තොරතුරු දැනගැනීමේ පනත තුන්වන වසර සමරයි


තොරතුරු දැනගැනීමේ පනත තුළ ක්‍රියාත්මක කර වසර තුනක් ගතවන විටද මෙරට නීති සම්පාදනයේ ප්‍රගතිශීලී බලපෑමක් ඇති කල පුරවැසි ප්‍රමුඛ නීතියකට RTI කදිම උදාහරණයක් සපයයි. රජයේ තොරතුරු වෙත අවතීර්ණ වීමට අවකාශය සලසාදීම තුලින් රට පුරා  දහස් සංඛ්‍යාත පුරවැසියන්ගේ ජිවිත කෙරෙහි අඛණ්ඩ බලපෑමක් RTI මඟින් ඇති කරනු ලැබිණි. විශ්‍රාම වැටුප් හා නිවාස හිමිකාරිත්වය වැනි පුද්ගල මට්ටමේ ගැටළු වල සිට, ප්‍රජා සෞඛ්‍ය සහ අධ්‍යාපනික අවශ්‍යතා වැනි සාමුහික ක්‍රියාකාරකම් දක්වා ශ්‍රී ලංකාවේ විවධ මට්ටම්වල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම නියෝජනය වී ඇත. 

2017 පෙබරවාරි මස තුන් වනදා සිට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය එහි කොළඹ ප්‍රධාන කාර්යාලය මාතර හා වවුනියා හි ඇති ශාඛා කාර්යාල හරහාද, එසේම හවුල්කාර සංවිධාන සමඟ අම්පාර අනුරාධපුරය, යාපනය, නුවරඑළිය සහ ත්‍රිකුණාමලයේ පිහිටුවා ඇති RTI කේන්ද්‍රස්ථාන හරහාද මහජනතාව වෙනුවෙන්  RTI ඉල්ලුම්පත්‍ර 2000කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් අත්වැල සපයා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය අවකාශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමෙහි  වැදගත්කම අවධාරණය කරමින් RTI මගින් සිදුකල හැකි බලපෑම හදුනාගනිමින් ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන 2019 උළෙලෙහි “RTI භාවිත කරමින් හොදම ප්‍රවෘති වාර්තාකරණය" විශේෂාංගය හඳුන්වා දීමත් TISL ආයතනය තවදුරටත් දිරිමත් කිරීමට සමත් විනි. 

TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර  පැවසුවේ, ශ්‍රී ලංකාවේ RTI ක්‍රියාකාරිත්වය තුලින් පසුගිය වසර තුනක කාලසීමාව තුල ජයග්‍රහණ රැසක් අත්විඳ ඇත. කෙසේ වුවද අවධානය යොමු කල යුතු  අභියෝග රැසක් දිගින් දිගටම පවතී. ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින්ගේ වත්කම් ප්‍රකාශයන් වැනි විෂයයන් සඳහා ප්‍රගතිශීලි නියෝගයන් ලබාදීම වැනි අවස්ථාවන් හරහා RTI කොමිසමේ විශිෂ්ඨ දායකත්වය අප දැක තිබුනත් සම්පත් වල ඇති හිඟකම හේතුවෙන් ඇතිවන ආයතනික හැකියාව අවම වීම පිලිබඳ  අභියෝගයන්ට කොමිසම මුහුණ දී ඇත. 

RTI පනත යටතේ අමාත්‍යංශ සහ අනෙකුත් පොදු අධිකාරීන් RTI පිළිබඳව සම්පාදනය කිරීමට අවශ්‍ය වන ද්වි-වාර්ෂික හා වාර්ෂික වාර්තාවන් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම පිළිබඳව TISL ආයතනයේ අවධානය යොමුව තිබේ. පනතේ අපේක්ෂා කරන පරිදි නියමිත වෙලාවට වාර්තා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව සහතික වීමෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමෙහි සාර්ථකත්වය මැන   බැලීමට ජනතාවට ඉඩ කඩ සැලසේ. 

2019 වර්ෂයේදී TISL ආයතනය විසින්ම සම්පාදනය කරන ලද RTI ක්‍රියාත්මක වීමේ ඇගයීම් වාර්තාව පෙන්වා දෙන අන්දමට දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම්  කාර්යාල හා පළාත් පාලන ආයතන ද ඇතුලත්වන ප්‍රාදේශීය මට්ටමෙන් RTI ක්‍රියාත්මක වීම ඉතා හොඳ මට්ටමක පවතින බවයි.මෙම ආයතනයන් පුරවැසියන්ට සමීපතම  රාජ්‍ය හස්තය වන බැවින් මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක් වන අතරම ජාතික මට්ටමේ අධිකාරීන් විසින් සාපේක්ෂව අඩු ප්‍රතිචාර දැක්වීම පිළිබඳවද අවධානය යොමුකළ යුතු බව TISL ආයතනය මෙහිදී අවධානරණය කර සිටි.එමෙන්ම, තොරතුරු ප්‍රගාමිව අනාවරණය කිරීමද තව දුරටත් ප්‍රගතියක් පෙන්නුම් කල යුතු අංශයකි. ප්‍රගාමී අනාවරණය තුළින්,රාජ්‍ය නිලධාරීන් හට RTI ක්‍රියාවේ යෙදවීමේදී ඔවුන්ගේ රාජකාරිය වඩාත් පහසු කරන අතරම,පුරවැසියන් නිරන්තරයෙන් අපේක්ෂා කරන්නා වූ තොරතුරු ලබා ගැනීමට ඇති බාධාවන් ඉවත් කරයි. 

රාජ්‍ය සේවය සැපයීම වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශිත කැපවීම RTI සමඟ තදින්ම බැඳී ඇති බවත් මේ කැපවීම යතාර්ථයක් බවට පත්කර ගැනීමට, සෑම පුරවැසියෙකුටම තොරතුරු දැනගැනීමේ අයිතිය අඛණ්ඩව හා තිරසාරව පවත්වාගැනීම තහවුරු කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ අවශ්‍යතාවයන් උදෙසා පුලුල් තක්සේරුවක් සිදු කරන මෙන් ආයතනය රජයෙන් ඉල්ලා සිටින බවත් ඔබේසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.