| නිලන්ත ඉලංගමුව
මෙය “මහ ජාතියේ” අවුලයි. යළිත් මොවුන්ට තමන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට අවස්ථාවක් උදා කර දී ඇත. මොවුහු දිනපතා තමන්ගේ ප්‍රතිබිම්භයන් කණ්ණාඩියෙන් දුටුවද තමන් කවුරුන්ද යන්න සමාජීය වශයෙන් තේරුම් ගැනීමට අසමත් ජාතියකි. මොවුන් සෑම පසළොස්වක පොහොය දිනකදීම සුදු සළුපිරි ඇඳගත්තද අධ්‍යාත්මික වශයෙන් තමන් අවබෝධ කරගැනීමට අසමත් ජාතියකි.ඇත්ත කතාව වන්නේ මෙයයි, නොපෙනෙන නිවනක් දැක මෙලොව ජීවිතය, පාදඩ දේශපාලනඥයින්ට දන් දීමට තරම් මෙම ජාතිය නිවට වී ඇත.
මෙම සම්පූර්ණ ව්‍යාකූලභාවය ඇතිකරනු ලබන්නේ ඉතා සුළු පිරිසක් විසිනි. එම සුළු පිරිස මඟින් සමස්ථ ජාතියේ කොන්ද කඩා, බංකොලොත් ජාතියක් බවට පත් කොට ඇත. එමඟින් මැනිය නොහැකි කුහකකමක් ජාතිය වෙත කිඳා බැස ඇත. මෙවැනි තත්වයක් යටතේ බුද්ධිය වෙනුවෙට අමෝහය ආදේශ වේ. තර්කය වෙනුවට අන්ධ විශ්වාසය පැලපදියම් වේ. රාජපක්‍ෂලා ගොඩ යන්නේ මෙම මුලික සමාජ විපරිණාමයට අනුකූලවය. ඔහු තම තෙවැනි උත්සාහය ගනිමින් සිටින්නේද මීට අනුකූලවය. ඔහුගේ සැබෑ අවබෝධයට අනුව මෙම ජාතිය “යමක්” දීමෙන් සතුටු කළ හැකි ජාතියක් සේම එමඟින් මෙම ජාතියේ තීරණාත්මක දෑ ඔහුට ඕනෑ ආකාරයෙන් හැසිරවිය හැකිය.
එසේම; දිව දෙකෙන් කතා කරණ “බුද්ධිමතුන්” යැයි කියා ගන්නා පිරිසක් තම නරුම පෞද්ගලික පැවැත්ම උදෙසා මෙම මුර්ග අවභාවිතය විවිධාකාර වාද යොදා සාදාරනීකරණය කරමින් සිටිති. ඇතැමෙකුට නැති කොටියෙක් පෙනේනේය. තවකෙකුට මෛත්‍රිපාල තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ චීනය ගැන සඳහන් නොකිරීම කුතුහලයක් බව කියන්නේය. ලංකාවේ “බුද්ධිමතුන්” යැයි කියාගන්නා පිරිස නියැලී සිටින්නේ මෙම පාදඩ දේශපාලනයේ අපිරිසිදු හෙළුව වසා දමන අඹුඩය ඇන්දවීමේ කර්තව්‍යයේ මිස වෙනත් යහපත් දෙයක් වෙනුවෙන් එනම් රටේ සමස්ථ “ඉරණම” තීරණය කිරීම සඳහා අතවශ්‍ය දෙයක් වෙනුවෙන් කැපවීම නොවේ.
මෙම සන්දර්භයන් හමුවේ ඔබට හමුවන්නේ කුළල් කෑ ගැනීම් පමණි.
ඊයේ ( දෙසැම්බර් 24 ) සිරිකොතදී නැටු නාඩගම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක ආරම්භයක් පමණි. මෙය ඉදිරියේදී වඩාත් සංකීර්ණ වීමට ඇති ඉඩකඩ බොහෝය. මෙය වූ කලී සිංහලයින් තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්නා ආකාරයය. රාජපක්ෂ මෙවර තෝරාගෙන ඇත්තේ මීට පෙර සිටි නායකයින් තෝරාගත් ජාතිවාදය නොවේ. එනම් සිංහල- දෙමළ හෝ මුස්ලිම් කෝලාහලයක් ඇතිකිරීමෙන් ගොඩ යෑම නොවේ. එවැන්නක් කිරීමෙන් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඔහු පත්වන්නේ අතිශය ගැඹුරු සහ භයානක තත්වයකට බව හෙතම හොඳාකාරවම දන්නේය.
නමුත් ඔහු අරදින්නේ “මහජාතිය” අතර නොනිමි අභ්‍යන්තර ආරවුලක් ඇති කිරීම සඳහාය. එනම් පවතින අවුල තවදුරටත් ව්‍යාකූල කිරීම සඳහාය. මෙය දීර්ඝ කාලීන එකක් මෙන්ම මෙමඟින් විශ්වාශ කළ නොහැකි මට්ටමේ විනාශයක් අප වෙත උදා වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නොවේ. මේ සඳහා ආණ්ඩුව එනම් රාජපක්ෂ සතුව සියලුම හැකියාවන් මෙන්ම උපකරණ තිබේ. මන්ද, රාජපක්‍ෂ වෙනුවෙන් කැපවීම සඳහා ඔහු අභිමුඛ රැඳී සිටින්නේ සියලුම රෝගී චරිතය. මෙවැනි කල්ලියක් මෙහෙයවීම රාජපක්ෂ වැනි අයෙකුට වඩාත් පහසුය.
නමුත් වඩාත් වැදගත් වන්නේ මිනිසුන් අතර ඇතිවිය හැකි අතිශය භයානක ඝට්ටනයන් මැඩපැවැත්වීම සඳහා කටයුතු කිරීමය. මන්ද ගැටුම් වල නීරස අග සිට මුලටම අපි ජාතියක් ලෙස පරම්පරාවක් සම්පූරණයෙන්ම වලපල්ලට යවමින් භුක්ති වින්දෙමු. එම මතකය අප අතර තබාගැනීමත් එවැන්නක් යළි සිදුනොවීමට වගබලා ගැනීමත් අතිශය වැදගත් වේ.
අපගේ දුර්ගුණයන් නැතිකළ හැක්කේ අපි විසින් අතීතයේදී විඳ දුක් ගැහැට වල මතකයන් තබාගෙන ඒවා අපේ මීළඟ පරම්පරාවලට තේරුම් කරදීමෙන්ය. මෙය පෘථුල සමාජීය වගකීමකි. අපි එකිනෙකා කුළල් කා ගැනීමෙන් සිදු වූයේ අපේ මාතෘභූමිය කෙළසීම සඳහා දූෂිතයින්ට ඉඩ සලසා දීමය. ත්‍රීමා විතාන ඇතුළු සිසුන් ඝාතනය කරණ විට අනෙක් පසින් දයා පතිරණලා මරා දමමින් අපි පෙන්වුයේ රටේ සමස්ථ ගැටලු විසඳීම සඳහා අප කළ අත්හදහා බැලීම් වල තිබු නොහැකියාව සහ අමනකමය.
රටේ සමස්ථ ශිෂ්‍ය දේශපලනය මේ වන විට වැටී ඇති තත්වය සහ ඔවුන්ගේ අයිතිය රටේ දිරාගිය රාජ්‍ය සේවාවේ ගෙලටීනයේ ගොදුරක් බවට පත් වන විට අපට ඇත්තේ ලෝකයට පෙනෙන සේ දුක බෙදා ගැනීම මිස ඒ වෙනුවෙන් පුළුල් ක්‍රියාමාර්ගයක් ගැනීම නොවේ. මෙය “මහජාතිය” යැයි නම් කළ අවලුන්ගේ අවුලය. එනම්, අභ්‍යන්තර කුළල් කෑ ගැනීම් පළල් කොට ඇති ආකාරයය.
මේ වන විට තමන් විසින්ම බලෙන් කැඳවාගත් මැතිවරණයක් නිසා රටේ මුදල් මෙන්ම කාලය නාස්ති කරමින් සිටින රාජපක්ෂ වියරුවෙන් තමන්ගේ ශක්තිය මත ජනතාවගේ කැමැත්ත මංකොල්ල කෑමට අර අදින්නේ මෙම සන්දර්හයට යටත්වය.
අප තේරුම් ගත යුතු සත්‍යයක් තිබේ. එනම් මෙවර මැතිවරණය වූ කලී සිංහලයින්ගේ පොරයකි. බොහෝ දෙනෙකුට අවශ්‍ය නායකයා තෝරාගැනීම සහ සුළු පිරිසකට අවශ්‍ය පාදඩයා තෝරාගැනීම සඳහා සිදු කරන්නා වූ කෝලාහලයකි. මෙය සැබවින්ම ලංකාවේ දේශාපාලනය තුළ සිදුවන සමාජීය වැදගත්කමක් ඇති ප්‍රධාන සිදුවීම් වලින් එකකි.
සිංහලයින් අපකීර්තිමත් ජාතියක් නොවන නමුත් දුර්වල ජාතියක් ලෙස පිටට පෙන්වීමට කැමති මෙන්ම හිත තුළින් වදවිඳින ජන කොට්ඨාශයකි. සාමූහික වගකීම වෙනුවට මෙම ජාතිය මත ආදේශ වී ඇත්තේ බලය හමුවේ හුදෙකලා වීමය. මෙම තත්වය නිවැරදිව තේරුම් ගත යුතුව ඇත.
සිංහල ජාතියට මෙමඟින් තමන්ට ශක්තියක් සහ කොන්දක් ඇති ජාතියක් බව පෙන්වීමට අවස්ථාව උදා කර දී ඇත. එමඟින් ඔබ රටට පමණක් නොව මුළු ලෝකයටම ලබා දෙන්නේ මහඟු ආදර්ශයකි. මෙම ජාතියට අවශ්‍යවන්නේ රටක් මිසක කොල්ලකාරී පවුලක් නොවන බව පෙන්වීම සඳහා වන අවස්ථාවකි.
එනයින් බලන කළ වෙනත් ජාතීන් 70 දශකයේ මුලදී ලබාගත් අවස්ථාවන් සිංහලයින් හමුවේ මෙවර උදා වී ඇත. මේ වූ කලී අත්හල සහ අතහැරුණු අවස්ථා වලින් පසු ලබා දී ඇති තවත් එක් අවස්ථාවකි.