එක්කෝ අපට පිස්සුය ... නැත්නම් ඇතුගලට පිස්සුය



| ඇතුගලගේ මංජුලා

ආරියරත්න ඇතුගල අප ජනමාධ්‍ය කියා දුන්නේය. ඔහු පොත් ගොඩක් පිරෙන්න හෑලි ගොඩාක් ලිව්වේය. ඔහු ජනමාධ්‍ය නිදහස ගැන ලොකු ලොකු කතා කිව්වේය. එකල ඔහු කැම්පස් එකට පැමිණියේ රතු පැහැති වාහානයකිනි. ආචාර්ය ඇතුගල ෆොෆෙසෝරී කෙනෙක්ද වූවේය. ලාංකීය ජනමාධ්‍ය ඉතිහාසයේ දේශපාලන අධිපතිකාරින්ට විරුද්ධව හඬ නැගු මාධ්‍ය වේදීන් ගැන අමුතුම කතා කිව්වේය. අවසානයේදී තමන් කියූ දෑ සියල්ල කැලණිය කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුලේ තබා ඉන් පිට වෙනම වෙස් මුහුණක් දමාගෙන ජනමාධ්‍ය ආචාරධර්ම උගැන්වීමට යන්ත දරයි. මුඩුම ගති ඇති පුදුම මිනිහෙකි. එක්කෝ අපට පිස්සුය. නැත්තම් ඔහුට පිස්සුය. ඔහු උගන්නපු දෑ අපි කැම්පස් එකෙන් එලියට ඇවිත් කරද්දී ඔහුම මොකාද එකා මෙන් හරහාට හිටගෙන ඇත. ඊයේ ඔහුගේ අත්සනින් නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය කිය වූ විට තේරුම් ගියේ එයයි. ආචාර ධර්ම ගැන කියන ඔහුම කිසිඳු වෙබ් අඩවියක නම සඳහන් නොකිරීමට පරෙස්සම් වී ඇත. එසේම ඒවාට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන උසාවි නියෝගයක් හේතුවෙන් ඇතුළුවීම වලක්වා ඇත. මෙහිදී අපට කියන්නට කිසිවක් නැත. ඇත්තේ අපේ ඇතුගල ගුරුන්නාන්සේ කියාදුන් ඒවා එලි පිට ක්‍රියාත්මක කිරීමට ගොස් ඔහු ඉගැන්නු ඒවා පිස්සුද නොඑසේනම් ඒ ඉගෙන ගත් අපට පිස්සුද යන්න සිතීමට පමණි. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සේවකයිනට ලැබුණු විදේශ ශිෂ්‍යත්ව හොරෙන් ලබා ගැනීමට ගොස් හෙළි වූ පසු ඒවා හෙළි කිරීම තෝරාගත් පිරිසකට අදාළ ජනමාධ්‍ය විසින් පහරදීමක් ලෙස ඔබ සිතන්නේ නම් හෝ වෙනයම් දුෂිතයෙක් ගැන හෙළි කිරීම ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස ඔබ දකින්නේ නම් පරික්ෂා කර ගත් යුත්තේ ඔබ විසින්ම ඔබ මිස වෙන කිසවක් නොවේ . හොරුන්ට ආචාරධර්ම තිබුනේනම් ලංකාවේ සියලුදෙනාටම පොදු නිතීයක් තිබුනේ නම් අදාළ වෙබ් අඩවි වලට හෝ වෙනත් ස්වාධීන මාධ්‍ය වලට එරෙහිව මේ ආකාරයෙන් නින්දිත නිරුවත් වැඩ සිදු වන්නේ නැත. නමුත් කළ යුතු දෙයක් වෙනුවෙන් කරන දේ අත්හැරීමට අපි කිසම ආකාරයකින් සුදානම් නැති බව කියන්නෙමු.

අවසානයේදී අපට කීමට ඇත්තේ ජර්මනියේ හිට්ලර්ගේ නාසි බලය යටතේ මර්ධනය ලක් වූ ජනතාව දැක පූජක වරයෙකු වූ මාර්ටින් නෙයිමොලර් සඳහන් කරනු ලැබූ සෑම සමාජයකටම උචිත අදහසයි,


ප්‍රථමයෙන් ඔවුන් ආවේ කොමුනිස්ට්වාදින් වෙතය.
එවිට මා කතා නොකළේ මා කොමියුනිස්ට්වාදියෙකු නොවූ නිසාය.


පසුව ඔවුන් වුර්තිය සමිති ක්‍රියාකාරිකයින් වෙත පැමිණියහ.
එවිට මා කතා නොකළේ මා වුර්තිය සමිති ක්‍රියාකාරිකයෙකු නොවූ නිසාය.


පසුව ඔවුන් යුද්දෙව්වන් වෙත පැමිණියහ
එවිටත් මා කතා නොකළේ මායුදෙව්වෙක් නොවූ නිසාය.


පසුව ඔවුන් මා වෙත පැමිණියහා.
එවිට මා වෙනුවෙන් කට හඬ අවදි කිරීමට කිසිවෙකුත් සිටියේ නැත.


බොරුව විසින් වසා දමා ඇති සහ ඊට අනුබල දෙමින් බොරුව ආරක්ෂා කිරීම සඳහා අනුබල දෙන සියලු දෙනාම දිනකදී මුහුණ දෙන්නේ ඒ සත්‍යට බව අමතක නොකළ යුතුය,

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් වන මහාචාර්ය අරිරතන ඇතුගල නිකුත්කල නිවේදනය කිසිඳු සංශෝධනයකින් තොරව මෙසේ පල කරන්නෙමු;

ඇතැම් වෙබ් අඩවි වල පළ කෙරෙන සමහර වාර්තා මගින් අපහාසයට සහ චරිත ඝාතනයට ලක්වූ විවිධ පුද්ගලයන්ගෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි ගලා එමින් පවතී. මෙම වෙබ් අඩවි තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කරමින් අපහාසාත්මක අසත්‍යය හා හානිකර පුවත් පළ කරන බව නිරීක්‍ෂණය වී ඇත. ඇතැම් වාර්තා ඍජුවම එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානිකර වේ. හිතාමතා සිදුකරන මෙම චරිත ඝාතන වල ඉලක්ක බවට පත්වී ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා, ඇමැතිවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වෙනත් ප‍්‍රභූ පුද්ගලයන් ය. මෙම වෙබ් අඩවි රටේ පවත්නා නීතිය උල්ලංඝණය වන පරිදි මෙම වැරදි ක‍්‍රියාවල නිරත වෙමින් සිටින බවට ප‍්‍රශ්නගත වෙබ් අඩවි වාර්තා පිළිබඳව කරනු ලැබූ විමර්ශණයේදී හෙළි වී ඇත.

මෙවැනි වෙබ් අඩවි ක‍්‍රියාත්මක කරන සහ පවත්වාගෙන යන පුද්ගලයන් රජය, රාජ්‍ය නායකයා සහ අනෙකුක් අදාල පුද්ගලයන් අවමානයට පත් කිරීමේ ද්වේෂ සහගත අරමුණින් මෙම ක‍්‍රියාවල නිරතවන බව පැහැදිලිය. මෙම වෙබ් අඩවිවල වාර්තාකරුවන්, කතුවරුන්, හිමිකරුවන්,ජනමාධ්‍ය ආචාර ධර්ම හෝ එම වෙබ් අඩවි වල ඉලක්ක බවට පත් වූ පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට ඇති අයිතිය සහ ආරක්ෂාව පිලිබඳ හෝ නොසලකා ක‍්‍රියාකරන බව පෙනී යයි. වෙබ් අඩවියක පළ වූ වාර්තාවක අන්තර්ගතය යම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි කර වේනම් එවන් ප‍්‍රකාශණ වගකීම් සහගත මාධ්‍ය භාවිතාවක පිළිගත් ආචාර ධර්ම උල්ලංඝණය කිරීමක් සේ සැලකේ. එවන් අසත්‍ය මෙන්ම අපහාසාත්මක ප‍්‍රකාශනයන් අධෛර්යමත් කළ යුතු අතරම පොදු මහජන යහපත උදෙසා එවා වැලැක්වීමට ද පියවර ගත යුතු වේ.

ඉහත තත්ත්වය සැළැකිල්ලට ගෙන ශ‍්‍රී ලංකාව හෝ ඉන් පිටත සිට ප‍්‍රවෘත්ති පළ කෙරෙන වෙබ් අඩවි ජනමාධේ‍ය් පිළිගත් සදාචාරාත්මක ප‍්‍රමිතීන්ට සහ ශ‍්‍රී ලංකාවේ පවතින නීතියට අනුකූලව පවත්වාගෙන යන ලෙස ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ඉල්ලා සිටී. ශ‍්‍රී ලංකාව හෝ ශ‍්‍රී ලාංකික ජනතාව පිලිබඳ පුවත් පළකෙරෙන සියළුම වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියා පදිංචි කර ගැනීමට ක‍්‍රියාකරන ලෙසද ඉල්ලා සිටිනු ලැබේ. මේ පිළිබඳව වැඩිදුර විස්තර දුක 0094 11 2513943 ඔස්සේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන සහ සැලසුම්) කේ.ඩබ්.ටී.එන්. අමරතුංග මහත්මිය ඇමැතීමෙන් හෝ ෆැක්ස් අංක0094 11 2512343 ඊමේල් - අමරතුංගමීඩියා ඇට් යාහූ ඩොට් කොම් හෝ සෙකටි‍්‍ර ඇට් මීඩියා ඩොට් ජී ඕවී ඩොට් එල්කේ සහ ඩබ්.ඩබ්.ඩබ්. මීඩියා ඩොට් ජී ඕවී ඩොට් එල්කේ වෙබ් අඩවිය මගින් ලබා ගත හැක.

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය අංක 163, කිරුලපොන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ05.

අත්සන් කෙළේ
මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල්

Tell a Friend