ශ්‍රී ලංකා ගාඩියන් ( www.srilankaguardian.org) එහි ඉංග්‍රීසි සංස්කරණය ආරම්භ කරනු ලැබුවේ 2007 ආගොස්තු මාසයේදීය. ඉන් පසු 2009 දී අපි එහි සිංහල සංස්කරණය ( www.lankaguardian.com) ආරම්භ කළෙමු.
විශාල ලේඛකයින් ප්‍රමාණයක් මෙන්ම මිලියන ගණනක් වූ පාඨකයින් ප්‍රමාණය තහවුරු කරනු ලැබුවේ, අපේ වගකීමේ පුළුල් බවයි. කිසිඳු මුල්‍යම වුවමනාවකින් හෝ කිසිවෙකුගේ අතකොළුවක් ලෙස අපි ක්‍රියා නොකළා සේම ඉදිරියටත් නොකරන්නෙමු. අපේ එකම ශුද්ධ ආදායම වූ කලී පාඨක ඔබය. එනම් අප වටා එක් වූ ලේඛකයින්ගේ අදහස් කියවන ඔබය. එය සමාජයේ කතාබහට ලක් කරන ඔබය.
අපි මුහුණ දුන් දුෂ්කර අවස්ථා එමට ඇත්තෙමු. අපේ සගයින්ගේ ආහාරයට ඇති මුදල පෞද්ගලික “ඉන්ටර්නෙට් කැෆේ “ වලට වියදම් කරමින් ශ්‍රී ලංකා ගාඩියන් තම ලිපි ප්‍රසිද්ධ කළ ඉතිහාසයක් තුළ අපි ගමන් ගත්තෙමු.
අපහස කිරීම්, කිසිඳු පදනමක් නොමැතිව විවේචනය කිරීම්, භායනක ඕපා දූප ගෙතීම්, මෙන්ම අවස්තක්සේරු කොට කෙසේ හෝ කඩාකප්පල් කිරීම් වලින් පිරිණු අත්දැකීම් වලින් අපි ගමන් කළෙමු. අපි ඊට ස්තූතිවන්ත වන්නෙමු. අනාගතයේදීද අපි එවැනි දෑ බලාපොරොත්තු වන්නෙමු. එය පොදු යථාර්තයයි.
සගයිනි; අපි ලංකාවේ තහනම් කොට ඇත. එය අපට පුදුමයක් නොවේ. මන්ද; බියගුළු ආණ්ඩුවකින් බුද්ධිමත් තීරණ ගැනීමක් ගැන කිසිඳු බලාපොරොත්තුවක් තැබිය නොහැකි නිසාය. ආණ්ඩුවට කළ හැක්කේ එකිනෙකාගේ කේලාම් මත තීරණ ගනිමින් තම අපකීර්තිය තව දුරටත් වැඩි කර ගැනීම පමණි. අපි ආණ්ඩුවට “ අනේ... අපේ තහනම ඉවත් කරන්න”, යැයි නොකීවේ සහ නොකියන්නේ ඒ නිසාය.
එය ගැන ලජ්ජා වීම මෙන්ම පාපොච්චාරණය කිරීම ආණ්ඩුව සතු වගකීමක් මෙන්ම තහනම් කිරීම ගැන සමාව අයැදීම මහත්මා පාලනයක යුතුකමය. එවැනි තැනක යහ-පාලනයක් ඇති වේ. එවැනි භූමියක් ආදර්ශමත් මෙන්ම ආකර්ශනීය වේ.
අපි අපේ තහනමට අනවශ්‍ය ප්‍රචාර ලබාදෙමින් අපට කිරීමට ඇති කටයුත්ත අමතක නොකළෙමු. නමුත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අපි ගැන කළ සැලකිල්ල ගැන අපි අපේ හදවත් වලින්ම ඔවුන්ට කෘතඥ වන්නෙමු. මේ අතර ඇතැම් සගයින් මෙන්ම සංවිධාන අපි ගැන කතා නොකිරීමට ගත් ප්‍රවේශම් සහගත තීරණය ගැනද අපි කණගාටු නොවන්නෙමු. ඔබ මුහුණ දී සිටින යථාර්තය හමුවේ එවැනි දෑ සාමාන්‍ය කාරණාය. නමුත්, ඔබ ඔබේ අසල්වැසියා මුහුණ දෙන අසාදාරණයට එරෙහි විය යුත්තේ ඔබේ අසල් වැසියාගෙන් පසු එය ඔබ වෙත පැමිණෙන නිසාය.
මේ අතර RSF, ICJ වැනි මාධ්‍ය ආයතන අපි මුහුණ දී සිටි තත්වය ගැන කතා කිරීම සමබන්ධයෙන් අපි කෘතඥ වන්නෙමු. එසේම අල් ජසීරා, ඒ. එෆ්. පී. , ඒ. පී. , බී. බි. සී. , ෆ්රාන්ස් 24, කවුන්ටර් පන්ච් ආදී මාධ්‍ය ආයතන සිය ගණනක් අපි ප්‍රසිද්ධ කළ කාරනා උපුටා දැක්වීම මෙන්ම ඒවා ගෝලීය ලෙස කතා බහට ලක් කිරීමට කටයුතු කිරීම ගැන අපේ සතූතිය පළ වන්නෙමු.
අපේ රටේ සිටින සැබෑ ජනමාධ්‍යවේදීන්ට අපි ගරු කරන්නෙමු. මෑතකදී තමන්ගේ උපනදිනය ගැන පුවතක් පළ නොකිරීම ගැන උරණ වූ එක්තරා කාන්තාවක් ඇයගේ ස්වාමියාගේ මූල්‍ය දායකත්වය ලබාදුන් ආයතනයක සේවය කළ ජනමාධ්‍යවෙදීන්ට බැන වැදුනාය. එය නිවැරදිව වටහාගත් එහි සේවය කළ ජනමාධ්‍යවේදීන් ඉන් වහාම නැගිට ගෙදර ගියෝය. මෙවැනි තීරණ ගත හැක්කේ ඉතා සුළු පිරිසකට පමණි.
රටක් හෝ සමාජයක් මුලාවේ වැටී සිටින විට ඇත්ත කතා කිරීම වූ කලී විප්ලවීය කටයුත්තක්ය, යන ඕවේලියානු අදහස අපට ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්තයකි. අදාල සගයින් ඊට කදිම නිදසුනකි. මෙවැනි උදාර මින්සුන් අපේ රටේ සිටීම ගැන ආඩම්බර විය යුතුය.
සගයිනි, කාලය වෙනස් වෙමින් තිබේ. වසර ගණනාවක් තිස්සේ ඔබ කළ අරගලය ගැන නව සිහින දැකීමට කාලය පැමිණෙමින් තිබේ. යථාර්තය දකින පිරස පමණක් නොව ඊට එකඟව වැඩකරන පිරිසද වැඩිවෙමින් තිබේ.
නව වසර උදාවන්නේ මෙම සුභ කාරණා සමඟිනි.
මෙය සංක්‍රාන්ති සමයක් පසු කළ ජාතියකට උදාවෙන නව වසරකි. මෙම නව වසර මුලාවට විකිණෙන සහ අල්ලසට යටත් වෙන වසරක් නොකිරීමට ඔබට කළ හැකි වගකීම අතිශය විශාලය. බාහිර කාරණා පෙළගැසුණු විට තමන් තුළ ඇති වන සැබෑ නිදහසේ ගීතය මතු පිටට පැමිණෙනු ඇත. අපේ මාතෘ භූමිය ගමන් කරමින් සිටින්නේ එම තීරණාත්මක අවධිය තුළිනි.
සගයිනි, ඔබ තනිව බැඳගෙන ඇති කූඩු හැරදා, රටේ මිනිසුන් සමඟ එක්ව සිට ගනිමින්, ඔබේ හදවත් පතුලේ කිඳා බැස ඇති බිය නිසා කළ නොහැකි වූ, අන්ධ භක්තිය නිසා වැළලී තිබු, ඒ නිදහසේ ගීතය එක්ව ගැයීමට අවස්ථාව උදා වී ඇත.
මෙය ඔබේ වසරයි. මෙය ඔබේ ඔලුව තුළ මොළයක් තිබේද? යන්න තීරණය කරණ වසරයි. මෙය ඔබේ අනාගත පරම්පරාව සම්බන්ධයෙන් ඔබ සතු වගකීම පරික්ෂා කරණ වන වසරයි. යකුන් මෙන්ම යකුන් සමඟ යහන්ගත වෙමින් මේ ආදරණීය මාතෘභූමිය කෙළසනු ලැබූ ඒ අඳුරු යුගය නිමා කිරීමට අවස්ථාව ලබා දී ඇති වසරයි.
ඔබ සැමට ලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා!
ඒත් අපි තවමත් තහනම්ය! මේ සටහන තබන්නේ තහනම් කලාපයේ සිටින අපේ මිනිසුන්ටය!
ශ්‍රී ලංකා ගාඩියන් කතෘ මණ්ඩලය