ජපානයෙන් බිහිවූ සුප්‍රකට ලේඛකයෙකු වන හරුකි මුරකාමි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ජපන් පුවත්පතක් වන The Mainichi වෙත පසුගිය ඉරිදා (29) දින ලිපියක් යොමුකරමින් පවසන්නේ, ‘මා මරණ දඬුවමට විරුද්ධ මතයක ඉන්න කෙනෙක්. වචනානුසාරයෙන් ගත්ත ද මරණ දඬුවම අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ඉරණම තීරණය කරන දඬුවමක් වී තිබෙනවා‘ යන්නයි.
‘‘මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් මෙවැනි අපරාධ නැවත ඇතිනොවෙන බව විශ්වාස කරනවා නම් එය අතිශයින්ම වැරදි තීරණයක්. වැරදි යළි ඇතිනොවෙන වග සහතික කිරීමට තිබෙන එකම ක්‍රමවේදය මරණ දඬුවම නොවේ‘ යනුවෙන් මෙම ලිපිය තුළ ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
හරුකි සිය Underground - The Tokyo Gas Attack and the Japanese Psyche කෘතිය වෙනුවෙන් 1997 වසරේදී මෙම අනතුරින් ජීවිත අහිමි වුණු පිරිසගේ ඥාතීන් මෙන්ම සිද්ධියට සම්බන්ධ කල්ලියේ පිරිස ද සම්මුඛ සාකච්ඡාවට ලක්කළේය. ‘මේ සිද්ධිය සමබන්ධ නඩුව තවමත් අධිකරණයේ විභාග කරන නිසා ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කරන්නට බැහැ. නමුත්, මම මරණ දඬුවමට එරෙහියි.‘‘ යනුවෙන් එකල මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු පවසා තිබුණි.
[caption id="attachment_20442" align="alignnone" width="220"]
කෙසේවුවත්, හරුකිගේ විශ්වාසය වී තිබෙන්නේ මෙම සිදුවීමෙන් වූ ජීවිත හානිය කිසිලෙසකින්වත් සාධාරණිකරණය කළ නොහැකි වුවද සිද්ධියේ වැරදිකරුවන් වු පිරිසට මරණ දඬුවම නියම කිරීමෙන් මියගිය හා තුවාල වු පිරිසට සාධාරණයක් ඉටුනොවන බවයි.
[caption id="attachment_20443" align="alignnone" width="300"]
Underground කෘතිය රචනා කළ සමයේදී ‘තමන් ඇතුළතින් වෙනස් වූ බව දැනුණු බවත්‘ කල්ලියේ සාමාජිකයින්ට මරණ දඬුවම නියම කෙරුණු බව දැනගත් විට ඔහුගේ ‘පපුව ඇතුළින් දැඩි වේදනාවක් නැගුණු බව‘ ද පවසා තිබුණි. එපමණක්ම නොව මේ සිද්ධියේ වැරදිකරුවන් එල්ලා මරාදැමූ පුවත මෑතකදී දැනගත් විට ‘සිය පපුවට නැගුණු වේදනාව තවමත් එලෙසින්ම පවතින බව හැඟුණු බව‘ ද හරුකි පවසයි.
‘වචන වලට පෙරලන්නට නොහැකි දැඩි නිහඬතාවක් මට දැනෙනවා. උසාවියේදී පෙනී හිටි ‘මරණය‘ ඊට අයිති කොටස ඉක්මනින්ම අරගෙන ගියා‘ යැයි අවුම් ෂින්රික්යෝ අනුගාමිකයින් එල්ලා මරාදැමීම ගැන හරුකි සනිටුහන් කරයි.
[caption id="attachment_20444" align="alignnone" width="300"]
[caption id="attachment_20445" align="alignnone" width="254"]
සටහන - වින්ධ්‍යා ගම්ලත්
The Guardian හා The Mainichi ඇසුරිනි
Post a Comment