‘‘රාජපක්ෂලාගේ සුපුරුදු දේශපාලන දඩයම ආරම්භ කරලා‘‘ - මංගල


පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අවතැන් වූවන් 12,500 දෙනෙකුට පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ඒමට ප්‍රවාහන  පහසුකම් ලබාදීමට, පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ යටතේ ඇති 'අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය' මගින් පුත්තලම ශ්‍රී  ලංගම ඩිපෝවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු මුදල් ඇමතිවරයාව ඊයේ (14) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ අතර  පැය 5 කට අධික කාලයක ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්දම.


''එල්ටීටීඊ සංවිධානයේ බලපෑමට ලක් ව අවතැන්වූ මේ රටේ පුරවැසියන් පිරිසකට ඡන්ද අයිතිය ලබා දීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් සතුටු වෙනවා'' - හිටපු අමාත්‍ය මංගල සමරවීර