සිරකරුවන්ද සුදු කොඩි වනති

අනුරාධපුර හිරගෙදර හිර කරුවන් පනස් දෙනකු පමණ වහළට නැග සුදු කොඩි වනමින් සිටින අතර ඔවුන්ගේ නෑයෝ තුන්හාර සියයක් හිරගෙදර ඉදිරිපිටට වී හඬා වැටෙමින් තම නෑයන්ට එරෙහි පරීක්‍ෂණ ඇත්නම් කඩිනම් කැර ඔවුන් බැලීමට අවසර දෙන්නැයි ඉල්ලති. 

1500 කට ආසන්න හිරකරුවෝ පිරිසක් එහි සිටිති. ඇතැම් සිරකරුවන් ජංගම දුරකතන මගින් පසුගිය දින කිහිපයේම එංගලන්තයට කතා කැර ඇතැයි කියන සිද්ධියක් ගැන බන්ධනාගාර අධිකාරීට දැන්වූ බව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද මහතා කියයි.