බුද්ධි අංශ ලොක්කා ඉල්ලා අස්වෙයි: දුරකථන ටැප් කිරීම් නවතී

ආරක්ෂක අමාත්‍යංශයේ ඍජු මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ දුරකථන වලට හොර රහසේ ඇහුන්කන්දීම සහ දුරකථන සංවාද වල දත්ත විශ්ලේෂණය කිරීම ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත්කිරීමත් සමඟ නවතා දැමුණි.

ඊට මුලික හේතුව ලෙස වාර්තා වන්නේ අදාළ කාරයේ නිරත වී සිටි තාවකාලික පදනම මත බඳවාගෙන සිටි තාක්ෂණික ශිල්පීන්ගේ සේවාව නිමා වීමය.

 ඔවුන්ගේ තාවකාලික සේවාව නිමා වූයේ චන්ද්‍රා වාකිෂ්ඨ තම ධූරයේන් ඉල්ලා අස්වීමත් සමඟිනි. ඔහු ඊයේ දිනයේදී තමන් දැරූ  රාජ්‍ය බුද්ධි ( චරපුරුෂ) සේවයේ අධ්‍යක්ෂක ධූරෙයෙන් ඉල්ලා වූ අතර ඊට පෙර විනාඩි දෙකක පමණ කතාවක් තම සගයින් හමුවේ කළ බව වාර්තා වේ.

ඔහුගේ ඉල්ලා අස් වීමත් සමඟ වැඩබලන අධ්‍යක්ෂක ධූරයට ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්. එච්. මර්ෂෝ පත් කොට ඇත. 
කෙසේ වෙතත් දුරකථන වලට රහසේ ඇහුන්කම් දීම නිතී විරෝධී වන අතර, එය සඳහා නීතිමය අවසරයක් ලබා ගැනීමට නම් තම අවශතාවය අධිකරණයට යොමුකළ යුතු වේ. ඉන් පසු අදාළ කාරණය විමසා බලා අධිකරණය විසින් ඊට අනුමැතිය ලබා දෙනු ලබයි. 

 නමුත් ආරක්ෂක අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ හුදු නියෝගය අනුව පමණක් මෙම නිතී විරෝධී කටයුත්ත කොට ඇත. එහි නියෝජිතයෙක් සෑම මාසයකටම වරක්, රටේ සෑම දුරකථන සේවාවකටම ගොස් ඔවුහු ලැයිස්තුගත පුද්ගලයින්ගේ දුරකථන සංවාද වල සියලුම විස්තර ලබා ගනු ලබයි. 

එම ලැයිස්තුවට එකල ආණ්ඩුවේ ඇමතිවරුන් පවා ඇතුලත් කොට තිබු අතර, මාධ්‍යවේදීන් සහ අනෙකුත් සවිල් සංවිධාන ක්‍රියාධරන්ගේ දුරකථන අංක ඇතුලත් කොට තිබුණි.