(January 29, Colombo, Sri Lanka Guardian) ජනාධිපති මැතිවරණ සමයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පවා නොතකමින් ඒක පාක්ෂික ලෙස ජාතික රූපවාහිනිය හැසිර වූ එහි සභාපති ඇතුගල මහතා ඉතා පහත් ලෙස තම විරුද්ධ පාක්ෂික සේවකයින්ගෙන් පලිගැනීමට ක්‍රියාකරමින් සිටින බව වාර්තා වේ.
දැනට ලැබී ඇති තොරතුරු අනුව ජාතික රූපවාහිනී සංස්ථාවේ රොබට් කුමාර අලගියවන්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකර ඇති අතර සේවයෙන් නෙරපා හරින ලද ලිපිය ඊයේ රැ ඔහුගේ නිවසටම ගොස් භාර දී තිබේ. මීට අමතරව වැඩ සටහන් නිෂ්පාදකවරුන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට අදාල ලිපි මේ වන විටත් සකස් කර අවසන් බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස වැඩ තහනමට නියම වී ඇති සේවකයින් අතර රූපවාහිනී සංස්ථා සේවක සංගමයේ භාණ්ඩාගාරික නිමල් තෙන්නකෝන් සහ ජාතික සේවක සංගමයේ ලේකම් හේම අජිත් යන අයද සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. කාංචන මාරසිංහ, ගාමිණී පුෂ්පකුමාර, රවි අබේවික්‍රම, මහින්ද ගුණතිලක ඊට අමතරව වැඩ තහනමට ලක්වීමට නියමිත වැඩ සටහන් නිෂ්පාදකවරු වෙති.
මැතිවරණ සමයේ යක්ෂාවේෂයෙන් හිට්ලර්, ඉඩි අමින් වැනි ඒකාධිපති පාලකයින් ගැන නිතර ප්‍රචාරය කරන ලද ජාතික රූපවාහිනී සංස්ථාව සහ එහි සභාපතිවරයා මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමග මෙලෙස යක්ෂාවේෂයෙන් තම විරුද්ධ පාක්ෂිකයින්ගෙන් පලිගැනීම පිළිබඳව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව එහි සේවකයෝ තවදුරටත් අප හා පැවසූහ. -Sri Lanka Guardian
Home Unlabelled ඇතුගල යක්ෂා වේෂයෙන්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment