සුවබර දිවියකට කියවීම පුරුදු කරමු

 



සුවබර ජීවිතයක් සඳහා කායික මෙන්ම යහපත් මානසික තත්ත්වයද අත්‍යවශ්‍ය වේ. සමාජයේ බොහෝ පිරිසක් විවිධාකාරයේ මානසික ගැටළු වලින් පීඩා විඳියි. තමන් මානසික ගැටළුවලින් පීඩා විඳින බව නොදැන සිටීම සහ එය හෙළිකිරීමට දක්වන නොකැමැත්ත හේතුවෙන් මෙවැනි ගැටළු තව තවත් උග්‍ර වේ. තවත් පිරිසක් එය කරුමය හෝ නොපෙනෙන බලවේගයක ක්‍රියාවක් ලෙස සිතා මිත්‍යා විශ්වාස පසුපස හඹායාම හේතුවෙන් ජිවිත විනාශ කරගනියි. මානසික ගැටළු ආශ්‍රිතව පවතින සැලකිය යුතුම කරුණ වන්නේ මෙය අනිකුත් කායික රෝගයක් සේම වෛද්‍ය ප්‍රතිකාර තුලින් සුවපත් කර ගැනීමට හැකිවීමයි.

මිනිසාගේ සිතුවිලි සහ ක්‍රියාකාරකම් හෙවත් චර්යාවන්හි ඇතිවන අසාමාන්‍ය, එදිනෙදා ජිවිතයට කරදරකාරී වන වෙනස්වීමක් මානසික රෝග හෝ මානසික ගැටළු ලෙස සරලව හැඳින්විය හැක. මෙයින් මානසික රෝග සුවපත් කිරීමට සහ පාලනය කිරීමට මනෝ වෛද්‍ය සහ ඖෂධිය ප්‍රතිකාර අවශ්‍ය වේ. මානසික ගැටළු සුවපත් කිරීමට ඖෂධ ප්‍රතිකාර අත්‍යවශ්‍ය නොවන අතර උපදේශනය සහ වෙනත් මනෝ ප්‍රතිකාර මගින් බොහෝ මානසික ගැටළු සුවපත් කල හැක.

විශාදය (මානසික අවපීඩනය - Depression), ජීවිතය පිළිබඳ අධික කලකිරීම, සියදිවි නසාගැනීමට සිතීම ජීවිතය වින්දනය වෙනුවට විඳවීම, නිරතුරුව ආසුබවාදී සිතීම මතකය දුබල වීම, තීරණ ගැනීමේ දුබලතා ඇතිවීම, නොරිස්සුම, අධික කෝපය ආදිය සුලබ මානසික රෝග වේ. 

වෛද්‍ය ප්‍රතිකාර වලට ප්‍රතිචාර නොදක්වන හිසරදය වැනි කායික රෝග ලක්ෂණ ඇතිවීම අඩිය විශාදයේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ. විශාදය ඖෂධ ප්‍රතිකාර ගත යුතු මානසික රෝගයකි

භින්නෝන්මාදයේ (Schizophrenia) ලක්ෂණ. හේතු විරහිත සැකය, හුදෙකලා වීම, නොපෙනෙන අය කතා කරනවා මෙන් ඇසීම, සැබැවින්ම නොමැති ගඳ සුවඳ දැනීම, තනිව කතා කිරීම හෝ තනිව සිනාසීම, අදෘශ්‍යමාන බලවේගවලින් තමාව පාලනය කරන බව දැනීම. මෙය මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුම මානසික රෝගයකි

භීතිකාව (Phobia). යම් යම් දේවල්වලට පදනම් විරහිතව ඇතිවන අධික බිය සහ භීතිකා තත්ත්වයක් වේ. මෙය මානසික රෝග නොවන මානසික ගැටළුකාරී තත්ත්වයන් වේ.

භීතිකා අතරින් සමාජ භීතිකාව(social phobia)වඩා සුලබය. මේ හේතුව නිසා සමාජයට සමාජයට මුහුණ දීමට අධික බියක් හා ලැජ්ජාවක් ඇතිවේ. සමාජය මගහැර සිටීමට වැඩ ප්‍රියකරයි. අන් අය නිරතුරුවම තමාගේ අඩු ලුහුඬුකම් දකීවි යයි අස්ථාන බියකින් යුක්ත වේ.භීතිකා සියල්ලක්ම උපදේශනය ඇතුළු මනෝ ප්‍රතිකාර වලින් සුව කළ හැක.

කාංසාවේ (Anxiety) ලක්ෂණ. අහේතුකව ඇතිවන තැතිගැන්ම, කලබලකාරී බව, නිතර බද පපුව දැවිල්ල වෙව්ලීම, හිසරදය, නිතර පපුව ගැහීම අඩිය කාන්සාවේ ප්‍රධාන ලක්ෂණ වේ. මානසික ගැටළු ගණයට අයත්වන සියලු කාංසා තත්ත්ව උපදේශනය ඇතුළු මනෝ ප්‍රතිකාර වලින් සම්පුර්ණයෙන් සුවපත් කළ හැක.

ග්‍රස්ථිය තත්ත්ව (OCD) ලක්ෂණ. යම් සිතුවිල්ලක් හේතු රහිතව තමාට පීඩා ගෙනදෙන අයුරින් නැවත නැවතත් ඇතිවීම. යම් ක්‍රියාවක් හේතු විරහිතව නිරතුරුව කිරීමට සිතීම ආදිය මෙහි ලක්ෂණ වේ. උදා- දිනකට අසාමාන්‍ය වාර ගණනක් දෑත සේදීම

මෙම තත්ත්වයන් අර්ථ ශුන්‍ය බව තමාට දැනුනත් ඒවා පාලනය කර ගැනීමට අපහසු වේ. ග්‍රස්ථි තත්වයද උපදේශනය මගින් සුවපත් කළ හැක.

ජානමය හේතු සාධක, මොළයේ රසායනික සංඝටක ආදියේ ඇතිවන ආසාමාන්‍යතා, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වල බලපෑම, විෂම පරිසර සාධක හා විෂම වූ සමාජ සංස්කෘතික තත්ත්ව වල බලපෑම් ද මානසික රෝග වැළඳිමට හේතු‍ වේ. 


මානසික රෝග හා මානසික ගැටළු වැළඳෙන්නේ කාහටද?. වයස ස්ත්‍රී පුරුෂ භාවය උගත් නූගත් බව කුලය ජාතිය දුප්පත් පොහොසත් බව ආදීවූ කිසිඳු තරාතිරමකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මානසික රෝග සහ ගැටළු ඇතිවිය හැක.

මානසික රෝග සුලබ තත්ත්වයකි. ලෝක ජනගහණයෙන් සෑම 10 දෙනෙකුගෙන් එක් අයෙකුට සුළු හෝ මානසික රෝගයක් හෝ නිරතුරුව පවතින මානසික ගැටළුවක් පවතියි.

මානසික රෝගයක් වැළඳීම ලැජ්ජාවට කරුණක්ද?

කිසිසේත්ම නැත. මානසික රෝග ද කායික රෝග මෙන්ම රෝග තත්ත්වයක් පමණක් වේ.

මානසික රෝග නිසා ඇතිවන අහිතකර බලපෑම්

රෝගියාගේ එදිනෙදා දෛනික කටයුතු අදාල වීම හා අක්‍රමවත් බව

රෝගියාගේ මෙන්ම රෝගියාගේ පවුලේ සමජිකයන්ගේද ආර්ථික, සමාජීය කටයුතුවල බාධා ඇතිවීම

අන්‍යන්ගේ උදව් උපකාර නිරතුරුවම අවශ්‍ය වීම

මානසික රෝග හා මානසික ගැටළු සුවකළ හැකියි

වෛද්‍ය නිර්දේශය අනුව ඖෂධ නිසි ලෙස බාවිතයෙන් බොහෝ මානසික රෝග සුවපත් කර ගැනීමට හා පාලනය කර ගැනීමට පුළුවන වේ.

මානසික ගැටළු බොහොමයක් මනෝ ප්‍රතිකාර සහ උපදේශනය මගින් සුවපත් කල හැකිය.

නොමිලේ උපදේශන සේවා ලබාගැනීම සඳහා ඔබට සමාජ සේවා අමාත්‍යංශයේ උපදේශන අංශය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල සිටින උපදේශන නිලධාරීන් වෙත යොමුවීමට හැකියාව ඇත.

එම‍ෙන්ම මානසික ගැටලු නිරාකරණය කර ගැනීම සදහා පුස්තකාල, පාසල් හා ප්‍රජා මධ්‍යස්ථාන, තරුණ හා ‍වැඩිහිටි පුද්ගලයන් සදහා වන මධ්‍යස්ථාන තුළින් උපදේශනාත්මක සැසි පැවැත්විය හැක. වර්තමාන සමාජය තුළ ආර්ථික, සාමාජීය හා සෞඛ්‍යමය ගැටලු හමුවේ මානසික ගැටළු බහුල වී තිබේ. එම‍ෙන්ම ලෝකය පුරා පැවති වසංගත තත්ත්වය මත මානසික ව්‍යාකූලභාවය තවත් උග්‍ර වී තිබේ.