහැක. විශේෂයෙන් ඔවුන්ගේ බලාපොරෝත්තුව නොනැසි ඉතුරු වු තම දු දරුවන්ට සහ මුණුබුරු මිණිපිරියන්ට හොද අධ්‍යාපනයක් ලබාදිම වුවා නැසැකය.

නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? යුද්ධය අවසන්ව වසර එකහාමාරකට පසුව ඒ සැනසිම සතුට ලගාකර දුන් නිදහස කවුරුන් හෝ විසින් සොරා ගනු ලැබිමයි. අපට මෙි අවස්ථාවෙි සරණගාත කදවුරු වල ගැහැනු ළමුන් ලිංගික කටයුතු සදහාත් පිරිමි ළමුන් බැලමෙහෙවර සදහාත් පැහැර ගෙනයාම පිළිබදව ආණ්ඩුවට සමිබන්ධ දෙමළ දේශපාලන කණ්ඩායමි වලට එල්ලවන චෝදනා අමතක කළ නොහැක.

උතුරු නැගෙනහිිර ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරිමෙි ප‍්‍රබල වගකිමක් ආණ්ඩුවට ඇත. මෙි අවස්ථාවෙි ආණ්ඩුව විශේෂයෙන් සැලකිලිමත් වියයුතු කරුණක් ඇත. ඒ හොරාගේ අමිමා ගෙන් පෙන ඇසිමෙන් වැළකිමයි. තවද හොරාගේ මව කියන දේවල් විශ්වාස නොකිරිමයි.


Tell a Friend