"සමනල මරණය" අපේ දේශයේ ඇත්ත කතාවයි.


හර්ෂි සි. පෙරේරා
මේ කෘතිය හෙළිදරවු කරන දෙමල ජනයාගේ ගැටළු සිංහල බහුතරයට අරුමයක් නොවේ. නමුත් ඔවුන් නිහඩය. මක්නිසාද එය සුළුතරයේ ප්‍රශ්න නිසාත් මේ රටේ අපේයි අපි බහුතරයගෙයි යන හැගීම නිසාත්ය. එබැවින් තවත් මනුෂ්‍ය කොට්ටෂයකගේ අදෝනාව ඔවුන්ට දැනුනත් හැගෙන්නේ නැත.

2008 සමනල මරණය ශ්‍රී ලාංකීය පාටකයින් අතට පත්විය. එහි කතුවරිය සිය නිර්මාණකරණයෙන් නව සමාජ ආර්ථික සහ දේශපාලන මංපෙත් සොයා යන තිලිනා වීරසිංහ සහෝදරියයි. එය අත්දැකීම් සයක එකතුවකි.

" බාල්දිය යන වදන උච්චාරණය කරගත නොහැකිවීම තමා කල එකම වරදවී....... දඩුවම මරණය වී..... ජීවිතය සම්පුර්ණයෙන් අතහැර දැමීමට බල කරනු ලැබූ බාශාවක උරුමය...... ගොරෝසු ම්ලේච්චත්වයක් හමුවේ අළු පැහැ කුඩක් වනතුරු දැවීගිය පෙට්‍රල්ලු මලසිරිරු...... නිරුවත් බලයකට එරෙහිව නිරුවතින් දැවී ගිය මළසිරුරු....

මේ බාෂා ප්‍රශ්නය තවම මේ රටේ විසදී නැත. යුද්දය අවසන් විය. මේ ඊයේ පෙරේදා යාපනේ නිරායුද ජනයාට නිත්‍යානුකුල ආණ්ඩුවක හමුදාව සැළකු ආකාරයයි.

යාපනයේ නාවතුරෙයි ප‍්‍රදේශයේ ග‍්‍රීස් යක්ෂ සිද්ධියෙන් හමුදාව සහ ප‍්‍රදේශවාසීන් අතර 22 රාත‍්‍රී හටගත් ගැටුමෙන් පසු නිවාස වලට ගොස් අත් අඩංගුවට ගත් පුද්ගලයන්ට හමුදා කඳවුර තුලදී පහර දී අත පය කඩා ඇතැයි වාර්තා වේ. ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ 95 ක පිරිසෙන් 5 දෙනෙකුගේ මෙසේ අත පය කඩා ඇත. (2011.08.24 ලංකා ඉ නිවුස්)

අපේ පුජකයින් බොහෝදෙ කියති. ඒවා අන්ද ලෙස විශ්වාස කරමින් සිටින උපාසක නෝනලා සහ මහත්වරු ලේකිකාවගේ හාස්‍යට සහ උපහාසයට ලක්වුයේ මෙසේය. සමහර හාමුදුරුවරු බන කියද්දීත් කියනවා වැඩිපුර ළමයි දහයක් දොළහක් හදලා ජාතිය බෙර ගන්න කියලා. දවසක් අම්මයි තාත්තයි එයාලගේ සිල් ඇත්තෝ එක්ක මේ ගැන කතා කරන සංවාද මණ්ඩපයකට මම අනාරදිතව ඇතුළු වුනා. මම කිවුවා අපරාදේ නේද නැන්දේ බුදුහාමුදුරුවෝ නන්ද කුමරයවයි රාහුල කුමරයවයි ගිහි ජිවිතේ දුකයි කියලා මහන කලේ නැත්නම් එයාලටත් ළමයි හදලා එයාලගේ ජාතිය ආරක්ෂා කරගන්න තිබුන නේද කියලා.

ඊයේ හදිසි නිතිය ඉවත් කෙරිණි. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇල පිල්ලක්වත් වෙනස්
වුයේ නැත. මෙම නීති දෙකම වසර ගණනාවක සිට විශේෂයෙන් උතුරේ ජනයා දැඩි පීඩාවකට පත් කරන ලදී.

අපි බලමු පොලිස් සහ හමුදා සෝදිසි කිරීම් සමනල මරණය දකින්නේ කෙසේද කියා. "අනෙක දැනටමත් මෙහෙත් ගෙවල් දොරවල් සෝදිසි කරන්න පටන් අරන්නේ එතකොට ඇදෙ එල්ලලා තියෙන රෙද්දයි අල්මාරියේ තියෙන ජන්ගියි ඔක්කොම ඇදලා දිග ඇරලා පෙන්නන්න ඕනලු. එහෙම තමයිලු රටේ මිනිස්සුන්ගේ අනන්‍යතාවය සෝදිසි කරන්නේ."

ලංකාවේ අද ගජ රාමෙට සත්ව හිංසාව ගැන කතා කරති. සත්ව හිංසනය ගැන කතා කරන ඇතැම් පන්සල් පල්ලි කෝවිල් වල ළමා අපචාර සිදුවන බවට බරපතල චෝදනා එල්ලවේ. මේ තත්වය ලේකිකාවගේ පන්හිදට මුසුවුයේ මෙසේය." මන් හිතන්නේ මානව අයිතීන් ගැන කතා කරනවට වඩා පහසුයි කාට කාට වුනත් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න එක. ඔය සමහර මැති ඇමතිවරු වුනත් පෙනී ඉන්නවනේ සත්ව අයිතීන් උල්ලංගනය වීමට එරෙහිව."

ඇත්තටම දකුණේ කොල්ලෝ කෙල්ලෝ හමුදාවට බැදුනේ ඇයි?

මන් ආවේ ජිවත් වෙන්න. එයත් එක්ක ජිවත් වෙන්න. එයා මාව එක්ක ආවේ ජිවත් වෙන්න. එයා රස්සාව කෙරුවේ ජිවත් වෙන්න. එත් එයා...මෙසේ කියන්නේ යුද්දයේදී මරමුවට පත් රණවිරුවෙකුගේ වන්දබුවයි.

තිලිනා ඉතා නිර්බිතව දෙමල ජනයාගේ ප්‍රශ්න කතා කරන්නීය. අද යුද්දය අවසන්ව ඇත. නමුත් දෙමල ජනයාගේ ප්‍රශ්න වලට උත්තර නැත. තම ආදරනියන් අහිමිවූ දෙමල ජනයාට ඇති එකම අපේක්ෂාව යුක්තියයි. එයද අහිමිවීම ජීවත්වීමේ අවසන් අපේක්ෂාවද අහිමිවීම හා සමානය.

මේ සමනල මරණයේ එක අත්දැකිමක එන යාපනේ වන්දබුවකගේ කතාවයි.

" මට වයස අවුරුදු 16 දී මගේ පියා හදිසියේ මියගියා. මගේ සහෝදරයෙන් දෙදෙනෙකු හමුදා අත්අඩංගුවට ගෙන ආපසු මුදා නොහැරිම නිසා ඇතිවූ සිත් වේදනාවෙනුයි අප්පා මිය ගියේ. ඔහු දිනපතා උදැසන අයියල පිළිබද සොයා බලන්න මුරපොල වෙත ගිහින් දහවල් වනතෙක් ඒ ආසන්නයේ බිම ඇන තියාන බලාන හිට්යා. කවදාවත් අපේ අප්පාට අයියලා ගැන කිසිදෙයක් දැන ගන්න ලැබුනේ නැහැ. අප්පා දවසක් මුරපොල ලග ඉදන් ගෙදර එන අතර මග බිම වැටී මියගොස් සිටියා."

මේ කෘතිය හෙළිදරවු කරන දෙමල ජනයාගේ ගැටළු සිංහල බහුතරයට අරුමයක් නොවේ. නමුත් ඔවුන් නිහඩය. මක්නිසාද එය සුළුතරයේ ප්‍රශ්න නිසාත් මේ රටේ අපේයි අපි බහුතරයගෙයි යන හැගීම නිසාත්ය. එබැවින් තවත් මනුෂ්‍ය කොට්ටෂයකගේ අදෝනාව ඔවුන්ට දැනුනත් හැගෙන්නේ නැත.

සමනල මරණය හෝ මේ බහුතරයගේ ගොරහැඩි හදවත් යම් තරමකට හෝ මටසිලුටු කරනු ඇත යන්න අපේ ප්‍රාර්ථනයයි.









Tell a Friend