හැඳින්වීම
01. ගරු කතානායකතුමනි, ඔබ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මූලාසනය හොබවමින් මෙම සභාව මෙහෙයවන මේ අවස්ථාවේ මට මැවී පෙනෙන්නේ ඔබ අසුනේ වරක් නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් සිටි දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මගේ පියතුමාගේ ප‍්‍රතිරූපයයි. ඊට වසර කිහිපයකට පෙර, අපගේ සංස්කෘතිය, සාරධර්ම හා අනන්‍යතාවය රැක ගෙන ශ්‍රී‍්‍ර ලංකාව ආසියාවේ සැබෑ නිදහස් හා සමෘද්ධිමත් රටක් කිරීම උදෙසා නායකත්වය දීමට දිවංගත එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා සමඟ, මගේ පියා සහ තවත් පිරිසක් විරුද්ධ පක්ෂයට එක් වූ ආකාරයත් මට සිහිපත් වෙනවා. ඒ මෙහෙවර සම්පූර්ණයෙන් නිම වුනේ නැහැ.
02. වසර 26 ක් පුරා මේ රටේ පැවති ගැටුම්කාරී තත්ත්වය මුළුමනින්ම අවසන් කරමින් 2006 සිට දිවයිනපුරා මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් ආරම්භ කිරීනේ පසු මගේ නිල කාලය නිමවීමටත් පෙර මා අළුත් ජනවරමක් ඉල්ලා සිටියා. 2010 ජනාධිපතිවරණයේ දී මම මහින්ද චින්තන-ඉදිරි දැක්ම ඉදිරිපත් කළා. පළමු ධූර කාලයේ දී අපේ මහජනතාව ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි සාමය උදා කර දුන් අතර ඉදිරියේ දී ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු මල්එල ගැන්වීමට මා දැඩි ලෙස කැප වී සිටින බවට සහතික වුණා. වැඩි ජන්ද දහඅට ලක්ෂ අසුහතර දහසකින් මා නැවතත් ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගනු ලැබුවා. එය, මා විසින් 2005 ජනාධිපතිවරණයේ දී ලබා ගත් වැඩි ජන්ද එක්ලක්ෂ අසුදහස් හත්සිය අසුහයක් වූ ජන්ද ප‍්‍රමාණයට වඩා ප‍්‍රබල ජනවරමක්. ඉන් පසුව පවත්වනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද මාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සනධානයට පාර්ලිමේන්තුවේ 225 ක් වූ මුළු ආසන සංඛ්‍යාවෙන්, ආසන 144 ක් ජයග‍්‍රහණය කරනු ලැබුවා. අද මේ පාර්ලිමේන්තුවේ 2/3 කට වැඩි බහුතරයක් අප රජය සතු වෙනවා.
03. ගරු කතානායකතුමනි, මේ ආදරŒය මව්බිම දීප්තිමත් අනාගතයක් කරා ගෙන යාමට මහජනතාව අප කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිඛෙනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ හොඳ ජිවන තත්ත්වයක්, පිරිසිදු පරිසරයක් සහ ඔවුන්ගේ දුවා දරුවන්ට දීප්තිමත් අනාගතයක්. ඔවුන්ගේ එම මතු බලාපොරොත්තු ඉටු කිරීම සඳහා මම පැකිලීමකින් තොරව දැඩි ලෙස කැපවෙනවා. 2011 අයවැය ඉදිරිපත් කිරීමට මා අද මෙහි නැගී සිටින්නේ එම අධිෂ්ඨානයෙන් යුතුවයි. ආසියාවේ නැගී එන ආර්ථීකයක් ලෙස දිළිඳුකම සියයට 7.6 කට අඩු කරමින් අපේ රට ඉදිරියට ගෙන යාමට පසුගිය වසර පහ තුළ මුදල් අමාත්‍යවරයා වශයෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වීම පිළිබඳව ද මම නිහතමානීව ආඩම්බර වෙනවා.
පසුබිම
04. ගරු කතානායකතුමනි, මා ජනාධිපතිවරයා වශයෙන් වැඩ භාර ගන්නා විට මේ රට පැවතියේ අස්ථාවර තත්ත්වයකයි. අවම වශයෙන් මට මේ පාර්ලිමේන්තුවේ බහුතරයක්වත් සිටියේ නැහැ. නමුත් අභියෝග වලින් අඩුවක් තිබුණෙත් නැහැ. අපේ මව්බිම පැවතියේ දිගුකාලීන යුද්ධයක හා රට ඛෙදීමට ඔන්න මෙන්න කියා තිඛෙන තැනකයි. ඛෙදුම්වාදීන්ගෙන්, ත‍්‍රස්තවාදීන්ගෙන්, ජාතිවාදීන්ගෙන් සහ විදේශ අතපෙවීම් වලින් ගහන වී තිබුණා. පොදු මතය වුනේ එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ නොහැකි බවයි. ඔවුන් සමඟ ගැටීම පවා බරපතල වරදක් ලෙසයි සමහරු සැලකුවේ. එපමණක් නොව, 2004 අවසානයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් රටම පීඩාවට පත් වී සිටියා. ඒ වගේම අපේ ස්වභාවික පරිසරය, වසර ගණනාවක් තිස්සේ විනාශ වෙමින් පැවතියා. අපේ කැලෑ ප‍්‍රමාණය අඩු වෙමින් තිබුණා. මේවාට අමතරව, මට උරුම වුනේ, එල්.ටී.ටී.ඊ.ත‍්‍රස්තවාදයටත් වඩා වැඩි කාලයක් පැවත එන විශාල අයවැය පරතරයක්. අවම වශයෙන් ත‍්‍රස්තවාදී තර්ජනවලින් රටේ ස්වෛරීභාවය රැකගැනීමට අවශ්‍ය තරම් මුදල්වත් තිබුණේ නෑ. නව ලිබරල්වාදය මුල් බැස තිබුණා. එම නිසා දේශියත්වය පදනම් කර ගත් විසඳුම් සහ දේශීය ශක්තිය හා හැකියාව අවතක්සේරු කරමින් සිටියා. රාජ්‍ය වත්කම් විකුණා
දැමීම, දුප්පත් ජනතාව ඉලක්ක කර ගත් රාජ්‍ය ආයෝජන කපා හැරීම, ආකර්ශŒය බදු සමා ලබාදීම වැනි කටයුතු ප‍්‍රතිපත්තිමය වට්ටෝරු බවට පත් වෙලා තිබුණා. එහි අවසන් ප‍්‍රතිඑලය වුනේ රට පැහැදිලි මාවතක් නොමැතිව ගමන් කිරීමයි.
05. ගරු කතානායකතුමනි, ගරු මන්තී‍්‍රවරුනි, ඒ අමිහිරි කතාව දැන් ඉතිහාසයට එක් වී අවසන්. දැන් යුද්ධය අවසන් වී, අප ඒකිය රටක් ලෙස ස්ථාවර වී තිඛෙනවා. නැවතත් ඛෙදුම්වාදී ත‍්‍රස්තවාදයට මෙහි කිසිදු ඉඩක් නොතිබිය යුතුයි. විනාශ වී ගිය ප‍්‍රදේශ හැකි තරම් ඉක්ම‚න් නැවත ගොඩ නගමින් 2016 වනවිට අපේ මව්බිම ශක්තිමත් මැදි ආදායම් රටක් බවට පත් කිරීමට අපි දැන් ප‍්‍රවේශ වී තිඛෙනවා. මෙම ඉදිරි මාවතට මග පාදනු ලැබූයේ අපේ වීරෝදාර හමුදා විරුවන් හා විරුවරියන් මිලේච්ජ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය විසින් සිර කර ගෙන සිටි ජනතාව මුදවා ගැනීම සඳහා මානුෂීය මෙභෙයුම සාර්ථක ලෙස ඉටු කළ නිසයි. අපගේ බොහෝ වීර සෙබළ සෙබළියන් ජීවිත පරිත්‍යාග කළා. සමහර අය තුවාල ලැබුවා. තවත් සමහර අය ආබාධිත තත්ත්වයට පත් වුණා. ඔවුන්ගේ දිගුකාලීන සුභසාධනය අපේ වගකීමයි. එබැවින් ගරු කතානායකතුමනි, එම අයගේ සහ ඔවුන්ගේ
පවුල්වල ආර්ථීක දුෂ්කරතා විසඳීමට තුන් අවුරුදු වැඩපිළෙි වලක් යටතේ රුපියල් මිලියන 3,000 ක් වෙන් කිරීමට මා මුලින්ම යෝජනා කරනවා. ආරක්ෂක හමුදාවල සෙබල සෙබලියන්ගේ පවුල් පරිසරය ගොඩනැගීම සඳහා සෑම පවුලකටම උපදින තුන්වන දරුවා වෙනුවෙන් රුපියල් 100,000 ක ආධාරයක් දීමට ද මම යෝජනා කරනවා.
සංවර්ධන ප‍්‍රවේශය
06. පසුගිය ආණ්ඩු මෙන් අපි යුද්ධය කරමින් සිටියදී ආර්ථීකය අමතක කළේ නෑ. 2006 ජයග‍්‍රහණයත් සමඟ අප වහාම විශාල සංවර්ධන කි‍්‍රයාදාමයකට යොමු වුණා. විදුලි උත්පාදනයේත්, වරාය සේවාවලත්, ධාරිතාවය අවශ්‍ය ප‍්‍රමාණයට වැඩි කර ගත්තා. සමස්ත ජාතියටම විදුලි බලය ලබා ගැනීමටත්, ජගත් වෙළඳාමට ප‍්‍රවිෂ්ඨ වීමටත් හැකියාව ඇති කළ යුතුයි. දිවයින පුරාම මහාමාර්ග හා පාලම් පද්ධතියක් සඳහා පුළුල් ආයෝජනයක් කරනු ලැබුවා. මොරගහකන්ද, උමා ඔය, දැදුරු ඔය වැනි සුවිශාල වාරිමාර්ග යෝජනා ක‍්‍රම සමඟ තවත් ප‍්‍රධාන වාරි යෝජනා ක‍්‍රම 32 ක කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතිනවා. ඒ වගේම, අපේ ජනතාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීම සහතික කිරීම උදෙසා, ජාතික හා ප‍්‍රජා ජල යෝජනා ක‍්‍රම රාශියකට රාජ්‍ය වියදම් යොමු කර තිඛෙනවා. පාසැල්, විශ්ව විද්‍යාල මෙන්ම රෝහල් පහසුකම් නවීකරණය කිරීම මගින් අධ්‍යාපන හා සෞඛ්‍ය
අංශ වලට අපගේ ආයෝජනවල ප‍්‍රමුඛතාවය දී තිඛෙනවා. අප සියළු දෙනාටම රටේ සිදුවෙමින් පවතින මේ සුවිශාල සංවර්ධනය පෙනෙන්නට තිඛෙනවා.
07. ගරු කතානායකතුමනි, ගම ශක්තිමත් කිරීම, අපගේ සංවර්ධන කි‍්‍රයාවලියේ ප‍්‍රධාන තේමාවයි. මෙම කාර්යභාරය අනුව සෑම ගමකටම විදුලිය, මාර්ග පද්ධතිය, පානීය ජලය, දුරකථන පහසුකම්, වෙළඳපොල සහ නාගරික පහසුකම් ලබාදීම තුළින් ගම දියුණු කිරිම අපේ අරමුණයි. මේ සියළු දේට ප‍්‍රථම බලශක්තියෙන්, ආහාරවලින් සුරක්ෂිත හා බතබුලතින් පිරි හරිත පරිසරයක ජීවත්වීමට සියළු දෙනාටම ඉඩ තිබිය යුතුයි. 2006-2010 කාලපරිච්ජේදය තුළ රුපියල් දශ ලක්ෂ 27,888 ක් යොදවා ගම නැගුම වැඩසටහන මගින් කුඩා ව්‍යාපෘති 72,105 ක් නිම කර තිඛෙනවා. දැනට මේ ව්‍යාපෘති මගින් දශ ලක්ෂ 11.9 ක ජනතාවක් ප‍්‍රතිලාභ ලබනවා. ගම මුල් කර ගත් සංවර්ධන කටයුතු වලට ග‍්‍රාමීය ජනතාවට සුවිශාල දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබී තියෙනවා. ඒ නිසාම ගම නැගුම ව්‍යාපෘතිය යටතේ සෑම ගමක්ම දියුණු කළ හැකි බවට දැඩි විශ්වාසයක් ගොඩනැඟී තිඛෙනවා. ඉදිරි වසර තුන තුළ මෙම සුවිශාල සංවර්ධන කි‍්‍රයාවලියට හසු නොවන කිසිදු ගමක් නැහැ. නීති විරෝධි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් වශයෙන් අප මතට තිත කි‍්‍රයාත්මක කළා. පසුගිය වසර හතර ඇතුළත සිගරට් පානය සියයට 18 කින් අඩු වී තිඛෙනවා. නීති විරෝධි මත්පැන් පරිහරණය පවා අඩු වෙමින් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලය මගින් කරනු ලැබූ සමීක්ෂණයකින් භෙළි වී තියෙනවා.
08. අයවැයට පෙරාතුව දිස්ති‍්‍රක්ක 25 ම ආවරණය වන පරිදි පළාත් සභා මට්ටමින් සමාලෝචන මාලාවක් මා විසින් පවත්වනු ලැබුවා. අප ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට මා කැමතියි. 2006 දී සියයට 15.2 ක්ව පැවති දුප්පත්කම 2010 දී සියයට 7.6 ක් බවට අඩු වී තිඛෙනවා. වඩාත්ම වැදගත් කරුණ වන්නේ ග‍්‍රාමීය දුප්පත්කම සියයට 15.7 සිට 7.7 දක්වා අඩු වී වතුකරයේත් සියයට 32 ක්ව පැවති දුප්පත්කම සියයට 9.2 ක් දක්වා අඩු වීමයි. ඉදිරි වසර පහ තුළ දුප්පත්කම සියයට 5 ක මට්ටමට වඩා අඩු කිරීමට අපගේ උපාය මාර්ග යොමු කරනවා.
09. මේ ප‍්‍රගතිය ලබාගත් ආකාරය පෙන්වා දෙන්නට මම කැමතියි. ග‍්‍රාමීය අංශයේ 2006 දී පැවති විදුලිබල පහසුකම් සියයට 78 සිට 2009 දී 83 දක්වාත් වතු ජනතාවට සියයට 62 සිට 84 දක්වාත් වැඩි කිරීමට අපට හැකි වුණා. සමස්ත රටේම පානීය ජල පහසුකම් සියයට 84 සිට 87 දක්වා වැඩි වනවිට එය වතු ආර්ථීකයේ සියයට 46 සිට 65 දක්වා වැඩි වුණා. 2006 දී නාගරික හා ග‍්‍රාමීය දරුවන් පාසල්වලට සහභාගි වීම සියයට 98 ක් වුවද, එය 2009 දී සියයට සියයක් දක්වා ඉහළ ගියා. එය වතුකරයේ 2006 දී පැවති සියයට 92 ක ප‍්‍රමාණයේ සිට 2009 දී 97 දක්වා ඉහළ ගියා. ගරු කතානායකතුමනි, සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට පෙරමුණ ගන්නා රට බවට ශ්‍රී‍්‍ර ලංකාව පත් කරන බව මම මෙම පාර්ලිමේන්තුවට සහතික වෙනවා.
10. 2005 දී ශ්‍රී‍්‍ර ලංකාවේ සමස්ත රැකියා වියුක්තිය සියයට 7.2 ක් තිබණු ා. එය 2009 දී සියයට 5.8 ක් දක්වා අඩු වුණා. ඒ විතරක් නෙවෙයි අපේ ගොවීන්ගේ හා ශ‍්‍රම බලකායේ ආදායම ඉහළ ගියා. 2005 දී වී කිලෝවක් සඳහා රුපියල් 10 ක්වත් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකි වුණේ නැහැ. අපට එය කිලෝවක් රුපියල් 24 ටත් 28 ටත් අතර අගයක පවත්වා ගැනීමට හැකි වුණා. ඒ වගේම බඩ ඉරිඟ=, ළුෑණු, අර්තාපල්, සෝයා වැනි බෝග නිෂ්පාදකයන්ටද අද ඉහළ මිළක් ලැඛෙනවා. පොහොර කිලෝ
50 ක මල්ලක් රුපියල් 350 කට වී ගොවීන්ට අපි ලබා දෙනවා. ලීටරයකට රුපියල් 18 ක් ලබා ගත් කිරි ගොවීන් දැන් ලීටරයකට රුපියල් 44 ක් පමණ ලබනවා. තේ, රබර් සහ කුළු බඩු වගා කරන කුඩා ඉඩම් හිමියන් ආකර්ෂŒය මිළ ගණන් ලබා ගනිමින් සිටිනවා. කෘෂි කර්මාන්තයේ, නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ හා සේවාවන්හි නියුක්ත දෛනික ආදායම් ලබන අපගේ වැඩකරන ජනතාවගේ දෛනික ඉපයීමත් සියයට සියයකින් 2005-2009 අතර වැඩි වී තිඛෙනවා. ගරු කතානායකතුමනි, යමෙක් ජීවත් වන්නේ ගමේද, නගරයේද, වතුකරයේද යන්න නොසලකා අප රජයේ ආර්ථීක වැඩපිළිවෙල නිසා සැමට එකසේ මෙම ප‍්‍රතිලාභ ලැබී තිඛෙනවා.
11. ගරු කතානායකතුමනි, මුදාගත් ප‍්‍රදේශවලත් අප විසින් අත්පත් කර ගෙන තිඛෙන සංවර්ධනයේ ප‍්‍රගතිය අතිවිශාලයි. 263,000 ක් වන පිරිසක් නැවත පදිංචි කිරීමට රජයට හැකි වුණා. නැවත පදිංචි කරවීම සඳහා ඉතිරිව ඇත්තේ 15,000 ක් පමණයි. ගොවිබිම්, ප‍්‍රසිද්ධ ස්ථාන හා වාසස්ථාන ආශි‍්‍රත විශාල ප‍්‍රදේශයක් බිම් බෝම්බ වලින් තොර ප‍්‍රදේශ බවට පත් කර තිඛෙනවා. විදුලිබලය, වාරිමාර්ග, මාර්ග හා පාලම්, පාසැල් හා සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් පොදු ස්ථාන යථා තත්ත්වයට පත් කරමින් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කර තිඛෙනවා. මෙවැනි සංවර්ධන කටයුතු තුළින් එම ප‍්‍රදේශ ආර්ථීකමය වශයෙන් සම්බන්ධ කිරීම පමණක් නොව අප සමාජයේ බහු වාර්ගික හා බහු සංස්කෘතික සියළු ජනකොටස්වල හදවත් හා සිත්සතන් එකතු කිරීමත් අපේ අරමුණ වෙනවා. උතුරු ප‍්‍රදේශයේ එක්සත් ජනපද ඩොලර් බිලියන දෙකක ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් රජය විසින් දැන් කි‍්‍රයාත්මක කර තිඛෙනවා. එම සුවිශාල ප‍්‍රතිසංස්කරණ
කටයුතු 2012 දී නිමා වේ යැයි අපේක්ෂා කරනවා.
12. සාමය හා සංවර්ධන කටයුතු සඳහා දැඩි කැපවීමකින් මූලිකත්වය ගත් අපේ වීරෝධාර හමුදාවන්ටත්, රාජ්‍ය සේවකයන්ටත් නිසි ගෞරවය දිය යුතුයි. මම විශ්වාස කරනවා රාජ්‍ය අංශයට විශාල කාර්යභාරයක් මේ අවස්ථාවේ දී ඉටු කිරීමට තිඛෙනවා කියා. අපි කවුරුත් දන්නා පරිදි රාජ්‍ය අංශය සීමා කරපු යුගයක් තිබුණා. පසුගිය වසර පහක කාලය තුළ මේ තත්ත්වය අපේ රජය මගින් ආපසු හරවනු ලැබුවා. අපගේ රජය, රාජ්‍ය සේවකයින් මිලියන 1.3 ක් දක්වා වැඩි කළා. රාජ්‍ය සේවයේ සියළු කොටස් වෙත වැටුප් වැඩිවීම් ලබා දුන්නා වගේම ඔවුන්ගේ බොහෝ දුක්ගැනවිලි සඳහා විසඳුම් ලබා දුන්නා. රාජ්‍ය සේවකයින් සඳහා මාසික ජීවන වියදම් දීමනාවක්, සහනදායි පොලියකට නිවාස හා අනෙකුත් ණය ලබාදීම ද සිදු කරනවා. 13. මා විසින් 2006 දී රාජ්‍ය සේවකයින්ට සහන සැලසීම සඳහා දායක සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ආරම්භ කළා. මෙම රක්ෂණ ප‍්‍රතිලාභ විශ‍්‍රාමිකයන්ටත් ලබා දීමට මා යෝජනා කරනවා. ඒ අනුව රජයේ සේවකයින් හා
විශ‍්‍රාමිකයින් වෙනුවෙන් ජාතික රෝහල් හා දිස්ති‍්‍රක්ක රෝහල්වල වෙන් කරන ලද වාට්ටු කිහිපයක්, ජාතික රක්ෂණභාර අරමුදල මඟින් වැඩිදියුණු කොට නඩත්තු කිරීමටත් මා යෝජනා කරනවා. මේ නිසා ඔවුන් ප‍්‍රතිකාර ගන්නා කාලය තුළ සපයනු ලබන බේත් හේත් හා ශල්‍යකර්ම වියදම් මෙම සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමය මඟින් ඍජුවම රෝහල් වෙත අය කර ගත හැකි වෙනවා. එම වැඩිදියුණු කිරීම් සහ අදාළ පහසුකම් නඩත්තු කිරීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල විසින් රුපියල් මිලියන 1,000 ක් වැය කරනු ඇති. ලක්ෂ හතර හමාරක් පමණ වන විශ‍්‍රාමිකයන්ටත්, මිලියන 1.3 ක් වන රාජ්‍ය සේවකයන්ටත් මෙමඟින් සැලකිය යුතු සහනයක් සැලසෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
ඉදිරි ගමන්මඟ
14. ගරු කතානායකතුමනි, ඒකපුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 300 සිට 1,000 දක්වා වැඩි කිරීමට 1977 පටන් 2004 දක්වා අවුරුදු 25 කටත් වැඩි කාලයක් ගියා. බොහෝ බාධක මැද වුණත් පසුගිය වසර පහක කාලය තුළ එය දෙගුණයක් කර ගැනීමට අපට හැකි වුණා. වසර පහකට පෙර පැවති එක්සත් ජනපද ඩොලර් 1,000 ක් පමණ වූ ඒකපුද්ගල ආදායම මේ වසරේ දී එක්සත් ජනපද ඩොලර් 2,375 ක් පමණ වේ යැයි අපේක්ෂා කරනවා. මැදි ආදායම් රටක් බවට පත්වීමට අපගේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති තුළින් එතෙක් පැවති දුර්මත මඟින් ගොඩ නැගුණු ආර්ථීක න්‍යායන් සහ ක‍්‍රමෝපායන් රාශියක් නිවැරදි කර ගැනීමට හැකි වුණා පමණක් නොව සාමාන්‍ය ජනතාව කොටස්කරුවන් වන සහ ඔවුන්ට යහපතක් වන ආකාරයේ සංවර්ධන කි‍්‍රයාවලියක් වෙත යොමුවීමට අපගේ ප‍්‍රතිපත්ති රාමුව සකස් කර ගැනීමට හැකි වුණා. මහජනයාගේ පොදු යහපත සඳහා ගුවන් සේවය, ටෙලිකොම් ආයතනය, රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම වැනි පොදු ව්‍යාපාර
ජනතා අයිතියට නැවත පත් කිරීමට ද අපට හැකි වී තිඛෙනවා.
15. ගරු කතානායකතුමනි, යුද්ධය අවසන් කිරීමත්, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීමත් සමඟ ඉදිරි වසර හයක කාලය තුළ වේගවත් සංවර්ධනයක් ඇති කිරීමට හැකි තත්ත්වයකට අප පත්ව සිටිනවා. උතුරු හා නැගෙනහිර දිස්ති‍්‍රක්ක ත‍්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීම හේතුවෙන් අතිවිශාල භූමි හා මුහුදු ප‍්‍රමාණයක් හිමි වී තිඛෙනවා. අපේ රට සංචාරක කර්මාන්තයට වඩාත්ම සුදුසු ආරක්ෂිත ස්ථානයක් බවට පත්ව තිඛෙනවා. සෞඛ්‍යය හා ජීවත්වීම පිළිබඳ දර්ශකයෙහි මුල් තැනට ද, දේශපාලන සවිබල ගැන්වීමේ දර්ශකයෙහි හයවන තැනටද , ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතා මෙන්ම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ආකර්ශණ දර්ශකයේ ද මුල් රටවල් 20 අතරට අප රට පත්ව තිඛෙනවා. අපගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය කි‍්‍රයාකාරකම් සාමාන්‍ය මට්ටමට වඩා ඉහළයි.
16. පසුගිය වසර 26 ක් පුරාවට මැවී තිබූ තත්ත්වය නැවත කිසිදා මේ භූමිය තුළ ඇති නොවීමට, අපගේ ඉහත කී විශේෂ ශක්තීන් හා හැකියාවන්ද උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගත යුතුව තිඛෙනවා. අපට අද අවශ්‍ය වන්නේ කුමක්ද? රටේ සියළු පළාත්වලට සහ ගම්දනව් වලට මේ සංවර්ධනය සමානාත්මතාවයකින් යුතුව ඛෙදා හැරීමයි. එය දේශපාලන විසඳුමක ද හරය වෙනවා. ලෝක
ආර්ථීකය ද සියයට පහක පමණ වර්ධනයක් සමඟ සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිඛෙනවා. තවත් දිරිමත්වීමට හැකි කරුණක් වන්නේ අපට වාසි සහගත පරිදි ඉන්දියාව, චීනය සහ ආසියානු කලාපයේ අනෙකුත් ප‍්‍රධාන රටවල්වලින් කලාපීය හා ගෝලීය මට්ටමින් සංවර්ධනයට ලබා දෙන පිටිවහලයි. මේ නිසයි ගරු කතානායකතුමනි, මහින්ද චින්තන ඉදිරි දැක්ම මඟින් ශ්‍රී‍්‍ර ලංකාව කි‍්‍රයාශ්‍රීලි ගෝලීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් මතු කර පෙන්වීමට අප කටයුතු කරනු ලැබෙු ව්. අපගේ මීළඟ මහා පිම්ම වන්නේ අපේ රටේ පිහිටීමෙහි උපරිම එල නෙලා ගනිමින්, නාවික, ගුවන්, වා‚ජ, බලශක්ති සහ දැනුමේ කේන්ද්‍රස්ථානයක් ලෙස බටහිර හා නැගෙනහිර යා කරන ප‍්‍රධාන සංධිස්ථානය බවට අප රට පත් කිරීමයි.
17. මහින්ද චින්තන ඉදිරි දැක්ම මඟින් ඒකපුද්ගල ආදායම 2016 දී එක්සත් ජනපද ඩොලර් 4,000 ඉක්මවන රටක් බවට පත් කිරීම අපේක්ෂා කරනවා. ඉහළ ඒකපුද්ගල ආදායමක් ලැබීමෙන් වසර 26 ක් පුරාවට අපට අහිමි වූ අවස්ථා රාශියක් උදා කර ගැනීමට හැකි වේවි. එමඟින් අද ජීවත්වන සියළු දෙනාටත් අනාගත පරම්පරාවටත් ඉතා හොඳ ජීවන තත්ත්වයක් ඇති වේවි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ත් 21 ත් අතර දැනට පවතින දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන ප‍්‍රමාණය ඊළඟ වසර හය තුළ සියයට 26 ත් 28 ත් අතර ප‍්‍රමාණයකට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා. ඒ අනුව, අප රටේ පෞද්ගලික ආයෝජන හා දැනට සියයට 6 සිට 7 අතර පවතින රාජ්‍ය ආයෝජන යන දෙකේම සමස්ත ආයෝජනය සියයට 25 ත් 27 ත් අතර සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 32 ත් 35 ත් අතර මට්ටමකට ගෙන ඒමට හැකි වෙනවා. මෙම ආයෝජන මට්ටම නිසා මැදිකාලීනව ආර්ථීක වර්ධනය සියයට අටකට වැඩි මට්ටමකටත් ඉන් ඔබ්බට සියයට දහය දක්වාත් වර්ධනය වීමට ඉවහල් වෙනවා.
එකතු කළ අගය සහිත ආර්ථීකයකට බදු ව්‍යුහය
18. ගරු කතානායකතුමනි, මෙම සමස්ත දර්ශනය යථාර්තයක් කර ගැනීමට හේතු වන පරිදි පවතින බදුකරණ කි‍්‍රයාවලිය පූර්ණ සංශෝධනයකට ලක් කිරීමට මා අදහස් කරනවා. මේ සඳහා ජනාධිපති බදුකරණ කොමිසම මඟින් වටිනා අදහස් රාශියක් ඉදිරිපත් කර තිඛෙනවා. දැනට පවතින බදු ක්‍රමය, ඉතා සංකීර්ණ, ඉතා ඉහළ බදු අනුපාත ඇති සහ ඉතා පටු බදු පදනමක පවතින බව අපි කවුරුත් පිළිගන්නවා. එබැවින්, පුළුල් බදු ප‍්‍රතිසංස්කරණ සිදුවිය යුතු යැයි මා යෝජනා කරනවා. මුලින්ම ආනයන අපනයන වෙළඳාම ගැන මම සඳහන් කරනවා. 2009 දී අපගේ සමස්ත ආනයන සහ අපනයන භාණ්ඩ හා සේවා ප‍්‍රමාණයෙහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 21 ක්. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50 ක්. අපගේ ආර්ථීක වර්ධනයට ආනයන අපනයන ආර්ථීකය උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත්. ශ්‍රී‍්‍ර ලාංකීය අනන්‍යතාවය ඇති කිරිමටත් අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම හා වෙළඳපොළ තව තවත් පුළුල් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප‍්‍රගතියක් ලබා තිඛෙනවා. එභෙත්, අපේ ප‍්‍රධාන අපනයන වන තේ, නිමි ඇඳුම්, සම් භාණ්ඩ, රබර්, මැ‚ක් හා
ස්වර්ණාභරණ නිෂ්පාදන හා තවත් බොහෝ වටිනා වෙළඳ ද්‍රව්‍යයන් මෙන්ම බොහෝ අමුද්‍රව්‍යයන් ප‍්‍රමාණවත් අගය එකතු කිරීමකින් තොරව අපනයනය කරනවා. ඒ වගේම වෙළඳ නාම තුළින් හා හොඳ අළෙවිකරණ පරිශ‍්‍රමයන් මඟින් අපගේ නිමි භාණ්ඩ අළෙවිය ප‍්‍රවර්ධනය කළ හැකියි. එකතු කළ අගය මඟින් හා වෙළඳ නාම මඟින් අපනයන හැකියාව මැදිකාලීන වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන පහක් ඉක්මවන තත්ත්වයකට පත් කළ හැකියි. ඖෂධ නිෂ්පාදන, තිරිඟ= පිටි, ධාන්‍ය ආහාර හා බලශක්ති මූලයන් සඳහා අප තවමත් දැඩි ලෙස ආනයනය කෙරෙහි රැඳී පවතිනවා. මේ අංශවල ආනයන ආදේශන නිෂ්පාදන හැකියාව එක්සත් ජනපද ඩොලර් බිලියන දෙකකට වැඩියි.
19. මේ දශකයේ අපගේ නිෂ්පාදන කි‍්‍රයාවලියේ ඉලක්කය විය යුත්තේ අපනයන පුළුල් කිරීමටත්, ආනයන ආදේශන කිරීමටත් කටයුතු කිරීමයි. ජාත්‍යන්තර වෙළඳ උපාය මාර්ගයේ අරමුණ විය යුත්තේ වෙළඳ හිඟය ක‍්‍රමානුකූලව අඩු කර ගැනීමයි. ඒ සඳහා අපගේ අපනයන හා ආනයන කටයුතුවලදී වඩා එලදායි බවත්, තරඟකාරී බවත් අවශ්‍යයි. මේ වෙනුවෙන් මා යෝජනා කිහිපයක් කරනවා. පළමුව අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීම සඳහා සියළු අමුද්‍රව්‍ය හා අර්ධ නිමි භාණ්ඩ අපනයනය සඳහා සෙස් බදු පැනවීමට මා යෝජනා කරනවා. එම සෙස් බද්දෙන් නිදහස් වන්නේ නිමි භාණ්ඩ අපනයන පමණයි. දෙවනුව අපේ කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනවලට අවතීර්ණවීමට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණය ලබා ගත හැකි වන සේ ආනයනය කරනු ලබන යන්ත්‍රෝපකරණ හා අමුද්‍රව්‍ය සඳහා තීරු බදු හා අනෙකුත් බදු අඩු කිරීමට ද මා යෝජනා කරනවා. තුන්වෙනුව ශ්‍රී‍්‍ර ලංකාවේ පේටන්ට් බලපත‍්‍ර ලබාගත්, සියයට 65 කට වඩා දේශ්‍රීය අගය එකතු කිරීම් සහිත ශ්‍රී‍්‍ර ලංකා වෙළඳ නාම යටතේ වන අපනයන කර්මාන්ත සඳහා සියයට 15 සිට සියයට 10 දක්වා අඩු අනුපාතයක ආදායම් බද්දක් අය කිරීමට මා යෝජනා කරනවා. හතරවෙනුව සාමාන්‍ය අපනයන දිරිමත් කිරීම සඳහා සියළු අපනයන සමාගම්වල ආදායම් බදු සියයට 15 සිට සියයට 12 දක්වා අඩු කරනවා. පස්වෙනුව දේශ්‍රීය නිෂ්පාදන ව්‍යාපාරවල නිෂ්පාදන වැඩි කිරිම දිරිමත් කිරීමට ලාභ මත අය කරන ආදායම් බදු ප‍්‍රමාණය සියයට 35 සිට සියයට 28 දක්වා අඩු කිරිමට ද යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, බදුකරණයේ මෙම දැඩි ප‍්‍රතිසංස්කරණ සහ බදු අඩු කිරීම් තුළින් අපගේ අපනයන ආනයන ආර්ථීකය දිරිමත් වී එහි දායකත්වය දළ දේශ්‍රීය නිෂ්පාදිතයෙන් සියයට 50 සිට සියයට 60 දක්වා මේ දශකය තුළ වැඩි වේ යැයි මා විශ්වාස කරනවා.
20. ගරු කතානායකතුමනි, ශ්‍රී‍්‍ර ලංකාවට සංචාරක ව්‍යාපාරය තුළින් ආදායම් හා රැකියා උත්පාදනය පිළිබඳව අතිවිශාල බලාපොරොත්තු තැබිය හැකියි. සංචාරක ව්‍යාපාරය ඩොලර් බිලියනයක් ඉක්මවන ව්‍යාපාරයක් විය යුතුයි. මේ වසරේ සංචාරකයින්ගේ පැමිŒම ලක්ෂ හයක් පමණ වේ යයි බලාපොරොත්තු වුවත් එමඟින් උපයන ආදායම වර්ධනය වන්නේ තරමක් සෙමිනි. බොහෝ විට ඊට හේතුව සමස්තයක් වශයෙන් සංචාරක ව්‍යාපාර අඩු මිළ ගණන් පවත්වා ගෙන යාමයි. හෝටල්වල වටිනාකම අනුව ගාස්තු අය කිරීමට පෙළඹවීමක් වශයෙන් ඇඳකට ඩොලර් 125 කට වඩා අඩු මිලක් අය කරන සියළුම තරු පහේ හෝටල් වලින් 2011 ජනවාරි මස සිට ඇඳකට ඩොලර් 20 ක් වූ බද්දක් අය කිරීමට මා යෝජනා කරනවා.
21. 2016 වනවිට වැඩියෙන් වියදම් කරන සංචාරකයින් මිලියන 2.5 ක් සඳහා පහසුකම් සැලසීමට සූදානම් විය යුතුයි. අපගේ වත්පොහොසත්කම් සහ විවිධත්වය සංචාරකයින් දැකගත යුතුයි. ඉදිරි අවුරුදු කිහිපය තුළ මේ කර්මාන්තයේ දැනට පවතින කාමර 15,000 ක ප‍්‍රමාණය තුන්ගුණයක් විය යුතුයි. අපගේ රට මැදි ආදායම් ලබන රටක් වශයෙන් නැගී එන නිසා දේශ්‍රීය සංචාරකයන්ගේ වර්ධනයක් ද අපේක්ෂා කරනවා. එබැවින් මේ සඳහා කරන ආයෝජන කි‍්‍රයාවලියේ දී ඉහත දැක් වූ කාරණා සැලකිල්ලට ගෙන අපගේ ඉදිකිරීම් සමාගම්, ගෘහ නිර්මාණ ශිල්පීන් මෙන්ම අනෙකුත් වෘත්තිකයන් ද එකට සම්බන්ධ කළ යුතුයි. ඒ වගේම අපගේ සියළු තානායම්, රජයේ සංචාරක බංගලා ආදිය දේශ්‍රීය සංචාරකයන් වෙනුවෙන් නවීකරණය කිරීමට ද මා යෝජනා කරනවා. දේශ්‍රීය ආර්ථීකයේ කෘෂිකර්මාන්ත හා කර්මාන්ත සඳහා ප‍්‍රතිලාභ අත් වෙන ආකාරයට සංචාරක කර්මාන්තයේ උපාය මාර්ග පුළුල් කළ යුතු වෙනවා. ඒ නිසා සංචාරක සහ ඊට අදාළ ව්‍යාපාර කටයුතුවල ආදායමින් අය කරනු ලබන බදු සියයට 15 සිට 12 දක්වා අඩු කිරීමටත් මා යෝජනා කරනවා. ඒ වගේම මගී ප‍්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහනවල තීරු බදු හා බදු සියයට 25 කින් අඩු කිරීමට ද මා යෝජනා කරනවා. පරිසර හිතකාමී සංචාරක කටයුතු දිරිගැන්වීම සඳහා ගෙන්වනු ලබන විද්‍යුත් හා විද්‍යුත් ඉන්ධන වාහන නිෂ්පාදන බදු හා වැට් බදු වලින් නිදහස් කරනවා. අප රට තුළින් සපයා ගත නොහැකි නවීකරණය හා පුළුල් කිරිම සඳහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ සඳහා වැට් බදු හා රේගු බදු ද අඩු කිරීමට මා යෝජනා කරනවා. සංචාරකයින් හා දේශ්‍රීය පාරිභෝගිකයන් සඳහා සාප්පු සවාරි ජනපි‍්‍රය කරවීම පි‚ස දැනටමත් මා නමගිය වෙළඳ භාණ්ඩවල
ඉහළ බඩු අඩු කර තියෙනවා.
22. ගරු කතානායකතුමනි, අපේ සංවර්ධන ව්‍යායාමයට, අපේ බැංකු හා මූල්‍ය ආයතන වලින් ලැඛෙන දායකත්වය වැඩි කළ යුතුයි. අඩු පොලී මට්ටම් පවත්වා ගැනීම සඳහා කරනු ලබන වෑයම දිගටම පවත්වා ගත යුතුයි. ජනතාව බැංකු හා මූල්‍යායතන වලට සමීප වීමට දිරිගැන්විය යුතුයි. ඒ නිසා ගණුදෙනුකරුවන් බැංකු වලින් මුදල් ආපසු ලබා ගැනීමේ දී අය කරන හර බදු ඉවත් කිරිමට මා යෝජනා කරනවා. ඒ නිසා කිසිම බද්දක් මුදල් ආපසු ගැනීමේ දී ජනතාව ගෙවිය යුතු නැහැ. එසේම මූල්‍ය සේවා මත සපයා ඇති සියයට 20 ක් වූ වැට් බද්ද සියයට 12 දක්වා අඩු කිරීමට මම යෝජනා කරනවා. තවදුරටත් බැංකු හා මූල්‍ය ආයතනවල ලාභ මත අය කරන සියයට 35 ක් වූ බද්ද සියයට 28 දක්වා අඩු කිරීමටත් මා යෝජනා කරනවා. මෙය විදේශ්‍රීය සහ දේශීය බැංකු කටයුතු මෙන්ම අනෙකුත් මූල්‍ය, කල්බදු රක්ෂණ යන ව්‍යාපාරයන්ට ද වෙනත් විශේෂිත බැංකු සහ මූල්‍ය
සේවා වලට ද එකසේ අදාළ වෙනවා.
23. ඉහත යෝජනා මගින් එකතු වන බදු මුදල් ඉතුරුම් ප‍්‍රමාණය වඩාත් එලදායි ආකාරයට අපේ ආර්ථීකයට යොදා ගැනීම පි‚ස සෑම බැංකු හා මූල්‍ය ආයතනයක් මත ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ ආයෝජන අරමුදල් ගිණුම් ලියාපදිංචි කළ යුතු බව මා යෝජනා කරනවා. බැංකු විසින් මෙම අරමුදලින් අඩු පොලී අනුපාත සහ දිගු කාලීන ණය ලබාදීමට යොමු කරවන විශේෂ රෙගුලාසි, ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව හා දේශ්‍රීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනවා. එසේම නැගී එන ආර්ථීකයක් වශයෙන් සහ ශ්‍රී‍්‍ර ලංකාව කලාපීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වශයෙන් තවදුරටත් දියුණු කිරීම පි‚ස බැංකු සහ මූල්‍ය සේවා පිළිබඳ අධ්‍යයනය කර අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ද මා යෝජනා කරනවා.
24. ගරු කතානායකතුමනි, වෙළඳ පොල ප‍්‍රාග්ධනීකරණය රුපියල් ටි‍්‍රලියන 2 සිට 3 දක්වා වැඩි කිරීම සඳහා නව සමාගම් ලැයිස්තුගත කිරීම සහ ණයකර දිරිමත් කිරීමත් අවශ්‍ය වෙනවා. මෙම කටයුතුවලට අදාළ වන පිරිවැය, එම වටිනාකමින් සියයට එකකට යටත්ව ආදායම් බදු සඳහා අඩු කළ හැකි වියදම් වශයෙන් පිළිගැනීමට මා යෝජනා කරනවා. අප රටේ ප‍්‍රාග්ධනලාභ බද්දක් නොමැති බැවින් කොටස් හුවමාරුව මත පවතින සියයට දශම දෙකක් වන කොටස් හුවමාරු කිරීමේ බද්ද සියයට දශම තුන දක්වා වැඩි කිරීමට ද මා යෝජනා කරනවා. සමූහ ණය සුරැකුම් පත් සඳහා වන රැඳවුම් බද්ද රජයේ සුරැකුම් බද්ද අදාළ පරිදි කි‍්‍රයාත්මක කරනවා. රක්ෂණ කටයුතුවල පිරිවැය අඩු කිරීම සඳහා ප‍්‍රතිරක්ෂණ කොමිස්, රක්ෂණ හා ප‍්‍රතිරක්ෂණ ප‍්‍රතිලාභ හිමිකම් මත අය කරන වැට් බදු අත්හැරීමට ද මා යෝජනා කරනවා. ඒකක භාරවලට ඉතුරුම් රැස් කර ගැනීම වර්ධනය කර
ගැනීම පි‚ස ඒවා ආර්ථීක සේවා ගාස්තු වලින් නිදහස් කිරීමට ද මා යෝජනා කරනවා. ඒකක භාරවලට විදේශිකයන් සහ විදේශ අරමුදල් ආයෝජනය කිරීම සඳහා පවතින විනිමය පාලන සීමා ඉවත් කරනු ලබනවා. තවද ලැයිස්තුගත ණයකරවල සහ කොටස් ප‍්‍රාග්ධනවල ආයෝජන වලින් ඒකක භාර උපයනු ලබන ආදායම් ද ආදායම් බද්දෙන් නිදහස් කිරිමට මා යෝජනා කරනවා.
25. තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර කි‍්‍රයාවලියෙහි විවිධ අංශ සඳහා අවශ්‍ය සේවය බාහිර පාර්ශ්වයන්ට ලබාදීම අතින් ශ්‍රී‍්‍ර ලංකාව ලෝකයේ ප‍්‍රධාන ස්ථානයකට පත්වෙමින් තිඛෙනවා. එම ව්‍යාපාරය හයවන විශාලතම අපනයන ක්ෂේත‍්‍රය බවට පත්වෙමින් තිඛෙනවා. බාහිර ව්‍යාපාර සේවා සඳහා ආකර්ශණය ඇති නැගී එන රටවල් 50 අතර හත්වන ස්ථානයට ශ්‍රී‍්‍ර ලංකාව ශේ‚ගත වී තිඛෙනවා. ජනතාවට හා ව්‍යාපාරවලට තව තවත් විද්‍යුත් පාලන ක‍්‍රම පිළිවෙලින් සැදි පැහැදි සිටිනවා. 2016 වනවිට තොරතුරු හා සන්නිවේදන සාක්ෂරතාවය සියයට 75 දක්වා වැඩි කිරීමට විවිධ වැඩසටහන් රජය කි‍්‍රයාත්මක කර තිඛෙනවා. නැණසල, විදාතා මධ්‍යස්ථාන, පාසල්වල පරිගණක මධ්‍යස්ථාන සම්බන්ධ කරමින් පුළුල් වූ අන්තර්ජාලයක් සකස් කර තිඛෙනවා.
තවදුරටත් තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපනය ජනපි‍්‍රය කිරීම සඳහා විශ්ව විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතන ජවසම්පන්න කර තිඛෙනවා. විශ්ව විද්‍යාල නගරවලට සම්බන්ධ කරමින් දැනුමේ නගර සෑම පළාතකම පිහිටුවීමට මා යෝජනා කරනවා. එසේම දැනටමත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සහ බාහිර අංශයට ව්‍යාපාර සේව ලබාදීම වෙනුවෙන් සලසා ඇති බදු දිරිමත් කිරීම් තවත් වැඩි කිරීමටත් යෝජනා කරනවා. තවදුරටත්, පරිගණක මෘදුකාංග සඳහා අය කරන වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරිමටත් මා යෝජනා කරනවා. 2016 වනවිට මේ කර්මාන්තය රුපියල් බිලියන දෙකක අපනයන කටයුතු කරන තත්ත්වයට පත් කිරීම අපගේ අරමුණයි.
26. ගරු කතානායකතුමනි, විදුලි සංදේශන කර්මාන්තය නූතන ආර්ථීකයන්හි කොදු නාරටියයි. මෙම ක්ෂේත‍්‍රයට අදාළව පවතින්නේ සංකීර්ණ බදු ව්‍යුහයක්. එබැවින් ඒ සියළු බදු එකතු කොට සියයට 20 ක එක් විදුලි සංදේශන බද්දක් පැනවීමට යෝජනා කරනවා. විදුලි සංදේශන නියාමන කොමිසම විසින් විදුලි සංදේශය සඳහා පනවා ඇති බලපත‍්‍ර ගාස්තුව හා සෙස් ගාස්තුව වෙනුවට දළ ආදායම මත සියයට දෙකක බලපත් ගාස්තුවක් මා යෝජනා කරනවා. මෙම කර්මාන්තය ඉහළ තාක්ෂ‚ක යන්ත‍්‍ර සූත‍්‍ර හා උපකරණ මත යැපෙන කර්මාන්තයක් වන බැවින් ඒවා ආනයනය කරන අවස්ථාවේදී ගෙවීමට සිදුවන තීරු බදු හා වැට් බදු වලින් නිදහස් කිරිමටත් යෝජනා කරනවා. ඒ වගේම ලබා ගන්නා සියළු ජාත්‍යන්තර ඇමතුම් සඳහා විනාඩියකට රුපියල් දෙක බැගින් බද්දක් පැනවීමටත් මා යෝජනා කරනවා. එසේම පාරිභෝගිකයාගේ යහපත සඳහා දේශ්‍රීය ඇමතුම් සඳහා වන අවම මිල විනාඩියකට රුපියල් 2 සිට රුපියල් 1.50 දක්වා 2011 ජූලි මස සිට අඩු කිරීමටත් යෝජනා කරනවා.
තවද පුළුල් පරාසයක තරංග ආයාම භාවිතය ප‍්‍රචලිත කිරීම සඳහා එහි පිරිවැය නිසි
පාලනයකට පත් කරන ලෙසත් මා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් ඉල්ලා සිටිනවා.
27. මැ‚ක් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණුවට පසුගිය වසර පහ තුළ හඳුන්වා දුන් විවිධ දිරිගැන්වීම් එලදායක වී තිඛෙනවා. මෙම ක්ෂේත‍්‍රයේ 2005 දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 200 ක් වූ ඉපැයීම්, මේ වනවිට එක්සත් ජනපද ඩොලර් 400 ක් පමණ දක්වා වැඩි වී තිඛෙනවා. 2015 වනවිට එම කර්මාන්තයේ විදේශ ඉපැයිම් දෙගුණයක් කිරීමේ හැකියාව තිඛෙනවා. තවදුරටත් ඒ සඳහා දිරිගැන්වීම් ලබාදීමට සකස් නොකළ මැ‚ක් ගල් ආනයනයට පුද්ගලයෙකුට ලබා දී ඇති එක්සත් ජනපද ඩොලර් 10,000 ක ප‍්‍රමාණය 50,000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කරනවා. ඒ වගේම කපා ඔපමට්ටම් කර අගය එකතු කිරිම පි‚ස මැ‚ක් ආනයනයේ දී පවතින කි‍්‍රයාදාමය ශ්‍රී‍්‍ර ලංකා රේගුව, විනිමය පාලන දෙපාර්තමේන්තුව සහ ආනයන අපනයන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සරල කිරිමට කටයුතු කරනවා. එසේම කර්මාන්තය තුළ පවතින වියදම් අඩු කිරීම
සඳහා ඔප නොදැමු මැ‚ක් ගල් ආනයනයේ දී අය කරන සියළු ආකාරයේ බදු ඉවත් කිරීමට ද මා යෝජනා කරනවා. භූ සම්පත් හා පතල් කැŒම් කාර්යාංශය මගින් රටේ පවතින මැ‚ක් සම්පත් තක්සේරු කර මැ‚ක් සම්පත් කැනීම පිළිබඳව දිගු කාලීන උපාය මාර්ගික වැඩසටහනක් සකස් කරනු ලබනවා.
28. ශ්‍රී‍්‍ර ලංකාවේ අපනයන කර්මාන්තයට නාවික සේවාවන්වල පවතින තරඟකාරී විරෝධි කි‍්‍රයාවන් තද පහරක් වී තිඛෙනවා. එහි ප‍්‍රතිඑලයක් හැටියට අපනයනකරුවන් නැව් සේවාවන්වල නොයෙකුත් ආකාරයේ ගාස්තු වලට යටත් වී තිඛෙනවා. නැවට පටවන තෙක් පදනම යටතේ නැව්ගත කරන
අපනයනකරුවන්ගෙන් කරන මෙම අය කිරීම් වලට ජාත්‍යන්තර නාවික නීතිය යටතේ කිසිම ඉඩක් නැහැ. මේ ගාස්තු රැස් කිරීමේ කි‍්‍රයාවලිය තරඟකාරි විරෝධි තත්ත්වයක් පමණක් නොව එමඟින් විදේශ විනිමය රටින් ගලා යාමත්, බදු පැහැර හැරීමත් සිදුවෙනවා. මේ ගාස්තු දේශ්‍රීය වශයෙන් සිදු කරන ආනයන වලටද අය කරනවා. මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කටයුතු කේන්ද්‍ර කර ගත් ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථීකය අවාසි තත්ත්වයකට පත්ව තිඛෙනවා. නාවික හා වෙළඳ කටයුතුවල මෙම ප‍්‍රතිවිරුද්ධ තත්ත්වයන් පාලනය කිරීමට අවශ්‍ය නීතිරීති 2011 මුල් දින 100 තුළ හඳුන්වා දීමට මම යෝජනා කරනවා.
29. ජාත්‍යන්තර වෙළඳ නාම යටතේ ප‍්‍රමිතියෙන් යුත් ඇඟළුම් නිෂ්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී‍්‍ර ලංකා ඇඟළුම් කර්මාන්තය ලෝකයේ ප‍්‍රසිද්ධියට පත්ව තිඛෙනවා. එම කර්මාන්තය සැමවිටම සම්මත ආචාර ධර්ම වලට සහ පාරසරික තත්ත්වයන්ට අනුකූලව කටයුතු කර තිඛෙනවා. එක්සත් ජනපද ඩොලර් බිලියන පහක කර්මාන්තයක් බවට පත්වීමට මෙම ක්ෂේත‍්‍රයට විශාල හැකියාවක් තිඛෙනවා. අන්තරාල වෙළඳාමට සම්බන්ධ රෙදිපිළි ආනයනය සකස් කිරීම, ප‍්‍රති අපනයනය කිරීම හා අන්තර් නැව්ගත කිරීමේ වෙළඳ කටයුතු තුළින් මෙම කර්මාන්තය නඟා සිටුවීම සඳහා තවදුරටත් පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. රෙදිපිළි, ඇඟළුම් සහ සම්භාණ්ඩ නිෂ්පාදන ඒකාබද්ධ වැඩි අගය එකතු කිරීමේ කි‍්‍රයාවලියක් සඳහා දිරිගැන්වීම් දෙනු ලැඛෙනවා. ඒ අනුව රෙදිපිළි, සම් භාණ්ඩ, පාවහන් සහ ගමන්මළු නිපදවීමට අවශ්‍ය කරන යන්ත‍්‍ර සහ උපකරණ ආනයන තීරු බදු වලින් සහ වැට් බදු වලින් නිදහස් කරනවා. ඒ වගේම ප‍්‍රමුඛ පෙලේ ගැණුම්කරුවන් කළමනාකරණ, මූල්‍ය, සැපයුම් ජාල, බිල්පත් ආදි කටයුතු වලට ශ්‍රී‍්‍ර ලංකාව තුළ මූලස්ථාන ඇති කිරීමට, ආකර්ශණය කිරීමට රජය සැලසුම් කරනවා. තවද එම කටයුතු මගින් උපයන විදේශ ආදායම්, ආදායම් බදු වලින් නිදහස් කිරිමටත් මා
යෝජනා කරනවා. මෙම කටයුතු සඳහා පෙළඹවීම් වශයෙන් විනිමය පාලන අවශ්‍යතා සහ රේගු කි‍්‍රයාදාමයන් සරල කිරීමට කටයුතු කරනවා.
එලදායිතා ආර්ථීකයක්
30. ගරු කතානායකතුමනි, මේ දශකය තුළ අපේ ප‍්‍රධාන සංවර්ධන ඉලක්කය වන්නේ එලදායිතාව වසරකට සියයට 5-6 කින් වැඩි කිරිමයි. ඒ සඳහා නිපුණතා සංවර්ධනය, ව්‍යාපාර ප‍්‍රතිසංවිධානය, මූල්‍ය සම්පාදනය සඳහා ඉඩකඩ ඇති කිරීම, බදු ක‍්‍රමය සරල කිරිම සහ තාක්ෂණය අත්කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථා ඇති කළ යුතු වෙනවා. එබැවින්, මේ සඳහා මා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනවා. මුලින්ම විවිධ ක්ෂේත‍්‍රවල නව නිපුණතා අවශ්‍යතා වෙනුවෙන් තරුණයන් ලක්ෂ තුනක් රජයේ මුදල් යොදවමින් තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මගින් පුහුණු කිරීමේ වැඩපිළිවෙලට කැප වෙනවා. ඒ අනුව තුන් අවුරුදු වැඩපිළිවෙලක් යටතේ රුපියල් බිලියන 16 කින් යුත් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට 2011 රුපියල් බිලියන පහක් මෙම අයවැයෙන් නිපුණතා සංවර්ධනයට වෙන් කර තිඛෙනවා. දෙවනුව සියළුම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ඌන කි‍්‍රයාකාරිත්වයකින් යුතු ව්‍යාපාරික කටයුතු නිසි ලෙස බලගැන්වීම සඳහා අවශ්‍ය සහාය දෙනු
ලබනවා. මේ සඳහා රජය ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 5,000 ක් ලබා ගෙන තිඛෙනවා. තෙවනුව, පසුගිය වසර 26 ක් පුරා ගැටුම් සහිත අයහපත් වාතාවරණයක් තුළ හා ඉහළ පොලී අනුපාත සහිත කාලපරිච්ඡේදයක් අපගේ සුළු හා මධ්‍ය කර්මාන්තකරුවන් කි‍්‍රයාත්මක වූ බැවින් 2009 මාර්තු දක්වා නැවත නොගෙවු බදු වගකීම් කපා හැරීමටත් මා යෝජනා කරනවා. හතරවනුව බොහෝමයක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කි‍්‍රයාත්මක වන්නේ උප කොන්ත‍්‍රාත් වැඩ වල බැවින් ඔවුන් ආර්ථීක සේවා ගාස්තු වලින් ද නිදහස් කිරිමට මා යෝජනා කරනවා. පස්වනුව ඔවුන්ට සියයට දහයක් වැනි සහනදායි ආදායම් බදු අනුපාතයක් ද යෝජනා කරනවා.
31. ති‍්‍රපෝෂ, සර්ජිකල් ගෝස්, තෝරා ගත් ඔසු ද්‍රව්‍යයන්, පාසැල් පෙළ පොත්, නිල ඇඳුම්, ලී බඩු ආදි භාණ්ඩ ලබාදීමට ඇති රජයේ වැඩසටහන් මගින් දේශ්‍රීය ආර්ථීකයට මෙන්ම විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විශේෂ තල්ලූවක් ලබා දිය හැකියි. මේ භාණ්ඩ මිලදි ගැනීමට රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන 10 කට වැඩියි. එබැවින් අදාළ රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභාවන් එවැනි නිෂ්පාදන සඳහා අදාළ කාලවකවානු තුළ දේශීය ආර්ථීකයෙන් ලබා ගැනීම සහතික කිරීමට දේශීය සැපයුම්කරුවන් දිරිගැන්විය යුතුයි.
32. ගරු කතානායකතුමනි, වටිනාකම ඉහළ මට්ටමක පවතින කටයුතු වලට අපේ ආර්ථීකය තල්ලූ කිරීමේ අපේ උත්සාහයේ දී සියළු ව්‍යාපාර හා කර්මාන්ත යළි සකස් කිරීමත්, නව නිපුණතා හා සොයා ගැනීම් සඳහා ආයෝජනය කිරීමත් කළ යුතුයි. මේ සඳහා ව්‍යාපාරිකයන් පර්යේෂණ හා සංවර්ධනය, පේටන්ට් බලපත‍්‍ර, වෙළඳ නාම හා සංගම් ලියාපදිංචිය, තාක්ෂණය තුළින් කටයුතු ස්වයකී‍්‍රය කිරීම සහ ඔවුන්ගේ ශ‍්‍රම බලකාය පුහුණු කිරීම සඳහාත් උනන්දු කරවීමට මම බලාපොරොත්තු වෙනවා. එසේම විශ්ව විද්‍යාල, පර්යේෂණ හා තාක්ෂණ ආයතන සහ නිපුණතා සංවර්ධන ආයතන ප‍්‍රයෝජනයට ගැනීමට ව්‍යවසායන් උනන්දු කරනු ලබනවා. ඒ අනුව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා කරනු ලබන වියදම් සඳහා සියයට 200 ක් අඩු කිරීම් ලබාදීමට
මා යෝජනා කරනවා.
33. මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අපගේ ශ‍්‍රම බලකායේ එලදායිතාවය අහිතකර ලෙස බලපා තිඛෙනවා. අපේ සමාජය මත්ද්‍රව්‍ය, නීති විරෝධි කටයුතු සහ මූල්‍ය වංචාවල ගොදුරක් බවට පත් නොවීමට අප වගබලා ගත යුතුයි. අපගේ උගතුන්, පූජ්‍ය පක්ෂය, සිවිල් සමාජය මෙන්ම මේ සියළු දෙනාටත් වැඩියෙන් ගුරුවරුන් හා දෙමාපියන් ද අපගේ තරුණ පරම්පරාව මේ භයානක උවදුරෙන් බේරා ගැනීමට පවුල් හා ප‍්‍රජා මුල්කර ගත් කටයුතු වලට සහභාගි විය යුතුයි. එබැවින්, මතට තිත වැඩසටහන සෑම ගමකම හා නගරයකම ජාතික ප‍්‍රමුඛතාවයක් වශයෙන් දැඩි සේ කි‍්‍රයාත්මක කිරීමට රුපියල් මිලියන 200 ක් වෙන් කිරිමට මා යෝජනා කරනවා. මත්පැන් හා දුම්වැටි පරිහරණය අධෛර්යමත් කිරීමට සහ අනෙකුත් පරිපාලන ක‍්‍රම හා විධි රජය විසින් දැඩි ලෙස කි‍්‍රයාත්මක කරනවා. එබැවින්, දුම්වැටි හා මත්පැන් මත නිෂ්පාදන බදු දැනටමත් වැඩි කර තිඛෙනවා. තවද මත්පැන් හා දුම්වැටි නිෂ්පාදන හා ඛෙදා හැරීම් කටයුතුවල නියැලෙන කර්මාන්තවල සහ
කැසිනෝ කී‍්‍රඩාවේ ආදායම් බදු සියයට 35 සිට 40 දක්වා වැඩි කිරීමටත් මා යෝජනා කරනවා.
34. ගරු කතානායකතුමනි, මේ දශකය තුළ ජාතික පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය කරනු ලබන වියදම් අවම වශයෙන් දළ දේශ්‍රීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක්වත් කළ යුතුයි. ඒ ඒ අවශ්‍යතාවයන්ට අදාළ පර්යේෂණ කටයුතු සඳහා රාජ්‍ය අංශයේ ආයතනවලට මේ අයවැය තුළින් වෙන් කර ඇති ප‍්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් පමණ වෙනවා. පෞද්ගලික අංශයට පර්යේෂණ හා සංවර්ධන වියදම් ආදායම් බද්දෙන් අඩු කර ගැනීමට දෙනු ලබන සහනය දෙගුණ කිරීම නිසා එම අංශයෙන් ද සියයට 0.5 ක් පමණ වියදමක් ඒ සඳහා සිදුවනු ඇතැයි අපේක්ෂා කරනවා. බොහෝ සම්පත් රජය සතු බැවින් හා වා‚ජමය යෙදවුම් දැරීමට පෞද්ගලික අංශයට හැකි බැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පර්යේෂණ මධ්‍යස්ථාන සහ විශ්ව විද්‍යාල ඒකාබද්ධ වී ආර්ථීක කටයුතුවල ඉහළ එලදායිත්වයක් ඇති කර ගැනීමට ද දිරිගන්වනු ලබනවා. මේ අංශ දෙකම එක්ව වැඩ කිරිමට හරස්වන රජයේ පරිපාලන කි‍්‍රයා පටිපාටි ලිහිල් කිරීමට
ද මා යෝජනා කරනවා. එසේම ඉහළ ප‍්‍රමිතියෙන් යුතු නව සොයා ගැනීම් හා පර්යේෂණ සඳහා නව සොයා ගැනීම් හා තාක්ෂණ සංවර්ධන අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
මානව සම්පත්
35. ගරු කතානායකතුමනි, අධ්‍යාපන හා සෞඛ්‍ය සඳහා ප‍්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් බිලියන 54 ක් වෙන් කොට තිඛෙනවා. මෙය, මෙම ක්ෂේත‍්‍ර දෙකේ වර්තන වියදම් සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 152 ක මුදල් වලට අමතරවයි. ඒ අනුව මානව සම්පත් සංවර්ධනය සඳහා මෙම අයවැයෙන් වෙන්වන වියදම රුපියල් බිලියන 200 කටත් අධිකයි. අපේ මව්බිම දැනුම සහිත ආර්ථීකයක් බවට හා සෞඛ්‍ය සම්පන්න සමාජයක් කිරීමට අපගේ කැපවීම මෙයින් පෙන්නුම් කරනවා. පාසල් පද්ධතිය තුළ සම්පත් ඛෙදී යාමේ අසමානතාවයෙහි ප‍්‍රතිඑලයක් වශයෙන් ආසන්නතම ඇතැම් ග‍්‍රාමීය පාසල් වැසී යාමේත්, නාගරික පාසල්වල අධික සිසුන් පිරිසක්
ඇතිවීමේත් ප‍්‍රවනතාවක් දක්නට ලැඛෙනවා. මේ විෂමතාවය ඉවත් කිරිම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ලෙන් සමන්විත ද්විතියික පාසල් 1,000 ක් වසර පහක් තුළ දිවයින පුරා සංවර්ධනය කිරීමට මා යෝජනා කරනවා. මේ සියළු ද්විතියික පාසල් ප‍්‍රාථමික පාසල් ගණනාවකට සම්බන්ධ වන අයුරින් සංවර්ධනය කරනු ලබනවා. මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 15 ක් ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන තිඛෙනවා. 2009 දී ආරම්භ කළ ඉංගී‍්‍රසි භාෂාව ජීවිත කුසලතාවක් වැඩසටහන 2011 දී විධිමත් ලෙස පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනවා. මේ සඳහා 2011 වර්ෂය සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
36. ගරු කතානායකතුමනි, දස අවුරුදු ක‍්‍රියාකාරී සැලැස්මක් යටතේ ත‍්‍රිභාෂා ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන
2011 දී දියත් කිරීමට මා යෝජනා කරනවා. සියළු පුරවැසියන්හට රජයේ ඕනෑම ආයතනයක් සමඟ සිංහල, දෙමළ හෝ ඉංගී‍්‍රසි භාෂා මගින් කටයුතු කිරීමේ අයිතිය යථාර්තයක් බවට පත්කිරීම සහතික කිරීමට මෙය සැලසුම් කර තිඛෙනවා. ශ්‍රී‍්‍ර ලංකාවේ ඕනෑම පළාතක රැකියාව කළහැකි, හැකියාව ඇති ශ‍්‍රම බලකායක් එමගින් බිහිවෙනවා. මෙම වැඩසටහන ස්වභාෂා හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන හා පළාත් සභා එක්ව ක‍්‍රියාත්මක කරනවා. මෙම ත‍්‍රිභාෂා ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට රේඛීය අමාත්‍යාංශවල අදාළ වැඩසටහන් සඳහා 2011 අතිරේකව රුපියල් මිලියන 200 ක් ලබාදීමට ද මම යෝජනා කරනවා.
37. ගරු කතානායකතුමනි, අපේ විශ්ව විද්‍යාල 17 හි ප‍්‍රගතිය විවිධ මට්ටමින් පවතිනවා. රජයේ බොහෝ විශ්ව විද්‍යාලවල පිළිගත් මට්ටමේ පහසුකම් තිබුණත්, මෑතදී පිහිට වූ විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු ප‍්‍රාග්ධන ආයෝජනයක් තවදුරටත් කළ යුතු වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 3,000 ක් යොදවා 2011 සිට තුන් අවුරුදු සංවර්ධන වැඩසටහන එම විශ්ව විද්‍යාල ඒවාට ආවේ‚ක විශේෂත්වයන් මතු කරමින් ශක්තිමත් විශ්ව විද්‍යාල පද්ධතියක් බවට පත්කිරීමට මා යෝජනා කරනවා. මේ කඩිනම් වැඩසටහන මගින් ප‍්‍රවාහනය, නේවාසික පහසුකම් හා කී‍්‍රඩා ඇතුළු අවශ්‍ය පහසුකම්වලින් යුත් විශ්ව විද්‍යාල නගර නිර්මාණය කිරීමටත් යොමු වෙනවා. ඒ වගේම පේරාදෙ‚ය, මොරටුව, කොළඹ, ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර, කැළ‚ය සහ රුහුණු විශ්ව විද්‍යාල ඒවා තෝරාගනු ලැබූ ක්ෂේත‍්‍ර තුළින් ලෝක ශේ‚ගත විශ්ව විද්‍යාල බවට පත්කිරීම සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කිරීමටත් මා යෝජනා කරනවා. තවද අපගේ ජාතික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනික හා පර්යේෂණ කාර්යසාධනය මත පදනම් වූ ඇගයීමක් සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීමේ ක්‍රමයක් ද මා යෝජනා කරනවා. සිසුන් 50,000 ක් පමණ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවද අපේ විශ්ව
විද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ සිසුන් 22,000 ක් පමණයි. ඒ උසස් අධ්‍යාපනයට අපි රුපියල් බිලියන 20 ක් පමණ වර්ෂයකට වියදම් කිරීමෙනුත් පසුවයි. උසස් අධ්‍යාපනය උදෙසා තවත් ඉහළ ආයෝජන අවශ්‍ය වන්නේ ඒ නිසයි. එබැවින් ඉතා හොඳ නීති රාමුවක් හා අපගේ අධීක්ෂණ ක‍්‍රමවේදයන් තුල විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන පාලනය විය යුතුයි. විශ්ව විද්‍යාල මුවාවෙන් අධ්‍යාපන කඩ වෙනුවට අපට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනයකුයි. උසස් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ලාභ පරමාර්ථයෙන් තොරව උසස් ප‍්‍රමිතීන් පවත්වා ගැනීම අපගේ අරමුණයි. අධ්‍යාපනය සොයා එන කිසිවෙකුටත් එම අවස්ථා අහිමි නොකිරීමට අප සියලූ දෙනා සහතික විය යුතුයි. අධ්‍යාපනය අපේ දරුවන්ගේ අනාගතය බව කිසිවිටෙකත් අමතක කරන්න එපා.
38. අපගේ ජනගහනය තුළ වැඩිහිටියන් ප‍්‍රමාණය ක‍්‍රමානුකූලව වැඩිවීමත්, බෝ නොවන රෝග වැඩිවීමේ ප‍්‍රවනතාවයත් අපගේ සෞඛ්‍ය ක‍්‍රමය තුළ නව අභියෝග වී තිඛෙනවා. බෝනොවන රෝග පාලනය කර ගැනීමේ අරමුණ ඇතිව ප‍්‍රාථමික සෞඛ්‍යය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා 2011 සිට තුන් අවුරුදු ක‍්‍රියාකාරී සැලැස්මක් ක‍්‍රියාත්මක කරනු ලබනවා. මේ සඳහා අතිරේක වශයෙන් තවත් රුපියල් මිලියන 900 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ඖෂධවල වියදම් අඩු කර ගැනීම සඳහා ඛෙභෙත් ආනයනය වරාය හා ගුවන් තොටුපල බද්දෙන් නිදහස් කිරීමට මම යෝජනා කරනවා. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ආයෝජනය දිරිගැන්වීම සඳහා උසස් තාක්ෂණයෙන් යුත් වෛද්‍ය හා රසායනාගාර උපකරණ තීරු බදු වලින් හා වැට් බද්දෙන් නිදහස් කිරීමටත් මම යෝජනා කරනවා.
වරාය හා ගුවන්සේවා සංධිස්ථානයක්
39. ගරු කතානායකතුමනි, ලෝකයේ උපාය මාර්ගික වැදගත්කමකින් යුතු ආර්ථීක මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී‍්‍ර ලංකාව පත් කිරීමට මා යෝජනා කරනවා. අපගේ වරාය අංශය ජාත්‍යන්තර මට්ටමේ විශාල පහසුකම් අත්කර ගනිමින් පවතින නිසා සහ කර්මාන්ත කලාප සහ වරාය සම්බන්ධ සේවාවන් දිරිමත් කරනු ලබනවා. ගුවන් සේවා අංශයේ ගුවන් යානා නඩත්තුව, අළුත්වැඩියාව සහ මුළුම‚න් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාරික කටයුතු සහ භාණ්ඩ ගුවන් සේවා හැසිරවීම වැනි කටයුතු අප විසින් ඒකාබද්ධ ආයෝජන ලෙස දිරිමත් කරවනවා. ගුවන් සේවා උපාධි ආයතනය, ගුවන් නියමුවන් හා ගුවන් සේවා වෘත්තිකයින් පුහුණු කිරීම සඳහා පුළුල් කරනු ලබනවා. ශ්‍රී‍්‍ර ලංකාව ජනපි‍්‍රය ගුවන් සංධිස්ථානයක් ලෙස දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර ගුවන් සේවාවන් වලට වැඩි වාර ගණනක් ලබාදීමට ද කටයුතු කරනවා. නව නියාමන වැඩපිළිවෙල නිසා අප ජාත්‍යන්තර නියාමන ප‍්‍රමිතීන් අතර උසස් තැනකට පත් වී සිටිනවා. 2012 වනවිට ගුවන් යානා 30 කින් සමන්විත වන පරිදි ශ්‍රී‍්‍ර ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවා දෙක පත් කරනු ලබනවා. මෙම ගුවන් සේවාවන්
දෙක ශක්තිමත් කිරීම සඳහා වසර 10 ක් සඳහා එම ආයතන දෙක සියළු බදු වලින් නිදහස් කරනවා.
ආයෝජන පරිසරය
40. ගරු කතානායකතුමනි, අපගේ ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීමට අපගේ උපාය මාර්ග හා ආයතනික ක්‍රමවේද ප‍්‍රතිසංවිධානය කිරීම අවශ්‍යයි. මේ සඳහා පැවති රජයන් කළේ විශාල බදු සහන, ලාභ ශ‍්‍රමය මෙන්ම නොමිලේ අපගේ වටිනා සම්පත් ආයෝජකයන් වෙත ලබාදීමයි. එභෙත් ඉදිරියේ දී ආයෝජන ප‍්‍රවර්තන උපාය මාර්ග පදනම් විය යුත්තේ නිපුණ ශ‍්‍රමය, දේශපාලන ස්ථාවර බව, අඩු බදු අනුපාත හා සරල බදු ක‍්‍රමය සහ පහසුකම් සැපයීම සඳහා ඇති කාර්යක්ෂම රජයේ ආයතන ක‍්‍රමයි. ඒ අනුව ආයෝජන මණ්ඩලය ප‍්‍රධාන අරමුණු තුනක් පිළිබඳව ප‍්‍රමුඛත්වය දිය යුතු වෙනවා. පළමුවැන්න එලදායි ලෙස අපනයන සැකසුම් කලාප කළමනාකරණය කිරීමයි. කලාප 12 හේම පවතින ඉඩකඩ මුළුමනින් පිරවීම සඳහා ආයෝජන ඇද ගැනීම අවශ්‍යයි. දෙවනුව ආයෝජන ප‍්‍රවර්ධනයේ දී ගුණාත්මක බවින් උසස් විදේශ ආයෝජන සඳහා අවධානය යොමු කළ යුතුයි. එම ආයෝජන වලින් අපගේ ආර්ථීකයට අගය එකතු විය යුතුයි. ඔවුන් පරිසර හිතවාදී සහ සමාජයට වගකිව යුතු අය විය යුතුයි. උපාය මාර්ගික ආයෝජන නීතිය හා ආදායම් බදු නීති මගින් විශාල
ආයෝජන දිරිගන්වනු ලබනවා. ආයෝජන මණ්ඩලය විසින් දෙනු ලබන දිරිගැන්වීම් පැහැදිලිව තෝරා ගත් ප‍්‍රමුඛතා සඳහා ඉලක්ක කර ගත හැකි පරිදි එම රෙගුලාසි සංශෝධනය කිරීමට මම යෝජනා කරනවා. තෙවනුව ආයෝජන මණ්ඩලය, පසුවිපරම් හා අදාළ කටයුතු කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට කාලය වෙන් කළ යුතුයි. විශාල ප‍්‍රමාණයක ව්‍යාපෘති කාලාන්තරයක් තිස්සේ අනුමත කර ඇතත් බොහොමයක් ව්‍යාපෘති කි‍්‍රයාත්මක වී නැහැ. එබැවින් 2010 ජුනි 30 දිනට පෙර අනුමත කර, එභෙත් තවමත් කිසිදු කටයුත්තක් ආරම්භ කර නැති හෝ වසා ඇති සියළු ආයෝජන ව්‍යාපෘති වහාම අවලංගු කිරිමට ද මම යෝජනා කරනවා. එලෙස කටයුතු අරඹා නැති නමුත් ආයෝජන ආරම්භ කිරීමට සූදානම් ආයෝජකයින් අළුතින් අනුමැතිය ලබා ගත යුතු වෙනවා. විධායක වගකීම්වල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල් ධූරයක් ඇති කිරීමට ආයෝජන
මණ්ඩල නීතිය ද සංශෝධනය කරනු ලබනවා.
41. ගරු කතානායකතුමනි, ශ්‍රී‍්‍ර ලංකා සංචාරක මණ්ඩලය ආයතන හතරකට වෙන් කිරීමෙන් අදහස් කළ සේවය ඉටු වී නැහැ. එබැවින්, සංචාරක පාසල හැර අනෙකුත් ආයතන එකතු කර එලදායි ලෙස සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමට හැකි එක් ආයතනයක් ඇති කිරීමට මා යෝජනා කරනවා. 2011 පළමු දින 100 තුළ මේ සඳහා අවශ්‍ය නීතිමය රාමුව හඳුන්වා දෙනවා.
42. ගරු කතානායකතුමනි, නිවාස හා දේපල සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම ඉතා සංකීර්ණ කි‍්‍රයාදාමයක් වගේම කාලය නාස්ති කිරීමක් වෙලා තියෙනවා. පළාත් පාලන ආයතන, පළාත් සභා, රේඛීය අමාත්‍යාංශ සහ වෙනත් ආයතන එකම කාරණයකට විවිධාකාර පරිපාලන කටයුතුවල යෙදීමෙන් මෙම කටයුතු තවත් සංකීර්ණ වී තිඛෙනවා. මෙය මාස තුනක් ඇතුළත සරල කිරීමට යෝජනා කරනවා. එබැවින්, සියළු පරිපාලන ක‍්‍රමවේදයන් හය මසක් ඇතුළත සරල කිරීම සඳහා ඒ සඳහාම යොමු වූ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට යෝජනා කරනවා. රජයේ විවිධ ආයතන වලින් පනවනු ලබන ගාස්තු පිළිබඳ සමාලෝචනයක් කර ඒවා 2011 වසරේ පළමු දින 100 තුළ සරල කිරීමට මා භාණ්ඩාගාරයට නියම කර තිඛෙනවා.
43. ශ්‍රී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය මගින් විද්‍යුත් පාලන කි‍්‍රයාවලින් රාශියක් ආරම්භ කර තියෙනවා. ඇතැම් දෙපාර්තමේන්තු මේ වනවිටත් ඒවාට අනුගත වී තිඛෙනවා. 2011 දී සියළු රාජ්‍ය ආයතන, විද්‍යුත් අනුමත කි‍්‍රයාවලියට පිවිසෙනු ඇති. රාජ්‍ය නියාමන ආයතන එකිනෙක සම්බන්ධීකරණය කිරීම විද්‍යුත් පාලන ව්‍යාපෘතිය මඟින් සිදුවෙනවා. වීසා අනුමත කිරිමත්
වීසා විධිවිධාන නියාමනය කිරීමත් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විද්‍යුත් අනුමත කිරීම අනුගමනය කරනවා. විද්‍යුත් දත්ත සකස් කර පවත්වා ගෙන යාමේ ක‍්‍රමවේදය තුළින් ව්‍යාපාරික ලිපිගොනු පවත්වා ගෙන යාම සඳහා රේගු දෙපාර්තමේන්තුවත් ආයෝජන මණ්ඩලයත් යොමු කිරීමට රජය දැනටමත් පියවර ගෙන තිඛෙනවා. වසර තුනක් තුළ තාක්ෂ‚ක ක‍්‍රමවේදයන් පදනම් කර ගත් බදු පරිපාලන ක‍්‍රමයක් ඇති කිරීමේ අරමු‚න් තුන් අවුරුදු රාජ්‍ය මූල්‍ය කාර්යක්ෂම කළමනාකරණ වැඩසටහනක් ද දියත් කර තිඛෙනවා.
44. ගරු කතානායකතුමනි, විදේශ සේවා කාර්යාංශය, තේ මණ්ඩලය, වෙළඳ දෙපාර්තමේන්තුව හා තවත් ආයතන විසින් නඩත්තු කරන විදේශ කාර්යාලවල සේවාවන් එක් වහලක් යටතේ පවත්වා ගෙන යාම සඳහා ඒවා අපගේ තානාපති කාර්යාලවල ඍජු අධීක්ෂණයට ගෙන එනු ලබනවා. ඊට නිලධාරීන් පත් කළ විටම ඔවුන් අදාළ තානාපතිවරයාගේ නියෝග හා අධීක්ෂණය යටතේ කි‍්‍රයා කළ යුතු වෙනවා. සියළුම ප‍්‍රවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කළ යුත්තේ මෙම සම්බන්ධීකරණ වැඩපිළිවෙල යටතේයි. තානාපතිවරුන්ගේ කාර්යභාරය සම්ප‍්‍රදායික කටයුතු වලින් ඔබ්බට ගොස් රටේ ආයෝජන, වෙළඳ හා ආර්ථීක කටයුතු ප‍්‍රවර්ධනය කිරීමේදී වගකීම් ද ඇතුළත් වන පරිදි පුළුල් කරනු ලබනවා.
45. ගරු කතානායකතුමනි, අපේ රටට විදේශ විනිමය ගලා ඒමට පහසුවන පරිදි විනිමය පාලන රෙගුලාසි හා ආනයන අපනයන පාලන වැඩපිළිවෙල සරල කරනු ලබනවා. ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා මෙමඟින් විදේශ රටවල බැංකු ගිණුම් කි‍්‍රයාත්මක කිරිම, අත්තිකාරම් ගෙවීම සඳහා ආන්තික අවශ්‍යතා ඉදිරි ගිවිසුම් කටයුතු ආදිය සඳහා පහසුකම් සැලසෙනවා. මේ පහසුකම් මගින් විදේශ වෙළඳාම, විදේශ සේවාවන්හි යෙදෙන අයගේ ප්‍රේෂණ මෙන්ම වෙනත් විදෙස් ගණුදෙනු දිරිමත් වෙනවා. ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව මගින් ඊට අදාළ මාර්ගෝපදේශ ලඟදීම නිකුත් කරනු ලබනවා. මවිසින් කරනු ලබන යෝජනා ඇතුළත්ව ශ්‍රී‍්‍ර ලංකාවේ ව්‍යාපාර කටයුතු කිරීම සඳහා මඟපෙන්වන ප‍්‍රතිශෝධිත අත්පොතක් ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව මගින් 2011 පළමු දින 100 ක කාලය තුළ නිකුත් කිරීමට ද කටයුතු කරනවා.
සරල ආදායම් බදු ක්‍රමයක්
46. ගරු කතානායකතුමනි, ඉදිරි දශකයේ අප කලාපයේ දැනුමේ කේන්ද්‍රස්ථානය වශයෙන් පත්වීමයි අපේ වෑයම. දැනුම පදනම් කර ගත් කර්මාන්ත වර්ධනය සඳහා වෘත්තිකයන් අවශ්‍යයි. වෘත්තිකයන් පෙළ ගස්වමින් දැනුම් සංචිතයක් අප රට තුළ ගොඩ නැගීමටත් කලාපයේ හොඳම පුද්ගලික ආදායම් බදු ව්‍යුහයක් පවතින රට බවට ශ්‍රී‍්‍ර ලංකාව පත් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පුද්ගල ආදායම් මත සියයට 5 සිට සියයට 35 දක්වා පවත්නා බදු අනුපාත සියයට 4 සිට සියයට 24 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. එසේම නිදහස් බදු සීමාව රුපියල් ලක්ෂ 3 සිට 5 දක්වාත්, බදු තලයන් ලක්ෂ 4 සිට 5 දක්වාත් වැඩි කිරීමට මා යෝජනා කරනවා. මෙය නේවාසික නොවන ශ්‍රී‍්‍ර ලාංකිකයන් සඳහා ද ලබාදීමට මා යෝජනා කරනවා. මින් ඉදිරියට ඉහළ බදු අනුපාත ගැන අපගේ වෘත්තිකයන් කනස්සල්ලට පත් විය යුතු නැත.
47. ගරු කතානායකතුමනි, උපයන විට ගෙවීම් කරන මැදි ආදායම් ලබන රැකියාවල නිරතවන්නන්ට සරල බදු ක්‍රමයක් අවශ්‍යයි.එබැවින් වසරකට රුපියල් ලක්ෂ හයක් උපයන (එනම් මසකට රුපියල් 50,000 ක්) සියළු සේවා නියුක්තිකයන් උපයන විට බදු වලින් නිදහස් කිරීමට මා යෝජනා කරනවා. ලක්ෂ හයකට වඩා උපයන සේවා නියුක්තිකයන්ට අදාළ වන්නා වූ බදු අනුපාතිකය ද උපරිමය සියයට 24 කට යටත්ව අඩු වෙනු ඇති. මෙම උපයන විට ගෙවන බදු ප‍්‍රභවයේ දී ගෙවන අවසන් බද්ද ලෙස සැලකීමට මම යෝජනා කරනවා. වෙනත් මූලයන්ගෙන් ආදායම් නොලබන්නේ නම් එම සේවා නියුක්තිකයන් වාර්ෂික ආදායම් වාර්තා ද පිරවිය යුතු නැහැ. ඒ වගේම, මෙම නව උපයනවිට ගෙවීමේ ක‍්‍රමය රාජ්‍ය අංශයට ද කි‍්‍රයාත්මක කිරීමට මා යෝජනා කරනවා. මෙය දිගු කාලයක සිට රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර පැවති විෂමතාවයක් නිවැරදි කිරීමක් වෙනවා.
48. ගරු කතානායකතුමනි, පොලී ආදායම් මත බදු වල, බදු නිදහස් උපරිමය රුපියල් ලක්ෂ 3 සිට ලක්ෂ 5 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. පොලී ආදායම් මත ජීවත් වන්නන්ට සහනයක් වශයෙන් අදාළ බදු ප‍්‍රමාණය ද වැඩි කරනවා.
49. ගරු කතානායකතුමනි, සේවක අර්ථසාධක අරමුදල් ආදායම අවස්ථා තුනකදී දැනට බදු වලට යටත් වෙනවා. මම හිතනවා එය වැරදි දෙයක් කියා. ඇතැම් සේවකයන් හා සේවාදායකයන් මේ නිසා අර්ථසාධක අරමුදල් ගෙවීම් මඟ හරිනවා. එබැවින්, සේවාව අවසානයේ දී අර්ථසාධක අරමුදලින් ලබා ගන්නා මුදල් ආදායම් බදු වලින් නිදහස් කිරීමට ද මා යෝජනා කරනවා.
සමාජ සංරක්ෂණය
50. ගරු කතානායකතුමනි, අපගේ වැඩ කරන ජනතාව අපගේ විශාලම සම්පතයි. ඔවුන් පසුගිය අවුරුදු 26 ක ගැටුම් කාලය තුළ බොහෝ දේ කැප කළා. ඔවුන් ඒකීය ශ්‍රී‍්‍ර ලංකාවක් වෙනුවෙන් නැගී සිට ත‍්‍රස්තවාදය පරාජය කිරීමට උදව් කළා. අපි දිගටම ඔවුන් සමඟ සාකච්ජා කරනවා. 1994 දී මා කම්කරු අමාත්‍යවරයා වශයෙන් පත්වුණ දා සිට විශ‍්‍රාම අයිතිය දෙවිදියකට සේවා නියුක්තිකයන්ට ගෙවීමේ සාධාරණත්වය ගැන තේරුම් ගැනීමට උත්සාහ කළා. සියළු දෙනාටම විශ‍්‍රාමයෙන් පසු ආදායමක් තිබිය යුතු කියා මා හිතනවා. ඒ අනුව පුද්ගලික අංශය සහ සංස්ථා අංශයේ සේවා නියුක්තිකයන්හට විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ සැලසීම සඳහා සේවක විශ‍්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීමට මා යෝජනා කරනවා. සේවකයින්ගෙන් සියයට දෙකකුත්, සේවා යෝජකයාගෙන් සියයට දෙකකුත් දායකත්වයක් මෙම අරමුදලට ලබා ගැනීමට යෝජනා කරනවා. මීට සේවා යෝජකයින් විසින් සේවා නියුක්තිකයාගේ සම්පූර්ණ විශ‍්‍රාම පාරිතෝෂිකය මෙම අරමුදලට බැර කිරීමට අවශ්‍ය වෙනවා. සෑම සේවා නියුක්තිකයෙකු විසින් ද විශ‍්‍රාම යාමේදී ලබා ගන්නා අර්ථසාධක අරමුදල් ශේෂයෙන් සියයට දෙකක් ඔවුන්ගේ අනාගත විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ වෙනුවෙන් මෙම අරමුදලට දායක කළ යුතුයි. විශ‍්‍රාම
වැටුපට හිමිකම් පෑමට සෑම දෙනාම අවම වශයෙන් වසර 10 ක්වත් දායකත්වය සැපයිය යුතුයි. සේවක විශ‍්‍රාම වැටුප් අරමුදල ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් කළමනාකරණය කරනු ලබනවා ඇති.
51. ගරු කතානායකතුමනි, මිලියන තුනක් පමණ ලාංකිකයන් විදේශ රැකියාවල නියුතුව සිටිනවා. ඔවුන්ගෙන් ලැඛෙන ප්‍රේෂණ මේ වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන හතරක් පමණ වෙතැයි බලාපොරොත්තු වෙනවා. එභෙත්, ජීවිතවල සැදෑ කාලයේ දී ඔවුන්ට අවශ්‍ය වන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් තවමත් සකස් වී නැහැ. එම නිසා විදේශ නියුක්තිකයන්ගේ විශ‍්‍රාම අරමුදලක් පිහිටුවීමට මම යෝජනා කරනවා. සෑම විදේශ රැකියාවල නියුක්ත වන කෙනෙක්ම අවම වශයෙන් වසරකට රුපියල් 12,000 ක් මෙම අරමුදලට බැර කළ යුතුයි. එම මුදල වාරික වශයෙන් වසර තුළ වුවද ගෙවිය හැකි වෙනවා. එසේම අවම වශයෙන් වසර දෙකක කාලයක්වත් මෙම ගෙවීම් කිරීමට අවශ්‍ය වෙනවා. විශ‍්‍රාම වැටුප ගෙවනු ලබන්නේ වයස අවුරුදු 60 පිරුණු විටයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු භාවිතා නොකරන සියළු මුදල් ද මෙම අරමුදලට බැර කරනු ලබනවා. මෙම විදේශ සේවා නියුක්තිකයන්ගෙන් රටට ලැබුණු වටිනා දායකත්වය සහ විදේශ විනිමය ඉපයීම් අගය කිරීමක් හැටියට රුපියල් මිලියන 1,000 ක් මේ අරමුෙු ල් මූලික ප‍්‍රාග්ධනය වශයෙන් 2011 දී ලබා දීමට ද මම යෝජනා කරනවා.
52. ගරු කතානායකතුමනි, අවුරුදු 65 ඉක්ම වූ සෑම පුරවැසියෙකුටම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දෙන බවට මා පොරොන්දු වුණා. 2020 වනවිට විශාල වැඩිහිටි ජනගහනයක් සඳහා අප සූදානම් විය යුතුයි. ඒ සඳහා සාර්ථක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සකස් කළ හැක්කේ දායකත්ව ක‍්‍රමයක් මත පමණයි. එබැවින් අවිධිමත් අංශය සඳහා පුරවැසි විශ‍්‍රාම සහ රක්ෂණ අරමුදලක් පිහිටුවීමට මා යෝජනා කරනවා. ඒ සඳහා දැනට අවිධිමත් අංශයේ සමහර ක්ෂේත‍්‍ර ආවරණය වන විවිධ විශ‍්‍රාම ක‍්‍රම පුරවැසි විශ‍්‍රාම රක්ෂණ අරමුදලට ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. මෙහි වාර්ෂික අවම දායක මුදල රුපියල් 5,000 ක් වන අතර සාමාජිකත්වය ලබා ගන්නා ඕනෑම කෙනෙකුට වර්ෂය තුළ එම මුදල තමන්ට හැකි අවස්ථාවක ගෙවිය හැකි වෙනවා. මෙම විශ‍්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමට අවුරුදු 10 ක කාලසීමාවක් දායකත්වය සැපයීම සහ අවුරුදු 65 ට එළඹීම අවශ්‍ය වෙනවා. 2011 දී මෙම අරමුදල ගොඩනැඟීම සඳහා රජය විසින් රුපියල් මිලියන 1,000 ක දායකත්වයක් සපයනු ලබනවා. කෘෂිකර්මාන්තය, ධීවර ප‍්‍රවාහන, ඉදිකිරීම් හා ස්වයං රැකියා ක්ෂේත‍්‍රවල නියැලි මිලියන 3 ක් පමණ
පිරිසක් මීට ඉලක්ක වෙනවා.
නිවාස හා පොදු පහසුකම්
53. ගරු කතානායකතුමනි, මෙම අයවැය සකස් කිරීම සඳහා අදහස් දක්වන ලෙස අප විසින් මහජනතාවට කරන ලද ආරාධනය පරිදි බොහෝ අය කියා සිටියා රජයේ ආයතනවල සැලකිල්ලට භාජනය නොවන නිම නොකළ ව්‍යාපෘති, භාවිතා නොකරන පොදු ගොඩනැගිලි හා කී‍්‍රඩා පිටි ආදිය තිඛෙන බවයි. ඔවුන් නිවැරදි ලෙස පෙන්වා දුන් පරිදි ඒවා අපි නිසි පරිහරණයට ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ අනුව සියළුම රේඛීය ආයතන සහ අමාත්‍යාංශ 2011 පළමු දින 100 තුළ මේවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ යුතුයි. එම අත්හරිනු ලැබ ඇති මහජන වත්කම් සමාජයේ යහපත සඳහා යෙදවීමට හැකිවන පරිදි නිම කිරීමට රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
54. ගරු කතානායකතුමනි, ලබන වසර හය ඇතුළත නිවාස ඒකක දශ ලක්ෂයක් සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ කටයුත්තේ දී අපේ ප‍්‍රමුඛතාවය වන්නේ 2012 වසරට ප‍්‍රථම හොඳ නිවසක හිමිකාරත්වය අවතැන්වූවන් සඳහා ලබාදීමයි. නිවාස ඒකක 50,000 ක් ගොඩ නැගීම සඳහා අපට අත දීමට ඉන්දියාවේ අගමැතිවරයා විසින් ගත් පියවර අපි අගය කරනවා. ඒ වගේම තවත් නිවාස 80,000 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමට, ප‍්‍රදානයන් කරනු ලබන ආයතන, මිත‍්‍ර රටවල් සහ අපගේ අයවැය මගින් ද සම්පත් ලබා දී තිඛෙනවා. නිවාස සංවර්ධනය තුළ අපගේ ඊළඟ ප‍්‍රමුඛතාවය වනුයේ ග‍්‍රාමීය නාගරික මුඩුක්කු හා පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස ඒකක 70,000 ක් ලබාදීමටයි. තවද, ඉදිරි හය වසර තුළ ගම නැඟ=ම හා ජනසෙවන ව්‍යාපෘති මගින් ද, පළාත් සභා සහ අනෙකුත් ප‍්‍රාදේශ්‍රීය සංවර්ධන වැඩසටහන් මගින් ද සෑම වසරකටම අඩු ආදායම් ග‍්‍රාමීය සහ වතු නිවාස ඒකක 80,000 බැගින් ඉදි කිරීමට අපේක්ෂා කරනවා. ඒ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා නිවාස ණය යෝජනා ක‍්‍රම මගින් පහසුකම් සැලසීම ද වැඩි කරනු ලබනවා.
55. ගරු කතානායකතුමනි, මීට වසර 40 කට පමණ පෙර ගොඩනඟා ඇති නිවාස යෝජනා ක‍්‍රම නවීකරණය කිරීම හදිසි අවශ්‍යතාවයක්ව පවතිනවා. මිනිසුන් 75,000 කට පමණ සෙවන සලසන, නිවාස ඒකක 19,300 ක් පමණ පැර‚ නිවාස යෝජනා ක‍්‍රම 176 ට අයත් වෙනවා. එහි මූලික අදියර වශයෙන් 2011 දී මාලිගාවත්ත, සර්පන්ටයින් වැනි නිවාස යෝජනා ක‍්‍රම ප‍්‍රතිසංස්කරණය කිරීමට මා යෝජනා කරනවා. මෙම නිවාස ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් අදාළ නිවාසලාභීන් ඉදිරි නඩත්තු කටයුතුවල වගකීම භාර ගන්නා පරිදි වසර තුනක් තුළ නිම කිරීමට රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදි කිරීම සහ නිවාසවල තත්ත්වය උසස් කර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් සහ තාක්ෂණ සහාය ලබා දෙනු ඇති. අඩු ආදායම් නිවාස සඳහා මුදල් ලබාදීම රාජ්‍ය බැංකු සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් උපයා ගනු ලබන ආදායම් මගින් ඉටු කරනු ලබනවා. ඉදිකිරීම් තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවා එමඟින් තාක්ෂ‚ක දැනුම සහ අඩු ආදායම් නිවාස තැනීම පිළිබඳ
තාක්ෂණය ප‍්‍රචලිත කිරීමට ද කටයුතු කරනවා. අපේ ඉදිකිරීම් කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම සඳහා විදේශ කොන්ත‍්‍රාත්කරුවන් දේශ්‍රීය ඉදිකිරීම් සමාගම් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු කරනු ලබනවා. ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුව සඳහා ආදායම් බද්ද සියයට 15 සිට 12 දක්වා අඩු කරනු ලබනවා. ඉදි කරනු ලබන සෑම නිවසක් පිළිබඳ අදාළ තොරතුරු හා පසුවිපරම් කටයුතු සඳහා තොරතුරු කාර්යාංශයක් පිහිටුවනු ලබනවා. දැනට ආරම්භ කර ඇති නිවාස වැඩපිළිවෙලවල් ඉක්මන් කිරීම සඳහා රුපියල් මිලියන 500 ක අතිරේක ප‍්‍රදානයක් වෙන් කිරීම ද යෝජනා කරනවා.
56. ගරු කතානායකතුමනි, මැදි ආදායම් රටක් හැටියට අපගේ අරමුණ වනුයේ සෑම තැනකම කොන්කී‍්‍රට් ගොඩනැගිලි ඉදි කිරීම නොවෙයි. රජයේ නාගරික සංවර්ධන උපාය මාර්ගික සැලසුම ගොඩනැගෙන්නේ පොදු ස්ථාන, කී‍්‍රඩාංගන, ජලාශ සහ හරිත පේර ද්ශ ද ඇතුළත්වයි. ඇතැම් රාජ්‍ය පරිශ‍්‍රයන් යළි ස්ථානගත කිරීමත්, පැර‚ නිවාස යෝජනා ක‍්‍රම නැවත සංවර්ධනය කිරීමත් කරනු ඇති. නාගරික සංවර්ධන වැඩසටහන් සඳහා කි‍්‍රයාත්මක කිරීමේදී පැන නගින යළි ස්ථානගත වියදම් දැරීමට හැකිවන පරිදි නාගරික සංවර්ධන අරමුදලක් පිහිටුවනු ලබනවා. එසේම පැල්පත්වාසීන්ට සහ පදික වෙළඳුන්ට නවීන නිවාස සැපයීම ඔවුන් දැනටමත් සිටින ස්ථාන ආශි‍්‍රතව සිදු කිරීමට ප‍්‍රමුඛත්වය දෙනවා. සියළුම නාගරික සංවර්ධන සැලසුම් කිරීම්වලදී, තී‍්‍රරෝද සහ ටැක්සි නැවැත්වීමට, ස්වයං රැකියා කිරීමට පොදු ස්ථාන වෙන් කරනු ලබනවා.
වැවිලි ආර්ථීකය
57. ගරු කතානායකතුමනි, වැවිලි කර්මාන්තය අපේ ආර්ථීකය තුළ උපාය මාර්ගික වශයෙන් වැදගත් මෙභෙවරක් ඉටු කරනු ලබනවා. වැවිලි කටයුතු නගා සිටුවීමෙන්, ඉහළ එකතු කළ අගයක් සහිත අපනයනයන් සැකසීමෙන් හා ප‍්‍රචලිත කිරීමෙන් වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයේ අපනයන ආදායම දෙගුණයක් කර ගත හැකි වෙනවා. වසරකට කිලෝග‍්‍රෑම් මිලියන 300 කට අධික තේ නිෂ්පාදනයක් පවත්වා ගැනීමට නම්, තේ වගාව ව්‍යාප්ත කළ යුතු වෙනවා. ඒ අනුව කුඩා තේ වතු වැවිලිකරුවන්ට දෙනු ලබන සහනාධාරය භෙක්ටයාරයකට රුපියල් 50,000 කින් වැඩි කිරිමට මා යෝජනා කරනවා. මේ වැඩසටහන යටතේ වැඩිපුර වාර්ෂිකව භෙක්ටයාර් 1,500 ක තේ වගාවක් මා අපේක්ෂා කරනවා. ණය පහසුකම් සැපයීම සඳහා ද චකී‍්‍රය අරමුදල් පහසුකම් සලසනු ලබනවා. බැංකු ක‍්‍රමය තුළ යෝජිත ආයෝජන අරමුදල තුළින් වතු සමාගම් වලට ද නැවත වගා කිරීම් සඳහා අරමුදල් පහසුකම් සලසා ගත හැකියි. වැවිලි සමාගම් වලට අයත් විශාල වගා නොකල ඉඩම් ප‍්‍රමාණයක් තිඛෙන බැවින් ඒවා මාස හයක් තුළ එලදායි කටයුතුවලට යොදා ගන්නා ලෙස එම සමාගම් වලට දැනුම් දෙනවා. මෙම කාලය තුළ ඒ සඳහා පියවර නොගන්නා වැවිලි සමාගම්වල ප‍්‍රයෝජනයට නොගත් ඉඩම් නැවත
වගා කිරීම සඳහා කුඩා ඉඩම් හිමියන් අතර ඛෙදා හරිනවා. තේ වල ප‍්‍රමිතිය වර්ධනය කිරීමටත්, ඉහළ එලදාවක් සහිත වර්ගයන් හඳුන්වා දීමටත්, පශ්චාත් අස්වනු හානි අවම කර ගැනීමටත්, තේ අංශයට අදාළ තාක්ෂණය සහ පර්යේෂණ කටයුතු ඉහළ නැංවීම සඳහා තේ පර්යේෂණ ආයතනය විසින් කටයුතු කරනු ලබනවා. ශ්‍රී‍්‍ර ලංකා වෙළඳ නාමය යටතේ ඉහළ අගය එකතු වූ අපනයනයක් ලෙස තේ අංශය ඉදිරියට යා යුතුයි. මේ සඳහා තොග තේ මත අපනයන සෙස් බද්ද කිලෝවකට රුපියල් 10 දක්වා වැඩි කිරීමට මම යෝජනා කරනවා.
58. පොල් වගා අංශයේ නැවත වගා කිරීම, අළුත් වගාව, අතුරු බෝග වගාව සහ එලදායිතා වර්ධනය සඳහා සහනාධාර සැපයීමේ අරමුණ ඇතිව අයවැය ඇස්තමේන්තු තුළ රුපියල් මිලියන 500 ක් වෙන් කර තිඛෙනවා. ඊට අමතරව වැලිගම ප‍්‍රදේශයේ පොල් වගාවට ව්‍යාප්ත වෙමින් පවතින රෝගය පාලනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 200 ක් ද වෙන් කර තිඛෙනවා. මේ ප‍්‍රදේශයේ විකල්ප බෝග වගාව ව්‍යාප්ත සඳහා අතුරු බෝග වගාව සහ ජල බිංදු තාක්ෂණය මෙම ප‍්‍රදේශයට හඳුන්වා දෙනවා. තවද උතුරු හා නැගෙනහිර පළාත්වල පොල් වගා කිරීම දිරිමත් කරනවා. පොල් වර්ෂයකට ගෙඩි දශ ලක්ෂ 2,800 ක් පමණ වන වර්තමාන නිෂ්පාදනය මැදි කාලයේ දී පොල් ගෙඩි දශ ලක්ෂ 3,500 ක් දක්වා වර්ධනය කිරීමට අප අදහස් කරනවා. එකතු කළ අගය සහිත
අපනයන වැඩි කිරීම සඳහා අඩු පොලී අපනයන සඳහා අය කරනු ලබන සෙස් බද්ද රුපියල් 2 සිට 4 රුපියල් දක්වා වැඩි කරනවා.
59. ගරු කතානායකතුමනි, සමස්ත අමු රබර් නිෂ්පාදනයෙන් සියයට 35 ක් තවමත් අපනයනය කරන්නේ ප‍්‍රාථමික වෙළඳ භාණ්ඩයක් වශයෙනි. ලෝක වෙළඳ පොළ ඉල්ලූම ස්වභාවික රබර් සඳහා නැඹුරු වෙමින් පවතින නිසා දැනට පවත්නා රබර් නිෂ්පාදනය ඉදිරි වසර 10 ක් තුළ සියයට 50 කින් වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා නව වගා කිරීම් සහ නැවත වගා කිරීම් අවශ්‍ය වෙනවා. මොණරාගල, වවුනියාව සහ මුලතිව් දිස්ති‍්‍රක්ක තුළ නව වගාව දිරිමත් කරනවා. මෙම අරමුණ ජය ගැනීම සඳහා නව වගා කිරීමට සහ නැවත වගා කිරීමට ලබා දෙන සහනාධාර වැඩි කිරීමට ද මා යෝජනා කරනවා. මීට අමතරව පවත්නා වගාවේ නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා වැහි ආවරණ ප‍්‍රචලිත කිරීම පි‚ස සියයට 50 ක සහනාධාරයක් ලබා
දීමට ද මා යෝජනා කරනවා. ඒ සඳහා රබර් පාලන දෙපාර්තමේන්තුවේ පවතින ප‍්‍රතිපාදනය රුපියල් මිලියන 500 සිට රුපියල් මිලියන 750 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
60. ගරු කතානායකතුමනි, මගේ අදහස වන්නේ රබර් භාණ්ඩ නිෂ්පාදනය මේ රටේ වැඩිදියුණු කිරීම මඟින් රබර් මූලික කර ගත් කර්මාන්ත තුළින් අප ලබන වර්තමාන ආදායම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවන කර්මාන්තයක් බවට පත් කර ගත හැකි බවයි. දැනට ටයර් සහ ටියුබ් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් මිලියන 50 ක් පමණ වැය වන මුදල දේශ්‍රීය අමු රබර්, කාර්මික නිෂ්පාදනයන් සඳහා යෙදවීම මගින් අඩු කර ගැනීමට ද හැකි වෙනවා. එබැවින් අගය එකතු කරන ලද රබර් නිෂ්පාදන අපනයනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අපනයනය කරනු ලබන අමු රබර් සඳහා වන සෙස් බද්ද කිලෝවකට රුපියල් 4 සිට රුපියල් 8 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා.
කෘෂි ආර්ථීකය හා ආහාර සුරක්ෂිතතාවය
61. ගරු කතානායකතුමනි, අපේ රටට බොහෝ කෘෂි නිෂ්පාදන තුළින් ස්වයංපෝෂිතභාවයට ළඟා විය හැකියි. ඒ සඳහා ඉහළ ප‍්‍රමිතියෙන් යුත් බීජ සහ වගාවන්ට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍යයන් සැපයීම වැඩි කළ යුතුයි. අපගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාලවල පර්යේෂණ යොමු විය යුත්තේ ශ්‍රී‍්‍ර ලංකාවේ බහුල ලෙස වගා කළ හැකි වැඩි එලදාවක් ලබා දෙන සහ ඉහළ ප‍්‍රමිතියෙන් යුත් බෝග වගාවන් කෙරෙහිය. මෙම වගාවන් දියුණු කිරීම තුළින් ග‍්‍රාමීය ආදායම වැඩිවන අතරම ආනයන වියදම ද එක්සත් ජනපද ඩොලර් 500 කින් පමණ අඩු කර ගත හැකි වෙනවා. මේ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින බීජ ගොවිපලවල් 19 ද මහඉලූප්පල්ලම වැනි පර්යේෂණ ආයතන සතු සියළුම පාවිච්චියට නොගන්නා ඉඩම් දියුණු කිරීම ද ජාතික ප‍්‍රමුඛතාවයක් සේ සැලකිය යුතුයි. රුපියල් මිලියන 700 ක් යොදවා තුන් අවුරුදු කඩිනම් බීජ ගොවිපල සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මා යෝජනා කරනවා. එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පුද්ගලික අංශයේ ගොවිපල සමඟ එකතුව මෙම බීජ ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා කටයුතු කරනු ඇති. පුද්ගලික අංශයට
දිරිදීමක් වශයෙන් බීජ ගොවිපල සඳහා කරනු ලබන ආයෝජන වෙනුවෙන් පස් අවුරුදු බදු ඉවත් කිරීමක් යෝජනා කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය, බීජ සහ වගා ද්‍රව්‍යයන් වැඩිදියුණු කිරීම සඳහා උනන්දුවක් දක්වන ගොවි මහතුන්ට ප‍්‍රයෝජනය සඳහා ව්‍යාප්ත කරනවා. පොහොර සහනාධාරය ගොවීන්ට විශාල සහනයක් වී තිඛෙනවා. එහි එලදායිතාවය වැඩි කර ගැනීමට කාබනික පොහොර භාවිතය ද දිරිගන්වනු ලබනවා. පොහොර සහනාධාරය ඛෙදා හැරීමේ හා භාවිතයේ ඇතිවන අක්‍රමිකතා වලකා මෙම සහනාධාරය දිගටම පවත්වා ගෙන යනවා.
62. ශ්‍රී‍්‍ර ලංකාවේ වවන කොකෝවා හා කුළු බඩු බොහොමයක් විදේශ විනිමය ඉපයීමේ හැකියාවක් තිඛෙනවා. වැවිලි සමාගම් සතු ප‍්‍රයෝජනයට නොගත් ඉඩම් කොකෝවා වගා කිරීම සඳහා යොදවනවා. එසේම කුළු බඩු වගා කිරීම සහ නැවත වගා කිරීම සඳහා පස් අවුරුදු සහනාධාර ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමටත් මා යෝජනා කරනවා. මෙම අංශයේ අගය එකතු කළ නිෂ්පාදන වලට පෙළඹවීම සඳහා මූල්‍ය සහාය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩසටහන යටතේ කුළු බඩු සැකසුම් කර්මාන්තකරුවන්ට ලබා දෙනවා. කුළු බඩු උද්‍යාන සහ උසස් ගණයේ වගා ද්‍රව්‍යයන් වැඩිදියුණු කිරීම සඳහා සුළු අපනයන බෝග කෘෂිකර්ම දපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරනවා. ගම නැඟ=ම වැඩසටහන, කුළු බඩු වවන්නන් පාදක කර ගනිමින් ඔවුන්ගේ
ජීවන තත්ත්වය වර්ධනය කිරීම සඳහා ඊට අවශ්‍ය ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරනවා.
63. විසිතුරු මල්, පැළැටි සහ ශාක පත‍්‍ර සඳහා ලෝක වෙළඳ පොලේ ඉල්ලූම සීඝ‍්‍ර ලෙස වැඩි වෙනවා. කාන්තාවන් සහ තරුණ කොටස් සඳහා රැකියා උත්පාදන මාර්ගයක් වශයෙන් මේ අංශය ආකර්ශŒයයි. එබැවින්, විසිතුරු මල් සහ පැල වගාව විශේෂයෙන් අවිස්සාවේල්ල, ගම්පහ සහ කෑගල්ල ප‍්‍රදේශවල ප‍්‍රවර්ධනය කිරීම සඳහා ඉහළ ප‍්‍රමිතියෙන් යුත් මල් සහ විසිතුරු පැල නිෂ්පාදනය සඳහා පැල තවාන පිහිටුවීම පි‚ස විශේෂ දිරිගැන්වීමේ වැඩසටහනක් මා යෝජනා කරනවා. උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මෙහි මූලිකත්වය ගනු ලබන අතර එමඟින් වගාව සඳහා නොමිලේ පුහුණුව වගේම පසු අස්වනු උපදෙස් ඇසුරුම් සහ විද්‍යාත්මක දැනුම ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
64. ගරු කතානායකතුමනි, අප රටේ සුළු වාරිමාර්ග යෝජනා ක‍්‍රම 25,000 ක් පමණ තිඛෙනවා. ඒවා
කෘෂිකර්මාන්තයට මෙන්ම පරිසරයට සතුන්ට සහ මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා විශාල මෙභෙවරක් කරනවා. පළාත් සභා සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව වසර තුනක කාලයක් තුළ රටේ සියළුම සුළු වාරි ක්‍රම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. බස්නාහිර පළාත තුළ ඇති සියළුම සුළු වාරි ව්‍යාපෘති ප‍්‍රතිසංස්කරණය කිරීමට විශේෂ අවධානයක් යොමු කිරීම මගින් දැනට පාවිච්චියට ගත නොහැකිව තිඛෙන භෙක්ටයාර 50,000 ක් පමණ ඉඩම් ප‍්‍රමාණයකින් නිසි ප‍්‍රයෝජනයක් ගැනීමට අදහස් කරනවා.
65. ගරු කතානායකතුමනි, අප රටේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා බොහෝ ඉඩ ප‍්‍රස්ථා තියෙනවා. උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල මත්ස්‍ය නිෂ්පාදන ප‍්‍රමාණය රටේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 50 ක් වන පරිදි වැඩි කිරීමට අප යෝජනා කරනවා. කුඩා පරිමාණයේ ධීවරයන්ට සහනයක් සැලසීමට සහ පරිපාලනමයකටයුතු සරල කිරීම සඳහා ධීවර බෝට්ටු වලට අදාළ වාර්ෂික ලියාපදිංචි කිරීම් හා අළුත් කිරීමේ ගාස්තු බලපත‍්‍ර පවත්වා ගෙන යාමේ ගාස්තු ඉවත් කිරීමට යෝජනා කරනවා. මිරිදිය මසුන් කර්මාන්තය සහ ජලජීවි කටයුතු ප‍්‍රචලිත කිරීම සඳහා සියයට අටක සහනදායි පොලී යටතේ ණය පහසුකම් ලබා දීමට මා යෝජනා කරනවා. එසේම ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ කර්මාන්තය සඳහා ද දිගු කාලීන සහනදායි ණය පහසුකම් ඇති කිරිමට මා යෝජනා කරනවා. ධීවර කර්මාන්තයට දිරිදීමක් වශයෙන් මෙම කර්මාන්තය වසර පහක් ආදායම් බද්දෙන්
නිදහස් කිරීමට ද මා යෝජනා කරනවා. පාරම්පරික ධීවර ගම්මාන සහ ධීවර කර්මාන්තය ආශි‍්‍රත සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.
66. අපේ ආහාර සුරක්ෂිතභාවය ද, ආදායම් උත්පාදනය සහ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ද පශ= සම්පත් අංශය ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. මෙම අංශය වර්ධනය කිරීම සඳහා, පශ= සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, ඉහළ එලදාවක් දරණ සතුන් ආනයනය මගින් ජනනය සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් කිරි ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරනවා. දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට පුද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරනවා. දියර කිරි සඳහා ගොවිපල ආශි‍්‍රත අවම මිල ලීටරයකට රුපියල් 50 දක්වා වැඩි කරනවා. සුළු ප‍්‍රමාණයේ පශ= සම්පත් කි‍්‍රයාකාරකම් ප‍්‍රචලිත කිරීම සඳහා සියයට අටක සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය පහසුකම් ලබා දෙනවා. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සත්ව සෞඛ්‍යයට අදාළ පර්යේෂණවල යෙදීම මගින් ගොවීන්ට උසස් ප‍්‍රමිතියකින් යුත් සේවාවන් ලබාදීමට කටයුතු කරනවා. සෑම ප‍්‍රාදේශ්‍රීය ලේකම් කාර්යාලයක් තුළින් ව්‍යාප්ත සේවා ලබාදීමට අවශ්‍ය පශ= වෛද්‍යවරුන් හා තාක්ෂ‚ක නිලධාරීන් යොදා ගැනීම මගින් කුඩා ව්‍යවසායකයින්ට පශ= සම්පත් කි‍්‍රයාකාරකම් ප‍්‍රචලිත කරනවා.
කලාව, සංස්කෘතිය හා ජනමාධ්‍ය
67. ගරු කතානායකතුමනි, රන්මි‚තැන්න ටෙලි සිනමා ගම්මානයෙහි, ස්වකීය කලා කෘති නිර්මාණය කිරීමට කලාකරුවන්ට අවස්ථාව ලැබීම යථාර්තයක් බවට පත්ව තිඛෙනවා. මෙය අප ගොඩ නගන ලද්දේ රූපවාහිනි මගින් විකාශනය කරනු ලබන ආනයනික ටෙලි නාට්‍ය සඳහා අය කරනු ලැබූ බද්දෙන්. එය දේශීය ටෙලි නාට්‍ය දිරිගැන්වීමට ද දායක වුණා. ඉන් ලබන ආදායම මෙම ගම්මානය තවදුරටත් පුළුල් කිරීමට ප‍්‍රමාණවත් නොවන බැවින් රුපියල් මිලියන 200 ක් මෙහි දෙවන අදියර කි‍්‍රයාත්මක කිරීම සඳහා අයවැය තුළින් වෙන් කිරීමට මා යෝජනා කරනවා. කේබල් රූපවාහිනි සේවාවන් මේ බද්දට දැනට අයත් වන්නේ නැහැ. එබැවින් මේ බද්ද එවැනි රූපවාහිනි සේවාවන්ට ද එයාකාරයෙන්ම පැනවීමට මා යෝජනා කරන අතරම එමගින් ලැඛෙන ආදායම දේශ්‍රීය කලාකරුවන්ගේ යහපත සඳහා යොදවනවා.
68. එක්දහස් නවසිය හැත්තෑ ගණන් අපගේ ගැමි කලා, වේදිකා නාට්‍ය සහ රංග කලාව සඳහා ස්වර්ණමය යුගයක් වුණා. ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර ගත් අපගේ කලාකරුවන් අපගේ කලාව සහ සංස්කෘතිය ඔප් නැංවූවා. ඉදිරි වසර රංග කලාවේ අමරŒය වසරක් වශයෙන් සනිටුහන් වෙනු ඇති. ලබන වසරේ දී ලෝක මට්ටමේ කලා රංග නිකේතනයක් කොළඹ දී විවෘත වෙනවා. අප විසින් 1952 දී අත්සන් කරන්නට යෙදුන රබර් - සහල් ගිවිසුමෙන් ආරම්භ වූ ශ්‍රී‍්‍ර ලංකා චීන දිගු කාලීන මිත‍්‍රත්වය මෙහිදි සමරනවා. මාගම් රුහුණු පුරයේ ඉදිවන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව සඳහා කොරියානු රජය අපට උදව් කරනවා. ඉන්දියාව හා ලංකාව අතර ඇති නොඛෙදිය හැකි මිත‍්‍රත්වය සනිටුහන් කරමින් උතුරේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇති කිරීමට ඉන්දියාව සහාය වෙනවා. එවැනි පහසුකම් බොහොමයක් මහනුවර, ති‍්‍රකුණාමලය, ගාල්ල සහ අනෙකුත් ප‍්‍රධාන නගරවල ද ඇති
කරනවා. එබැවින් ගරු කතානායකතුමනි, රංග කලාව පිළිබඳව විශේෂ ප‍්‍රමුඛතාවයක් ලබාදීමට මා යෝජනා කරනවා. එසේම මේ සියළු නව පහසුකම් කළමනාකරණය කිරීම සඳහා රංග කලා භාරයක් පිහිටුවීමටත් මා යෝජනා කරනවා. මේ භාරය මගින් රංග කලා ශිල්පය නැවත පණ ගැන්වීම සඳහා අපගේ පැර‚ කලා ශිල්පීන් සහ නිෂ්පාදකයන් දිරිමත් කරනවා ඇති. මෙම කටයුතු ආරම්භ කිරීම සඳහා මූලික ප‍්‍රාග්ධනය වශයෙන් රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. කලා සහ නාට්‍ය කටයුතු පණ ගැන්වීම පි‚ස අපගේ කලාකරුවන් වෙත මූල්‍යමය ප‍්‍රදානයන් කිරීම ද සිදු කරනවා. 2011 සහ 2012 වසර වලදී අවම වශයෙන් සම්මානලත් පැර‚ නාට්‍යයක් හෝ වේදිකාගත කිරීමට අනුග‍්‍රහය දක්වන ලෙස සියළු බැංකු සහ මූල්‍යායතන වලට මා ආරාධනා කරනවා. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීම ඉක්මන් කිරීම සඳහා වෙන් කර ඇති ප‍්‍රතිපාදනය රුපියල් මිලියන 250 කින් වැඩි කිරීමට ද මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, මේ දශකය අපේ කලාකරුවන්ට ස්වර්ණමය දශකයක් කිරීමට අපි කටයුතු කරමු. දිවයින පුරා ඇති පුරාවිද්‍යා
ස්ථාන සංරක්ෂණය කිරීමේ දස අවුරුදු සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 300 ක් 2011 දී වෙන් කිරීමට යෝජනා කරනවා.
69. ගරු කතානායකතුමනි, මවිසින් 2007 අයවැයේ දී මාධ්‍යවේදීන්ට තම සේවයට අදාළ විවිධ උපකරණ සහ පරිගණක ලබාගැනීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දුන්නා. අද අපේ රට ආසියාවේ නැගී එන ආර්ථීකයක් බවට පත්වීමට කටයුතු කරන මේ අවස්ථාවේ දී තවදුරටත් ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය නවීන තාක්ෂණය සහ උපකරණ ලබා ගැනීමට උපකාරී කළ යුතුයි. එබැවින් ප‍්‍රමිතිය වර්ධනය කර ගැනීමටත්, වෘත්තීය හැකියාවන් දියුණු කර ගැනීමටත් ජනමාධ්‍යකරුවන්ට අවශ්‍ය පරිගණක, කැමරා සහ වෙනත් උපකරණ ආදිය ලබා ගැනීමටත් අළුතින් රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
සංවේදී සමාජයක්
70. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අඩු ආදායම් පවුල් ද ඇතුළත්ව කාන්තාවන් සහ දරුවන්ට සමාජයේ ඉහළ අවධානයක් යොමු විය යුතුයි. මාතෘ සහ ළදරු අනුපාතය අඩු කිරීම පිළිබඳව අපේ රටට ඇත්තේ ආඩම්බර විය හැකි වාර්තාවක්. නමුත් අපේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ පවතින මන්දපෝෂණභාවය තුරන් කිරීම සඳහා අපගේ පරිශ‍්‍රමය ඉදිරියටත් පවත්වා ගත යුතුයි. එම නිසා මිලියන 1.1 ක් පමණ වන අප සමාජයේ සියළු ගැබි‚ මව්වරුන් වෙත ති‍්‍රපෝෂ වැඩසටහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වෙනවා. රජයේ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල යටතේ වගා කරන සෝයා බෝංචි වැනි බෝග ති‍්‍රපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා වෙනවා. අවශ්‍ය සියළුම මව්වරුන්ට ති‍්‍රපෝෂ ලබාදීම සඳහා මෙම වැඩසටහන වෙනුවෙන් දැනට වැය කරන රුපියල්
මිලියන 1,100 ක වියදම රුපියල් මිලියන 1,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. පෙර පාසල් වයසේ දරුවන්ගේ සංවර්ධනය ගැන ද අප මෙලෙසම අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව පෙර පාසල් විශේෂයෙන්ම ගම්බද ප‍්‍රදේශවල ජනපි‍්‍රය කරවීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේ යටතේ පෙර පාසල් වලට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබා ගැනීමට උදව් කරනවා. පෝෂණතාවයෙන් යුත් ආහාර ද්‍රව්‍ය මෙම පෙර පාසල් මගින් ජනපි‍්‍රය කරවීමට ද කටයුතු කරනවා. මේ කාරණයේ දී පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට විශේෂ කාර්යභාරයක් කරතැයි මම බලාපොරොත්තු වෙනවා
.
71. ගරු කතානායකතුමනි, අපගේ සංවර්ධන උපාය මාර්ග සංවේදි සමාජයක් ප‍්‍රවර්ධනය කරනවා. වයස්ගත, අංගවිකල මෙන්ම ත‍්‍රස්තවාදීන්ගෙන් විපතට පත් සහ අසරණභාවයට පත් මිනිසුන් අප අතර ජීවත් වෙනවා. ඒ අයට අප සියළු දෙනාගේ සහයෝගය හා ආධාරය අවශ්‍යයයි. මෙම පුද්ගලයන්ගේ මාසික දීමනාවන් ඉහළ දැමීම සඳහා රුපියල් මිලියන 1,000 කින් අයවැය ප‍්‍රතිපාදන වැඩි කිරීමට මා යෝජනා කරනවා. එසේම සමෘද්ධි පවුල්වල ආබාධිත තත්ත්වයට පත් ළමයින්, පවුල් නඩත්තුවට මුදල් උපයන්නන් සහ වයෝවෘද්ධ සාමාජිකයන් සඳහා දෙන මාසික දීමනාවන් ද වැඩි කිරීමට ද යෝජනා කරනවා.
ස්වයං ආර්ථීකය
72. ගරු කතානායකතුමනි, තී‍්‍රරෝද, ලොරි සහ ට‍්‍රක් රථ කි‍්‍රයාකරුවන් සහ පුද්ගලික බස් කි‍්‍රයාකරුවන් අපේ ආර්ථීකයට අගනා සේවයක් කරනවා. එබැවින් ඔවුනේ ග් සේවා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මෙම සේවා සැපයීමේ දී කල්බදු ක‍්‍රමයට ලබා ගත් වත්කම් වෙනුවෙන් ගෙවනු ලබන වැට් බද්ද ඉවත් කිරීමට මා යෝජනා කරනවා. එසේම ඔවුන්ගේ නඩත්තු වියදම් අවම කර ගැනීමට අමතර කොටස් සඳහා වන රේගු බදු ද අඩු කරනු ලබනවා.
73. ගරු කතානායකතුමනි, අපේ ජනතාවගෙන් සෑභෙන කොටසක් ස්වයං රැකියාවල නිරත වෙනවා. ඒ අයගේ කටයුතු සඳහා දෛනික ණය ක‍්‍රමයක් මහජන බැංකෙු ව් සහයෝගය ඇතිව කි‍්‍රයාත්මක කිරීමට මා යෝජනා කරනවා. නගර තුළ ඔවුන්ගේ අළෙවි කටයුතු වර්ධනය කර ගැනීම සඳහා, භාණ්ඩ තබා ගැනීම පි‚ස එහා මෙහා ගෙන යා හැකි වෙළඳ කුටි ලබා ගැනීම සඳහා ද මෙම ක‍්‍රමය යටතේ ණය ලබා දෙනු ඇති. නාගරික ස්වයං රැකියා ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීම පි‚ස ස්වයං රැකියා ලේකම් කාර්යාංශයක් පිහිටුවනවා.
74. ගරු කතානායකතුමනි, අපගේ ආර්ථීකය සතුව කුඩා ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් තිඛෙනවා. තේ, රබර්, පොල් සහ වී වලින් සියයට 65 කට වඩා සුළු ගොවීන්. මගී හා භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු කරන අයගෙන් සියයට 60 ක් සුළු ව්‍යාපාරිකයින්ය. නාගරික සහ අර්ධ නාගරික වෙළඳාමත් බහුල වශයෙන් සුළු පරිමාණ වෙළඳාම්. මේ අයට රජයෙන් අවශ්‍ය වන්නේ ආරක්ෂාව, සරල ක‍්‍රමවේදයන් සහ කාර්යක්ෂම සේවාවන් පමණයි. එබැවින් සෑම රජයේ ආයතනයක්ම මෙම සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටළු නිරාකරණය සඳහා වෙනමම නිලධාරියෙක් පත් කළ යුතු වෙනවා.
75. ගරු කතානායකතුමනි, අපගේ සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ ආර්ථීකය කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සඳහා සැලකිය යුතු ආයතනික වැඩිදියුණු කිරීමක් අවශ්‍යයි. එබැවින් සති පොළ නවීකරණය, තී‍්‍රරෝද නැවතුම් ස්ථාන සංවිධානය කිරීම, ස්වයං රැකියා කරන්නන් සඳහා එහා මෙහා ගෙන යා හැකි කඩ, අත්කම් සඳහා සිල්ලර වෙළඳ පහසුකම්, අළුත් පළතුරු, එළවළු සහ නිවසට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය, පුවත්පත් සහ සඟරා වලට වෙළඳ කුටි, ආගමික හා පොදු ස්ථාන ආශි‍්‍රතව සිල්ලර කඩ, කුඩා අවන්හල්, මල් සාප්පු ආදිය සඳහා ව්‍යාපෘති රාශියක් කි‍්‍රයාත්මක කිරීමට මා යෝජනා කරනවා. ගම නැඟ=ම වැඩසටහන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සමඟ එක්ව මෙම කුඩා ආර්ථීකය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. ගරු කතානායකතුමනි, ග‍්‍රාමීය
ආර්ථීකය සවිබල ගැන්වීම සඳහා රාජ්‍ය ආයතනික සංවිධානය සරල කළ යුතුයි. එබැවින් ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති අදාළ ආයතන සියල්ල එක් වහලක් යටට ගෙන ඒම පි‚ස ගම නැඟ=ම සඳහා ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවනවා.
76. ගරු කතානායකතුමනි, ඉදිරියේ දී ඇති විය හැකි ලෝක ආහාර හිඟයකට මුහුණදීමට හැකිවන පරිදි අප සමාජය හැඩ ගැස්වීම අවශ්‍යයි. කුකුලන් ඇති කිරීම, පශ= සම්පත්, එළවළු හා පළතුරු යනාදිය මගින් නිසි පරිදි ආහාර සැපයීම කර ගත හැකි වෙනවා. මේ සියල්ල අපේ ගෙදර ආර්ථීකය කළ හැකියි. වියදම අඩු කාබනික පොහොර මේ සඳහා යොදා ගත හැකියි. එබැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සමෘද්ධි වැඩසටහන එකතුව ජාතික ආහාර නිෂ්පාදන කි‍්‍රයාවලියක් හරහා ගෙවතු දශ ලක්ෂයක් ඇති කිරීමට මා යෝජනා කරනවා.
77. ගරු කතානායකතුමනි, පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන සඳහා වැඩි ජනපි‍්‍රයතාවයක් පැවතීම මෙන්ම ක්ෂ‚ක ආහාර අපගේ හුරුපුරුදු පරිභෝජන රටාවට දැඩි බලපෑම් ඇති කර තියෙනවා. කෙසේ වෙතත් ලෝක ධාන්‍ය මිල මට්ටම් ඉහළ යමින් පවතින අවස්ථාවක, ආනයනය කරනු ලබන තිරිඟ= පිටි මත රඳා පැවැත්ම අඩු කිරීම සඳහා ප‍්‍රමාණවත් ලෙස තාක්ෂණය දියුණු කිරීම වැදගත්. අපේ රට සහල් අතිරික්තයක් ඇති නිෂ්පාදකයෙකු බවට වේගයෙන් පත්වෙමින් සිටිනවා. ඒ අනුව, ධාන්‍ය වර්ග මිශ‍්‍ර කර බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ආනයනික යන්ත‍්‍රසූත‍්‍ර වැට් සහ රේගු බදු වලින් නිදහස් කරනවා. තවද, වාර්ෂික පිරිවැටුම මිලියන 100 කට අඩු හාල් කෙටීමේ සහ බේකරි ව්‍යාපාරවල යෙදෙන අය ආර්ථීක සේවා ගාස්තුවෙන් නිදහස් කරනවා.
පාරිභෝගික ආරක්ෂණ ජාලය
78. ගරු කතානායකතුමනි, මිනිසුන් දුප්පත්ව ඉපදෙන්නේ නෑ. දුප්පත්කම හැදුවේ මිනිස්සුමයි. දිගු කාලයක් නොවිසඳී පවතින නඩු හබ දුප්පත්කමට එක් හේතුවක්. අවම වශයෙන් මේ වනවිට හය ලක්ෂ පනස්දාහක් පමණ නඩු උසාවිවල ගොඩ ගැසී තිඛෙනවා. මෙහි ප‍්‍රතිඑලයක් වශයෙන් මිනිසුන්ගේ කාලයත්, ධනයත් නිකරුනේ වැය වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආරාවුල් ඇති ඉඩකඩම් වටිනා වැඩකට යොදා ගැනීමටත් බැහැ. එබැවින් ඉක්ම‚න් යුක්තිය පසඳලීමේ තුන් අවුරුදු වැඩසටහනක් 2011 වසරේ දී ආරම්භ කිරීමට මා යෝජනා කරනවා. මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 400 ක් යොදවන අතර ඊට 2011 දී රුපියල් මිලියන 150 ක මූලික වෙන් කිරීමක් කරනවා.
79. වෙළඳපොල බලවේග මගින් නිෂ්පාදනවල ඛෙදා හැරීමේ කටයුතු මෙභෙයවීමේ දී අඩු ආදායම්ලාභීන් අපහසුතාවයන්ට පත් වෙනවා. ඔවුන්ට දරා ගත හැකි ප‍්‍රමාණය ඉතා සීමිතයි. ඒ නිසා බැංකුවල මූල්‍ය සහයෝගය ඇතිව ලක් සතොස සහ කෝප්සිටි වෙළඳසැල් ඉක්ම‚න් පුළුල් කිරිමට මා යෝජනා කරනවා. ඒ අතරම ලක් සතොස හා සමූපකාර සමිති සියළු බදු වලින් නිදහස් කිරීම තවදුරටත් කි‍්‍රයාත්මක කිරීමට ද මා යෝජනා කරනවා. එසේම සමාජයේ අඩු ආදායම්ලාභීන්ට ආහාර සහතික කිරීමේ කාඩ්පතක් නිකුත් කිරීමට ද මා යෝජනා කරනවා. මෙමඟින් සහල්, තිරිඟ= පිටි, සීනි, පරිප්පු, කරවල සහ කිරිපිටි දරා ගත හැකි මිල ගණන් වලට අවම අවශ්‍යතාවය ලබාදීම සහතික කරනවා. මෙම ආහාර සහතික කිරීමේ ක්‍රමවේදය සමෘද්ධි වැඩසටහන තුළින් කි‍්‍රයාත්මක කිරීමට රුපියල් මිලියන 750 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
කී‍්‍රඩා ආර්ථීකය
80. ගරු කතානායකතුමනි, අප කී‍්‍රඩා ආර්ථීකයත් දියුණු කිරීම සඳහා සෑම අතින්ම සුදුසුකම් ලබා තියෙනවා. ලෝක කි‍්‍රකට් සිතියමේ දැනටමත් ශ්‍රී‍්‍ර ලංකාව ඉන්නවා. අප විසින් ටෙනිස්, රග්බි ඇතුළු තවත් කී‍්‍රඩා දියුණු කර තිඛෙනවා. අපගේ විශ්ව විද්‍යාල, පාසැල්, ආරක්ෂක හමුදා, වැඩපොළවල මෙන්ම ගමේ ද සිටින අපගේ තරුණ තරු‚යන් ඔලිම්පික් ඇතුළු ජගත් කී‍්‍රඩා තරඟ සඳහා සූදානම් කිරීමට හඳුනා ගත යුතු වෙනවා. එබැවින් දැනට හැකියාවන් ඇති කී‍්‍රඩකයන් සඳහා කි‍්‍රයාත්මක වන කී‍්‍රඩා ශක්ති වැඩසටහන අපගේ තරුණ තරු‚යන් පුහුණු කිරීම සඳහා තවදුරටත් පුළුල් කරනවා. රටේ පවතින පහසුකම් වලට අමතරව දියගම, සූරියවැව, පල්ලෙකැලේ හා යාපනයේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගන පහසුකම් සකස් වෙමින් පවතිනවා. පළාත් සභා මට්ටමේ මෙන්ම විශ්ව විද්‍යාල වලද ඇති පිහිනුම් තටාක, කී‍්‍රඩාගාර සහ වෙනත් කී‍්‍රඩා පහසුකම් ඉදිරි වසර හය තුළ අප විසින් දියුණු කරනවා. ගෝල්ෆ් කී‍්‍රඩාව ද ඇතුළත් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කී‍්‍රඩාවන් සඳහා ප‍්‍රමුඛතාවය ලබා දෙනවා.
ජාත්‍යන්තර කී‍්‍රඩා තරඟ ආකර්ෂණය කර ගැනීම සඳහා සහ සියළු යටිතල පහසුකම් දියුණු කිරීම පි‚ස රාජ්‍ය, පෞද්ගලික සහභාගිත්වයෙන් ජාතික කී‍්‍රඩා සංවර්ධන අරමුදලක් පිහිටුවීමට ද මා යෝජනා කරනවා. මේ සඳහා ජාතික ලොතරැයි මගින් ලබන ආදායමෙන් හා සංචාරක හෝටල් කාමර වලින් අය කරනු ලබන බදු වලින් සියයට 10 ක් මෙම අරමුදලට වෙන් කිරීමට මා යෝජනා කරනවා. 2018 පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙල ශ්‍රී‍්‍ර ලංකාවේ පැවැත්වීමට අප ඉදිරිපත් වී ඇති බැවින් පෞද්ගලික අංශයත් විශේෂයෙන් සංචාරක ක්ෂේත‍්‍රයත් ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.
අපේ පරිසර ප‍්‍රමුඛතා
81. ගරු කතානායකතුමනි, අපේ ආර්ථීකය රඳා පවතින ප‍්‍රධාන සම්පත වන්නේ අපගේ ජීව විද්‍යාත්මක සම්පත්ය. අපගේ මුතුන්මිත්තන් කළා වගේම අපේ රටේ ගංගා පද්ධතිය, ජීව විද්‍යාත්මක සම්පත් සහ සමාජ ආර්ථීක සංවර්ධනය අතර ඇති දැඩි සබැඳියාව අප අගය කළ යුතුයි. ජලාශ‍්‍ර, වනපෙත්, වෙරළ තීරය, කඳු වැටි, ගංඟා හා කලපු අපේ පරිසරයට අතිශයින් වැදගත්. මේ නිසා රටේ ජෛව විවිධත්වය රැකගැනීම සඳහා අවශ්‍ය නීතිරීති හා උපාය මාර්ගයන් පාරිසරික අමාත්‍යාංශය මගින් හඳුන්වා දෙනවා. ඒ අනුව අප රටේ 103 ක් වන ගංඟාවල පෝෂක ප‍්‍රදේශ පාදක කර ගත් ජල කළමනාකරණ ඒකාබද්ධ ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ද මා යෝජනා කරනවා. පාරිසරික අමාත්‍යාංශය යටතේ ලබා දෙන අයවැය ප‍්‍රතිපාදන භාවිතා කරමින් කඩිනම් නැවත වනවගා වැඩසටහනක් සඳහා ප‍්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ වගේම කසල කළමනාකරණය ක්‍රමවත් කිරීම සඳහා සෑම ප‍්‍රාදේශ්‍රීය සභාවකම එක් භූමි කොටසක් හෝ එකී කටයුතු සඳහා වෙන් කරන ලෙස ද මා යෝජනා
කරනවා. රුපියල් මිලියන 500 ක් මේ කර්තව්‍යය වෙනුවෙන් ප‍්‍රාදේශ්‍රීය සංවර්ධන වැඩසටහනෙන් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
යටිතල පහසුකම් පිරිවැය
82. රාජ්‍ය ආයෝජන වශයෙන් මාර්ග, විදුලිබලය, පානීය ජලය, වාරිමාර්ග, වරාය සහ ගුවන් සේවා කටයුතු සඳහා මෙම අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 413 ක් වෙනවා. විදුලි බලය උත්පාදනය හා ඛෙදා හැරීම අඛණ්ඩව පුළුල් කිරීම සඳහා ඉදිරි වසර දෙක පුරා කරනු ලබන ආයෝජනය රුපියල් බිලියන 64 ඉක්මවනවා. මේ වනවිටත් අපි විදුලිය කැපීම වලක්වා තිඛෙනවා වගේම සෑම කෙනෙකුටමපාහේ විදුලිය ලබා දී තිඛෙනවා. එබැවින් විදුලිබල ගාස්තු ක්‍රමයට 2011 ජනවාරි සිට සංශෝධනයක් ගෙන ඒමට මා යෝජනා කරනවා. ආගමික ස්ථාන, රජයේ රෝහල්, පාසැල්, වෘත්තීය පුහුණු ආයතන සහ විශ්ව විද්‍යාලවල විදුලිබල ගාස්තු සියයට 25 කින් අඩු කිරීමට මා යෝජනා කරනවා. පවතින ගාස්තු ක‍්‍රමය සුළු සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා තවදුරටත් පවත්වා ගෙන යනවා. අනෙකුත් විදුලි පාරිභෝගිකයන්ගේ මුල් ඒකක 90 හැර විදුලි ගාස්තුව සාමාන්‍යයෙන් සියයට 8 කින් වැඩි කිරීමට මා යෝජනා කරනවා.
83. ගරු කතානායකතුමනි, මාර්ග සංවර්ධනය හා පුළුල් කිරීම සඳහා රුපියල් බිලියන 109 ක් 2011 සඳහා වෙන් කර තිඛෙනවා. අපගේ ඉලක්කය වන්නේ, 2013 ට පෙර සමස්ත රටේම ජාතික හා පළාත් මාර්ග සංවර්ධනය කිරීමයි. එබැවින්, පළාත් මාර්ග සංවර්ධනය සඳහා තවත් රුපියල් බිලියන 20 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. අපගේ මාර්ග ජාලයේ පවතින වැඩිදියුණුව සලකා බලා වාහන ලියාපදිංචි ගාස්තුව සංශෝධනය කිරීම අවශ්‍ය වෙනවා. එසේ වුවත් එවැනි සංශෝධනයක් තී‍්‍රරෝද රථ, කෘෂිකාර්මික හා භාණ්ඩ ප‍්‍රවාහන වාහන සඳහා කි‍්‍රයාත්මක කරන්නේ නෑ. මෙම ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මගින් ආදායම රුපියල් මිලියන 1,000 කින් ඉහළ යනවා. ඒ අතරම වාහන සඳහා වාර්ෂික ආදායම් බලපත‍්‍ර ගාස්තුව සියයට 10 කින් ඉහළ දමන ලෙස පළාත් සභා වලින් ඉල්ලා සිටිනවා.
ආදායම් පරිපාලනය ක්‍රමවත් කිරීම
84. පළාත් සභාවල පිරිවැටුම් බද්ද සහ බොහෝ ජාතික මට්ටමේ බදු මගින් බදු මත බදු පැනවී තිඛෙනවා. විශේෂයෙන්ම මෙය පාරිභෝගිකයාටත්, සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යසායකයාටත් ඉහළ පිරිවැයකට මඟපාදනවා. එබැවින්, පළාත් සභා පිරිවැටුම් බද්ද ඉවත් කිරීමට මා යෝජනා කරනවා. ජාතිය ගොඩනැගීමේ බද්දෙන් තුනෙන් එකක්, මුද්දර බදු සම්පූර්ණ වශයෙන් හා වාහන ලියාපදිංචි ගාස්තු වලින් සියයට 70 ක් පළාත් සභා ආදායම් ගිණුමට බැර කරනවා. මවිසින් කරනු ලැබු එම යෝජනාව 2011 ජනවාරි සිට කි‍්‍රයාත්මක කරන බැවින් ඊට අදාළව කළ යුතු වෙනස්කම් ඔවුන්ගේ රෙගුලාසිවලට ද ඇතුළත් කර ගන්නා මෙන් පළාත් සභා වලින් ඉල්ලා සිටිනවා.
85. ගරු කතානායකතුමනි, පළාත් පාලන ආයතනවල දේපල නිසියාකාරව තක්සේරු නොකිරීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල ආදායම උග‍්‍ර ලෙස අඩු වී තිඛෙනවා. එබැවින් පළාත් පාලන ආයතන හා අනෙකුත් රජයේ දේපලවල කුලී ආදායම් තක්සේරු කිරීම, තක්සේරු දෙපාර්තමේන්තුවෙන් මිස වෙනත් ආයතන මගින් නොකළ යුතු යැයි මා යෝජනා කරනවා. මෙමඟින් වර්ෂයකට ලැඛෙන ආදායම රුපියල් මිලියන 2,000 ක් ඉක්මවනු ඇතැයි ඇස්තමේන්තු කර තිඛෙනවා. මේ ආදායම් පරිසරය වැඩිදියුණු කිරීම ද, වීදි ලාම්පු, අපද්‍රව්‍ය ඉවත් කිරීම, සනීපාරක්ෂාව වැනි කටයුතු සඳහා යොදා ගැනීමට පළාත් පාලන ආයතනවලට හැකි වෙනවා.
86. ගරු කතානායකතුමනි, ආර්ථීක සේවා ගාස්තුව අනුපාත කාණ්ඩ හතරක් යටතේ සරල කිරීමට මම යෝජනා කරනවා. ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 3 සිට 2 දක්වා අඩු කිරීමට ද මා යෝජනා කරනවා. එහි බදු පදනම පුළුල් කිරීම සඳහා ඊට අදාළ වන බදු සීමාව ලක්ෂ පහකට අඩු කරනවා. එසේම රුපියල් මිලියන 50 ට අඩු නිෂ්පාදන හා සැකසුම් කර්මාන්ත හා තරු තුනට අඩු හෝටල් මින් නිදහස් කරනවා. සරල බදුකරණයක් සඳහා සමාජ ආරක්ෂණ බද්ද, ග‍්‍රාමීය යටිතල සංවර්ධන බද්ද සහ හර බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය ආයෝජන පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය ආයතන ඉදිකිරීම් ඇපකර අරමුදල් බද්දෙන් ඉවත් කිරීමට යෝජනා කරනවා. වසර පහක කාලසීමාවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛ‚ජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ශ්‍රී‍්‍ර ලංකා වරාය අධිකාරිය ආදායම් බද්දෙන් නිදහස් කරනවා. ඔවුන් විසින් ඔවුන්ගේ වාර්ෂික ලාභයෙන් හතරෙන් එකක් ලාභාංශ වශයෙන් රජයට ගෙවිය
යුතු වෙනවා. වැට් බදු ක‍්‍රමයේ විලම්භන කි‍්‍රයාවලිය සරල කිරීම මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ක්‍රමාන=කූලව වසර 10 ක් තුළ වැට් බදු ක‍්‍රමයට ඇතුළත් වීම දිරිමත් කරනවා. සියළු ආකාරයේ බදු ආපසු ගෙවීම් ගණුදෙනුකරුගේ ගිණුමට පමණයි චෙක්පත් වලින් පමණක් ගෙවනු ලබනවා. වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීම් මාසිකව සිදු කළ යුතු අතර ඒවායේ බදු වාර්තා කාර්තුමය වශයෙන් එවිය යුතු වෙනවා. ආයෝජන දිරිමත් කිරීමට ක්ෂය දීමනාව, යන්ත්‍රෝපකරණ සඳහා තුනෙන් එකක් ද, ගොඩනැගිලි සඳහා දහයෙන් එකක් ද වශයෙන් වැඩි කිරීමට ද ඛෙදා හැරිය හැකි ලාභාංශ ලෙස සලකනු ලබන ලාභය සියයට දහය දක්වා අඩු කිරීමට ද යෝජනා කරනවා.
87. ගරු කතානායකතුමනි, ශ්‍රී‍්‍ර ලංකා රේගුව, සුරා බදු හා දේශ්‍රීය ආදායම් සම්බන්ධව ආරාවුල් වන බදු ගැටළු සඳහා දින 90 ක් තුළ තීන්දු දීමට ස්වාධීන ආදායම් කොමිසමක් පත් කිරීමට මා යෝජනා කරනවා. තීන්දුව ප‍්‍රකාශ කළ පසු තවදුරටත් ඒවා පිළිබඳව කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ඉඩදෙනු ලබන්නේ ආරවුලට අදාළ බදු ප‍්‍රමාණය විශේෂ ගිණුමක තැන්පත් කිරීමෙන් පමණයි. දැනට පවතින සමාලෝචන මණ්ඩලය විසුරුවා හරිනවා.
88. ප‍්‍රවර්ධන හා නියාමන ආයතන ද ඇතුළත් රජයේ ව්‍යාපාරවල, මාස හයකට සරිලන කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා හැර ඉතිරි භාවිතයට අවශ්‍ය නොවන අරමුදල් 2011 ජනවාරි 31 දිනට පෙර ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු වෙනවා. ඒ අනුව, එම ආයතන මාස හයකට අවශ්‍ය කාරක ප‍්‍රාග්ධනය හැර ඉතිරි මුදල් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව තම ආයතනවල තබා නොගැනීමට කටයුතු කළ යුතු වෙනවා. මෙම මුදල් රෙගුලාසි උල්ලංඝනය කරන දෙපාර්තමේන්තු හා ආයතන ප‍්‍රධානීන්ට විරුද්ධව දැඩි පියවර ගනු ලබනවා.
89. ගරු කතානායකතුමනි, තවදුරටත් බදු ක‍්‍රමය සරල කිරීම සඳහා රේගු බදු ව්‍යුහය අනුගත කණ්ඩ හතරක් යටතට පත් කරනවා. උසස් මට්ටමේ තාක්ෂණය ලබා ගැනීමට හා නිෂ්පාදන කි‍්‍රයාවලිය උසස් කිරීම පි‚ස අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ අඩු තීරු බදු අනුපාත යටතේ ලබා ගැනීමට ඉඩ ලබා දෙමින් දේශ්‍රීය අගය එකතු කිරීම් සහිත කර්මාන්ත දිරිගන්වනවා. ශ්‍රී‍්‍ර ලංකාව වෙළඳ කේන්ද්‍රස්ථානයක් කිරීම සඳහා බන්ධිත (ගුදම්) වෙළඳ භාණ්ඩ සඳහා නව ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා. දේශ්‍රීය ආර්ථීකයේ සංවේදී නිෂ්පාදන සඳහා ඇතිවන මිල උච්චාවචනය ස්ථාවර කර ගැනීම පි‚ස විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත තෝරා ගත් ආනයන භාණ්ඩ සඳහා අදාළ කරවනවා. පරිසරය, සෞඛ්‍ය සහ ආරක්ෂාව ආදියට පමණක් ද්විපාර්ශවික, බහු පාර්ශ්වික, වෙළඳ
ගිවිසුම් හා ලෝක වෙළඳ සංවිධාන ගිවිසුම් රජය විසින් කි‍්‍රයාත්මක කරනවා. මා විසින් කරන ලද ඉහත යෝජනාවන්ට අදාළව ආදායම් සංරක්ෂණ නියෝග අද රාතී‍්‍රයේ දී නිකුත් කරනවා. භාණ්ඩ කුණු කොල්ලයට රටට ආනයනය කිරීම වලක්වාලන නීති මෙන්ම ලේබල් කිරීම භාෂා තුනෙන්ම සිදු කිරීමට අදාළ නීතිරීති ද ජාතික අවශ්‍යතා සුරැකීමට හඳුන්වා දෙනවා. දැනට රේගුවේ පවත්නා ත්‍යාග ලබාදිමේ ක්‍රමය, ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවෙන් විමසා රේගුවේ සියළුම නිලධාරීන්ට වඩාත් සාධාරණ දිරිදීම් ක‍්‍රමයක් ලෙස නැවත සකස් කරනවා.
90. ගරු කතානායකතුමනි, සංවර්ධන කි‍්‍රයාවලිය වේගවත් කිරීම සඳහා රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව මා විසින් අයවැයට පෙර පැවැත් වූ සාකච්ජා වලදී මට තහවුරු වුණා. එබැවින් උපාධිධාරීන් 10,000 ක් ඉංජිනේරු, පරිපාලන, ක‍්‍රමසම්පාදන, ගුරු, කාර්මික සේවා, කෘෂි ව්‍යාප්ති හා අනෙකුත් දීප ව්‍යාප්ත සේවාවන් සඳහා බඳවා ගැනීමට මා යෝජනා කරනවා. එමෙන්ම, තරුණ කාර්ය මණ්ඩලයක් ඇති කිරීම සඳහා රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතනවලට උපාධිධාරීන් 1,500 ක් කළමනාකරණ පුහුණුවන්නන් ලෙස බඳවා ගනු ලබනවා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සඳහා භෙදියන් 1,500 ක් අවශ්‍ය බව මගේ අවධානයට ලක් කොට තිඛෙනවා. රැකියා සොයන උපාධිධාරීන් මෙන්ම අනෙකුත් සුදුසුකම් ලත් තරුණ තරු‚යන් මෙමඟින් බඳවා ගනු ලබනවා.
91. ගරු කතානායකතුමනි, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ප‍්‍රශ්ණය පිළිබඳව ද මා ඉතා දැඩි ලෙස සිතා බැලූවා. රුපියල් 100 කින් මාසික වැටුප් වැඩිවීමක් කළහොත් ඒ සඳහා වැටුප් හා විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 1.9 ක් අවශ්‍යයි. එබැවින්, වැටුප් වැඩි කිරීම පහසු නැහැ. නමුත් සංවර්ධන ප‍්‍රමුඛතා අතපසු නොකර යම් සහනයක් ඔවුන්ට හිමිවිය යුතු යයි ද මා විශ්වාස කරනවා. අනෙකුත් වගකීම් අතරේදී පවා වුවත් ඔවුන් සුනාමි ව්‍යසනය හසුරුවා ගත් ආකාරයත්, ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් ජනතාවට සත්කාර කළ ආදර්ශමත් ආකාරයත්, අපට අමතක කරන්නට බැහැ. සියළු රාජ්‍ය සේවකයන් මහන්සියෙන් වැඩ කර ජනතාවට සේවය කිරීම අපට අවශ්‍යයි. ඔවුන් දිරිමත් කිරීමට ඔවුන්ගේ ප‍්‍රශ්න හඳුනා ගෙන ඒවා විසඳිය යුතුයි. පවත්නා වැටුප් විෂමතා නිසා බොහෝ රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ වැටුප් වර්ධක අහිමි වී තිඛෙනවා. පළාත් සභාවල ඇතැම්
ගුරුවරුන්ට පසුගිය වැටුප් විෂමතා ඉවත් කිරීම හේතුවෙන් ලැබිය යුතු වැටුප් තවම ලැබී නැහැ. ගුරුවරුන්ගේ නව සේවා ව්‍යවස්ථාව මඟින් එම සේවයට බලපෑ විෂමතා ද ඉවත් කළ යුතු වෙනවා.
92. මේ කරුණු සැලකිල්ලට ගෙන සියළු රාජ්‍ය සේවකයන් හා ආරක්ෂක හමුදාවන් වෙත සියයට පහක විශ‍්‍රාම නොවන අන්තර් දීමනාවක් වශයෙන් වැටුප් වැඩිවීමක් ලබා දීමට මා යෝජනා කරනවා. මෙමඟින් දැනට රජයේ සේවයේ පවතින 1:4 වැටුප් ව්‍යුහය පවත්වා ගෙන යාමට ද හැකි වෙනවා. ඒ වගේම මාණ්ඩලික නොවන රජයේ හා ආරක්ෂක හමුදාවන්වල සේවකයින් සඳහා ජීවන වියදම් දීමනාව රුපියල් 600 කින් 2011 ජනවාරි මස සිට වැඩි කිරීමට ද මා යෝජනා කරනවා. මාණ්ඩලික ශේ‚ සඳහා මෙම දීමනාව ජූලි මස සිට කි‍්‍රයාත්මක කිරීමට යෝජනා කරනවා. එපමණක් නොව ගුරුවරුන්ට අදාළ වැටුප් ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවට අනුව 2011 ජනවාරි මස සිට කි‍්‍රයාත්මක කිරීමට මා යෝජනා කරනවා. ඒ වගේම පළාත් සභා මට්ටමේ ගුරුවරුන්ගේ හිඟ වැටුප් ද ගෙවීමට මා යෝජනා කරනවා. එසේම වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ අනුව
රජයේ සියළු මාණ්ඩලික නොවන සේවකයන්ගේ පවත්නා වැටුප් විෂමතා ද 2011 ජූලි සිට කි‍්‍රයාත්මක වන පරිදි නිවැරදි කිරිමට මා යෝජනා කරනවා.
93. ගරු කතානායකතුමනි, එසේම සියළු විශ‍්‍රාමිකයන් සඳහා ද 2011 ජනවාරි සිට රුපියල් 300 කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමට ද යෝජනා කරනවා. විශ‍්‍රාම වැටුප් ව්‍යුහය තුළ පවතින විෂමතා ඉවත් කිරීමට 2003 ට පෙර විශ‍්‍රාම ගත් අයගේ විශ‍්‍රාම වැටුප මසකට රුපියල් 750 බැගින් ද, 2003 සහ 2006 අතර විශ‍්‍රාම ගත් අයගේ විශ‍්‍රාම වැටුප රුපියල් 250 කින් ද වැඩි කිරීමට මා යෝජනා කරනවා. මෙය 2011 ජූලි මස සිට කි‍්‍රයාත්මක කරනවා. මා විසින් කරනු ලැබූ මෙම වැටුප් හා ජීවන වියදම් දීමනාව තුළින් අප රටේ 450,000 ක් වන විශ‍්‍රාමිකයන්ට ද මිලියන 1.3 ක් වන රජයේ සේවකයන්ට ද ප‍්‍රතිලාභ ගෙන දෙනවා.
94. රාජ්‍ය සේවයේ වෘත්තීමය අංශයන්හි රාජකාරී කටයුතුවල ගුණාත්මකභාවය තිරසාරව පවත්වා ගෙන යාමට දිරිමත් කිරීම් අවශ්‍යයි. විශ්ව විද්‍යාලවල සහ පර්යේෂණ ආයතනයන්හි අධ්‍යාපන සහ පර්යේෂණ කාර්ය මණ්ඩල, වෛද්‍ය, ඉංජිනේරු, නීති මෙන්ම විශේෂිත වූ කළමනාකරණ ක්ෂේත‍්‍රවල අය විශිෂ්ට වගකීමක් ඉටු කරනවා. ඔවුන්ගේ සේවය අප විසින් අගය කළ යුතුයි. එබැවින් විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලය, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු විශේෂිත වෘත්තිකයන්ට ඔවුන්ගේ පර්යේෂණ හා වෘත්තිමය කටයුතුවල විශේෂත්වය මත වූ වෘත්තිමය දීමනාවක් ලෙස වැටුපෙන් සියයට 25 ක් ලබාදීමට මා යෝජනා කරනවා. එසේම රාජ්‍ය අංශයේ, රජයේ හා රාජ්‍ය ව්‍යාපාරවල වෘත්තීමය අංශයන්ගේ සේවාවන්හි නියුක්ත අයට බදු සහන සහිත මෝටර් රථ ලබාදීමට ද මා යෝජනා කරනවා. රජයේ සේවකයන් සඳහා යෝජිත වැටුප් හා විශ‍්‍රාම දීමනා සංශෝධන හා
බඳවා ගැනීම් සඳහා රුපියල් බිලියන 33 ක් වියදම් වෙනවා.
95. මා විසින් ඉදිරිපත් කළ යෝජනාවලට අදාළ තාක්ෂ‚ක සටහන් සභාගත කරනවා. විසර්ජන පනතේ ණය සීමාවන්ට අවශ්‍ය සංශෝධන සහ අයවැය ඇස්තමේන්තුවල සංශෝධිත ඇස්තමේන්තු කාරක සභා විවාදය ඇරඹීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
සමාප්ත කිරීමේ අදහස්
96. ගරු කතානායකතුමනි, දැන් මට මේ අයවැය සාරාංශ කිරීමට ඉඩ ලබා දෙන්න. 2011 වසරේ සමස්ත ආදායම රුපියල් බිලියන 963 ක් වනු ඇතැයි අපේක්ෂා කරමි. වර්තන වියදම් බොහෝවිට රුපියල් බිලියන 1,017 ක් වනු ඇත. ඒ අනුව මෙම අයවැයේ මූලික හිඟය රුපියල් බිලියන 54 ක් පමණ වේ. අපේ ප‍්‍රධාන යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය, ග‍්‍රාමීය සංවර්ධනය සහ සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ආයෝජනයන් මෙම හිඟයට වඩා ඉහළ අගයක් ගන්නා බැවින් 2011 අයවැය හිඟය රුපියල් බිලියන 434 එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.8 ක් වෙනවා. අපගේ මැදිකාලීන අරමුණු වන්නේ මූලික හිඟය ඉවත් කරමින් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහකට ගෙන ඒමයි. 2011 රාජ්‍ය කළමනාකරණ වාර්තාව ඊට අදාළ තොරතුරු සපයනවා. ගරු කතානායකතුමනි, නව ලිබර්වාදී මතධාරීන් තේරුම් ගත යුතු කරුණක් වන්නේ, මේ හිඟය ඇති වී තිඛෙන්නේ බංකොලොත් වූ අසාර්ථක ව්‍යාපාර මුදවා ගැනීමට නොව සංවර්ධන කටයුතු මෙන්ම
නිදහස් සේවා හා සමාජ ආරක්ෂණ කටයුතු සඳහා අප වියදම් කරන නිසා බවයි.
97. මෙම අයවැය මගින් මගේ උත්සාහය වන්නේ අපගේ අභිප‍්‍රායයන් තිරසාර කර ගැනීම සහ අප ආර්ථීකයේ අනාගත අවදානම් කළමනාකරණය කර ගැනීමයි. අප විසින් ආර්ථීක වර්ධන වේගය සියයට අටකට ආසන්නයට ළඟා කර ගෙන තියෙනවා. උද්ධමනය සියයට හයක මට්ටමක ස්ථාවර වී තිඛෙනවා. දුප්පත්කම සියයට 7.6 දක්වාත්, රැකියා වියුක්තිය සියයට පහ දක්වාත් අඩු වී තියෙනවා. මේ සියළු දේ අප ළඟා කර ගත්තේ අවුරුදු පහක් ඇතුලතයි. අපගේ සංවර්ධන උපාය මාර්ගයෙහි යථාර්තවාදී බව මෙමඟින් පෙන්වා දෙනු ලබනවා. ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන හතක් වටිනා සංචිත ගොඩ නගා තිඛෙනවා. අපගේ බැංකු ක‍්‍රමය තුළ තවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක් තිඛෙනවා. ඒ අනුව අපේ ආර්ථීකය තුළ ප‍්‍රමාණවත් විදේශ සංචිත දැන් තිඛෙනවා. මෙම සාර්ථකත්වයන් පිළිබඳව අප සියළු දෙනාම ආඩම්බර විය යුතුයි. සියයට 5 ත් 6 ත් අතර වන පහළ උද්ධමන අනුපාතය, සියයට 7 සිට 8 ක් අතර වූ වර්ධන වේගය සහ දුප්පත්කම
නොමැති සමාජයක් ඇති කර ගැනීම අපේ මැදිකාලීන ඉලක්කයන් වෙනවා. අපගේ සාමුහික පරිශ‍්‍රමය විය යුත්තේ අප ආර්ථීකයේ මේ ධනාත්මක ප‍්‍රවණතාවය ඉදිරි කාලයේදී පවත්වා ගැනීමයි.
98. ගරු කතානායකතුමනි, ඒකපුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 4,000 ක් ඉක්මවීම අපගේ උපාය මාර්ග තුළ ඇති එකම අරමුණ නොවෙයි. සියළු මිනිසුන්ට එම ඉහළ ආදායම භුක්ති විඳීමේ සමාන අවස්ථාව තිබිය යුතුයි. ඔවුන් සියළු දෙනාටම මාර්ග, විදුලි බලය, ජලය, සන්නිවේදනය, නිවාස, සෞඛ්‍ය සේවා සඳහා සමාන අවස්ථා තිබිය යුතුයි. මේ සියළු යටිතල පහසුකම් යහපත් ආර්ථීක දිවියකට ඔවුන්ට අවස්ථාව සලසනවා. ගොවීන් වතුර, බීජ, ණය සහ පොහොර ඉල්ලා සිටිනවා. ස්වයං රැකියා කරන අය ඔවුන්ගේ ව්‍යාපාර හොඳින් කර ගෙන යාම සඳහා කරදරවලින් තොර වාතාවරණයක් ඉල්ලනවා.
99. ගරු කතානායකතුමනි, මේ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ අපේ සමාජයේ සියළු දෙනාටම අධ්‍යාපනය සඳහා සමාන අයිතියක් තිබිමයි. සියළු දෙනාට ආර්ථීක වර්ධනයේ ප‍්‍රතිලාභ සමානව ඛෙදී යන විශ්වාසම මාර්ගය එයයි. අපේ තරුණ පරම්පරාවට හොඳ අධ්‍යාපනයක්, හොඳ රැකියාවක් සහ සුරක්ෂිත ජීවිතයක් ලබා ගත නොහැකි වීම නිසා ඒ අය රට හැර යාමට හෝ වෙනත් විකල්ප කෙරෙහි යොමුවීමට ඉඩප‍්‍රස්ථා ඇති නොකළ යුතු බව අප තේරුම් ගත යුතුයි. අප සමාජයේ සියළු දෙනාට මේ පහසුකම් ශ්‍රී‍්‍ර ලංකාව තුළම සැපයිය යුතුයි. දරාගත හැකි අයට පමණක් වර්තමානයේ සීමා වී ඇති මේ පහසුකම් ඒවා ලබා ගැනීමට නොහැකි අය වෙත ද ලබාදීමට හැකි නම් පමණයි එය කළ හැක්කේ. නිදහස් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සේවාව පුද්ගලීකරණය කිරීමට හෝ නැති කිරීමට අපේ රජය යටතේ කිසිදු ඉඩක් නැහැ. ඒවා ආරක්ෂා කරනවා පමණක් නොව සෑම වසරකම විශාල සම්පත් ප‍්‍රමාණයක් අයවැය මගින් සලසා එම සේවාවන් තවත් ශක්තිමත් කරනවා. ඒ සමඟම, අපේ ජාතික අවශ්‍යතාවලට අනෙකුත් අධ්‍යාපන ආයතන අනුගතවීම සඳහා නීතිරීති, රෙගුලාසි සහ ප‍්‍රමිතීන් අප
විසින් හඳුන්වා දෙනවා. අප විසින් අපේ දරුවන්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබාදීමට සහතික විය යුතුයි.
100. ගරු කතානායකතුමනි, අපි ඉදිරි දැක්මක් ඇති අය විය යුතුයි. අපගේ එකම වගකීම වන්නේ හොඳ අනාගතයක් වෙනුවෙන් වර්තමානය කළමනාකරණය කිරීමයි. එය අවස්ථාවන් බොහොමයක් ඇති අනාගතයක් විය යුතුයි. අපේ පවතින වෙනස් මතිමතාන්තර පසෙකට දමා රට මුලින් තබමු. අපේ දරුවන්ගේ අනාගතයට ප‍්‍රමුඛත්වයක් දෙමු. ගරු කතානායකතුමනි, මගේ ප‍්‍රතිපත්තිය, කැපවීම සහ නායකත්වය අපේ දරුවන්ට සෞභාග්‍යමත් අනාගතයක් සකස් කරන්නටයි. ඔවුන්ගේ අනාගතය දැනුම පදනම් කර ගත් ආර්ථීකයක් මත රඳා පවතිනවා.
අපේ රට ආසියාවේ නැගී එන ආශ්චර්යය කිරීම සඳහා අපි සියලූ දෙනාම අත්වැල් බැඳ ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයිæ
Post a Comment