අන්තර් ජාලය හරහා සිදුකරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ වලින් ආරක්ෂා වීම පිණිස අවශ්‍ය නීති පැනවීම හා බෞද්ධ ප්‍රකාශන පළකිරීම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතක් සැකසීම පිළිබඳ පසුගියදා ඉදිරිපත් වූ කැබිනට් තීරණය සම්බන්ධයෙන් සිරස 'පැතිකඩ' වැඩසටහන සමග එක්වෙමින් අදහස් දැක්වූ නීතිඥ ජගත් ලියන ආරච්චි පෙන්වා දුන්නේ මෙවැනි නීති පැනවීම පීඩාකාරී පනත් ගොන්නට මුසුවන බවත් එවැනි නීති පවතින රටක මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගෙන්නේ නැති බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
''අදහස් ප්‍රකාශ කිරීමේ
අයිතිය යම් යම් නීති පද්ධති යටතේ නියාමනය වෙලා තියෙනවා. ඊටත් එහා ගිහිං තවදුරටත්
පාලනය කරන්න යනකොට ඒ නීතිය වැටෙන්නේ අනිවාර්යයෙන්ම කළු නීති ගොඩට. ඒ කියන්නේ අර
පීඩාකාරී නීති ගොන්නට. එතකොට, එවැනි නීති තියෙන රටක් සම්බන්ධව මානව හිමිකම් පැත්තෙන්
ගත්තම එච්චර හොඳ ප්‍රතිරූපයක් එන්නේ නැහැ. එතකොට එවැනි රටක අපිට කටයුතු කරන්නට
වෙන්නේ, ඉතාම බයෙන් හා සැකයෙන් අදහස් ප්‍රකාශ කරන්න වෙන්නේ. ඒක කොච්චර දුරකට අපි
දැනගෙනද ?, නොදැනගෙනද ?, සමහරවිට අපි අන්තර් ජාලයේ සැරිසරන ගමන් ෆේස්බුක් එකේ බැරිවෙලා
ඇගිල්ලක් වැදිච්ච එකකින් වුණත් අපි හිරේ යන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ නීතියේ
ස්වභාවය අනුව. අනිත් කාරණේ වෙන්නේ ගොඩක් වෙලාවට යම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට
එල්ලවන යම් සීමා කිරීම් අසත්‍ය ප්‍රකාශන, හානිකර ප්‍රකාශන, වෛරී ප්‍රකාශන ඒවා පිටුදැකීම
සඳහා ඒකට අදාළ වෙනම නීතියක් ගෙන එනවාට වඩා ලෝකේ කරලා තියෙන්නේ, ඒ විශේෂ නීති වල
ඒවට අදාළ කොටස් එකතු කිරීම.
උදාහරණයක් විදියට මැතිවරණයකදී අසත්‍ය මැතිවරණ ප්‍රකාශන සිදුකිරීම තහනම් කරලා තියෙනවා. ඒ මැතිවරණ අපේ රටේ තහනම් කරලා තියෙනවා.'' යන්නයි.
Post a Comment