''වෘෂණ කෝෂ බද්ධ කරයි කියන එක ලොකු බොරුවක්'' - වෛද්‍ය රිස්වි

වෘෂණ කෝෂ බද්ධයක් සිදුවූ බව දක්වමින් පසුගිය දිනවලදී මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වූ බොරැල්ල වෙස්ටර්න් රෝහලේ සභාපති,  විශේෂඥ වෛද්‍ය රිස්වි ෂෙරීෆ් මෙම සිද්ධියේ ඇත්ත නැත්ත පිළිබඳ කළ පැහැදිලි කරමින් දක්වන්‍නේ, 

''වෘෂණ කෝෂ බද්ධය ‍මුළු ලෝකෙම දෙපාරයි කරලා තියෙන්නේ ඒකත් පර්යේෂණ වලටයි. ඒක සාර්ථකත් නැහැ. වෘෂණ කෝෂයක් බද්ද කරයි කියන එක ලොකු බොරුවක්. ඩොක්ටර් ෂාෆිට වුණ වැඩේ තමයි මේ කතාවත්.‍ මාව අල්ලගෙන තියෙන්නේ දැන් මොකක් හරි වැරැද්දක් කරාද කියලා හොයාගන්න‍.'' යන්නයි.