ජනසංසදය
2010. 10. 26 වෙනිදා රාත‍්‍රී 12.30 විතර අපි නිදා සිටින විට ගේට්ටුවට ගහන හක්‍ෂක් ඇහුණා’ ඒ වෙලාවේ මට බයක් දැනුණා. මම ලයිට් එක දාලා බැලූවා. පොලිස් නිලධාරින් 4 දෙනෙකු අප අසල්වාසී ධර්මදාස නමැති අයගේ වත්තට ඇතුළුවී තාප්පය කැඞී තිබෙන තැනින් අපේ වත්තට ඇවිත් ගෙදර දොර ළඟට ඇවිත් දොරට ගැහුවා’මට පුදුම බයක් ඇතිවුණා. මට ඒ වෙලාවේ ප්‍රෙෂර් එකත් ආවා. මොකද අපිට වෙන්න යන්නේ මොකක්ද කියලා බයක් ඇතිවුණා’ මම දොර ඇරියා’ එතකොට ඒ හතර දෙනා ගේ ඇතුළට ආවා’ ඒ අයගේ අතේ බැටන් පොලූ තියෙනවා දැකලා මගේ සිහි විකල්වුණා’ එම නිලධාරින්ගෙන් දෙන්නෙක් නිල ඇඳුම් ඇඳලා” දෙන්නෙක් සිවිල් ඇඳුම් ඇඳලා හිටියේ’
මම මොකද රාළහාමි කියලා ඇහුවාම” උඹේ පුතා කෝ කියලා ඇහුවා’ මම කිව්වා පුතා එයාගේ කාමරේ නිදි” ඇයි සර් කියලා’ ඔවුන් හොඳටම බීලයි හිටියේ’ උඹේ පුතා ධර්මදාසට ගහලා මැරිලා” කටඋත්තරයක් ගන්න ගෙනියන්න අපි ආවේ කියා කිව්වා’ මට අදහාගන්න බැරිවුණා. මොකද මගේ පුතා කවදාවත් එහෙම දෙයක් කරන කෙනෙක් නෙමෙයි නිසා’ පස්සේ ඒ නිලධාරින් පුතාගේ කාමරේට ගිහින් නැගිටපන් කියා පුතාව නැගිට්ටෙව්වා’ පුතාගේ බෙල්ලෙන් අල්ලගෙන අරගෙන යන්න හැදුවා.
පුතා කිව්වා ෂර්ට් එකක් දාගෙන එන්නම් කියලා’ ෂර්ට් කොලරයෙන් අල්ලාගෙන අරගෙන ගියා. මට ඒ වෙලේ සිහිය නැතිවුණා’ මම මේක මතක් කරන්න කැමති නෑ’ මට බයයි පුතාට කරදරයක් වෙයි කියලා’ මම අක්‍ෂ අක්‍ෂ කිව්වා පුතා ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්නේ” තාම බෙහෙත් බොනවා කියා’ මම ඒ වෙලාවේ ගොඩක් බය වෙලා හිටියේ’ පුතා කිව්වා අම්මා බය නැතුව ඉන්න මම වැරදි කරලා නෑනේ කියලා’ ඒ නිලධාරින් පුතාව අරගෙන ගියා’ මම හිතුවා පුතාගේ ජීවිතේ ඉවරයි කියලා’ මට කාටහරි මේ ගැන කියන්න කෝල් එකක්වත් ගන්න කල්පනාවක් තිබුණෙ නෑ’
පස්සේ ගෙදර බෝඞ් වෙලා ඉන්න ළමයි ඇවිල්ලා මට ප්‍රෙෂර් පෙති දීලා” ගේ ළඟ අක්කා කෙනෙකුට කෝල් කරලා කිව්වා” ධර්මදාසව මරලා කියලා පුතාව පොලිසියෙන් අරගෙන ගියා” අපි පොලිසියට ගිහින් බලමු කියා’ ඒ අක්කගේ පුතාත් ආවා’ අපි කිරිබත්ගොඩ පොලිසියට ගියා’ අපි යන විට පොලිසියේ මේසයක් උඩ අරක්කු බෝතලයක් තිබුණා’ පුතාව කූඩුවේ දාලා ඉන්නවා දැක්කා’
එක නිලධාරියෙක් එතන හිටියා’ පුතා කූඩුවේ දාලා ඉන්නවා දැක්කම මට ඒ වෙලාවේ මෙච්චර මෙයා පව් කරලා තියෙනවාද කියලා හිතුණා’ අනේ මගේ ළමයා හොඳටම බයවෙලා හිටියේ’
පුතා කිව්වා” පුතාට අරක්කු බොන්න කිව්වා කියලා’ අතේ තිබුණු සිගරට් එකෙන් පුතාගේ අතේ තිබුණු පිරිත් නූල් ටික පිච්චුවා කිව්වා’ පුතා අක්‍ෂමින් කිව්වා” පුතාට හොඳටම ගැහුවා” චූ බටේ මිරිකලා චූ කරන්නවත් බෑ කියලා’ මම පුතාට කිව්වා පුතා බය නැතුව ඉන්න මම කොහොමහරි පුතාව උදේට එළියට ගන්නම් කියලා’ මාත් එක්ක ආපු මාතර අක්කාට හොඳටම කේන්ති ගියා ළමයාට කරලා තියෙන අසාධාරණය ගැන’ පසුව අපි පැයක් විතර ඉඳලා ගෙදර ගියා’ ඒ යන ගමන් පොඩි දුවට පණිවිඬේ කියලා ගියා’ ලොකු දුවටත් කෝල් කරලා කිව්වා’
මම එළිවෙනකම්ම නිදා ගත්තේ නෑ” පාන්දර 5’00 විතර මම පුතාට තේත් කෑමත් අරගෙන පොලිසියට ආවා’ පුතාට මම ඒවා දුන්නා’ නිලධාරියෙකු කිව්වා ඕ’ අයි’ සී’ මහත්තයා එනකම් ඉඳගෙන ඉන්න කියලා’ ඕ’ අයි’ සී’ මහත්තයා 7’00 විතර ආවා’ මම එයා ළඟට ගිහින් හොඳටම ඇක්‍ෂුවා’ මොකක්ද මේ කරලා තියෙන අපරාධය කියලා ඇහුවා’ පුතා වරදක් කරලා නෑනේ” කිව්වා නම් පුතාව පොලිසියට ගේනවනේ කිව්වා’ පසුව පුතාව වෙනත් නිලධාරියෙක් එක්කගෙන ආවා’ ඒ වෙලාවේ මගේ දුවත් ආවා’ වැරදි මැසේජ් එකක් ඇවිත් සමාවෙන්න කිව්වා’
එවිට මගේ දුව ඇහුවා” සමාව ඉල්ලූවට ගහන වෙලාවේ මල්ලී මැරුණා නම් මොකද වෙන්නෙ කියලා’ මම ඕ’ අයි’ සී’ ට කිව්වා මහත්තයා දන්නවනේ පුතා ගැන” එයා කාටවත් වැරදි කරන කෙනෙක් නෙමෙයිනේ කියලා’ ඒ වෙලාවේ පුතා කිව්වා” මම වැරැුද්දක් කරලා තියෙනවා නම් මගේ අතට මාංචු දාලා රිමාන්ඞ් කරන්න” සර් හොඳට අපේ ෆැමිලි එක ගැන දන්නවා නේද කියා’ ඕ’ අයි’ සී’ කිව්වා වාඩිවෙලා ඉන්න කියා’ අපි වාඩිවෙලා හිටියා’ ඒ වෙලාවේ පුතාට ක්ලාන්තය ආවා’ අපි ඕ’ අයි’ සී’ ට කිව්වා පුතාව රෝහලට ගෙනියන්න කියලා’ නමුත් ගණන් ගත්තේ නෑ’ පසුව එස්’ අයි’ තිලකනාත් මහත්තයාට කියලා ඇප ඉල්ලගන්න කිව්වා’ පසුව ඔහු උසාවි යන්න ගියා’
ටික වෙලාවක් සිට දුව කිව්වා” අම්මෙ මෙහෙම ඉඳලා හරියන්නෙ නෑ” කව්රුහරි උසස් නිලධාරියෙක් හම්බවෙන්න යමු කියා’ ඒ අනුව මාත් දුවත් නිලධාරියෙකු හමුවන්න ගියා’ බස් එකේ යනකොට අපි දැක්කා” කැළණිය කැම්පස් එක ළඟ විරෝධතා ව්‍යාපාරයක් තියෙනවා’ එතන පොලිසියේ උසස් නිලධාරින් හා ඇමතිවරු මන්ත‍්‍රීවරු හිටියා’ අපි එතනින් බැහැලා” එහි සිටි මන්ත‍්‍රීවරුන්ට මේ ගැන කිව්වා’ එතන පුතාගේ යාළුවොත් හිටියා’
පෑලියගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකුට ඒ බව කිව්වා’ ඔවුන් පොලිසියට කතා කළා’
පුතාගේ යාළුවෝ කියලා ඇමතිවරුන්ද කතා කළා’ පසුව පුතාට ඇප දුන්නා’ අපි ඒ වෙලාවේ පෑලියගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කළා’ පුතාව ජාතික රෝහලට ඇතුළත් කළා’
ඊට පසුව පුතා දින 17 ක් රෝහලේ ප‍්‍රතිකාර ලැබුවා’ එදා මට ඇතිවුණු බිය” පොඩි සද්දයක් ඇහුණත් තාමත් ඇතිවෙනවා” පුතාව ගෙනියන්න එනවද දන්නෙ නෑ කියලා’
පසුව අපිට නිර්නාමික දුරකථන ඇමතුම් දී මරණීය තර්ජන සිදුකළා’ අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණ පුතාට තර්ජනය කර තිබුණා’ පුතාට විරුද්ධව ධර්මදාසට ගැහුවා කියලා බොරු චෝදනා කර නඩු පවරා තිබුණා’ පුතාට වරෙන්තු රැුගෙන තිබුණා’ පුතාව අධිකරණයට ඉදිරිපත් කළා’
නමුත් මේ වන තෙක් අපිට සාධාරණයක් සිද්ධවෙලා නැහැ’ මට ඉන්නේ එකම පුතයි’ මට බයක් තියෙනවා මේ මිනිස්සු මගේ දරුවට කරදරයක් කරයිද කියලා.
ඉහත සදහන් වුයේ තම පුතුට පොලිසිය පහර දුන් ආකාරය කිරිබත්ගොඩ පදිංච් හේමලතා වික්‍රමාරච්චි මතිමිය විස්තර කල ආකාරයයි.


Post a Comment