යාපනයෙන් තවත් මළ සිරුරක් සොයා ගනි

අතුරුදහන් වූවෙකුගේ තවත් මළ සිරුරක් යාපනයේ කොට්ටඩි ප‍්‍රදේශයේ ඊයේ (25* සොයා ගෙන තිබේ.

මොහු යාපනයේ කේ. තවසෙල්වම් ලෙස හඳුනාගෙන ඇත. හතලිස් තුන්හැවිරිදි ඔහු දරුවන් පස් දෙනෙකුගේ පියෙකි.

පෙරේදා(24* රාත‍්‍රී 10 ට පමණ මොහු අතුරුදහන් වී ඇති අතර, ඒ පිළිබඳව ඔහුගේ ඥාතීන් විසින් යාපනය පොලිසියට එදිනම පැමිණිල්ලක් ද කොට ඇත. තවසෙල්ලම් මහතාගේ මළ සිරුර ඊයෙ(25* රාත‍්‍රී යාපනයේ කොට්ටඩි ප‍්‍රදේශයෙන් හමු වී ඇති අතර, දැනට දේහය යාපනය මහරෝහලේ තැන්පත් කොට තිබේ.