කාල සර්ප සහ සෙන්කොට්ටන්.



හර්ෂි සි. පෙරේරා

නවකතා දෙකකි. මේ දෙකටම 2013 සුවර්ණ පුස්තක සම්මානය හිමිව තිබිය යුතුය යනු මගේ හැගීමයි. නමුත් පළමු තැන හිමිවුයේ කාල සර්ප වෙතය. ගිය වසරේ මාතලේ මහා රෝහල් බුමියේ සමුහ මිනි වල නැවත අප 88/89 බිෂන යුගයට කැදවාගෙන යනු ලැබිණි. නමුත් යුක්තිය ඉටුවනු බවක් පෙන තෙක් මානයක නැත. කාල සර්ප වෙත පසුබිම සකස් වන්නේ 88/89 බිෂන යුගයයි. අපි ඉතිහාසය සාහිත්‍යට නැගීම ගැන කිර්ති වැලිසරගේ ලේකකයාට නැවත වරක් ඉස්තුති කල යුතුය. එහි එන චරිත අපුරුය. ගිරින් ,වසන්ත කුමාර, චාරුණි සුදු මැණිකේ හෙවත් විශාකා අපුරුවට ඔප මට්ටම් කර තිබේ. සෙන්කොට්ටන් කාල සර්ප වලට දෙවෙනි නැත. බබා හේන්යා වටා ගෙතුණු අපුරු සුන්දර කතා වස්තුවක් වූ එයට පාදක වන්නේ මෙරට මුල් බැහැ ගත් කුල ක්‍රමයයි. 1971 කැරැල්ලට 88/89 බිෂණයට උතුරේ යුද්දයට දිය යටින් ගෙන ගිය එක් ගින්දරක් වුයේ කුලය මත සිදු කල වෙනස්කම්ය. එයට සුදු කළු ජාති ආගම බේදයක් නොවිය. කොටහලුවේදී මගුලේදී චන්දෙදි බිල්ලා වන්නේ මෙම කුල ක්‍රමයයි. ශ්‍රී ලංකාවේ සැම සිසු දරුවෙකුම කියවිය යුතු මනා නවකතා දිවිත්වයක් ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉබුලගේ සෙන්කොට්ටන් සහ කාල සර්ප නිර්දේශ කල හැක.