''බෝම්බ ගැහුවේ ත්‍රස්තවාදීන් - ඔවුන් අපේ අය නොවෙයි‘‘ - උලමාවරුන්ගේ සංගමය


පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස කුරිරු ත්‍රස්තවාදීන් කිසිලෙසකින්වත් මෙරට මුස්ලිම් ප්‍රජාවට අයත් අය නොවන බවත් ඔවුන්ගේ සිරුර භාරගැනීමට තමන් ඉදිරිපත් නොවන බවත් ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ වූවන් ගැන මීට පෙර මෙරට ආරක්ෂක අංශ අඛණ්ඩව දැනුවත් කළ බවත් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමාවරුන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක් අද (25) පැවති අවස්ථාවේදී එහි සභාපති එම්.අයි.එම්. රිස්වි පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ, 

‘‘අහිංසක ජනතාව ඝාතනය කළ කුරිරු ත්‍රස්තවාදීන් අපගේ ප්‍රජාවේ අය නොවන බවත් ඔවුන්ගේ මළ සිරුරු භාරගැනීමට අප සූදානම් නොවන බවත් තරයේ අවධාරණය කරන්නෙමු. ශ්‍රී ලාංකික මුස්ලිම්වරු කිසිදා ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ඒවාට අනුබල නොදුන් බව මතක් කරන්නෙමු.

ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියා වලට දායක වූ අයගේ තොරතුරු දිගින් දිගටම ආරක්ෂක අංශ වලට දැනුම් දුන් බවත් එම අන්තවාදීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බව ද පැවසුවේය‘‘ යන්නයි. 


මෙහිදී අදහස් දැක්වූ ආශ් ෂෙයික් අක්‍රම් නූර්මිත් පැවසුවේ, 


මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අය ගැන අපි ආරක්ෂක අංශ වලට කලින් දැන්වූවා 

දැන් මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට නම් කරලා තියෙන පුද්ගලයෝ ගැන කාත්තන්කුඩි වල ඉන්න අපේ ජනතාව ආරක්ෂක අංශ වලට දන්වලා තියෙනවා, අත්අඩංගුවට ගන්න කියලා තියෙනවා. අන්තිම අවස්ථාව දැනුම් දී තිබෙන අවස්ථාව 

මේ ත්‍රස්ත ප්‍රහාරයට සැකකරලා නම් කරලා තියෙන අය ගැන අපේ ජනතාව උද්ඝෝෂණ පවත්වලා තියෙනවා.  ඒ හැර ආරක්ෂක අංශයට අපි දැනුම් දී තිබෙනවා. 2013 ඉඳන් මේ රටේ මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචාරයක් ගෙන යන විට සංහිඳියාව හා සාමය වෙනුවෙන් කළ දේවල් මේ ලියකියවිලි වල සඳහන්. ඒ නිසා මුස්ලිම් ජනතාව ලෙස අප වගකීමෙන් කටයුතු කළා. අනෙක් අය  ගැන දන්නේ 

නීතිය හැම තැනම සාධාරණව ඉටුවන්නේ නැහැ 

අපේ රටේ දේශපාලන වාතාවරණය හා ඔවුන්ගේ ක්‍රියා ගැන අපි දන්නේ නැහැ. දේශපාලඥයින් එක්ක මාධ්‍ය හමුවක් තියෙද්දි ඒ ගැන දැනගන්න. නීතිය දැන් හැමදෙනාටම එක සමානව ක්‍රියාත්මක නොවන බව ඔබ හැමදෙනා දන්නවා.‘‘ 

මෙහිදී තවුහිද් ජමාද් සංවිධානය හා යම් මුස්ලිම් ආගමික නායකයෙකු වර්ගවාදී ප්‍රකාශ කළවිට ගන්නා පියවර ගැන  මේ සංවිධානයේ ස්ථාවරය ගැන මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී පැවසුවේ, 

‘‘මෙතෙක් අපි අපේ ආගමික නායකයි්න්ට මග පෙන්වූවා දේශනා වලදී කලයුතු දේ ගැන, තවුහිද් ජමාද් ගැන සංකල්පය අද ආපු දෙයක් නොවේ. මෙනමින් බොහෝ සංවිධාන ඉන්නවා. මේ ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන්නේ කවුද කියලා අපිට කියනන් බැහැ. ආරක්ෂක අංශ වලින් තමයි ඒ බව කියන්න ඕන. ඒ කියන්නේ වදින පිළිවෙල වගේ දේවල්. තවුහිද් ජමාද් කියන වචනේ සිංහල හා දෙමළ අය අහන්නේ අද තමයි. 

තවුහිද් ජමාද් නාමයෙන් සංවිධාන ගොඩක් ක්‍රියාත්මක වෙනවා. මොන නමින් ක්‍රියාත්මක වුණත් අන්තවාදී විදියට හැසිරෙමින් එවැනි ප්‍රකාශ කිරිම ගැන වගකීම අපි භාරගන්නවා. ඒවා කරන්න බැහැ කියලා. එන්ටීජේ කියන තවුහිද් ජමාද් සංවිධානයේ නායකයෙකු තමයි මේ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. 







අන්තවාදය ක්‍රියාත්මක  වෙන්නේ මුස්ලිම් අය අතර විතරද ? 


අපි ඔවුන් එක්ක තර්ක කරලා තියෙනවා.  ඔවුන් හා අප අතර මතභේද තියෙනවා. ඒ මතභේද පිළිඅරගෙන කටයුතු කරනවා. මේ අන්තවාදය, ත්‍රස්තවාදය මුස්ලිම් ජනයා අතර විතරක් ද තියෙන්නේ කියලා විමර්ශනය කළයුතුයි. 

දිගන, අලුත්ගම ප්‍රහාර ත්‍රස්ත ප්‍රහාර නැත්නම් මොබ් ඇටෑක් ද. මෙවැනි ප්‍රහාරයක් වෙලත් සාමකාමීව කටයුතු කළාට ස්වාමීන් වහන්සෙල්, කාදිනල්තුමා හා මුස්ලිම් ජනතාව අගය කරනවා. අලුත්ගම, දිගන ගාල්ල ප්‍රහාර වමලදී අපේ තරුණයෝ ප්‍රති ප්‍රහාර එල් කළේ නැහැ. දැඩි මත තියෙන තරුණයෝ ප්‍රති ප්‍රහාර එල්ල කළේ නැහැ. ඔවුන් මොනා කරාවිද කියලා අපිට කියන්න බැහැ

සංහිඳියාවට බාධා වෙන ඔක්කොම සංවිධාන තහනම් වෙන්න ඕන කියන මතයේ මම ඉන්නවා. මෙවැනි මත තියන අය මේ ප්‍රහාර ගෙන යනවා. ආරක්ෂක අංශ වලට දන්වලා තියෙනවා මේ වගේ මත තියෙන අය ඉන්නවා කියලා

කාත්තන්කුඩි වල ඉන්න කෙනා ගැන අපි තොරතුරු දීලා තියෙනවා ආරක්ෂක අංශ වලට. මෙච්චර කල් පැතිරුණේ නැති එකක් සමාජ මාධ්‍ය වල පැතිරෙනවා. ඉන්දියාවේ මාධ්‍යත් ඇම්බියුලන්ස් එක යන්න කලින් ප්‍රකාශ නකරනවා මේ ත්‍රස්ත සංවිධානය තමයි මෙයට වගකිව යුත්තේ කියලා‘‘ 

මදරාස් පාසල් ගැන නැගෙන විරෝධය

මාධ්‍ය මගින් ප්‍රචාරය වෙනවා මදරසා ගැන. කිසි කෙනෙකු මේ මදරසා වලට ගිහිං මේ ප්‍රහාර කළේ නැහැ. මේ රටට මුස්ලිම්වරු ආව කාලේ ඉඳන් මදරසා පල්ලි තියෙනවා. මෙතන අපි උගන්වන්නේ මනුෂ්‍යත්වය, අපේ ආගම් වල තියෙන නීතිරීති ගැන. අපේ මුස්ලිම් අමාත්‍යංශය මගින් මෙහි විෂය නිර්දේශ බලනවා. විභාග කියෙනවා. මේ ගැන සාධාරණව හිතන්න. 


බුර්කාව නොඇඳ ඉන්න ඉල්ලීම් කරනවා 

අපේ විශ්වාසය මෙතන මේක සංස්කෘතිය. මේක හැමදෙනාගේම පුද්ගලික අයිතිවාසිකමක්. අපි ප්‍රචාරය කරලා නෙමේ බුර්කාව දාන්නේ. තමන් කැමති වෙලා, තමන්ට මොකක්ද හරි කියලා කරන්නේ. මේ වෙලාවේ මහජනතාව බියට පත්වෙලා ඉන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා, මහජනයාගේ ආරක්ෂව හා අපේ අජරක්ෂක අංශ වලට සහය සෙන්න අපේ කාන්තාවන්ගේ ආරක්ෂාව සදහාත් සලකා බලා මෙය නොපළඳින ලෙස පවසනවා‘‘ යන්නයි.