ප‍්‍රවීණ රාජ්‍ය තාන්ත‍්‍රික, දේශපාලන
විද්‍යාඥ , සහ විශ්ව විද්‍යාල ආචාර්ය දයාන් ජයතිලක මහතා 'මිරර්' හි හර්ෂ
ගුණවර්ධන සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව.
යාපනය විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්තවය පිළිබඳ ඔබගේ අදහස. ශ‍්‍රී ලංකාව තුළ එල් ටී ටී ඊ ය යුධමය වශයෙන් පරාජය කොට ඇත. දැන් තත්ත්වය කෙසේද ? තවමත් විජයෝන්මාදයද නැතිනම් ප‍්‍රතිසන්ධානය සඳහා අවස්ථාවක් තිබේද ?
මගේ දෘෂ්ඨිය අන්ත දෙකට වඩා තරමක් වෙනස්. එක් පසෙකින් රැඩිකල් වාමාංශිකයන් සිටින අතර අනෙක් පසින් නියෝ කනසර්වේටිව් ආරක්‍ෂණවාදීහු වෙති. අපි ඉන්දියාව හා කාෂ්මීරය යන උදාහරණය ගතහොත් කොතරම් ප‍්‍රජාතනත‍්‍රවාදී වුවද බෙදුම්වාදී හැඟීම් ඇති ඕනෑම රටක දේශසීමා මායිම් කළාප වල බෙදුම්වාදයට සහාය දක්වන කණ්ඩායම් නිර්මාණය වීමේ ප‍්‍රවණතාවක් තිබේ. එවැනි රටක ආරක්‍ෂක කරුණූ පිළිබඳව අධි සංවේදී හා සුපිරි අවධානයක් යොමු කළ යුතුව ඇත. සිසුන් මහාවීර දිනය සැමරීම සාධාරණ හා සමාව දිය හැකි කරුණක් ලෙස කිසිවකු සලකන්නේනම් මම ඊට එකඟ නොවෙමි. එමෙන්ම සිසුන්ගේ ක‍්‍රියාව සාහසික බැවින් ඔවුන්ට එරෙහිව මර්දනය දියත් කිරීම යුක්තිසහගතය යන අදහසටද මම එකඟ නොවෙමි. එල් ටී ටී ඊ ය වෙනුවෙන් සටන් කරමින් දිවි පිදූවන්ද ඇතුළුව මියගියවුන් සැමරීමට අවශ්‍යව තිබුනේ නම් ඒ සඳහා වෙනත් දිනයක් තෝරා ගත හැකිව තිබුනි. එය මහවිරු දිනයේම යොදා ගැනීම තුළ එල් ටී ටී ඊය කෙරෙහි ඇති අනුකම්පාව හෝ එල් ටී ටී ඊයේ නිහඬ අනුමැතිය එහි තිබුනු බවට සැකයක් මතුවේ. එල් ටී ටී ඊයේ විසුරුණු කොටස් තවමත් බටහිර ඩයස්පෝරාව සහ තමිල්නාඩුව තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතියි. මෙවැනි එල් ටී ටීඊ හිතවාදී කොටස් හඳුනා ගැනීමට අසමත් වන්නේ නිවට හා මෝඩ පුද්ගලයින් පමණි. එහෙත් ආරක්‍ෂක හමුදා හා රටේ බහුතර පුරවැසියෝ එවැනි අඥාන පිරිසක් නොවෙති. ගජන් පොන්නම්බලම් ගේ දෙමළ ජාතික පෙරමුණ පැහැදිලිවම බෙදුම්වාදයට හිතැති කණ්ඩායමකි. දෙමළ ජාතික සන්ධානය එල් ටී ටී ඊ හිතවාදී හෝ බෙදුම්වාදයට හිතවාදී හෝ නොවේ. එහෙත් ඒ තුළ එවැනි අදහස් දරණ සුලු පිරිසක් සිටින බව කිව හැකිය. මහවිරු දිනයේ මියගිය කොටස් සැමරීම වැරදි නම් 1980 දශකයේ අග භාගයේදී මියගිය ජ.වි.පෙ සාමාජිකයින් මහවිරු දිනයේදීම සැමරීම වැරදිද යන්න කෙනෙකු අසන ප‍්‍රශ්නයකි. එය වලංගු මෙන්ම ඉතා වැදගත් ප‍්‍රශ්නයකි. කෙසේ වෙතත් එල් ටී ටී ඊ ය ලංකාවේ හා ඉන්දියාවේ තහනමට ලක් වුනු සංවිධානයකි. ජ.වි.පෙ එවැනි තහනම් සංවිධානයක් නොවේ. තවදුරටත් කිවහොත් වෙනත් රටවල ස්ටාලීන්වාදීන්, මාවෝවාදීන් හෝ වෙනත් වාමාවාදී කණ්ඩායම් පිළිබඳව සළකන ආකාරයත් බෙදුම්වාදීන් හා ෆැසිස්ට්වාදීන් දෙස බලන ආකාරයත් අතර වෙනස්කමක් ඇත. එරික් හොල්බව්න් වැනි හසල විචාරකයින්ගේ තර්කය නම් වාමවාදීන් අතින් අපරාධ සිදුවන්නේ සමාජ සාධාරණය ඇති කිරීමේ ප‍්‍රශංසනීය හා විශ්වීය අදහස් මත ක‍්‍රියාත්මකවීමේදී සිදුවන අත්වැරදීම් හේතුවෙනි. එහෙත් බෙදුම්වාදීන් හා ෆැසිස්ට්වාදී ව්‍යාපාර ක‍්‍රියාත්මක වන්නේ එවැනී උතුම් අභිමතාර්ථ පෙරදැරි කරගෙන නොවන බව හොල්බවුන්ගේ මතයයි. නිදසුනක් ලෙස අසල්වැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉන්දියාව දෙස බලමු. එරට ජනමතය, ජනමාධ්‍ය හා බුද්ධි අංශය නැක්සලයිටවාදීන් දෙස බලන්නේ ඔවුන් ගේ මිලේච්ඡ ක‍්‍රියා හුවා දක්වමිනි. එහෙත් කාලිස්තාන් හා කාෂ්මීර බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් දෙස බලන්නේ ඊට වෙනස් ආකාරයකිනි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා රජය උතුරේ තරුණයන් වෙත එල්ල කරන මේ කඩාපැනීම් ඉතාම අහිතකර ප‍්‍රතිඵල උදා කරනු ඇති බව මගේ දැඩි විශ්වාසයයි.
දේශීය
ප‍්‍රතිපත්තියේම සරල ප‍්‍රක්ෂේපණයක් ලෙස විදේශ ප‍්‍රතිපත්තිය සකස් කර
ගැනීමට නොහැකි බව අප අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුය. දේශීය ලෙස
කි‍්‍රයාත්මක වන ප‍්‍රචාරන දේශනාවක් ශ‍්‍රී ලංකාව තුළ අලෙවි කරගැනීමට
හැකිවූවද එය අන්තර් ජාතික මට්ටමේදී බලාත්මක නොවේ. අනෙක් අතට අපේ ජාත්‍යන්තර
ස්ථාවරය හා මෙරට රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්ති අතර විශාල වෙන්කිරීමක්
තිබිය නොහැකි බව අප වටහා ගත යුතුය. රට තුළ සත්‍ය ලෙස සිදුවන සියලු
කි‍්‍රියාකාරකම් ප‍්‍රබල විනිවිදභාවයකින් ලෝකයට දැකිය හැකිය . එක්සත්
ජාතීන්ගේ හිටපු මහලේකම් බුත්රෝස් බුත්රෝස් ගාලි මහතා එය ‘අනික් සුපිරි
බලවතා’ ලෙස නම් කළේය අප ගේ මෘදු බලය දැනටමත් බොහෝ සෙයින් පිරිහී ඇති අතර
බුද්ධිහීන ලෙස අප කරන සෑම ක‍්‍රියාවකින්ම එය සෝදාපාලු වී යනු ඇත. රාජ්‍ය
තාන්ත‍්‍රිකභාවයේ මූලික අභිමතාර්ථ වලින් ඉවත් වී ඇති අප ඒවා අමතක කොට ඇත.
ජාතික යහපත වෙනුවෙන් රජය හා සමාජය අතර නිරන්තර සංවාදයක් පවත්වාගෙන යා
යුතුය. මෙහිදී ශ‍්‍රී ලංකාවේ එම කටයුතු සිදුවන ආකාරය සත්කාරක රටවලට එම
සමාජයන්ට අවංකව හා බුද්ධිමත්ව දැනුම්දීමේ වගකීම පවරා ඇත්තේ අදාල තානාපති
කාර්යාල වලටයි. ශ‍්‍රී ලංකාව හා අදාල රජ්‍ය අතර සම්බන්ධතාව ගොඩනගමින්
ජාත්‍යන්තර පාලම නම් තානාපති කාර්යාලයයි. රාජ්‍ය තාන්ත‍්‍රිකයන් නම් පන ඇති
පාලම් වේ. රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගේ මූලික කාර්ය විදේශගතවන සිංහල
ප‍්‍රජාවට, ආගමික මධ්‍යස්ථානවලට හා රටේ දේශපාලන පක්‍ෂ වලට සේවය කිරීම නොවේ.
තවද ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික සේවාව වෘත්තීමය හා විද්වත් භාවයෙන්
පරිපූර්ණ ශ‍්‍රී ලංකා ඩයස්පෝරාවේ සිංහල, දමිල, මුස්ලිම් හා බර්ගර් විදග්ධ
පුද්ගලයින්ගෙන් ඈත් නොවිය යුතුය. රාජ්‍ය තාන්ත‍්‍රිකයින් සත්කාරක රටේ ජනතාව
අතර ප‍්‍රසාදයට පත් විය යුතුය. ඩයස්පෝරාවේ හොඳම බුද්ධිමතුන්, විශේෂයෙන්
තරුණ ප‍්‍රජාවේ අදහස් යෝජනා හා සේවා ලබාගැනීමට අපට හැකිවිය යුතුය. නමුත්
කණගාටුවට කරුණක් නම් අදාල රටවල ශ‍්‍රී ලාංකික දෙමාපියන්ගේ උගත් බුද්ධිමත්
දරුවන් විශේෂයෙන්ම දෙවැනි පරම්පරාව රාජ්‍ය තාන්ත‍්‍රික හා දූත මණ්ඩලවලින්
ඈත්වී සිටීමයි. රාජ්‍ය තාන්ත‍්‍රික දූත මණ්ඩල යනු ආගමික මධ්‍යස්ථාන හෝ
වතාවත් වල යෙදෙන ස්ථාන නොවන බව ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ඕනෑම රටක රාජ්‍ය
තාන්ත‍්‍රිකයන් අවබෝධ කරගත යුතුය. රජ්‍ය තාන්ත‍්‍රික තීරණ වලට බලපෑම්
කිරීමට කිසිම ආගමික නායකයෙකුට ඉඩ නොතැබීම අපේ වගකීමයි. වර්තමානයේ ශ‍්‍රී
ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික සේවාව දේශපාලන අනුග‍්‍රාහකයින්, ආගමික නිකායවාදීන්
හා ජාතිවාදී දේශපාලන අනුග‍්‍රහයේ විවිධ ජාලයන්ට නතුවී තිබේ. මේ හුස්ම
හිරකරවනසුලු ජාලය බිඳ නොදැමුවහොත් ශ‍්‍රී ලංකාව කොටු කිරීමට හුදෙකලා කිරීමට
මාන බලන ජාත්‍යාන්තර බලවේගයන්ට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද ?
ප‍්‍රංශයේ තානාපති ලෙස සේවය නිමකළ පසු ඔහු සහභාගීවූ ප‍්‍රථම සම්මුඛ සාකච්ඡාවයි මේ.
අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝග අර්බුදය පිළිබඳ ඔබේ අදහස් කෙසේද?
2009 දෙසැම්බර් ජනාධිපති රාජපක්‍ෂ මහතා ගේ නැවත පත්වීම පිළිබඳව සහාය දක්වමින් කතාකළ මම (ඒ පිළිබඳව මම කිසිසේත් පසුතැවිලි නොවෙමි- 2010 පෙබරවාරි 15 දින පළවූ Daily Mirror හා The Island පුවත්පත් වලට Perfect Blunder (අනුවණකමින් කළ පරිපූර්ණ වරද) මැයෙන් ලිපියක් ලියමින් ජෙනරල් සරත් ෆොන්සේකා සිරගත කිරීම විවේචනයට ලක් කලෙමි. එහි මා විසින් පිළිවෙලින් විශේෂ කරුණූ 10 ක් සඳහන් කරන ලද්දෙමි. එපරිද්දෙන්ම මෙම දෝශාභියෝග යෝජනාව හා එය ඉදිරිපත්කළ ආකාරය දී අනුවණකමින් කළ පරිපූර්ණ වරද - 2 ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.

සියලුම ආගම් වල දේශනා කරන පරිදි තමා හට
කිසිවෙකු විසින් සිදුකරණු ලැබීමට අකමැති දෙයක් තමා අන් අයට නොකළ යුතුය. එම
පදනමෙන්ම දේශපාලන දාර්ශනික එම්මානුවෙල් ඛාන් දක්වන පරිදි අනුන් කෙරෙහි යම්
ක‍්‍රියාමාර්ගයක් ගත යුත්තේ එම ක‍්‍රියාවලිය විශ්ව සාධාරණ මට්ටමෙන් තමන්
කෙරෙහිද ක‍්‍රියාත්මක වන බව අවබෝධ කර ගනිමිනි. එබැවින් අන්තර්ජාතික ආයතන
විසින් ශ‍්‍රී ලාංකික බලධාරීන්ට එල්ල කරන චෝදනා හා නිගමන වල අසාධාරණභාවය
පිළිබඳ කෑ ගසන අය ශ‍්‍රී ලංකාව තුළ එවැනි අන්දමේ සිද්ධි වලදී කුහක වතක්
අනුගමනය කිරීම සාධාරණ නොවේ.
රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස, වඩාත්
නිවැරදිව කිවහොත් හිටපු රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු ලෙස, දේශපාලන විශ්ලේෂකයෙකු
හා සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මේ දෝෂාභියෝගය මම දකිමි. පොදුරාජ්‍ය මණ්ඩලීය
සමුලුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සන්දර්භයක් තුළ හා එක්සත්
රාජධානියේ ශ‍්‍රී ලංකා විරෝධී ව්‍යාපාර අපට එරෙහි එදිරිවාදිකම් උත්සන්න
කරමින් තිබෙන අවස්ථාවක රජය මෙම දෝෂාභියෝගය මෙවැනි අඥානවන්ත ආකාරයෙන්
ඉදිරියට ගෙනඒම පිළිබඳව මම මවිතයට හා කම්පාවට පත්වෙමි. මන්ද ශ‍්‍රී ලංකාවට
චෝදනා එල්ල කිරීමට මාන බලන කණ්ඩායම් වලට රජය මෙයින් වඩාත් පුළුල් අවස්ථා
සළසා දී ඇති බැවිනි. ජාතික ප‍්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම්කාරක
සභාවට පැමිණ සිය කරුණූ ඉදිරිපත් කරන ලෙසට දෙමළ ජාතික සන්ධානයට ආරාධනා
කරමින් රජය ගොඩනගන තර්කය මෙම දෝශාභියෝග පාර්ලිමේන්තු කාරක සභාව තුළින් තමන්
විසින්ම බිඳදමා තිබීම ගැන මම විශ්මයට පත් වෙමි. අගවිනිසුරුතුමියට එම
තේරීම් කාරක සභාව සැළකුවේ මේ ආකාරයට නම් දෙමළ ජාතික සන්ධානයට අදාල තේරීම්
කාරක සභාවේදී කෙලෙස සළකනු ඇතිද යන්න සාධාරණ ලෙස දෙමළ නියෝජිතයන් තුළ තහවුරු
වී ඇති බව අපට පෙනී යයි. දෙමළ ජාතික සන්ධානය රජය සමග සංවාදයකට නොපැමිනීම
සාධාරණීකරණය කිරීමට අවශ්‍ය තර්ක රජය විසින්ම ගොඩනගා දී ඇත.
දේශපාලන විද්‍යාඥයෙකු ලෙස මෙම දෝෂාභියෝග
ක‍්‍රියාවලිය පිළිබඳව මා මවිතයට පත් වන්නේ අධිකරණයේ බන්ධන වලට
ව්‍යාවස්ථාදායකය බැඳි නොසිටිය යුතු බව හා ඒවාට ප‍්‍රතිචාර නොදැක්විය යුතු
යැයි ඇතමුන් සඳහන් කරන බැවිනි.
සැබවින්ම නීති සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාදායකයයි. නමුත් එම නීතිවල නීතිමය හා ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අර්ථ නිරූපණය කිරීමේ බලය ඇත්තේ අන් කවරකටවත් නොව අධිකරණයටයි. අපට රෝගයක් වැළඳූනු විට පුහුණු වෘත්තීයමය සහතිකලත් වෛද්‍යවරයෙකු ලඟට යන්නාක් මෙන් මේ ප‍්‍රශ්නයේදී එහි නීත්‍යානුකූලභාවය සැකහැර දැනගැනීමට අප යන්නේ අධිකරණය වෙතය. 72 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය අවධාරණය කර ඇති අතර 1978 ව්‍යවස්ථාවෙන් ප‍්‍රමුඛත්වය දී ඇත්තේ විධායක ජනාධිපතිවරයාටයි. එම පූර්ව ප‍්‍රමුඛත්වය යනු ඒකාධිකාරී තත්ත්වයෙන් නොවේ, එසේ වුවහොත් ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමය පරම බලය සහිත එකක් බවට වර්ගීකරණය වීමට ඉඩ තිබේ. රාජ්‍යත්වය මූලික යාන්ත‍්‍රණ තුනටම අවියෝජනීය සහ ස්වායත්ත ලෙස පැවරී ඇති බල අධිකාරයින්ට සැවොම ගරු කළ යුතුය. නීතිය සාධාරණව ක‍්‍රියාත්මක විය යුතුවා පමණක් නොව එය එලෙස ක‍්‍රියාත්මක වන බව පෙනී යා යුතුය යන්න පැරණි විශිෂ්ට කියමනකි. යුක්තිය ඉටුවීමට මෙන්ම එය ඉටුවන බව පෙන්වීමට අදාලව පිළිපැදිය යුතු මූලික කෙටුම්පත් අන්තර් ජාතික මට්ටමේ ඉහළම පිළිගැනීමක් ඇති අපගේ ජ්‍යෙෂ්ඨතම සම්භාවනීය තීරක විනිසුරු සී. ජේ. වීරමන්ත‍්‍රී මහතා අර්ථනිරූපනය කර දක්වා තිබේ. ඔහුගේ අර්ථදැක්වීමට අනුව මෙම දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කිරීමේදී අදාල මූලික හා නියමිත ක‍්‍රියා පටිපාටීන් අනුගමනය කර නැත.
අද රාජ්‍යයේ ප‍්‍රධාන කුලුණු 2 ක් හා තුන්වැන්න අතර අසමතුළිතතාවක් මතුවී තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශිෂ්ටත්වයේ විශාල පලුදුවීමක් දෙදරීමක් දක්නට ලැබේ. ව්‍යවස්ථානුකූලභාවය හා නීතිමයභාවය පිළිබඳ කරුණු වලදී අධිකරණය දෙන තීන්දු පාර්ලිමේන්තුව නොපිලිගන්නේ නම් නීත්‍යානුකූල වන්නේ කුමක්දැයි තීරණය කරන්නේ කවුද ? එවිට පාර්ලිමේන්තුවේම නීත්‍යානුකූලභාවය හා එමගින් සකස් කෙරෙන නීති වල නීත්‍යානුකූල භාවය පිළිබඳව සැක මතුවන තත්ත්වයක් වළක්වාගන්නේ කෙසේද ? එවිට රජයේම නීත්‍යානුකූලභාවය හා සුජාතභාවය පිළිබඳව බරපතල අර්බුදයක් මතුවනු ඇත. 1982 ජේ. ආර්. ජයවර්ධනගේ බලහත්කාරී හා ප‍්‍රයෝගකාරී ජනමත විචාරණය සම්බන්ධයෙන් ද මේ හා සමානම ආනුෂාංගික තත්ත්වයක් අප අත්දැක තිබේ. අප යලිත් එම යුගයට ළං වෙමින් පවතින බවක් පෙනේ. මෙම භයානක අවුලෙන් ගැලවීමේ එකම මග ලෙස මා දකින්නේ වීරමන්ත‍්‍රී විනිසුරුතුමාගේ ප‍්‍රධානත්වයෙන් ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කොට සමස්ථ ක‍්‍රියාවලියම යලි විමසා බලා සමතුලිතභාවය යලි ස්ථාපිත කිරීමයි. එහිදී මධ්‍යස්ථ විනිශ්චයකරුවෙකු හෝ තීරකයෙකු අපට අවශ්‍ය කර තිබේ.

ඔබ මෙම තනතුරේ තවත් ධූර කාලයක් ඉල්ලා නොසිටීමට තරම් දැඩි ප‍්‍රතිපත්තියක සිටින බව පෙනී යනවා ඒ ඇයි? මෙයින් පාඩුව රටට නේද ?
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රටට කළ ඓතිහාසික දායකත්වය හා ඔහුගේ සුදුසුකම්, ඔහුගේ නුසුදුසුකම්වලට වඩා වැඩි බරක් සමාජය තුළ තවමත් තබා ඇති බව මම විශ්වාස කරමි. එමෙන්ම ඔහුට වඩා හොඳ විකල්පයක් රටේ නොපවතින පරිසරයක් තුළ ඔහු විසඳුමේ කොටසක් ලෙස දකින අතරම ඔහු දුෂ්ටයකු ලෙස හෝ ද්‍රෝහියෙකු ලෙස විසිකොට දැමීම මම ප‍්‍රතික්ෂේප කරමි. එහෙත් පශ්චාත් යුධ සමයේ රටේ සමාජ ප‍්‍රගතියට හා කල් පවත්නා සාමයක් වෙනුවෙන් යා යුතු මාර්ගයෙන් රජය බැහැර වී ඇති බව මගේ දැඩි මතයයි. මෙම මගහැරයාම රටේ ප‍්‍රතිපත්තිමය ඛාදකයකට හා ප‍්‍රතිපත්ති ක‍්‍රියාදාමයේ විකෘතිමත් භාවයට හේතු වී ඇති අතර ඉන් සමස්ථ පද්ධතියේ පිරිහීමක් ඇතිවී තිබේ. උපායමාර්ගික ප‍්‍රතිපත්තියක සිට බලන විට පශ්චාත් යුධ සමය තුළ රටට අහිමි වුණ සදාචාරාත්මක ප‍්‍රාග්ධනය යලි අත්පත්කර ගනිමින් සද්භාවයේ උසස් තලයකට අවතීර්ණ වීමකින් තොරව ශ‍්‍රී ලංකාවට තවදුරටත් ජාත්‍යන්තර අභියෝග හමුවේ ආරක්‍ෂාකාරීව සිටීමට අපහසු බව ප‍්‍රකට වේ. ජාත්‍යන්තරයෙන් ආරක්‍ෂා වී සිටීමට නම් ශ‍්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ රට තුළ දේශීය වශයෙන් ප‍්‍රතිසංස්කරණය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමයි. නිව්යෝක් හා වොෂින්ටන්, ජිනීවා හා නවදිල්ලිය, ප‍්‍රිටෝරියා හා බ‍්‍රසීලියා මෙන්ම ලෝක මතයේ විනිශ්චයෙන් ආරක්‍ෂා වීමේ අරගලයේදී ශ‍්‍රී ලංකාවට දැන් කළ යුතුව ඇත්තේ ප‍්‍රජාතාන්ත‍්‍රික උපරිනාමයේ මෙහෙයුමක් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලීන්ට එරෙහි මෙහෙයුමක් දියත් කොට ප‍්‍රබල දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමයි.

මේ සන්දර්භය තුළ තවත් ධූර කාළයක් හෝ සේවා
දිගුවක් පැතීම යනු වෙනසකට ලක් විය යුතු යැයි මා තරයේ විශ්වාස කරන වත්මන්
තත්ත්වයට ආවඩමින් ඒ හා අනුගත වීමකි. එසේ නොවීමෙන් මා පවත්නා ජරාජීර්ණ
පිරිහෙන සුළු කි‍්‍රයා පිළිබඳ මගේ දැඩි අප‍්‍රසාදය පළ කොට තිබෙ. ලෝ ප‍්‍රකට
කියුබානු ජාතික වීරයෙකු වන ජෝසේ මාටි භාවිත කළ කියමනක් පුරාවෘත්තයක් සේ
ප‍්‍රසිද්ධ විය. එනම් "මම මෘගයාගේ කුස තුළට ගොස් ඇති බැවින් උගේ බඩවැල් ගැන
හොඳින් දනිමි" යන්නයි. ඔහු මෙහිදී දක්වා ඇත්තේ බයිබලයේ දැක්වෙන
පුරාවෘත්තයක එන ජෝනා නැමති පුද්ගලයා තල්මසකුගේ කුස තුළට යාමේ සිද්ධියකි.
එමෙන්ම මමද ශ‍්‍රී ලංකා සමාජ පද්ධතිය නැමති මෘගයාගේ කුස තුළ ජීවත් වී
ඇත්තෙමි. එහි පවතින ආචාර විධීන් වෙනස් නොවී පවතින බැවින් තවදුරටත් ඊට
අනුගතව ඒ තුළ ජීවත් වීමට මම අදහස් නොකරමි.
රට පරදින බවට ඔබ මුලින් සඳහන් කළ පරිදි
ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආස්ථානය සිඝ‍්‍රයෙන් පිරිහෙමින් පවතින අතර රට ඉතා
අවදානම් තත්ත්වයකට පත් වෙමින් ඇති බව මගේ දැඩි පිළිගැනීමයි. ඊට හේතුව
විශේෂයෙන් වත්මන් ශ‍්‍රී ලාංකේය ගතිකත්වයයි. එනම් යහපත් ප‍්‍රතිසංස්කරණ
සිදුනොකිරීම හා සිදුවෙමින් පවතින අනර්ථකාරී ක‍්‍රියා සමුදායයි. අද පවත්නා
පරිසරය තුළ රටේ ජාතික අරමුණුවලට හා උපායමාර්ගික හා ආරක්‍ෂක තත්ත්වයට
සිදුවෙමින් පවතින දරුණු ගණයේ වැරදි හා විකෘතීන් හමුවේ ඒවායේ ආදීනව හා
අවදානම් නොපෙන්වා සිටියහොත් මා රටට කරන්නේ වඩාත් දරුණු අනර්ථයකි.
මෑත
ඉතිහාසයේ මෙවැනි ඉරණමකට ලක් වූයේ තානාපතිනී කුනනායගම් මහත්මියයි. ඉන්පසු
තානාපති ගොඩගේ ඊට ලක්විය. දැන් අලුත්ම ඉරණම්කරු ඔබයි. ඔබේ අදහස ?
අප මුහුණදුන් තත්ත්වයන්හි සමානකම් මෙන්ම වෙනස්කම් ද තිබේ. පුළුල් මහජන ආකල්ප මගින් මා යලි ප‍්‍රහාරයට ලක් වුවද 2012 මුල් භාගයේදී මෙම ක‍්‍රමය තුළින් මට එදිරිව දුෂ්ට ප‍්‍රහාරයක් එල්ල විය මම ප‍්‍රංශයේ මාගේ සම්පූර්ණ ධුර කාලයම සේවය කළෙමි. මා අතට ලැබුනු පිත්තෙන් රට වෙනුවෙන් හොඳින් ක‍්‍රීඩා කරමින් ළකුණු රැස් කළෙමි. එහෙත් තුන් මසක දැනුම්දීමකින් පැහැදිලිව හා ප‍්‍රසිද්ධියේම මාගේ ගිවිසුමෙන් මම ඉවත් කරනු ලැබුවෙමි. එමෙන්ම ලොව පිළිගත් ජ්‍යෙෂ්ඨ වෘත්තික ගොඩගේ මහතාද, අනෙක් අතට යුරෝපයේ අධ්‍යාපනය ලැබූ බහු භාෂික ශ‍්‍රී ලංකා දමිල ජනවර්ගය නියෝජනය කළ කුනනායගම් මහත්මියද මෙම ක‍්‍රමය විසින් නින්දිත ලෙස සලකනු ලැබීම මහත් කණගාටුවට කරුණකි. ඉන් සිදුවූයේ අන්තර්ජාතික ක්ෂේත‍්‍රයේ මෙවැනි විද්වතුන්ගේ සේවය රටට අහිමි වී යෑමයි.

ඔබ ශ‍්‍රී ලංකාවේ අධ්‍යයන ක්ෂේත‍්‍රයට යළි
අවතීර්ණ වෙනවා. මෑතදී පෙර නොවූ විරූ ලෙස ඇතිවුනු විශ්ව විද්‍යාල
ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙන් පසුව මෙරට
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන ඔබේ අදහස?
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය ඉතා වැදගත් එකකි. එය මේ රටේ පමණක් නොව ලොව ඕනෑම රටක ඉතා වැදගත් සමාජ කොට්ඨාසය පිබිදීම සනිටුහන් කරයි. 1970 මහා මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයෙන් පසුව රට තුළ මෙවැනි සරසවි විද්වතුන්ගේ ක‍්‍රියාකාරීත්වයක් විද්‍යාමාන වී නොමැත. ඕනෑම සමාජයක අනාගත ජීවනාලිය උගත් තරුණ පරපුරයි. එබැවින් එය රැඳී ඇත්තේ විශේෂයෙන් විශ්ව විද්‍යාල ඇතුළු රටේ උසස් අධ්‍යාපන ආයකන තුළයි. සියයට 7- 8 ක ආර්ථික වර්ධනයක් ඇතැයි උදම් අනන රටක උසස් අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ප‍්‍රමාණයක් ආයෝජනය කළ යුතුය. රටේ අධ්‍යාපනය උසස්ම තලය හොබවන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමාජයේද උසස්ම කොට්ඨාසය බැවින් ඔවුන්ටද එම ආයෝජනයේ ප‍්‍රතිලාභ හිමි විය යුතුය. උසස් අධ්‍යාපනයක් සහිත සමාජය රටක රටේ ජාතික ආරක්‍ෂාව හා පරමාධිපත්‍යයේ පදනමයි. පශ්චාත් යුධ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල අඩු කිරීම කිසිම අයුරකින් සාධාරනීකරණය කළ හොහැකිය. යුධ සමයේදීද වැඩි මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ රටක සාමය උදාවූ පසු එම මුදල් කපා හැරීම කෙසේ නම් තේරුම් ගත හැකිද ? දෙමළ ඩයස්පෝරාවේ බෙදුම්වාදී කොටස් ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් කොට ඇති සීතල යුද්ධය හේතුවෙන් මතුවන අභියෝග වලට මුහුණදීමට ඇති හැකියාව මේ නිසා අහිමි වී යයි. මෙවැනි සීතල යුද්ධයකට අපට මුහුණදීමට හැක්කේ රටේ ඉතා උගත් බුද්ධිමත් හා අන්තර්ජාතික තරගකාරීත්වයට මුහුණ දිය හැකි මානව සම්පත් තිබේ නම් පමණි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය
අරගලය සම්බන්ධයෙන් මෙහිදී තවත් යමක් එක් කළ යුතුය. එනම් උපායමාර්ගවල වැරදි
හා ව්‍යාජ අවබෝධයන් නිසා එම අරගලය දැඩි අවදානම් හා පටලැවිල සහගත තත්ත්වයකට
පත්වූ බවයි. දේශපාලන බුද්ධියකින් යුත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි හා
පූජ්‍ය දඹර අමිල හිමියන් එය 1980 ජූලි වැඩ වර්ජනය මෙන් දරුණු පසුබෑමකට ලක්
වීමට ඉඩ නොතබා එවැනි ඍජු ගැටුමකට නොගොස් සමථයකට පත් කරගැනීමට හැකිවීය යහපත්
කරුණකි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන වර්ජනයේ එක් අඩුපාඩුවක් නම්
ඊට සහභාගී නොවූ සහ එය අනුමත නොකළ උගතුන් විශාල පිරිසක් සිටීමයි. පරිපාලනයේ
පැත්ත ගනිමින් පවතින ක‍්‍රමය රැකගැනීමට කැසකැවූ අතලොස්ස ගැන මම සඳහන්
නොකරමි. මම අදහස් කරන්නේ අරගලයේදී මධ්‍යස්ථවූ පිරිස පිළිබඳවයි. මට පෙනීගිය
පරිදි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මෙම ප‍්‍රශ්නය පිළිබඳව පුළුල්
ලෙස ජනතාව දැනුවත් කරමින් එම උද්ඝෝෂණ ව්‍යාපාරය දිගු කාලයක් පවත්වාගෙන යා
යුතුව තිබුනි. වර්ජන ක‍්‍රියාමාර්ගයකට යාමට පෙර උගත් මධ්‍යස්ථ කණ්ඩායම්
තවදුරටත් දැනුවත් කරමින් වඩාත් පුළුල් හා තිරසාර සහායක් ඔවුන්ගෙන් ලබා
ගනිමින් එය ඉදිරියට ගෙන ගියේ නම් එය වඩාත් ප‍්‍රඥාගෝචරය.
තානාපති ලෙස ඔබේ ධූර කාල දෙකෙහිදී ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණ ගැන සඳහන් කළොත් ?
ජිනිවා හි තානාපති ලෙස මගේ පළමූ ධූර කාලය තුළ, ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ ජයග‍්‍රහණය කිරීමට පෙර යුරෝපා සංගමය යුද්ධය නැවැත්වීම සඳහා යෝජනාවක් සභාගත කිරීමට ගත් උත්සාහය වැළැක්වීම පළමුවැන්නයි. දෙවනුව යුද්ධය සාර්ථකව අවසන් කළ පසු එම කණ්ඩායමම ශ‍්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා නගමින් 2009 මැයි මාසයේ එකසත් ජාතීන් ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ යෝජනාවක් සම්මත කිරීමට දැරූ තීරණාත්මක උත්සාහයද ව්‍යාර්ථ කිරීමට හැකි විය.

එම මානව හිමිකම් සැසිය අවසන් වූ වහාම
ශ‍්‍රී ලංකාවේ පුද්ගලයින් දෙදෙනෙකු මාගේ ක‍්‍රියාමාර්ගය පිළිබඳව ප‍්‍රශංසාව
පළකරමින් අප නියෝජිත කණ්ඩායමේ සමාජිකයෙකට කෙටි පණිවුඩ දෙකක් එවා තිබුනි.
මානව හිමිකම් සැසියේ ඡන්ද විමසීමේ අවස්ථාවේ අප ජයගත් වහාම එම පණිවිඩ එව්වේ
එවකට යුධ හමුදාපති ජෙනාරාල් සරත් ෆොන්සේකා මහතා හා නාවික හමුදාපති
අද්මිරල් වසන්ත කරන්නාගොඩ මහතාය.
ලංකාවේ යුධ සමයේ හා යුද්ධයේ අවසාන
අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් මෑතදී නිකුත්වූ චාල්ස්
පෙට්රි වාර්තාවේ 2009 අපේ‍්‍රල් - මැයි වකවානුවේ එක්සත් ජාතීන්ගේ මානව
හිමිකම් කොමිසමේ කටයුතු පිළිබඳවද පිටු දෙකක් පමණද පළවී තිබුනි. එයින්
හෙලිවන පරිදි හෝ තහවුරු වන පරිදි 2009 අපේ‍්‍රල් මාසයේ බටහිර ජාතීන් යුද්ධය
නතර කර ගැනීම සඳහා මානව හිමිකම් කොමිසමේ විශේෂ සැසිවාරයක් කැඳවීමට උත්සාහ
දරා තිබේ. එහෙත් ඊට අවශ්‍ය සාමාජිකයින් 16 දෙනාගේ අත්සන් ලබා ගැනීම ශ‍්‍රී
ලංකා නියෝජිත කණ්ඩායම විසින් වළක්වනු ලැබීම නිසා එම ප‍්‍රයත්නය සාර්ථක වී
නැත. මෙම දෙවැනි ජයග‍්‍රහණය පිළිබඳව සතුරු මූලාශ‍්‍ර සඳහන් කොට ඇති කරුණු
මෙහි දැක්වීම මගින් මා පවසන දේ වඩාත් විෂයමූලික ලෙස ඔබට පැහැදිලි වනු ඇත.
ගෝඩන් වයිස්ගේ සටහනකින් :-
"මැයි 27 වැනි දින ජිනිවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ
කොමසාරිස් නවනීදන් පිල්ලයි මානව හිමිකම් කවුන්සිලය අමතමින් යුද්ධයේදී අදාල
දෙපාර්ශවයේම හැසිරීම පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා
සිටියාය. යුරෝපා සංගමය හා තවත් රටවල් කිහිපයක් බැඳීමකට පැමිණ පිල්ලයි
මහත්මියගේ ඉල්ලීමට සහාය පළකරමින් යෝජනාවක් ගෙනආවද කවුන්සිලයේ බහුතර රටවල්
එය එක්වරම ප‍්‍රතික්‍ෂ්ප කළේය. ඒ වෙනුවට ඔවුහු ශ‍්‍රී ලංකා නියෝජිතයින්
විසින් සකස් කරන ලද විකල්ප යෝජනාවක් ගෙන එමින් කොටින්ට එරෙහිව ශ‍්‍රී ලංකා
රජය ලැබූ යුධ ජයග‍්‍රහණය ප‍්‍රශංසාවට ලක්කළහ. (229 පිටුව)
ගෝඩන් වයිස්ගේ වාර්තාවේ අවසන් පරිච්ඡේදයේ
මගේ කාර්යභාරය මෙසේ විස්තර කෙරේ "රාජපක්‍ෂ රෙජීමය විසින් පත් කරනු ලැබූ
රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරියෙකු වන දයාන් ජයතිලක බටහිර රාජ්‍ය
තාන්ත‍්‍රිකයන් උපක‍්‍රමශීලීව පසුබස්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ
තහනමකින් ගැලවී යාමට ශ‍්‍රී ලංකාවට ඉඩහසර ලබාදුන්නේය."
වයිස් ඔහුගේ සටහනේ මෙවැනි ඇගයුමක් කරයි.
"ශ‍්‍රී ලංකා රජයේ නියෝජිතයින්ගෙන් වඩාත් පැහැදිලි කටහඬකින් කරුණු දක්වන්නා
ජයතිලකයි" (පිටුව 330)
නිරූපමා සුබ‍්‍රමනියන් - ද හින්දු පුවත්පත :-
"ඉකුත් මස එ.ජා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව ශ‍්‍රී ලංකාව සළකා බලද්දී 2009 ජිනීවා සමුළුවේ ලැබූ ජයග‍්‍රහණය ගැන ශ‍්‍රී ලංකාවට ඇතැම්විට සොඳුරු අතීත මතකයන් සිහි ගැන්වෙනු ඇත. එල් ටී ටී යට එරෙහි යුධ ජයග‍්‍රහනයට සතියකට පමණ පසු බටහිර රටවල් කණ්ඩායමකට එරටට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට අවශ්‍ය විය. ඒ යුද්ධයේ අවසන් අදියරේදී ශ‍්‍රී ලංකා යුධ හමුදාව සිදුකළැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් හා සිවිල් ජනතා ඝාතන සොයා බැලීමටයි. යුධ පිටියේ ලේ පැල්ලම් තවමත් වියලී නැති අවදියක රාජ්‍ය තාන්ත‍්‍රික පරාජයේ උල් දත් අතරින් ජයග‍්‍රහණය උදුරා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වූයේ රජය යුද්ධයට මැදිවූ සාමාන්‍ය ජනතාවට සැලකූ මානව හිතවාදී ආකාරයත් සිය ප‍්‍රතිසන්ධාන හැකියාවන් පිළිබඳව විශ්වාසයක් ගොඩනැගීම සම්බන්ධයෙන් රජයට ප‍්‍රශංසාකළ යෝජනාවත් නිසාය. - (ද හින්දු)

එඩින්බරර් විශ්වවිද්‍යාලයේ පර්යේෂක විද්වත් ඩේවිඩ් ලෙවිස් :-
ගැටුම් වලට අදාල චර්යාදර්ම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව හා යුරෝපය අතර බොහෝමයක් මතභේද හටගත්තේ එක්සත් ජාතීන්ගේ ආයතන තුළදීය. මූලිකවම මානව හිමිකම් කවුන්සිලය තුළය..... මෙම රාජ්‍ය තාන්ත‍්‍රික ගට්ඨන වලින් බහුතරය ඇතිවූයේ ශ‍්‍රී ලංකාව සමගය. මෙම බල හුවමාරු ගැටුම් වලදී චීනය, රුසියාව හා සෙසු නැගී එන බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් හා බලපෑම්ද වැඩි වශයෙන් පරාවර්තනය වී පෙනුනත් අවශේෂ කුඩා රටවල්ද බලහත්කාරය තුළ නිහඬව නොසිට කිසියම් කාර්යභාරයක් ඉටුකරන බව පෙනේ. "ඇත්තෙන්ම ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රිකයන් තමන්ගේ අයිතීන් රැකගැනීමේදී ගැටුම් කළමනාකරණය පිළිබඳ විකල්ප ආචාරධර්ම ඉදිරිපත් කරමින් ක‍්‍රියාශීලීව කටයුතුකර තිබේ. රාජ්‍ය මැදිහත්වීමෙන් යුත් සාම ක‍්‍රියාවලීන් පිළිබඳ උදාහරණ ලෙස චෙච්නියාව හා ශ‍්‍රී ලංකාව සමාන කොට දැක්විය හැකිය. ඔවුන් මානව හිමිකම් කොමිසම වැනි එක්සත් ජාතීන්ගේ ආයතන තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. මානව හිමිකම් කොමිසම බලවතුන් විසින් සැකසූ පිළිගත් නිදහස් චර්යාධර්ම ආරක්‍ෂා කරන හා තහවුරු කරන ස්ථානයක් ලෙස නොව එම චර්යාධර්ම වලට එරෙහිව සටන්වදින, ඒවා ප‍්‍රතික්ෂේප කරන හා ඒවා සාධාරණ ලෙස යලි සංශෝධනය කරගන්නා ස්ථානයක් බවට මානව හිමිකම් කොමිසම පත් කරගැනීමට ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රිකයින්ට හැකිවී තිබේ. (Sri Lanka counter insurgency in global perspective) (658, 666 පිටු)

පැරිසියේ තානාපති ලෙස මගේ දෙවන ධූර කාලයේ
මගේ කාර්යභාරය ජිනිවාහි කාර්යභාරයට වඩා වෙනස් එකක් විය. එබැවින් මගේ
පෞරුෂත්වයේ වෙනස් ආකාරයන් වෙනස් නිපුනතාවන් කරලියට ගැනීමට සිදුවිය.
සිංගප්පූරුවේ දකුණූ ආසියානු අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලෙස වසර දෙකක
යලි අළුත්කළ හැකි කොන්ත‍්‍රාත්තුවකින් මා නිදහස් වූයේ යලි රට වෙනුවෙන් සේවය
කරන්නැයි ජනාධිපතිතුමා කළ ආරාධනාව හා විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමට
ප‍්‍රතිචාර වශයෙනි. ඒ වනවිට ජගත් මහලේකම් විසින් පත් කරනු ලැබූ විශේෂඥ
කමිටු වාර්තාව හෙවත් දරුස්මාන් වාර්තාව එලිදැක්වීමට ආසන්නව තිබූ බැවින් ඉන්
ඇතිවිය හැකි අහිතකර බලපෑම් වලින් රට ආරක්‍ෂා කරගැනීම මගේ වගකීම විය.
ප‍්‍රංශය එක්සත් ජාතීන්ගේ නිත්‍ය සාමාජික රටවල් පහෙන් එකක් වූ බැවින් මගේ
එම පත්වීම වඩා වැදගත් හා අභියෝගාත්මක එකක් බවට පත්වුනි. පැරිස් හි මගේ
ප‍්‍රධාන කාර්යභාරය ලෙස මා සලකා බැලුවේ
- යුද්ධයේ අවසන් අදියරය. විශ්වසනීය භාවය පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු බවට ජාත්‍යන්තරයෙන් මතුවූ ඉල්ලීමට ප‍්‍රංශය යම්දුරකට සහාය දක්වන තත්ත්වයක් ඒ වනවිට මතුවී තිබූ බැවින් ශ‍්‍රී ලංකාවේ එවකට පැවති වාතාවරණයේ සංකීර්ණතා පිළිබඳව ලෝකය දැනුවත්කිරීම සඳහා විද්වත් හා ප‍්‍රතිපත්ති තීරක මට්ටමින් අවංක හා විවෘත සංවාදයක් ඇති කිරීම සහ ඊට අනුරූප වූ වටිනාකම් පද්ධතියක් හා පොදු සමගි පසුබිමත් සැකසීම.
- පලස්තීනය යුනෙස්කෝවේ පිළිගැනීමට ලක් කිරීම සඳහා සාර්ථක අරගලයක් ඉදිරියට ගෙනයන ක‍්‍රියාකාරී හා පෙරටුගාමී සාමාජිකයෙකු වීම
- 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව ආසියා ශාන්තිකර කණ්ඩායම හා රටවල් 7 ක විද්වතුන්ගේ සහභාගීත්වයෙන් "විශ්වීයත්වය, මානවාදය හා සාමය" මැයෙන් ජගත් විද්වත් තකිතාවක් සංවිධානය කිරීම
- සැමට සමානතාවෙන් සැළකීම, බහුවාර්ගිකවාදය, බහු සංස්කෘතිකත්වය, බහු ආගමිකත්වය හා ඒකාබද්ධතාවය පිළිබඳ ප‍්‍රතිපත්ති සමුදායක් අනුගමනය කිරීම. දමිල ඩයස්පෝරාවේ මධ්‍යස්ථ කොටස් සමග සංවාදයක් පවත්වගෙන යාම එමෙන්ම වසර දෙකක කාලසීමාවක්ට පැරීසියේ බොන්ඩි උපප‍්‍රදේශය තුළ ශ‍්‍රී ලංකා දමිළ ජනතාව විශාල සංඛ්‍යාවක් නියෝජනය කරන දමිළ සංස්කෘතික සංගමයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කරනු ලැබීම හා මා බිරිඳ සන්ජා සමග එම දමිළ පාසලේ සහතික පත‍්‍ර ප‍්‍රදානයට සහභාගීවීම.
- විශිෂ්ට ප‍්‍රංශ අධ්‍යාපන පුහුණුවක් හා පසුබිමක් ඇති ශ‍්‍රී ලාංකික දෙවැනි පරම්පරාවේ බහු වාර්ගික හා බහු ආගමික සිසුන් තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට බඳවා ගැනීම. ඔවුන්ගේ සමජාත සමකාලීන මිත‍්‍රයන් සමග පුළුල් සම්බන්ධතා ජාලයක් ඇතිකරගැනීමට ඔවුන් උනන්දු කිරීම. එමගින් ශ‍්‍රී ලංකාව හා ප‍්‍රංශය අතර මිත‍්‍රත්ව පාලමක් නිර්මාණය කිරීමට හැකි ප‍්‍රංශ ශ‍්‍රී ලංකා පශ්චාත් උපාධිධාරීන් හා තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයක් ඇති කිරීම.
යාපනය විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්තවය පිළිබඳ ඔබගේ අදහස. ශ‍්‍රී ලංකාව තුළ එල් ටී ටී ඊ ය යුධමය වශයෙන් පරාජය කොට ඇත. දැන් තත්ත්වය කෙසේද ? තවමත් විජයෝන්මාදයද නැතිනම් ප‍්‍රතිසන්ධානය සඳහා අවස්ථාවක් තිබේද ?
මගේ දෘෂ්ඨිය අන්ත දෙකට වඩා තරමක් වෙනස්. එක් පසෙකින් රැඩිකල් වාමාංශිකයන් සිටින අතර අනෙක් පසින් නියෝ කනසර්වේටිව් ආරක්‍ෂණවාදීහු වෙති. අපි ඉන්දියාව හා කාෂ්මීරය යන උදාහරණය ගතහොත් කොතරම් ප‍්‍රජාතනත‍්‍රවාදී වුවද බෙදුම්වාදී හැඟීම් ඇති ඕනෑම රටක දේශසීමා මායිම් කළාප වල බෙදුම්වාදයට සහාය දක්වන කණ්ඩායම් නිර්මාණය වීමේ ප‍්‍රවණතාවක් තිබේ. එවැනි රටක ආරක්‍ෂක කරුණූ පිළිබඳව අධි සංවේදී හා සුපිරි අවධානයක් යොමු කළ යුතුව ඇත. සිසුන් මහාවීර දිනය සැමරීම සාධාරණ හා සමාව දිය හැකි කරුණක් ලෙස කිසිවකු සලකන්නේනම් මම ඊට එකඟ නොවෙමි. එමෙන්ම සිසුන්ගේ ක‍්‍රියාව සාහසික බැවින් ඔවුන්ට එරෙහිව මර්දනය දියත් කිරීම යුක්තිසහගතය යන අදහසටද මම එකඟ නොවෙමි. එල් ටී ටී ඊ ය වෙනුවෙන් සටන් කරමින් දිවි පිදූවන්ද ඇතුළුව මියගියවුන් සැමරීමට අවශ්‍යව තිබුනේ නම් ඒ සඳහා වෙනත් දිනයක් තෝරා ගත හැකිව තිබුනි. එය මහවිරු දිනයේම යොදා ගැනීම තුළ එල් ටී ටී ඊය කෙරෙහි ඇති අනුකම්පාව හෝ එල් ටී ටී ඊයේ නිහඬ අනුමැතිය එහි තිබුනු බවට සැකයක් මතුවේ. එල් ටී ටී ඊයේ විසුරුණු කොටස් තවමත් බටහිර ඩයස්පෝරාව සහ තමිල්නාඩුව තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතියි. මෙවැනි එල් ටී ටීඊ හිතවාදී කොටස් හඳුනා ගැනීමට අසමත් වන්නේ නිවට හා මෝඩ පුද්ගලයින් පමණි. එහෙත් ආරක්‍ෂක හමුදා හා රටේ බහුතර පුරවැසියෝ එවැනි අඥාන පිරිසක් නොවෙති. ගජන් පොන්නම්බලම් ගේ දෙමළ ජාතික පෙරමුණ පැහැදිලිවම බෙදුම්වාදයට හිතැති කණ්ඩායමකි. දෙමළ ජාතික සන්ධානය එල් ටී ටී ඊ හිතවාදී හෝ බෙදුම්වාදයට හිතවාදී හෝ නොවේ. එහෙත් ඒ තුළ එවැනි අදහස් දරණ සුලු පිරිසක් සිටින බව කිව හැකිය. මහවිරු දිනයේ මියගිය කොටස් සැමරීම වැරදි නම් 1980 දශකයේ අග භාගයේදී මියගිය ජ.වි.පෙ සාමාජිකයින් මහවිරු දිනයේදීම සැමරීම වැරදිද යන්න කෙනෙකු අසන ප‍්‍රශ්නයකි. එය වලංගු මෙන්ම ඉතා වැදගත් ප‍්‍රශ්නයකි. කෙසේ වෙතත් එල් ටී ටී ඊ ය ලංකාවේ හා ඉන්දියාවේ තහනමට ලක් වුනු සංවිධානයකි. ජ.වි.පෙ එවැනි තහනම් සංවිධානයක් නොවේ. තවදුරටත් කිවහොත් වෙනත් රටවල ස්ටාලීන්වාදීන්, මාවෝවාදීන් හෝ වෙනත් වාමාවාදී කණ්ඩායම් පිළිබඳව සළකන ආකාරයත් බෙදුම්වාදීන් හා ෆැසිස්ට්වාදීන් දෙස බලන ආකාරයත් අතර වෙනස්කමක් ඇත. එරික් හොල්බව්න් වැනි හසල විචාරකයින්ගේ තර්කය නම් වාමවාදීන් අතින් අපරාධ සිදුවන්නේ සමාජ සාධාරණය ඇති කිරීමේ ප‍්‍රශංසනීය හා විශ්වීය අදහස් මත ක‍්‍රියාත්මකවීමේදී සිදුවන අත්වැරදීම් හේතුවෙනි. එහෙත් බෙදුම්වාදීන් හා ෆැසිස්ට්වාදී ව්‍යාපාර ක‍්‍රියාත්මක වන්නේ එවැනී උතුම් අභිමතාර්ථ පෙරදැරි කරගෙන නොවන බව හොල්බවුන්ගේ මතයයි. නිදසුනක් ලෙස අසල්වැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉන්දියාව දෙස බලමු. එරට ජනමතය, ජනමාධ්‍ය හා බුද්ධි අංශය නැක්සලයිටවාදීන් දෙස බලන්නේ ඔවුන් ගේ මිලේච්ඡ ක‍්‍රියා හුවා දක්වමිනි. එහෙත් කාලිස්තාන් හා කාෂ්මීර බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් දෙස බලන්නේ ඊට වෙනස් ආකාරයකිනි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා රජය උතුරේ තරුණයන් වෙත එල්ල කරන මේ කඩාපැනීම් ඉතාම අහිතකර ප‍්‍රතිඵල උදා කරනු ඇති බව මගේ දැඩි විශ්වාසයයි.
මහවිරු දිනය සැමරූ සිසුන්ගේ වැරදි සහගත
අදහස් පරාජය කළ හැක්කේ නිවැරදි දේශපාලන අදහස් විවාද කිරීමෙන් හා මතවාදී
භාවිතාවෙන් මෙන්ම මතවාදී අභියෝගයෙන් පමනි. මෙම වගකීම කොටි විරෝධී දමිළ
දේශපාලන බලවේගයන්ට පැවරේ. මෙහිදී නිදසුනක් ලෙස මෙවැනි ප‍්‍රශ්නයක් නැගිය
හැකිය. කොටි ත‍්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූ යාපනය විශ්ව විද්‍යාලයේ
ආචාර්ය රාජිනි තිරාණගම මහත්මියව ද ඔවුන් මහවිරු දිනයේදී සිහිපත් කරන්නේද?
ඇය මහවිරු ගනයට අයත් නොවේද? ඇය මරා දැමීමට නියෝග දුන් කොටි නායකයින් මහවිරු
ගනයට වැටේද ? මෙම අපරාධය කළවුන් හෙලා නොදකින්නේ මන්ද ? සිසුන්ට පහරදීම,
නිසි නීති ක‍්‍රියාවලියකින් තොරව රඳවා තැබීම ආදී කටයුතු වලින් නොව නම්
කිරීමෙන් හා අපවාදයට ලක් කිරීමෙන් එවැනි පිරිස් මැඩපැවැත්වීමට හැකිය. එල්
ටී ටී ය කෙරෙහි සිත් වසඟ වීමෙන් නැඹුරු වූවත් ඔවුන්ගේ යුද්ධය පිළිබඳව
විවේචනයෙන් තොර වුවත් මෙම තරුණයින් දැඩි එල් ටී ටී ඊ සාමාජිකයින් ලෙස හෝ
දැඩි මතධාරී බෙදුම්වාදීන් ලෙස සැළකිය නොහැක. මොවුන් පීඩනයට ලක් කිරීමෙන්
තවදුරටත් රැඩිකල් කොටස් බවට පත්වීමට ඉඩ තිබේ. මෙහිදී නිසැකවම අවශ්‍ය වන්නේ
ඔවුන් රැඩිකල් වීමෙන් වළක්වාගැනම සඳහා ප‍්‍රතිවිරුදධ විකල්ප
ප‍්‍රතිපත්තියකි. පුනරුත්ථාපනය කළ තරුණයින් සම්බන්ධයෙන් ත්‍යාගශීලීව ණය
පහසුකම් සැපයීම, විනීතව සැලකීම, සුදුසු රැකියා සපයා දීම වැනි ක‍්‍රමවේදයන්
තුළින් ඔවුන් රැඩිකල් බවෙන් මුදාගත හැකිය.
1972 දී කලු කොඩි දමා විරෝධය පල කිරීමේ
වරදට දමිළ තරුණයින් දුසිම් ගණනින් අත්අඩංගුවට ගෙන හිරිහැර කරනු ලැබිනි. අද
වසර 40 කට පසුව පහන් දැල්වීම හේතුවෙන් තරුණ පිරිසක් පීඩාවට පත් කොට ඇත. එදා
1972 දී කල අත්අඩංගුවට ගැනීම තත්ත්වය යහපත් කරන්නට හේතු වූයේ නැත. අරගලයේ
මූලබීජ වැපුරුවේ එම පිරිස්ය. මගේ පියා මර්වින් ද සිල්වා එකල ඩේලි නිව්ස්
පුවත්පතේ කතෘ ලෙස 1972 වසරේ පුවත්පත් කතුවැකියකින් මෙම තත්ත්වය පහදා
දුන්නත් කිසිවෙක් ඊට සවන් නොදුන්හ. එහි අනිටු පලවිපාක අපි අද අත්විඳ
ඇතිතෙමු. එහෙත් අදත් කිසිවෙකු හෝ යථාර්ථයට ඇහුන්කම් දෙයිද ? එදාටත් වඩා
දරුණු සතුරු පරිසරයක් අද තිබියදී එකම මෝඩකම අප යලිත් පුනරුච්චාරණය කරන්නේ
ඇයි ?
ඔබේ ප‍්‍රශ්නයේ දෙවැනි කොටසට පිළිතුරක්
ලෙස විජයෝන්මාදය රජයේ ප‍්‍රමුඛ පාර්ශව වල දැක්ම අවහිර කොට ඇතැයි මා තුළ
බියක් පවතී. එහෙත් ප‍්‍රතිසංධානය සඳහා තවමත් ඉඩ ප‍්‍රස්ථාව ඇති බව මම
විශ්වාස කරමි. මූලික වශයෙන් යුද්ධයේ නියැලී සිට එය ජයග‍්‍රහණය කළ රටේ
නායකත්වය සාධාරණ සාමයක් ස්ථාපිත කිරීමට අසමත් වී තිබේ. රජයේ අර්බුදය යනු
යම් තරමකට ප‍්‍රතිසන්ධානයේ අර්බුදයකි.
ප‍්‍රතිසංධානය සඳහා ඇත්තේ මාර්ග තුනක් බව
කවුරුත් අවබෝධ කරගත යුතුය. එනම් සමාන පුරවැසිභාවය, භාෂාමය, ජනවාර්ගික හා
ආගමික වශයෙන් සමාජයේ කවර හෝ කොටසටකට එරෙහි කුමන ආකාරයකට වෙනස්කොට සැළකීමේ
තත්ත්වයන් මුලිනුපුටා දැමීම, සාධාරණ හා ප‍්‍රමාණාත්මක ලෙස පලාත් මට්ටමේ බලය
බෙදාහැරීම එම මාර්ග වේ. ප‍්‍රතිසංධාන ක‍්‍රියාවලියේදී රජයේ කාර්යභාරය දෙස
මම එතරම් දැඩි විශ්වාසයක් නොතබමි. නමුත් ඒ සඳහා සමාජ හා කලාව යන ක්ෂේත‍්‍ර
වලින් විශේෂයන් උගත් තරුණ පරපුරට වැඩි කාර්යභාරයක් ඉටුකළ හැකි බව මම වැඩි
බරක් සහතිව විශ්වාස කරමි. අනෙක් අතට මා සසළ කරවන කරුණක්ද පවතී එනම්
බහුවාර්ගික හා වාර්ගික නොවන ප‍්‍රවේශයන් තුළින් උතුර හා දකුණ අතර
ප‍්‍රතිසංධානයේ පාලමක් ඉදි කිරීමට විද්වතුන්, නීතීඥයින් සිසුන් මෙන්ම තරුණ
ක‍්‍රියාකාරීන් දරන ප‍්‍රයත්න බෙදුම්වාදී කුමන්ත‍්‍රණ ලෙස හුවා දක්වමින්
හෙලා දැකීමේ විකාර රූපී ප‍්‍රවණතාවක් සමාජය තුළ කි‍්‍රියාත්මක වීම ඊට
හේතුවයි.
අපේ රජ්‍ය තාන්ත‍්‍රික කාර්යාල රටේ අවශ්‍යතාව සඳහා වඩාත් අදාල කරගැනීම පිළිබඳව කිසියම් යෝජනාවලියක් ඔබ සතුව තිබේද?
පළමුකොටම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබුද්ධ ස්වයං
අවශ්‍යතා සඳහා අනුකූල වන සංගත විදේශ ප‍්‍රතිපත්තියක් අපට අවශ්‍ය වී තිබේ.
අද අපට එවැනි ප‍්‍රතිපත්තියක් නොමැත. විදේශ ප‍්‍රතිපත්ති තීරණය කරන හා ඒවා
ක‍්‍රියාවේ යොදවමින් ඒ ගැන අධීක්‍ෂණය කරමින් ස්ථාවර පුද්ගල කණ්ඩායමක් හෝ
මධ්‍යස්ථානයක් තවමත් මෙහි නොවේ. අර්ධ අරාජිකත්වයේ හා පරපෝශිත යැපුම් ජාලයක
පීඩනයේ අසාමාන්‍ය සංයුතියක් නම් දක්නට තිබේ. දේශපේ‍්‍රමී විදේශ
ප‍්‍රතිපත්තියක් යනු සුලු ප‍්‍රදේශයකට පමණක් බලහත්කාරකම් පාන ආකල්පයකි.
ජගත් මානව හිමිකම් කවුන්සිලය වැනි එක්සත් ජාතීන්ගේ ආයතන තුළ ස්වකීය මුක්තිය
ආරක්‍ෂා කර ගැනීමට දේශීය සංස්කෘතික වටිනාකම් කියාපෑම කිසිසේත් තර්කානූකූල
නොවේ. 2009 මැයි වකවානුවේදී මම කිසිවිටකත් මෙවැනි පටු ප‍්‍රතිපත්තියකට
අවතීර්ණ නොවූයෙමි. ජගත් සංවිධාන ආයතන යනු විශ්වීයත්වය මුල් කරගනිමින්
බෙදාහදාගත් පුළුල් වටිනාකම් මත ක‍්‍රියාත්මක වන ආයතන වේ. ඒවාට සදාචාරාත්මක
වශයෙන් අප සියලු දෙනා ගරු කළ යුතුය. එම චර්යාධර්ම වලට දායක විය යුතුය.
යහපත් දිශාවට මේ පද්ධතිය වෙනස් නොකළහොත්
මේ රාජ්‍ය තාන්ත‍්‍රික ක‍්‍රීඩාව උසස්ම ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට මෙන්ම
අපට එරෙහිව සෑම මහද්වීපයකින්ම එල්ල වන සීතල යුද්ධයට සාර්ථකව මුහුණ දීමට
නොහැකි වනු ඇත. අප මේ අඳුරු ගුහාවෙන් එලියට ආ යුතුය.