කලාවෙන් සටන් කරන්න Ai Weiwei ඉගෙන ගන්න

චීන ලෝකයේ වැඩිම ජනගහණය වෙසෙන රට වූවද චීනයෙන් ලෝකයට ආමන්ත්‍රණය කළ සහ රැඩිකල් චීන කලාකරුවෙකු ලෙස හදුනන කලාකරැවාය.එසේ වන්නේ අහම්බෙන් ​ෙහා් වෙනත් කලාකරුවන් නොමැති නිසා ​නොවේ. සමාජවාදීයැයි කියනා රතු ධනවාදී චීනයේ මර්ධනය එරෙහිව සිය කලා භාවිතාව සමාජ ගත කරන්නට ලෝක තලයට ආමන්ත්‍රණය කරන්නට Ai Weiwei සමත්වූ නිසාවෙනි.
කලාව කලාව සදහා පමණැක්යැයි කියමින් සුරංගනා ලෝකවල සිට කලාව දෙස හෙලන බැල්මට වඩා කලාව සමාජ පරිවර්ථනයක් වෙනුවෙන් භාවිත කිරීම අභියෝගකාරී වනවා පමණක් නොව සමහර විට ජීවිතයට අහිමිවන්නට පුලුවන.
​ආඥාදායක චීන රජයේ සියලු මර්ධනයට මුහුණ දෙමින් Ai Weiwei තවමත් බීජිං නුවර සිට සිය කලාකටයුතු කරමින් සිටී.අති දරුණ අන්තර්ජාල වරණයක් පවතින චීනය තුළ ඔහුගේ නම පවා අන්තර්ජාලයේ ඉවත්කර ඇති අතර යම් කිසිවෙකු ඔහුගේ නම අන්තර්ජාලය තුළ සෙවීමට උත්සහකළ හොත් සෙවීමට උත්සහකරන පදය නීත්‍යනූකූලන නොවන බවට පණිවුඩයක් තීරය මතට පැමිණෙනු ඇත. ​ඔහු එතරම් චීන රජයේ ​​වෛරයට පාත්‍රවී තිබේ.
එපමණක් වෙන ඔහුගේ දුරකථන,ඊමෙල් මේ ආදී සියලල්ල චීන ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරමින් සිටිති.
වැදගත් දෙය වන්නේ ඔහු මේ මර්ධනයට එරෙහිව ගෙන යන කලා අරගලයයි. කලාකරැවන්ට ආයුධ සන්න්ධව විප්ලවය කරන්නට බැරි බව සැබෑවකි.නමුත් සමාජ පරිවර්ථනයක් වෙනුවෙන් සමාජයේ මොරාල් හදන්නට කලාකරුවන්ට තරම කිසිවෙකුට නොහැකිය.
කලානිර්මාණ, කලාකරුවා සහ ​​සමාජය යනුවෙන් ​බෙදා වෙන්නොකොට Ai Weiwei නිර්මාණය කල සුරියකාන්ත මල් ඇට නිර්මාණය විශ්මය ජවකය.කලාවේ බොහෝ අංශයන් ඔහු සිය නිර්මාණකරණයට යොදා ගත්තා පමණක් නොව ඔහු කලාවෙන් අරගල කරන්නේ කෙසේද කියාද ලෝකය පෙන්වා දුන්නේය.
ඔහුගේ ඇති අනෙක් විශේෂත්වය නම් අන්තර්ජාලය සිය නිර්මාණකරනයේ මාධ්‍යක් ලෙස යොදාගැනීමයි. එමගින් විශාල තරුණ පිරිසක් වෙත සිය නිර්මාණ ගෙනයාම ඔහු සමත් විය.
ශ්‍රී ලංකාවේ බොහෝ විකල්පය යැයි කියනා කලාකරුවන් කලාවෙන් සටන් කරන්නේ කෙසේද කියා Ai Weiwei ගෙන් ඉගෙන ගතයුතුය.

http://youtu.be/MVnH8ou3Kd4

Lankanewsweb