මිනිස්සු ගොසිප් හොයන්නේ ඇයි ?




- මහේෂ් හපුගොඩ - 



'ගොසිප් කියන්නේ ඉතිහාසය ඇතුලේ සිදුවෙලා තියන වැදගත්ම සන්නිවේදනය'

''ඛලිඩ් අල් ක්වාසිමි (Khalid Al Qasimi) කියන්නේ එක්සත් රාජධානියේ විලාසිතා මැදුරක හිමි කරුවෙක්. සල්ලි කාරයෙක් වගේම සෙල්ලක්කාරයෙක්. එයා ඊයේ පෙරේදා වගේ දවසක මියගියා කියන එක අපි හැමෝම දන්නා ගොසිප් එකක්. 'ගොසිප් කියන්නේ ඉතිහාසය ඇතුලේ සිදුවෙලා තියන වැදගත්ම සන්නිවේදනය' හැටියට නම් කරන්නේ මේ යුගයේ ජනප්‍රිය බුද්ධිමතෙක් වන යුවල් නෝවා හරාරි. අපි ගොඩක් දේවල් සන්නිවේදනය කළා වුනාට මිනිස්සු හැටියට අපි ගොඩක් ආසයි අපේ ගෝත්‍ර වර්ගයා කරන්නේ මොකක්ද කියල දැනගන්න. ඒක චිම්පන්සින්ට තිබුනේ නැති අමුතු ආශාවක් කියල හරාරි කියනවා. අතිරික්තයක් කියලත් තේරුම් ගන්න පුළුවන්. අපේ මිනිස් ගෝත්‍රයේ එකෙක් ගෑනු දෙන්නෙක් ගත්තොත් ඔන්න අපේ ගෝත්‍රයේ එවුන් කතා කරනවා. 'ඒයි දන්නවද ? අරූ ගැණු දෙන්නෙක් ගෙනල්ලා. උන් දෙන්න මරා ගන්නවලු මිනිහ බෙදා ගන්න බැරුව'. ඉතින් ගොසිප් වෙබ් අඩවි කියන්නේ පට්ට ජනප්‍රිය අවකාශ. මොකද මිනිස් ගෝත්‍රයේ එවුන් නටන අලුත්ම නාඩගම් ඒවායේ තියනවා. අපිට කරන්න බැරි ඒවා ගෝත්‍රයේ අනික් එවුන් කරනවා. බැරි එවුන් හූල්ලනවා. පුළුවන් එවුන් බැරි එවුන්ට පේන්නත් එක්ක උඩ පැන පැන කරනවා. එම අතිරික්තය විසින් මිනිස් ගෝත්‍රයේ එවුන් මරණය දක්වා ම ගෙනියනවා.

ඉතින් ක්වාසිම් ගේ ගොසිප් එක ඇහෙනකොට ප්‍රාග්ධනය පැත්තෙන් ගත්තම ඉරිසියයි තමයි. එත් වික්ටෝරියානු පැත්තෙන් ගත්තම එන්නේ වෙනත් හැඟීමක්. ඉස්ලාම්කරණය වෙමින් පවතින වික්ටෝරියානු ලංකාව එක්ක ගත්තම ක්වාසිමි ගැන මට දුකක් නැහැ. චීත්ත මල් ගවුම් පොඩි තරණය කරලා යන්න තරම් ගටක් ක්වාසිම් ට තිබිලා තියෙනවා. ගන්න ඕනි හැම ලෞකික සැපක්ම අරගෙන මැරෙනවා කියල දන්නෙත් නැතුව අවුරුදු 39 න් මැරිලා ගියා. මොන ආගමක් වත් නැහැ. දෙයියොත් නැහැ. මවුලවි ලත් නැහැ. මොකෙක් වත් නැහැ. ලොරි ටෝක් දෙන එංගලන්තේ Daily Mail කාරයටත් මේක නිකම් ගන්න බැහැ වගේ. පව් උන්. ගොත ගහනවා. නහයෙන් අඬනවා. එක විකාරයයි.





සලාමිගේ මරණය හා උද්දීපන මත්ද්‍රව්‍ය 

උද්දීපන ඖෂධ එක්ක පැය ගානක් අල්ලලා හිටින විදියට සෙක්ස් කරන්න පුළුවන්. පණ්ඩිතයෝ කියයි ඒක ස්වභාවික නැහැ කියල. ඒකට කමක් නැහැ. අන්තිමට මහා ලොකු දෙයක් නැති වුනත් ක්වාසිම් පට්ට ආතල් එකක් අරන් තමයි එළොව ගිහින් තියෙන්නේ. පුර්ණ වශයෙන් එයා එයාගේ ආශාව ඇතුලේ ඉඳලා තියෙනවා. එහා ලෝකේ කන්‍යාවියෝ ගැන වැඩිය හිතන්නේ නැතුව මේ ලෝකේ පළපුරුදු ඒවා ඇතුලෙම වැඩේ ගොඩ දා ගන්න එයා ප්‍රායෝගික වාදියෙක් හැටියට උත්සාහ කරලා තියනවා (මේ දවස්වල pragmatism ගැන වැඩියෙන් චම්පික රණවක මහත්තයත් කතා කරනවා). දවස් ගානක් ඇදිලා යන ඕගි එකක් තමයි තිබුණා කියන්නේ. මෙහෙ පැන පැන ඇල්ලුවට එයා ළඟ මෙත් (Meth) වගේ උද්දීපන මත්ද්‍රව්‍ය එහෙමත් තිබිල තියෙනවා. කොකේන් කියන්නෙත් ඒ වගේ උද්දීපන ඩ්‍රග් (stimulant drug) එකක් නේ. ඕගී පාටියට බැහැල හිටිය කෙල්ලෝ සෙට් එකත් ඒ වගේ. ඕනි එකකට අල්ලලා යනවා. මේ හාදයා මලාට උන් මැරෙන්නේ නැහැ.

අපේ සුදු ස්වාමියාගේ රටේ උන්ට ඕනි ඩ්‍රග් එකක් (Class A) ගන්න පුළුවන්. අරන් මැරෙන්නත් පුළුවන් අර Leaving Las Vegas චිත්‍රපටයේ වගේ. X කණ්ඩායම ඒ කාලේ කීවේ 'සෞන්දර්ය මරණය' කියල. ඒ කාලේ මට මතක හැටියට දෙදාහ මැද වගේ. ගැහැණිය විසින් මරණය සෞන්දර්යයක් විදියට ගෙන එනවා කියල තමයි පංතිවල ඉගැන්නුවේ. අදටත් ඒක ඇත්ත. හැබැයි ඒ සාංදෘෂ්ටික X එක අද නැහැ. ඒ උනාට ඒ සෞන්දර්ය මරණය වඩාත් අවශ්‍ය කරන්නෙත් අද. කොහොමත් ඒක හමුදාවෙන් වෙඩි කාල මැරෙනවට වඩා නම් නම්බුයි.

කමක් නැහැ ක්වාසිමි. අපි උඹට සලාම් කියන්නම්. සුද්දියෝ ගාණක් උඹෙන් ඕගැසම් වෙන්න ඇති. පස්සේ සමහර විට උන් කියයි උඹ හරි අමානුෂික විදියට උන්ට සැලකුවා කියල. උඹට සල්ලිත් තිබුණ නිසා වන්දිත් ඉල්ලයි. ඒවාට උන් හෙන දක්ෂයි. දන්නවනේ චිත්‍රපටකාරයන්ට උන් දෙන ගේම් එක. හිඟන ගෑණු. මුලින් දීල පස්සේ නැහැ කියනවා. මොනවා උනත් මැද පෙරදිගින් ගිහිල්ලා උඹ උන්ට දුන්න හිරිවැටෙන ආතල් එක ගැන හිතල අපි හිත හදා ගන්නම්. පට්ට.''