"පොලිස් වද හිංසාව ඉතාම පහත් හා අමානුෂික ක‍්‍රියාවක්"

පොලිස් වදහිංසාව පිළිබඳ ලාංකික ස්ත්‍රීන් - සම්මුඛ සාකච්චාව 02

ඇය 35 වියැති උපදී ධාරී ගුරුවරියකි. වැඩිදුර තොරතුරු හෙළිකිරීමට අකමැති වූ ඇය ඉදිරිපත් කළ අදහස පහත පල වෙයි.

1. ලංකාවේ පොලිසිය ගැන ඔබේ ආකල්පය කෙසේද?

මෙම ආයතනය කෙරේ මා තුළ එතරම් පැහැදිමක් නැහැ. මට කැමතියි මුලින්ම පොලිචේ යන වචනය හැදි ඇති ආකාරය පිළිබඳව සඳහන් කරන්න. ඒ අනුව විශ‍්‍රාමලත් පොලිස්පති ඒ.ජේ. ඉද්ද්මල්ගොඩ මහතා විසින් රචනා කරන ලද ”පොලිසිය” පිළිබඳ ග‍්‍රන්ථයේ එතුමා සඳහන් කර ඇති පරිදි,

P - Polite විනීත

O - Obedient විනීත

L - Loyal රාජපාක්ෂික

I - Intelligent ඥාණවන්ත

C - Courageous ශූර වීර, නිර්භීත
E - Efficient කාර්යක්ෂම, දක්ෂ වේ

කෙසේ නමුත් මින් අකුරු 02 ක වත් තේරුම රැුක ගැනිමටවත් ඔවුන් උත්සහ ගන්නේ නැහැ. කෙසේ නමුත් ලන්දේසි යුගයේදි කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් සේවය ආරම්භ කර ඇති බව සඳහන් වෙනවා.

නමුත් වත්මන් පොලිස් දෙපාර්තමේන්තුව කෙරේ විමසා බැලිමේදි ඔවුන් දේශපාලනිීකරණය වී ඇති බව පැහැදිලියි. එසේම මෙම දේශපාලන මැදිහත්වීම් හමුවේ පොලිස් නිළධාරින්ගේ අපක්ෂපාතිභාවය බිඳ වැටි ඇත. ප‍්‍රාදේශිය දේශපාලන නායකයාගේ සිට මෙම දේශපාලන මැදිහත් වීම් දැකිය හැකිියි. උදාහරණයක් ලෙස මාගේ ඥාතියෙකුට අයත් ඉඩමකට යාබඳ ඉඩම් හිමියා විසින් නීති විරෝධි ලෙස මාගේ ඥාතියාට අයත් ඉඩම කපා ගෙපලක් සෑදිමට උත්සාහ කිරිමේ දී මාගේ ඥාතියා විසින් ගමේ පොලිසියට ඒ සම්බන්ධව පැමිණිලි කර ඇති නමුත් පොලිසියෙන් ඊට අදාළ නිසි පියවර ගැනිමක් සිදු වී නැහැ. තොරතුරු සොයා බැලිමේදි ආරංච්චි වී ඇත්තේ එම යාබඳ ඉඩම් හිමියා හා ප‍්‍රදේශයේ නගරාධිපති අතර ඉතා ළඟ ඥාති සබඳතාවයක් පවතින් බැවින් පොලිසියට ඔහුගේ බලපෑම් එල්ල වී ඇති බවයි. කෙසේ නමුත් පොලිසිය ඉඩම පරික්ෂා කිරිමට පැමිණි අවස්ථාවේ එම නගරාධිපති රජයේ වාහනයෙන්ම තවත් නගර සභාවේ වැඩ කරන සේවකයින් සමඟ අදාළ ස්ථානයට පැමිණ ඇති අතර පොලිසියේ රාකාරියට බාධා කරමින් ඔහුට අවශ්‍ය පරිදි ඒ දේ සිදු කරගෙන ඇත. මෙලෙස ඉතාම කුඩා දේශපාලන බලධාරියගේ සිට මෙලෙස පොලිසියේ රාජකාරියට බාධා කරන අවස්ථා පවතිනවා.

එසේම පොලිස් නිලධාරින්ගේ නිල නාමය හා නිල බලය යොදා ගනිමින් විවිධ ආකාරයේ අයුතු බලපෑම්, ජාවාරම් ආදිය සිදු කරන බවත් අපි දන්නා දෙයක් . අපේ ගමේ නම ගිය හොරෙක් සිටියා චන්දන කියලා. ඔහුගේ නිවස පොලිසියේ නිලධාරින් සඳහා කාන්තාවන් සැපයිමට යොදා ගන්නා ස්ථානයක් ලෙස පාවිච්චි කරපු බව ගමේ සියළුදෙනා දන්නා දෙයක්. නමුත් කිසිවෙකු ඊට එරෙහිව ක‍්‍රියා කිරිමට උත්සහ කළේ නැහැ. මොකද පොලිසිය සමඟ මෙන්ම චන්දන කෙරේ පවතින බිය නිසා. මෙහිදි මම තව දෙයක් කියන්ට කැමැතියි. මොකද පොලිස් නිලධාරින් හට පැවරි ඇති අවිවේකි රාජකාරිය මෙන්ම ඔවුන් දුෂ්කර සේවයේ යෙදිම යනාදිය තුළින් ඔවුන්ගේ නිවෙස්වලින් හා අඹු දරුවන්ගෙන් දුරස්ව මාස ගනන් එක දිගට සේවය කිරිමට සිදුවෙලා තියෙනවා. මේ නිසා ඔවුන් කායික අවශ්‍යතා සපුරා ගැනිම සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කරනවා. මා ඉහතින් සඳහන් කළ සිද්ධියද එවැනි ඉතාම පහත් හා ලාභ ආකාරයට තම කායික අවශ්‍යා සපුරා ගැනිමට යොදා ගන්නා ලද උපක‍්‍රමයක් ලෙස කියන්ට පුළුවන්. මේ නිසා එම හොරා පොලිසියට හොරකම් කර හසුවුවහොත් සිදුවීමට වන හානිය හා දඩුවම් දන්නා බැවින් කෙසේ හෝ පොලිසිය ඔහු කෙරේ නතුකර ගැනිමට එලෙස තම නිස එවැනි ක‍්‍රියා සඳහා යොදා ගැනිමට ඉඩ සලස්සා තිබීම මෙන්ම ඊට අවශ්‍ය කාන්තාවන් සැපයිමටද ඔහු සහ ඔහුගේ බිරිඳ විසින් සිදු කරනු ලැබුවා. එබැවින් ඔහුට එරෙහිව කිසිදු නිතිමය පියවරක් ගැනීමට පොලිසිය උත්සහා ගන්නේ නැහැ.

මේ දේවල අවසාන ප‍්‍රතිඵලය වන්නේ එම නිලධාරින්ගේ හා ඊට භාජනය වන කාන්තාවන් කියන දෙපාර්ශවයන්ගේම පවුල් ජිීවිත කඩා කප්පල් වී දරුවන් අසරණ වන එකයි. මෙය විශාල සමාජ ගැටළු ඇති කරන තත්වයක්.


2 පොලිසිය තුළදී සිදුවන නීති විරෝධී වද හිංසා ගැන වාර්තා වෙනවා, ඒ පිළිබඳව ඔබේ අදහස් කෙසේද?

ඇත්තෙන්ම පොලිස් වද හිංසාව ඉතාම පහත් හා අමානුෂික ක‍්‍රියාවක් ලෙස සමස්ථ සමාජයහෙලා දකින දෙයක්. මට හිතෙන්නේ මා මුදලින්ද සඳහන් කළ පරිදි පොලිසිය මගින් සිදු කරන යම් යම් අක‍්‍රමමිකතා වද හිංසා හා බලය අයුතු ලෙස භාවිතා කිරිම වැනි දේ නිසා මහජනතාව පොලිසිය කෙරේ කල කිරි සිටිනවා. මෙම තත්වය උදාහරණ මගින් තව දුරටත් පැහැදිලි කළහොත් මේ මෑතක සිදුවුන ජනමාධ්‍ය මගින් ප‍්‍රචාරය කරන ලද පුවත් ගෙන බැලූවහාම හොදින්ම පැහැදිලි වෙනවා. ඒ අනුව රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබු දරුවෙකු වන ආර්.ඩි. සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණය තවම අභිරහසක් බව ජනමාධ්‍ය තුළින් අනාවරණය කලා. එම දරුවාගේ මව සඳහන් කරන ලරිදි මිය ගිය දරුවා ප‍්‍රකාශ කර ඇත්තේ විශ්ව විද්‍යාලය ඇතුළත සිදු කරන ලද පිකටිං ව්‍යාපාරයක් මර්ධනය කිරිම සඳහා පොලිසියේ කැරලි මර්ධන ඒකකයේ 800 ක් පමණ පිරිසක් විශ්ව විද්‍යාලය තුළට පැමිණ නේවාසිකාගාරවල බඩු රැුගෙන යන ලෙසට ළමුන්ට අණ කර ඇති බවත් එලෙස ගිය ළමුන්ට පොලිසියෙන් පොලූවලින් පහර දුන් බවත් එහිදි ඔලූවට පහරදිමක් සිදු කර ඇති බවයි. කෙසේ හෝ අවසාන එම දරුවාට ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

බේරුවල බේදවාචකයත් එසේම පොලිසියේ නොසැලිකිමත් හා අපරික්ෂාකාරි ක‍්‍රියාවක තවත් ප‍්‍රතිඵලයකි. එහිදි අට හැවිරිදි සුදිල් නිලූපුල් නමැති දරුවා පොලිසිය විසින් හොර හරක් ජාවාරම්කරුවන් කොටු කර ගැනිමට ගොස් දෙපිරිස අතර සිදු කරන ලද වෙඩි හුවමරුවකදි පොලිසියේ නොසැලකිල්ල අපරික්ෂාකාරි වෙඩි තැබීම නිසා මෙම කුඩා දරුවාට වෙඩි වැදිම හේතුවෙන් සඳහටම මොලොවෙන් සමු ගන්නට සිදුවිය. එම දරුවා එම පවුලේ එකම පිරිමි දරුවා බව සඳහන් වුණි. මෙවැනි දෑ ඉතාම ශෝචනිය සිදුවීම්.

මම හිතනවා මේ දේවල් පොලිස් වද හිංසාවේම තවත් පැතිකඩක් කියා. මොකද පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා අරමුණු කර ඇත්තේ නිතිය හා සාමය රැුකිමයි. නමුත.් මෙලෙස පොලිසිය විසින් සිදු කරනු ලබන අපර්ික්ෂාකාරි නොසැලිකිමත් ක‍්‍රියා මෙන්ම විශ්ව විදයාල සිසුවාගේ ඝාතන සිද්ධිය වැනි බරපතල අමානුෂික ක‍්‍රියා පොලිස් වද හිංසාව පිළිබිඹු කරන අවස්ථාවන් සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.


3 පොලිසිය සහ මහජනතාව අතර ඇති අන්තර් සබඳවතාවය ... ?

ඇත්තෙන්ම මනා සබඳතාවයක් පවත්වාගනැමිට නම් පාර්ශවයන් අතර විහ්වාසය පැවතිම ඉතාම වැදගත්. ඕනෑම පුද්ගල සබඳතාවයකදි හෝ ආයතනික වශයෙන් නම් ආයතනික ලෙස හෝ එකිනෙකා කෙරේ පවත්නා විහ්වාසය මත ගොඩනැගෙන සබඳතාවය ස්ථිර ඵලදායි සබඳතාවයක් කෙසේ නමුත් මෙම පොලිසිය හා මහජනතාව අතර, මනා විශ්වාසයක් නොපැවතිම පෙන්නුම් කරන හොඳම උදාහරණය නම් ඉතාම කුඩා සිද්ධියකදි වුවද මහජනයා නීතිය අතට ගෙන ක‍්‍රියාකිරිම දැක්විය හැක. මේ දේවල් සමාජයේ ඇති වන්නේ නිතිය ක‍්‍රියාත්මක කරන ආයතන වන පොලිිසිය හා අධිකරණය කෙරේ මහජනයාගේ පවත්නා කල කිරිම හා විශ්වාසයක් නොපැවතිමයි.

නීතිය ආරක්ෂා කිරිමට සිටින පොලිස් නිළධාරින්ගේ ක‍්‍රියා කලාපයේ පවත්නා ප‍්‍රශ්ණ ගත තත්වයන් නිසා මිනිසුන් පොලිස් නිලධාරින් බහුතරයක් කෙරේ කිසිදු විශ්වාසයක් නැත. මොකද එම නිලධාරින් සමාජයේ සිදු කරන බොහෝ වංචාකාරි, ජාවාරම් සිද්ධීන්ට සම්බන්ධව ක‍්‍රියා කරන බවට ඕනෑ තරම් උදාහරණ ජන මාධ්‍ය තුළින් හෙළිදරව් වෙනවා.

උදාහරණයක් ලෙස මේ මෑතකදි ජන මාධ්‍ය තුළින් හෙළි කරන ලද පරිදි පොලිසියේ ඉහල නිළධාරින් (සහකාර පොලිස් අධිකාරි* ඇතළු තවත් පොලිස් නිළධාරින් 7 දෙනෙකු පොලිසියට අයත් වාහනද අවි ආයුද (ටි 56 * යොදා ගනිමින් රාජකාරි කාලය තුළදිම නිධන් ගන්න ගොස් හසු වු අවස්ථාවක් ගැන සඳහන් විය. මෙවුන් මෙලෙස පොළොන්නරුව සිරිපුර ප‍්‍රදේශයේ රජමහා විහාරයක නිධන් ගැනිමට ගොස් හසු වී ඇති අතර වැඩිපුර පරික්ෂණ සිදු කිරිමේදි හෙළි වී ඇත්තේ එම සහකාර පොලිස් අධිකාරිවරයා ඊට පෙරද මෙවැනි වරදවල් වලට චෝදනා ලැබු පුද්ගයෙකු බවත් තවත් චෝදනාවන් ගණනාවක්ම ඔහුට එරෙහිව එල්ල වී ඇති පුද්ගලයෙකු බවත්ය. මෙහිදි පැන නැගෙන ප‍්‍රශ්ණය නම් එම චෝදනා එනම් නිධන් ගැනිමට උත්සාහ කිරිම, වෙඩි තැබීමක් හා වෛද්‍යවරයෙකුට පහර දිම යනාදි බරපතල චෝදනා එල්ල වු පුද්ගලයෙකු මෙලෙස උසස්වීම් ලබමින් තවමත් රාජකාරි කරමින් නිදැල්ලේ ඉන්නේ කෙසේද යන්න. ඉතින් මෙවැනි නිලධාරින් සිටින ආයතනයක් කෙරේ මහජනයාගේ විශ්වාසියක් පවතිද ? ඒ අනුව පොලිසිය කෙරේ මහජනයා දැඩි කළකිරිමකින් හා පිළිකුලකින් ඉන්නේ. එවන් පසුබිමක පොලිසිය හා මහජනයා අතර කිනම් අන්තර් සබඳතාවයක්්ද?

4 ඔබට ප‍්‍රශ්නයක් පවතිනවා නම් පොලිසියේ සහනය ලබා ගන්නවාද ?

ඇත්තෙන්ම පාඩුවක් උදාහරණයක් ලෙස පාඩුව විද දරා ගැනිමට හැකි දෙයක් නම් එය විද දරා ගෙන ඉන්නවා විනා පොලිිසියට යෑමට හිතෙන්නේ නෑ . මොකද පොලිසිය තුළදි පොලිස් නිළධාරින් හැසිරෙන ආකාරය ඔවුන්ගේ කතා විලාශය සැබැවින්ම අප‍්‍රසන්නයි. බොහේ නිලධාරින් හිතන්නේ පොලිසිය කියන්නේ ඔවුන්ගේම පෞද්ගලික බුදලයක් කියලා. ඒක රටේ තියෙන තවත් එක් මහජන සේවය සඳහා පිහිටුවා ඇති ආයතනයක් කියලා ඔවුන් හිතන්නේ නෑ. ඒ නිසා ඔවුන් නිල බලය යොදා ගනිමින් අසරණ අහිංසක පුද්ගලයන් තලා පෙලීම සැබැවින්ම කණගාටුව විය යුතු කරුණක්. පොලිසිය, අධිකරණය හා රෝහල කියන ආයතන 03 ම මහජනයාට කරදයක්, පීඩාවක්, දුකක් වු විට පිහිටක් ලබා ගන්නට යන ආයතන 03 ක් නමුත් එම ආයතන 03 හිම සිටින නිළධාරින්ගේ ක‍්‍රියා කලාපය සැබැවින්ම හරිම කණගාටුදායකයි. අසරන වු පුද්ගලයා තවත් අසරණ කරනවා විනා මෙම ආයතනය තුළින් පිහිටක් සරණක් ලබා ගැනිමට හැකිවෙතැයි සිතිමත් සිහිනයක් වාගේ.

පොලිසියට පැමිණිල්ලක් දැමිමට යන පුද්ගලයෙකුට පොලිසියේ ගේට්ටුව මුරකරන නිළධාරියාගේ සිට පැමිණිල්ල සටහන් කරන නිලධාරියා දක්වාම විවිධ ආකාරයේ පීඩාවන්ට ලක් වීමට සිදුවෙනවා. රෝහලකදි විශේෂයෙන් සුළු සේවකයින්ගේ විදිමට සිදුවන හිරිහැර බැණ වැදිම් තර්ජන කිරීම් ගැන කථා කරලා වැඩක් නැහැ. රෝහලකට නිරෝගි පුද්ගලයන් යන්නේ නැහැනේ. එහෙම ගියත් යන්නේ රෝගියෙකුගේම ආධාරයට. ලෙඩක් කියලාවත් හිතලා අනුකම්පා කරන අවස්ථා ඉතා අඩුයි. ඒ වාගේම තමයි උසාවියත් මේ දේවල් අනිවාර්්‍යයෙන්ම වෙනස් විය යුතුයි. මෙලෙස මහජනතාවගේ සුභ සිද්ධියට යහපතට උපකාර කිරිමට පිහිටුවා ඇති මෙම ආයතන වල සේවය කරන නිළධාරින් ඒ බව තේරුම් නොගැනිම නිසා ඉන් අසරණ අහිංසක මහජනතාවට විශාල පාඩුවක් සිදුවනවා. මොකද ඔනුන්ට වන කරදරයකදි ඔවුන්ට පිහිටක් ලබා ගන්ට ආයතන තිබුණාට ඒවාට ගොස් සහනයක් ගැනිමට ඔවුන් බියක් හා ලැජ්ජාවක් දක්වනවා මෙම නිළධාරින්ගේ පහත් හැසිරිම් නිසා. එබැවින් මෙවැනි දේ කෙසේ හෝ ඉවත් කිරිමට හැකි ඉක්මනින්ම පියවර ගත යුතුයි.

5 ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනතක් පවතිනවාද ,ඒ පිළිබඳ අදහස් ?

මෙවැනි පනතක් ගැන ජන මාධ්‍ය තුළින් තොරතුරු දැනගැනිමට ලැබිලා තිබෙනවා. සැබැවින්ම එය සමාජ අවශ්‍යතාවයක් වෙලා තියෙනවා කියලා කියන්ට පුළුවන්. මොකද අද අප සමාජයේ විශේෂයෙන්ම කාන්තාවන්ට හා දරුවන්ට වන්නා වු පීඩාවන් වලට මෙම පනත යටතේ සහන ලබා ගැනිමට පුළුවන්. නගරබදව පවත්නා තත්වයට වඩා ගම්බදව ජිවත්වන දරුවන් හා කාන්තාවන් ගෘහස්ථ හිංසනයට ලක්වීම වැඩියි. හොර මත්පැන්, ගංජා වැනි දේ මෙන්ම නුගත්කමත් මිට විශාල වශයෙන් බලපානවා. උදාහරණ ලෙස කියනවා නම්, අප පාසලේ එක් දරුවෙකු ඉන්නවා. ඔහුට අවුරුදු 13 යි. ඒ දරුවා ඉගෙන ගැනිමට එතරම් දක්ෂතාවයක් දක්වන්නේ නැහැ. නමුත් ක‍්‍රීඩාවට ඉතා දක්ෂයි. එම දරුවා ක‍්‍රීඩා තරඟ වලට ඉදිරිපත් කිරිට අවස්ථාවක් නැහැ. මොකද නිවැරදි උප්පැන්න සහතිකයක් නොමැති නිසා. පසුව තොරතුරු සොයා බැලිමේදි හෙලි වුනේ දරුවාගේ පියාගේ දෙවන විවාහක බිරිඳ එනම් කුඩම්මා මෙම දරුවාට දැඩි ලෙස නොසලකන බවත්, ඇගේ බලපෑම මත පියාද දරුවාට නොසලකන බවත් . එසේම දරුවාගේ පියාගේ නම උප්පැන්න සහතිකයට පවා දැමිමට ඉඩ ලබා නොදෙන බවයි. කුඩම්මාගේ හා පියා අතර පවතින ආරවුල් නිස මේ අහිංසක දරුවාට වන්දි ගෙවීමට සිදුවී තිබෙනවා.

මෙවැනි අවස්ථා නිසා මෙවැනි නීති තත්වයක් පැවතිම සැබැවින්ම ඉතා පලදායකයි. නමුත් අවාසනාවකට එම නිති තත්වයන් හා එම නිතින් හි පිහිට ලබා ගන්නා ආකාරයත් පිළිබඳව සාමාන්‍ය අහිසංක මහජනතාවට දැනිමක් අවබෝධයක් නැතිකමින් ඔවුන් තවදුටත් එම පීඩාවන්ගෙන් පීඩා විදිනවා.

එබැවින් මෙවැනි නිති තත්වයන් පැවතියද එවැනි දෑ ගැන විශේෂයෙන්ම සාමාන්‍ය අහිංසක ගම්බඳ ජනතාව දැනුවත් කිරිම කාලින අවශ්‍යතාවයක් වී පවතිනවා. එසේ නොමැති වුවහොත් මෙම නීතින්හි සැබෑ ඵල ප‍්‍රයෝජන ඔවුන්ට ලබා ගැනිමට හැකියාවක් නැහැ.

Tell a Friend