The Most/Recent Articles

Showing posts with label ජනමාධ්‍ය අයිතීන්. Show all posts
Showing posts with label ජනමාධ්‍ය අයිතීන්. Show all posts

ප්‍රකාශනයේ නිදහස ඇහිරූ යටත් විජිත නීතිය නිසා මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා වසර 7 ක් සිරගෙට



මියන්මාරයේ රෝහින්යාවරුන්ට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා කළ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන වා ලෝන් හා කියෙව් සෝ හට එරට අධිකරණය ඊයේ (3) දිනයේදී වසර හතක සිරදඬුවම් නියම කළේය. මියන්මාරයේ රක්හියන් ප්‍රදේශයේ රෝහින්යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී එරට රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කළ බවට මෙහිදී ඔවුන්ට  චෝදනා එල්ල කර තිබුණි. මියන්මාරයේ රාජ්‍ය රහස් පනත යටත් විජිත සමයේදී සිට (1923) පැවත එන අතර මෙමගින් උපරිම වශයෙන් වසර 14 ක සිරදඬුවම් නියම කළ හැකිය.



මාධ්‍යවේදීන් දෙදෙනා වෙනුවෙන් රොයිටර් පුවත් සේවය පෙනී සිටි අතර අදාළ සමූල ඝාතනයේ ඡායාරූප සාක්ෂි පවතින බව ද ඔවුන් පෙන්වා දී තිබුණි.

රොයිටර් පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ වන ස්ටීවන් ඇඩ්ලර් මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ, මේ පුවත පසුගිය පෙබරවාරියේදී ප්‍රකාශයට පත්වීමට ප්‍රථමයෙන් මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. ‘‘ඔවුන්, ඔවුන්ගේ රාජකාරිය ඉටු කළා පමණයි. නිර්ව්‍යාජත්වයෙන් හා පක්ෂපාතී නොවී මොවුන් කටයුතු කරනවා‘‘ යන්නයි.


 

 




 


රෝහින්යා අර්බුදය තුළ දැකගැනීමට හැකි සුවිශේෂී ගැටළුවක් වී තිබෙන ප්‍රචණ්ඩත්වය ගැන අදහස් පළකරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ‘වාර්ගික පිරිසිදු බව‘ ඇතිකිරීමට රෝහින්යාවරුන්ට එරෙහිව මෙලෙස ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කෙරෙන බවයි. මියන්මාරයේ සිටින 700,000 කටත් අධික සුළුතර ජනකොටසක් වන රෝහින්යාවරු බංග්ලාදේශයට පලවා හැරීමට මිලිටරි සහයෙන් මෙහෙයුම් දියත් වෙමින් තිබේ.



අවුං සාං සුකී ප්‍රමුඛ මියන්මාරය රජය සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලිය යුතු බව පවසමින් ලොව පුරා සමාජ ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යවේදීන් හඬ නගයි. කෙසේවුවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙලි බැච්ලට් මහත්මිය පවසන්නේ, ‘‘මේ වනවිට රඳවා තබාගෙන හා රැඳවුම් භාරයේ සිටින මාධ්‍යවේදීන් මුදා හැර

ඔවුන්ගේ  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කළයුතුයි‘‘ යන්නයි.



CNN, Reuters හා New York Times ඇසුරිනි