එක්සත් ජාතික පක්‍ෂයේ ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය සමඟ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති විශේෂ සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනාවලියෙන් වැඩ කරන ජනතාවට, ගොවි ජනතාවට සහ පුද්ගලික අංශයේ සේවකයින්ට ඇතුලූ සමස්ථ ජනතාවට කිසිදු සහනයක් සලසා නැහැ.
සියලූ සේවක වැටුප් වැඩි කිරීම යනු ආණ්ඩුවෙන් සේවකයින්ට ප්‍රදානය කරන තෑග්ගක් නොව, රටේ මේ මොහොතේ උද්ගත වී තිබෙන උග්‍ර ජීවන අර්බුදය අනුව සේවකයින්ගේ අයිතියක් බව කිව යුතුයි.
සියලූ සේවක වැටුප් වැඩි කරමින් ජනතාවට සහන සලසන්නැයි 2007 සහ 2008 දී අප කියා සිටි මොහොතේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂය ඒ සටන් පාඨය කියන්නේ යුද්ධය කඩා කප්පල් කොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට උදව් කිරීමට බවයි.
යුද්ධය අවසන් වූ විගස රුපියල් 2500 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කර ජනතාවට සහන සලසා රට සංවර්ධනය කරන බවට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දිවුරා පොරොන්දු දුන්නා.
යුද්ධය අවසන් වී අවුරුදු දෙකක් ගත වී ඇතැත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කරමින් ජනතාවට සහන සලසා නැහැ.
යුද්ධය අවසන් වී ඇති නිසා වහාම සියලූ සේවක වැටුප් වැඩි කරන්නේ යැයි 2009 දී කියා සිටි ආණ්ඩුව ඊට පසුව නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන අයවැය යෝජනාවලියෙන් 2010 සඳහා වැටුප් වැඩි කරන බවට පොරොන්දු වී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත නිසා ඒ සඳහා අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කළ නොහැකි යැයි කියා ඒ පොරොන්දුව ද කඩ කළා.
අනතුරුව ජනාධිපතිවරණයෙන් පසුව සියලූ සේවක වැටුප් වැඩි කරන බවට පොරොන්දු වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ පොරොන්දුව ද කඩ කොට පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජුනි මාසයේ දී වැටුප් වැඩි කරන බවට පොරොන්දු වුණා.
සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජූනි මාසයේ දී අප ප්‍රශ්න කළ විට ආණ්ඩුව කියා සිටියේ නොවැම්බර් මාසයේ සිට රුපියල් 2500 කින් රාජ්‍ය සේවක වැටුප් ද, ඊට සමගාමීව පුද්ගලික අංශයේ සේවක වැටුප් ද වැඩි කරන බවයි.
කෙසේ නමුත් නොවැම්බර් මාසයේ දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කියා සිටියේ ගෙරු කතානායකතුමනි, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව මම ඉතා දැඩි ලෙස සිතා බැලූවා. රාජ්‍ය සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 100 කින් වැඩි කළහොත් ඒ වෙනුවෙනුත් විශ්‍රාම වැටුප් වෙනුවෙනුත් රුපියල් බිලියන 1.9 ක් අවශ්‍යයි. එබැවින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පහසු නැහැ...යි කියායි.
සේවක වැටුප් වැඩි කිරීමට නොහැකි බව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මීට ප්‍රථම කියා නොසිටියේ ඇයි? අවුරුදු ගණනාවක් සියලූ සේවකයින්ට පොරොන්දු දෙමින් වැටුප් ප්‍රශ්නය ඇද ගෙන ගොස් වැටුප් වැඩි කිරීම සඳහා මුදල් සොයා ගැනීම අපහසු යැයි දැන් කියා සිටින්නේ ඇයි?
අයිෆා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට ආණ්ඩුව 2010 මැයි මාසයේ දී රුපියල් බිලියන 1.9 ක් වියදම් කළ අතර ජනාධිපති දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවය සඳහා එවැනි සිව් ගුණයක මුදල් සම්භාරයක් වියදම් කළා.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිය අති විශාල නියෝජිත කණ්ඩායම සමඟ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සංචාරය කිරීම සඳහා රුපියල් බිලියනයකට අධික මුදල් සම්භාරයක් වැය කළා අපට මතකයි.
මේ කටයුතු සඳහා කෙසේ හෝ මුදල් සොයා ගැනීමට ආණ්ඩුවට හැකි නම් සියලූ සේවක වැටුප් වැඩි කරමින් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් සොයා ගත නොහැක්කේ ඇයි?
සේවක වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවට මුදල් නොමැති නම් විශාල සමාගම් සඳහා ආණ්ඩුව බදු සහන සැලසුවේ කෙසේද? ඒ සමාගම් සඳහා අදාළ බදු තවදුරටත් අය කරමින් සේවක වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණා.
රජයේ සහ ආරක්‍ෂක හමුදාවන්හි සේවකයින් සඳහා ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ සිට රුපියල් 600 කින් වැඩි කරන්නේ යැයි ආණ්ඩුව දැන් කියා සිටිනවා. ආරක්‍ෂක අංශයේ සිටින්නේ 2000 සිට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව උතුරේ ද, 2007 නැගෙනහිර ද, 2008 වන්නියේ ද සටන් කළ අපේ වීරෝධාර රණවිරුවනුයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සිය දිවි පරදුවට තබා සටන් කළ වීරෝධාර රණවිරුවන්ට කළ ගුණ සැලකීමක් වශයෙන් මසකට රුපියල් 100 ක දීමනාවක් ගෙවන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි කරුණා අම්මාන්ට ජීවන වියදම් දීමනාව ලෙස මසකට රුපියල් ලක්‍ෂයක් ගෙවනවා.
මේ තත්ත්වය යටතේ ආරක්‍ෂක හමුදාවේ සිටියාට වඩා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ සිටියා නම් හොඳ යැයි යමෙකුට සිතෙන්නට පුලූවන්.
කේ.පී. නොහොත් කුමරන් පද්මනාදන්ට අති විශාල මුදල් සම්භාරයක් වියදම් කරන ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව දිවි පරදුවට තබා සටන් කළ අපේ වීරෝධාර රණවිරුවන්ට මෙසේ සලකන්නේ ඇයි?
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය මෙහෙය වූ හිටපු යුද හමුදාපතිවරයා වැලිකඩ සිර ගෙදර සිර කර සිටින ආණ්ඩුව වීරෝධාර රණවිරුවන් දිළිඳු භාවයේ සිරකර තිබෙනවා.
යුද්ධය වෙනුවෙන් පටි තද කර ගන්නැයි රාජ්‍ය සේවකයන්ගෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉල්ලා සිටි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අවසානයේ දී ඒ අයගේ බඩට පහර දී තිබෙනවා.
ආණ්ඩුව සියලූ සේවක වැටුප් වැඩි නොකර තවදුරටත් ඒ වැටුප් කප්පාදු කිරීමට යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගසා ඇති ගිවිසුම් අනුවයි. මේ තත්ත්වයෙන් හෙළි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යට වී මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව ක්‍රියා කරන බවයි.
යුරෝපා රටවල් ගණනාවකට පැනෙව්වා සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටට ද අලූත් කොන්දේසි ගණනාවක් පැනවීමට උත්සාහ කරමින් සිටිනවා. රාජ්‍ය සේවකයින් සම්පූර්ණයෙන්ම සේවයෙන් පහ කොට අනෙකුත් සේවකයින්ගේ වැටුප් අඩු කරන්නැයි ගී්‍රසියට කියා සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජ්‍ය සේවක වැටුප් අඩු කිරීම හෝ ඒ අයට බදු පනවන්නැයි අයර්ලන්තයට කියා තිබෙනවා.
රාජ්‍ය සේවකයින් කොටසක් සේවයෙන් පහ කොට අනෙකුත් සේවකයින්ගේ වැටුප් අඩු කරන අතර තවත් අය සඳහා බදු පනවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෘතුගාලයට ද කොන්දේසි පනවා තිබෙනවා.
ඊට විරුද්ධව සියලූ වෘත්තීය සමිති සියලූ ප්‍රශ්න පසෙක තබා දැවැන්ත වර්ජනයක් රට පුරා ඇති කර තිබෙන අතර මේ හේතුවෙන් පෘතුගාලයේ ගුවන් තොටුපොළ ද, වරාය ද, දුම්රිය ද, බස් සේවය ද වර්ජනය කර තිබෙනවා.
මේ අවුරුද්දේ ජනතාවගේ සහනාධාර සම්පූර්ණයෙන්ම කප්පාදු කළ ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ දී අයවැය යෝජනාවලියෙන් වැටුප් කප්පාදු කරනු නියතයි. ධනපතියන් 200 ට මේ අයවැය යෝජනාවලිය වාසි වුණත් රටේ සිටින දෙකෝටියකට අධික ජනතාවට මේ අයවැය යෝජනාවලියෙන් කිසිඳු වාසියක් ඇත්තේ නැහැ.
ආණ්ඩුව ජනතාවට සහන නොසලසන්නේ නම් අප ආණ්ඩුවට බල කරමින් ජනතාව වෙනුවෙන් සහන දිනා ගැනීමට කටයුතු කළ යුතුයි. මේ ප්‍රශ්නය සමස්ථ වැඩ කරන ජනතාවට බලපාන නිසා වැඩ කරන ජනතාව නියෝජනය කරන සියලූ වෘත්තීය සමිති එකට ඒකාබද්ධ වී සටන් කළ යුතුයි.
යුද්ධය අවසන් වන තුරු පටි තද කර ගන්නැයි ජනතාවට කියා යුද්ධය දිනා ගැනීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළේ ජනතාවගේ බඩට ගසා ජනතාව අමතක කර දිළිඳු භාවයට ඇද දැමීමයි.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා.
එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපට සමස්ථ වැඩ කරන ජනතාව වෙනුවෙන් මේ අයවැය යෝජනාවලියට විරුද්ධව සිය යුතුකම, වගකීම සහ කාර්යභාරය ඉටු කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.
වැඩ කරන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහි වෘත්තීය සමිති අරගලය සියලූ වෘත්තීය සමිති දේශපාලන භේද සියල්ල ඉවතලා එකට ඒකරාශී වී ඉදිරියට ගෙන යා යුතුයි. ආණ්ඩුවේ අයවැය යෝජනාවලියෙන් වැඩ කරන ජනතාවට ලැබුණු කිසිවක් නැතත් නොලැබුණු දේ නම් බොහෝමයක් තිබෙනවා.
ධීවර ජනතාවට, සමෘද්ධි ලාභීන්ට, පුද්ගලික අංශයට, රාජ්‍ය අංශයට ඇතුලූ සමස්ථ ජනතාවට මේ අයවැය යෝජනාවලියෙන් කිසිඳු සහනයක් ලබා නොදීමෙන් සමස්ථ රාජ්‍යයම කඩා වැටෙමින් පවතිනවා.
රාජකාරිය දේව කාරිය ලෙස සලකා කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියත් සිය ජීවිකාව ගෙන යන්න ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන තත්ත්වය හමුවේ සේවකයින් සිය රාජකාරිය නිසි ලෙස කරන්නේ කෙසේද?
මේ තත්ත්වයට එරෙහිව අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ථ වැඩ කරන ජනතාව වෙනුවෙන් අති විශාල කාර්යභාරයක් සිදු කිරීමට අප සූදානම්ව සිටිනවා.
ඇත්ත වශයෙන්ම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අතර ආණ්ඩුව කෙරෙහි මතුව තිබෙන විරෝධයෙන් හෙළිවන්නේ මේ ආණ්ඩුවට තව අවුරුදු දෙකක් ඉදිරියට යා නොහැකි බවයි.
මේ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, මහ ලේකම් තිස්ස අත්තනායක, ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල්, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.
Post a Comment