බැසිල් ප්‍රනාන්දු
රාජ්‍යය යන සංකල්පය යටතේ කියවෙන ප්‍රධානම කරුණක් නම් රටේ අපරාධ පිළිබඳව අනිවාර්යයෙන්ම පරීක්ෂණ පැවැත්වීම රජයක ඉතා මූළිකම වගකීමක් බවයි. අපරාධ නීතිය පදනම් වී ඇත්තේ මෙම පදනම මතය. පරීක්ෂණ පැවැත්වීමේ වගකීම රජයකට නැත්නම් අපරාධ නීතිය යන්න තේරුමක් නැති සංකල්පයක් බවට පත්වේ. අපරාධ නීතිය අවශ්‍ය නැති යැයි තීන්දුවක් කලහොත් එම රට තුළ රාජ්‍යයක් පවතීද යන ප්‍රශ්නයම ඉස්මත්තට පැමිනෙයි. රාජ්‍යයක් පවතිනතාක් රජය තුළ අපරාධ පරීකෂණ පැවැත්වීමේ වගකිම පැහැර හැරිය නොහැකිය.
මෙයින් මූළිකවම පැන නැගෙන ප්‍රශ්නය නම් රටක නිති තිඛෙන්නේ කුමක් සඳහා ද යන ප්‍රශ්නයයි. රටක නීති පවතින්නේ එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා යැයි කිම තේරුම් ගැනිමට අමාරු ප්‍රකාශයක් නොවේ. නීතිය පවතින්නේ ක්‍රියාත්මක කිරිමට නොවේ නම් නීතිය පැවැත්ම අවශ්‍ය නැත. ක්‍රියාත්මක නොවන නීතිය නීතියක් නොවේ. නීතිය යන්නේ හරයම වන්නේ එය රටතුළ ක්‍රියාත්මක කිරිම සඳහා පවතින එකක්ය යන අදහසය.
රටක පවතින නීති අතර රටේ අපරාධ නිතිය මූළික තැනක් ගනි. ලංකාවේ අපරාධ නීතිය මූලික වශයෙන් නිර්වචනය වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය යටතේය. දණ්ඩ නීති සංග්‍රහයෙන් එපිටද පවතින අපරාධ ගණනාවක් වෙනත් පනත් වලින් නිර්වචනය කර ඇත. මෙසේ ලංකාව තුළ යම් ක්‍රියාවන් කිරිම හෝ නොකිරිම අපරාධයක් ලෙස සලකා ඒවා ලියා ලිඛිත නීති බවට පත්කොට ඇත. එහි පවතින කිසියම් හෝ අපරාධයක් යම් අයෙකු විසින් කලහොත් ඔහුට දඩුවම් කල යුතුය යන සංකල්පයද අපරාධ නීතිය තුළම ගැබ්වි ඇත.
අපරාධ නීතිය කඩකල හොත් එය පරීකෂණ කළයුත්තේ කෙසේද යන්න අපරාධ නඩු විදි විධාන සංග්‍රයෙහි නීතිගත කොට ඇත. අපරාධයක් පරිකෂණ කරන ආකාරයද තියෙන්නේ නීතිය මාර්ගයෙන්මය. අපරාධය පිළිබඳව පැමිණිලි කල යුතු බවත් පැමිණිලි ලියාගත යුතු ආකාරය ලියාගත් ලේඛණ තබාගන්නා ආකාරය එම ලේඛණ අනුව ඊලඟට ගතයුතු පියවරත් මේ පියවර ඔස්සේ පරිකෂණ පවත්වන්නේ කවුරු විසින්ද යන්නත් එම පරිකෂණ අධීක්ෂණය කල යුත්තේ කෙසේද යන්නත් පරීක්ෂණයේදී ඇතිවෙන සියලුම තොරතුරු වාර්තා කල යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් , සියලුම සාක්ෂි සඳහන් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, සාක්ෂි වලට අදාල සියලුම භාණ්ඩ පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ආදී වශයෙන් ඉතා විශාල පරිමානයක කරුණු ගණනාවක් අපරාධ නීති සංග්‍රහය තුළත් ඊට අදාලව පවතින තවත් නීති පනත් තුළත් කෙටුම්පත් කොට ලංකාවේ නිතිය ලෙස පවති.
මෙසේ පරික්ෂණයට භාජනය කරන ලද අපරාධයක ලිපි ගොණු නීතිපතිවරයාට ලබාදිය යුතු ආකාරයත් නීතිපතිවරයා බරපතල අපරාධ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගයත් තවදුරටත් වෙනත් නීති මගින් සඳහන් කොට ඇත. සුළු අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරිම සඳහා පොලිසිය ගත යුතු ක්‍රියාමාර්ගද එසේම නීතිගත කොට ඇත. මේ අනුව අධිකරණයක් ඉදිරියට නීතිපතිවරයා විසින් හෝ පොලිසිය විසින් හෝ වෙනත් බලධාරියෙකු විසින් හෝ නඩුවක් ගෙනආ යුතු ආකාරයද නිතිගත කොට ඇත.
මෙයින් පසු කරුණ වන්නේ මේ පිළිබඳව නඩු ඇසිමය. නඩු අසන ආකාරය නඩු ඇසිමට බලය ඇති විනිසුරුකරුවරුන් පත් කරන්නේ කෙසේද? ඔවුන් නඩු ඇසිය යුත්තේ කෙසේද? නඩු වාර්තා කල යුත්තේ කෙසේද? නඩු පිළිබඳව තින්දු දිය යුත්තේ කෙසේද? ඒ පිළිබඳව අභියාචනා ලබාගත යුත්තේ කෙසේද? අභියාචනා පරීක්ෂණ කල යුත්තේ කෙසේද? ආදි වශයෙන් දීර්ඝව නඩු ඇසිම පිලිබඳ ක්‍රියා පද්ධතියද නීති ගත කොට ඇත.
මේ අනුව කිසියම් අපරාධයක් සිදුවූ විගසින්ම හා ඒ පිලිබඳව පැමිණිල්ලක් ලැබූ විගසින්ම රජය විසින් ඒ පිලිබඳව පරීක්ෂණයක් කලයුතුවය යන්න පිලිබඳව පමණක් නොව පරීක්ෂණ කල යුතු ආකාරය පිලිබඳව ඉතා ගැඹුරු ආකාරයකින් කල්පනා කොට එම කල්පනාව ඔස්සේ වැඩි දියුණු කල ප්‍රතිපත්ති මත විශාල කාලාන්තරයක් ඔස්සේ වර්ධනය කරගත් මූලික ප්‍රතිපත්ති ඔස්සේ පිළිබිඹු වුණු නීති පද්ධතියක් සෑම රටකම පවතිනවා මෙන්ම ලංකාවේද පවති. මේ අනුව අපරාධයක් පරීක්ෂණ නොකර සිටිමේ හැකියාවක් කිසිම රජයකට නැත. මෙම අපරාධය සාමාන්‍ය මිනිසෙකු විසින් කල දෙයක් හෝ වේවා එසේ නැතහොත් එය රජයේ නිලධාරියෙකු විසින් දෙයක් හෝ වේවා එසේත් නැතහොත් කිසියම් බලවත් නිලතල දරන්නන් විසින් කළ එකක් වූවත් දේශපාලන උවමනාවන් එපාකම් මත සිදු වූ එකක් වූවත් නීතිමය වශයෙන් ගත කළ ඒවායෙහි කිසිඳු වෙනසක් නැත. සෑම අපරාධයකට අදාලව ඇති පැමිණිල්ලක්ම අනිවාර්යයෙන් පරීක්ෂණය කල යුතුය යන මූළධර්මය රජයේ පිළිබඳව මූළධර්මයට ඒකාබද්ධ වී ඇත. අපරාධ පරිකෂණ නොකරන රජයක් රජයක් වශයෙන් සැලකිය නොහැකිය.
Post a Comment