අමිල ගුණරත්න
කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පැවති විද්වත් කථිකාවතේදී ශ්‍රී ලංකාවේ මිලියන 15 ක් දෙනා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බව ගත්කතුවර දයා දිසානායක කිවූ බව 2011 මැයි 23 දිවයින පුවත්පත වාර්තා කරයි. ඕනෑම හරක් කතාවක් ඒ ලෙසින්ම පළ නොකොට මඳක් විපරම් කොට බැලීමට දිවයින පුවත්පත පුරුදුව සිටියේ නම් කොපමණ අගේද ? ශ්‍රී ලංකාවේ දළ ජනගහනය මිලියන 20 කි. ඉන් මිලියන 15 ක් මත්ද්‍රව්‍ය පාවිච්චිකරන්නේ නම් ලංකාවේ 75% සිටින්නේ මත් ලෝලින්ය. මෙය ලෝක වාර්තාවක් නොවේද ? තමන් දැන උගත් ගත්කතුවරයෙකු බව කියාගන්නා දයා දිසානායක නම් පුද්ගලයා මෙම දත්ත ලබා ගත්තේ කොහෙන්ද ? ඔහු මේ සඳහා අධ්‍යනයක් කරාද ? මොකක්ද යොදාගත් ක්‍රමවේදය ? ඔහුගේ නියැදිය පුද්ගලයන් කී දෙනෙක් ගෙන් සමන්විත උනාද ? මේ සඳහා අධ්‍යනය සඳහා ලංකාවේ හෝ පිටරට මොන විශ්ව විද්‍යාලය උදවු කලේද ? එය ඔහු තම දත්ත පළ කලේ කුමන විද්‍යා සඟරාවේද ? මයික් එකක් දුටු විට කටට එන ඕනෑම හරක් කතාවක් කියන ඊනියා ප්‍රබුද්ධ යැයි කියාගන්නා පොරවල් සහ ඒවා ගෙඩි පිටින් පළ කරන පුවත්පත් දුටු විට අපිට හිතෙන්නේ ලංකාවේ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය බත් නොව තණකොළ කියා මේ අයියලා සිතන බවයි.

Post a Comment