රජුගේ පැය 24 සේවය කල්යයි : රජයේ රෝහල් 40ක ඕපීඩී අද සිට රාත්‍රි 8.00 දක්‌වා

ඒමන්ති මාරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ රෝහල් හතළිහක පමණ පවතින බාහිර රෝගී අංශයන් (ඕපීඩී) අද (15 වැනිදා) සිට රාත්‍රි 8.00 දක්‌වා විවෘත කර තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ යටතේ රජයේ මහ රෝහල්, ශික්‍ෂණ රෝහල් හා මූලික රෝහල් හතළිහක පමණ බාහිර රෝගී අංශයේ ඖෂධ ශාලා සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්‌වා හා පෝය දිනයන් ඇතුළු රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි උදෑසන 8.00 සිට රාත්‍රි 8.00 දක්‌වා විවෘතව තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා පැවැසීය.

රජයේ ඖෂධවේදීන්ගෙන් කොටසක්‌ පැය 24 පුරා රජයේ රෝහල් බාහිර රෝගී අංශ පවත්වාගෙන යැමට කැමැත්ත පළකර ඇතත් තවත් කොටසක්‌ ඒ සඳහා සහාය පළ නොකිරීම නිසා පැය 24 පුරා බාහිර රෝගී අංශ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කලින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීමට කල්යනු ඇතැයි හෙතෙම කීය. පළාත් සභා රෝහල්වල පවතින රජයේ ඖෂධවේදීන් ඇතුළු සෙසු සෞඛ්‍ය සේවකයන්ගේ හිඟය මඟහරවා ගත් පසු එම රෝහල්වල ද බාහිර රෝගී අංශයන් රාත්‍රි 8.00 දක්‌වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය. Tell a Friend