(October 02, Colombo, Sri Lanka Guardian) තමා මැතිවරණ ප්‍රචාරන කටයුතුවලින් ඉවත්වී මුළු පවුල සමග කොළඹට පැමිණියේ යෑයි දකුණු පළාත් සභාවේ අපේක්‌ෂක නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ (01 වැනිදා) ප්‍රකාශ කළේය.
මැතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු දැන් මට කරන්න අවශ්‍ය නැහැ. දකුණේ ජනතාව මට හිතවත්, මේ දවස්‌වල මම ගාල්ලේ හිටියොත් සමහරු නැති ප්‍රශ්නවලට මාව පටලවාවි. ඡන්දය දවසට ඡන්දය දාලා මගේ පාඩුවේ ඉන්නවා. අද ඇත්තට තැනක් නැහැ. එහෙම මිනිහාට කැපිල්ල දානවා. මම මොනවටද නිකම් කැපෙන්නේ. මට විශ්වාසයි ගාල්ලේ ජනතාව මට වැඩි මනාපයක් ලබාදී මහ ඇමැති තනතුරට මාව පත් කරාවි කියල.
මොනවා වුණත් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ගාල්ලේ පවත්වන මැතිවරණ ජන රැලියට මම ලක්‌ෂ ගණනක පිරිසක් දකුණෙන් සහභාගි කරවනවා. දකුණේ ඡන්ද කරන උදවියට දැන් මට ප්‍රශ්නයක් නැහැ. ඕනෑතරම් ප්‍රචාරක වැඩ කරගෙන යන්න. ඒත් ඒ උදවිය ජනතාව පිළිගනීවිදැයි ප්‍රශ්නයක්. -Sri Lanka Guardian
Home Unlabelled ඡන්ද ප්‍රචාරක වැඩවලින් ඉවත් වී මා සමග මුළු පවුලම කොළඹ ආවා
ඡන්ද ප්‍රචාරක වැඩවලින් ඉවත් වී මා සමග මුළු පවුලම කොළඹ ආවා
By Sri Lanka Guardian • October 02, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment