නිලංගනී රේණුකා සේනාරත්න
අළු කොබෙයියා මමයි පියාඹන නිල් අහස
පියාපත් හැපි හැපී පියාඹමු පිය සොඳුර
කිසි දිනෙක වෙන් නොවී මා ළඟම හිඳිනු මැන
එවන් සතුටක් ඉතින් තියේවිද ලොවේ වෙන
ක ඩදාසිය, පෑන සහ ඔබේ ඇඟිලිතුඩු ඒකාත්මික ව එය ලියූ ඒ සුන්දර සන්ධ්‍යාව මම සිතින් මවා ගනිමි. ළා හිරු රැස් ස්ටෙප්ස් භූමිය මත දිග හැරුණු, පනීනා තෘණ පඳුරුවල සුවඳීන් අවට පිණි බිඳු පවා සුවඳවත් වූ ඒ මොහොතේ ඔබේ හදවත සහ දෑස නිර්ව්‍යාජව කාන්තිමත් ව බැබළුණු ඒ සන්ධ්‍යාව මම සිහි කරමි. ඒ මොහොතේ දහසක් ප්‍රේමවන්තයන් තම ප්‍රේමවන්තිය ට “පි‍්‍රය සොඳුර” යැයි ආදරයෙන් අමතන්නට ඇත. ප්‍රේමය වූ කලී බෙදා දෙන්නක් ම බවත් බෙදා දෙන තරමට එය පෙරළා තමාට ලැබෙන බවත් ඔබ විටින් විට ලියා ඇත.
අක්සායි කොක්සායි සරිසායි මම නුඹ
මුළු ලෝකේ හැම තැන සෙව්වා
එනමුදු නුඹ වැනි වෙනත් කෙනෙක් මම
කොහේදිවත් දැකලා නැතුවා
මට නුඹ ගැන කියන්නට ඇත්තේ එයයි.
”ශ්‍රී ලංකාව, ඉන්දීය වෙරළාසන්නයෙහි පිහිටා ඇති ඒ පරම රමණීය සුන්දර දිවයින”... ’The early cranes’ නවකතාව බව එලෙසින් ආරම්භ කරන්නට තුඩු දුන් කාරණාව මම ඔබෙන් අසමි. “ගුරු ගීතය”, “ජමීලා” ආදී පොත්වලින් ඔබට ආදරය පටන් ගත් මම, ඒ පරම රමණීය සුන්දර දිවයින මාතෘ භූමිය කර ගත් මම, ඔබෙන් එය අසමි. ඔබේ පොත් කියවා අවසානයේ කඳුළින් පිරෙන මගේ නෙත් ’The early cranes’ කියවන්නට පටන් ගත් සැණින්ම කඳුළින් පුරවන්නට ඔබ සමත් වූයේ මගේ මව්බිම ගැන ඔබ ලියා ඇති විස්තරයෙනි. සොයුර ඔබ මගේ මව්බිම ට ආදරය කරනවාද?
”මහද්වීපය නැමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුවක් ලෙසින් ශ්‍රී ලංකාව සිතියම මම සිත්තම්ව ඇත. ශ්‍රී ලංකාවේ නොයෙක් අපූරු දේ ඇත. වඳුරන්, අලි ඇත්තු, කෙසෙල්, මුළු ලෝකයේම ඇති හොඳම තේ, එතනින් ගියාම නන්විධ පළතුරු, ගස් වැල්, එහි ඇති දේවල් නිමක් නැත්තේය. එහෙත් වැදගත්ම දෙය නම් ලංකාව උණුසුම් රටක් වීමය. මුළු වසර පුරාම කිසිම දිනක සීතලේ ගැහෙන්නේ නැතිව ජීවත්විය හැක්කේය. මොන තරම් පී‍්‍රතිමත් දිවියක්ද?...”
ශ්‍රී ලංකාවේ නැත්තේ මොනවාද? ඔබට සිතින් සිතා ගත හැකි හැම ආශ්චර්යයක් ම එහි ඇත්තේය. ඕනෑම තැනක කැමති විදියට ඇවිදින්න.. සක්මන් කරන්න. හිරු රැසින් නැහැවෙන්න. ඔබට ඕනෑ නම් මුළු දවස ම නාන්න...
ඔබ එලෙසින් ලියන විට මගේ සිත පී‍්‍රතියෙන් ඔදවත්ව අමන්දානන්දයට පත් වේ. සත්තකින්ම මගේ පුංචි මව් බිම පරම සුන්දර දිවයිනකි. ඔබේ ඇගයීමට බෙහෙවින්ම ස්තූතියි. ඔබ කවදා හෝ මගේ පුංචි මව්බිමට පැමිණ තිබෙනවාද? ඔබ මෙහි එනවා නම් උඩරට ප්‍රණීත තේ කෝප්පයක් මගේ අතින් ම සකසා ඔබට පිළිගන්වන්නෙමි.
”මුළු ලොවෙහිම ඇති හොඳම තේ” සිනාමුසු මුහුණින් ඔබ එවේලෙහි පවසනු ඇත.
දයාබර සොයුර ගයා අහවර නොවූ ගීතයක් බඳු ඔබව දැකගන්නට මට හැකි නම්. දයාව උතුරන ඔබේ දෑස දැක ගන්නට ඇත්නම්. ලොවේ කොතැනකට හෝ ඔබ සොයා විත් ඔබේ ගෙල බදාගෙන ලෝකයේ ඇති ඉතාම ලස්සන වචන කොට කොඳුරා කියන්නට අල්තීනායි මෙන් මම බලා සිටිමි.
”නැතිවුණු වස්තුව“ තෙවන වරටත් කියවා මා හද කම්පනය වූ තරම ඔබ දන්නවා නම් එම පොත ලිවීම ගැන ඔබ තව තවත් සැනසෙනු ඇත. මිනිස් වර්ගයාට ආදරය කරන්නට මුළු ලොවටම ඉගැන්වූ ඔබ අපව රැගෙන ගියේ මෙතෙක් නොදුටු විරූ නව ලෝකයකටයි. ස්ටෙප්ස් තැනිතලාව, අනර්හායි තෘණ භූමිය ලොවට ඉගැන් වූ පාඩම ආදරය සෙනෙහස හා වැඩ කිරීමේ බලයයි. ඉස්සික් කුල් වැව, ත්‍යාන් ශාන් කඳුවැටිය ඉගැන්වූයේ වරදකදී ලැබෙන නිහඬ දඬුවමයි. ඒ දඬුවම කොතරම් සියුම් හා වේදනාත්මකදැයි එමෙන්ම සාධාරණදැයි වටහා ගැන්මම පාඩමකි.
ඔබට ‘නැතිවුණු වස්තුව‘ ලියා අවසානයේ දැනුනු සැහැල්ලුව පිළිබඳ මට සිතින් මවා ගත හැකිය. සොබා සුන්දරÀවය හමුවේ හදවත දයාර්ද්‍ර වන සැටි ඔබ අපට කියා දෙයි.
”ඈත කඳුවැටිවලට උඩින්
සඳ පායා ඇත ශීතල රැයෙහි
සඳ බුම්මාගත්තාක් මෙනි.
මිනිසුන්ගෙන් හා මිතුරන්ගෙන්
කොන් වී බිරිය හා පුතුගෙන්
වෙන් වී සිටි මට මෙතරම්
දැඩි පාළු ගතියක් හා කාන්සියක්
මින් පෙර නොදැනිනි”
”ජීවිතයේ දෙවැනි වරට වසන්තයේදී ඉස්සික් කූල් වැවේ හංසයන් දිටිමි. නිල්වන් වැවට ඉහළින් සුදෝ සුදු හංසයින් පියාඹන සැටි දැකීම පී‍්‍රතියකි. අහෝ ඉස්සිල් කූල්... එය ගයා අවසාන නොකළ සුන්දර ගීතයක් වැන්න! හැම දෙයක්ම එදා මෙනි. රන් පැහැති වෙරළ සිප ගන්නා රළ නිල් සහ සුදු පැහැති ලස්සන කුරුල්ලන් මෙනි. ඈත කඳුවැටි වලට එහා බැස යන හිරු වැවේ එහා කොටසේ ජලය ලා රත් පැහැ කළේය. ඉස්සික් කූල්... නුඹට ආයුබෝවන්. නුඹේ නිල් පැහැති ජලයත් රන් පැහැති වෙරළත් ගෙන යාමට මා කැමතිය. එහෙත් මගේ පෙම්බරියගේ හදවත දිනා ගැනීමට බැරිවාක් මෙන් ම ඉස්සික් කැල් වැව ද ගෙන යා නොහැක.”
දයාබර සොයුර හදවතට දැනි දැනී රිදි රිදී විඳින්නට හැකි ලෙස ලියන්නට ඔබ උගත්තේ කාගෙන්ද? ඔබේ හදවත දුයිෂෙන්ගේ මෙන් එඩිතරද? දනියාර්ගේ මෙන් අවංකද? ඉල්යාස්ගේ මෙන් ආදරණීයද? ඔබේ ප්‍රේමවන්තිය අසේල් මෙන්, අල්තීනායි මෙන් ජමීලා මෙන් සරලද? ඔබේ මෑණියන් තල්ගනායි මෙන් අවංකද? ධෛර්යවන්තද?
”මම බොහෝ වේලාවක් ස්ටෙප්ස් තණබිම් දෙස බලාගෙන සිටියෙමි. ගමන් මල්ලත් කර ගසාගෙන ගුරුතුමා මේ දැන් ඒවි. හදවත උණුසුම් කරවන සිනා මුහුණ මට දැකගැනීමට ලැබෙන්නේ කවදාද? දැනීම ගෙන දෙන ඔහුගේ වචන අසන්නට ලැබෙන්නේ කවදාද?”
අල්තීනායි මඟ බලා සිටි ගුරු ගීතය ගීතයක් ම ය. බරැති ගමන් මල්ලත් රැගෙන දුෂ්කර සේවයට මා ගියදා ඔබේ ගුරු ගීතය මට ශක්තියක් විය. දරුවන්ට ආදරය කරන්නට, ඔවුනට අකුරු උගන්වන්නට සියල්ලට ම වඩා ඔවුන් ට සවන් දෙන්නට මට හැකි විණි. එහි ස්තූතිය ඔබට අයත් ය.
”තමාට වැදගත් වූ තැන්වලදී පා සටහන් සදාකාලයටම තබා යාමට මිනිසාට බැරි ඇයි?”
ඔබ අසයි. සත්තකින් ම ඔබේ පා සටහන් සොයා ඒවා මතින් ඇවිද එන්නට මට සිත් වේ. මගේ ගමන ඉක්මන් වෙතොත් මට ඔබව හමුවනු ඇත. ඉතින් මම උත්සාහ කරමි.
තල්ගනායි මෙන් වැඩ කරමින්, දනියාර් මෙන් මව්බිමට ආලය කරමින්, ඉල්යාස් මෙන් පාඩම් ඉගෙන ගනිමින්, ජමීලා මෙන් තීරණ ගනිමින්, අල්තීනායි මෙන් ඉදිරියට යමින් දුයිෂෙන් ලෙස ජීවත් වීමට ඔබ ඉගැන් වූ පාඩමටත්, මිනිස් වගට ආලය කරන්නට දයා දියෙන් හදවත ආර්ද්‍ර කරගන්නට, සොබා දහමේ සුන්දරත්වය ප්‍රේමය සමඟ මුසුකොට විඳින්නට කියා දුන් පාඩමටත්, මගේ පුංචි මව්බිමේ සුන්දරතාවය දුටු මහා මහාද්වීපයක සුවිසාල මිනිසකු වූ ඔබට කෘතඥතාවය හිමිවේවා.