හර්ෂි සි. පෙරේරා
"අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරු 10 සිට සවස 6.20 දක්වා නඩු 206ක තීන්දු ප්‍රකාශයට පත් කළේය. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය මේ තීන්දු ලබාදුන්නාය. "මේ, ඉහත සත් ක්‍රියාව හෙලා දුටු නීතිවේදීන් සහ එයට ප්‍රසිද්දිය දුන් ලංකා ඊ නිවුස් සම්පුර්ණ පුවතේ කොටසකි.
"අනුරාධපුර මහේස්ත්‍රාත්වරිය වාර්තා තැබීමට නඩු තීන්දු දීමට යාමෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ‘ජෝක් එකක්’ වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පවසති. මෙවැනි ‘මැජික්’ පෙන්වන්නට යෑම විනිසුරුධූරයට නොගැලපෙන්නක් වන අතර ඇයගේ මෙම ක්‍රියාව ගැන අධිකරණ සේවා කොමිසම විසින් වහාම පරීක්ෂණයක් කළ යුතු යැයි ද ඔව්හු පවසති."
මෙම නීතිවේදින්ට ප්රශ්නය වී ඇත්තේ ඔවුන්ගේ බඩගොස්තරයයි. නැතිනම් රමුවතුල සිරවී කටයුතු කිරීමට ඇති ලින් මඩි මානසිකත්වයයි.
මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ නඩු පමාව අවශ්‍යතාව ඇත්නම් ජයගත හැකි බවයි. ඒ සදහා බොහෝදෙනා කියන උසාවි වැඩි කිරීම, විනිසුරන් වැඩි කිරීම අවශ්‍ය නොවේ යන්න මෙම සිද්දියෙන් මනාව සාදනය කර පෙන්වනු ලැබිණි.
"අගවිනිසුරුවරයා විශ්‍රාම ගිය පසු ජනාධිපතිගේ උපදේශක ධූරයක් බාර ගැනීමත්, අභියාචනාධිකරන විනිසුරු වරයෙකු දේශපාලනඥයන් කැඳවා පාටි දැමීමත්, තවත් අභියාචනාධිකරන විනිසුරුවරියක් ජනාධිපතිවරයාට බලපාන නඩුවක් අසමින් සිටියදී ඇයගේ දියණියගේ මංගල දිනයට අත්සන් කිරීමට ජනාධිපතිවරයාට ආරාධනා කිරීමත්, නීතිපතිවරයා මිනීමැරුම් සම්බන්ධයෙන් ප්‍රබල සාක්කි තිබෙන නඩු ඉල්ලා අස්කර ගැනීමත් ආදී මෑත කාලයේ මෙකී නොකී විශාල සිදුවීම් ගණනාවක් නිසා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය ගැන මහජනතාවගේ විශ්වාසය බිඳ වැටෙමින් තිබියදී අනුරාධපුරයේදී පසුගියදා සිදුකළ ක්‍රියාවෙන් අධිකරණය ගැන මහජන අවිශ්වාසය තවදුරටත් වැඩි වනු ඇතැයි ද නීතිවේදීහු පෙන්වා දෙති."
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මෙම සිද්දිය වෙනත් විනිසුරුවරුන්ගේ බරපතල වංචනික සිද්දීන් සහ නීතිපතිගේ වංචනික ක්‍රියා සමග සැසදීම ඔවුන්ගේ මාද්‍ය බාවිතය ගැනද ජනතාවට අවබෝදයක් ලබා දෙයි. මෙවන් මාද්‍ය බවිතයන් එළවටත් මෙලවටත් වැඩක් නැත.
Post a Comment