මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය වේ


මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් ඉදිරිපත් කළ මෙම ඒකාබද්ධ යෝජනාවට ඊයේ (20) රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. 

මේ අනුව, මෙම පනතේ අන්තර්ගතව තිබූ විවාහ විය යුතු අවම වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධි විධාන ආදී කරුණු සංශෝධනය කිරීමටයි තීරණය වී ඇති අතර 
 නව සංශෝධනය මගින් මුස්ලිම් ජාතිකයෙකු විවාහ විය යුතු අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දමා ඇත.