තවත් අගවිනුසුරුවරයෙක් විශ්‍රාම යයි.

හර්ෂි සි. පෙරේරා
වසර 2ක සේවා කාලයෙන් අනතුරුව අගවිනිසුරු අශෝක එන් ද සිල්වා මහතා අද (11) එම ධුරයෙන් නිල වශයෙන් සමුගත්තේය. අශෝක එන් ද සිල්වා මහතාගේ විශ‍්‍රාම යාම නිමිත්තෙන් වු උපහාර උත්සවය අද ශේෂ්ඨාධිකරණයේ නිල උත්සව ශාලාවේදී පැවැත්විණි.

විශ‍්‍රාමයාමෙන් පසුව තමන්ට පැවරී ඇති ජාත්‍යන්තර අධිකරණ කටයුතු සදහා විදේශගත වන බව අගවිනිසුරුවරයා එහිදී උත්සවට අමතමින් පැවසීය. එම කටයුතු අවසන් වු වහාම යළි දිවයිනට පැමිණ ශ‍්‍රි ලංකාව වෙනුවෙන් සේවය කිරිමට කැපවන බව ද අශෝක එන් ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලූ අධිකරණවල විනිසුරුවරු නීතිපතිවරයා, මෙන්ම නීති ක්ෂේත‍්‍රයේ සේවයේ නිරත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අවසානකලයේ ඔබ ඉතා ජනහිතකාමී අදහස් රැසක් මාද්‍ය හා බෙදා හදා ගත්තේය. විශේෂයෙන් නීතිපතිවරයා මෙරට ප්‍රබල දේශපාලකයින් දෙදෙනෙකුගේ චෝදනා ඉවත් කර ගැනීම ඔබ ප්‍රසිද්දියේ වැරැද්දක් ලෙස හෙළා දුටුවේය. ඔබ මෙවැනි ආකාරයට විශ්‍රාම ගැනීමට ආසන්නයේදී කොන්ද කෙලින් තබාගෙන කටයුතු කිරීම නිතිය සහ යුක්තිය වල් වැදෙමින් ඇති රටක යම් බලාපොරොත්තුවක් හෝ ඇති කිරීමකි.

නීතිපති පමාව නිසා වසර නමයක් රිමාන්ඩ් බාරයේ සිටි ගැහැනියක් යැවු පෙත්සම සලකා බලා ඇයව නදහස් කිරීමද සුවිසේසි වෙයි.

මෙලෙස ප්‍රගතිශීලි ආකාරයට කටයුතු කිරීම ඔබ කලේ විශ්‍රාම ගැනීමට අසන්නයෙදියි බොහෝ දෙනා උපහාසයෙන් කීවද අපට නම් ඔබ කලදේ නොවැදගත් නොවේ.

මෑත කාලයේදී විශ්‍රාම ගැනීමට ආසන්නයේ ඉතා හොද තීන්දු දෙමින් කොන්ද කෙලින් තියාගෙන කටයුතු කල පළමුවැනියා ඔබ නොවේ. නමුත් ඉදිරියේදී අගවිනිසුරු දුරයට පත්වන අය ආරම්බයේ සිට අවසානය දක්වාම මේ රටේ පළමු දෙවැනි හා තෙවැනි යන බේදයකින් තොරව සියලු පුරවැසියන්ට සමානව සලකනු ඇත යන්න අපේ පැතුමයි. බලාපොරොත්තුවයි.

   Tell a Friend