රාජපක්ෂගේ හොර පැන්සන් ගේමට එරෙහිව පළමු විරෝධය - (Photo Updated)

යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව කටුනායක නිදහස් වෙලද කලාපයේ දැවන්ත විරෝධතාවයක්

රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට යෝජිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් යොජනාව වහා හකුලා ගන්නැයි බල කරමින් කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවල සේවයේ යෙදෙන සේවක සේවිකාවන් දෙදහසකට අධික පිරිසක් අද උදෑසන සිට කොළඔ කටුනායක මහා මාර්ගයේ ගුවන් තොටුපලට පිවිසෙන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණි.

රජය සේවකයින්ගේ හෝ වෘත්තීය සමිතියන් හි අදහස් නොවිමසා අත්තනෝමතික ආකාරයෙන් පෞද්ගලික අංශය සඳහා ගෙන එ්මට යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ම`ගින් ඔවුන්ට කිසිම සෙතක් සිදුනොවන බවටත් මේ මගින් සිදුවන්නේ තව තවත් තමන් අපහසුවට පත්කිරීමක් බවත් එම නිසා වහාම ගෙන එ්මට යෝජිත මෙම පනත පෞද්ගලික අංශයේ සේවකයින්ට හිතකර ලෙස සංශෝධනය කරන ලෙසත් නැතිනම් වහාම එය හකුළා ගන්නා ලෙසත් බල කරමින් ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලා රැුසක සේවක සේවිකාවන් වැඩ වර්ජනයකර කර්මාන්ත ශාලාවෙන් පිටතට පැමිණ කටුනායක කොළඹ මහා මාර්ගය අවහිරවනසේ රැුදී සිටිමින් මෙම උද්ඝෝෂණයට සහභාගී වී තිබු අතර පුත්තලම - කොළඹ මහා මාර්ගය මේ නිසා උදේ සිට සවස දක්වා පැය 6 කට වැඩි කාලයක් වසා දැමා තිබින. 

කටුනායක ගුවන්තොටුපලට පැමිණීමට මේ උද්ඝෝෂණය නිසා බාදා වී තිබු අතර සමහර ගුවන් ගමන්ද ප‍්‍රමාද වී ධාවන වූ බවද වාර්තා විය. කර්මන්තයේ යෙදෙන සේවක සේවිකාවන් සහ මෙම උද්ඝෝෂණය සඳහා සහභගි වී සිටිනු දැකිය හැකි විය.

දියවි දියව් අපට දියව්, අපේ සල්ලි අපට දියව්, දෑවැද්දට කෙලිය නේද.?? යන සටන් පාඨ මෙම උද්ඝෝෂණයට සහභාගි වූ සේවිකාවන් විසින් ප‍්‍රකාශ කරන ලදී.

මෙම උද්ඝෝෂණයට අමතරව කොළඔ දී අද සවස සියලූම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සහභාගි කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් මෙම පෞද්ගලික අංශය සඳහා ගෙන එ්මට යෝජිත විශ‍්‍රාම වැටුප් යෝජනාවට එරෙහිව පැවැත්වීමටද කටයුතු යොදා තිබෙන බව එයට සහභාගි වූ වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙක් අපත් සමඟ පැවසීය.

 
 
 
 
 



Tell a Friend