උඩවලව ඇත් අතුරු සෙවණේ අලි පැටවකු

නීති විරෝධී ලෙස නවසීලන්තයට යැවීමේ සූදානමක්

| සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

උඩවලව ඇත් අතුරු සෙවණේ ජීවත් වන ගැහැනු අලි පැටවකු සහ පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වන ගැහැනු අලි පැටවකු නවසීලන්තයේ ඔක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට නීති විරෝධී ලෙස යැවීමට සැලසුම් සකස් කරමින් පවතී. එ් සඳහා ඇත් අතුරු සෙවණේ සිටින සුදුසු අලි පැටවකු සත්ත්වෝද්‍යානයට ලබා දෙන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පශු වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබේ. නවසීලන්තයේ  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානය සමඟ ඇති කර ගත් එකඟතාවයක් මත සත්ත්ව හුවමාරු වැඩසටහනකට අනුව යැයි සඳහන් කරමින් මෙම අලි පැටවුන් දෙදෙනා ලබා දීමට සූදානම් වේ. නවසීලන්තයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් වසන්ත කරන්නාගොඩ මහතා විසින් මෙම සතුන් දෙදෙනා නවසීලන්තයට ලබා ගැනීමට දැඩි පරිශ‍්‍රමයක නිරත වේ.

මේ සම්බන්ධයෙන් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී
ගමගේ මහතා විසින් 2014 ජනවාරි 20 වන දින අංක MBGPR/Sce/NZG/EIE/01 දරන ලිපිය වනජීවී
සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත හා පිටපත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත හා සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරමින්
ඉල්ලා ඇත්තේ නවසීලන්තයේ  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානය වෙත ලබා දීමට ඇත් අතුරු සෙවණේ ජීවත්
වන ගැහැනු අලි පැටවකු ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ය.

මෙම ඉල්ලීම කර ඇත්තේ ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
යටතේ පැවති සමයේ දී එවකට විෂයය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා
විසින් ගත් තීරණයක් මත සත්ත්ව හුවමාරු ක‍්‍රියාවලිය යටතේ ගැහැනු අලි පැටවුන් දෙදෙනකු නවසීලන්ත
 ඕක්ලන්ඞ් සත්ත්වොද්‍යානයට ලබා දීමට අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමකට අනුව ය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡුාවක දී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ
අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ආනන්ද විජේසූරිය මහතා
ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ට වාචික ව උපදෙස් ලබා දී ඇත්තේ උඩවලව
ඇත් අතුරු සෙවණේ ජිවත් වන අලි පැටවකු නවසීලන්තයේ  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට ලබා දීමට
කටයුතු කරන ලෙස ය.

මෙම වැඩසටහනේ පළමු සැලසුමට අනුව පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වන ගැහැනු අලි පැටවුන්
දෙදෙනකු  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානය වෙත ලබා දීමට නියමිත විය. එ් අනුව පසුගිය වසරේ අවසාන
භාගයේ දී එම සත්ත්වෝද්‍යානයේ නියෝජිතයන් කිහිප දෙනෙකු පින්නවල අලි අනාථාගාරයට පැමිණ
ගැහැනු අලි පැටවුන් දෙදෙනකු තෝරා ගැනීම සිදු කර තිබේ. එ් අනුව 2006 දෙසැම්බර් 8 වන දින
පින්නවල දී උපත ලැබූ පාලි නම් අලි පැටවා සහ 2006 අගෝස්තු 23 වන දින පින්නවල දී උපත ලැබූ
අංජලී නම් අලි පැටවා  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට යැවීමට තීරණය විය.

මේ අතරතුර නවසීලන්ත පශුවෛද්‍යවරු කණ්ඩායමක් පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වන අලි
ඇතුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ දී පෙනී ගියේ නවසීලන්ත සත්ත්වෝද්‍යානයට ලබා දීමට
සූදානම්ව ඇති පාලි නම් අලි පැටවා ඇතුළු ව සතුන් කීප දෙනෙකුට ක්ෂය රෝගය වැළ ඳී ඇති බව ය. එ්
සමඟ ම අලි පැටවුන්  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට යැවීමේ ක‍්‍රියාවලිය තාවකාලිකව නතර විය. නමුත්
නැවත වරක් මෙම ක‍්‍රියාවලිය ආරම්භ වී තිබේ. එ් අනුව ඇත් අතුරු සෙවණේ ජීවත් වන හොඳ සෞඛ්‍ය
තත්ත්වයේ පසු වන ගැහැනු අලි පැටවකු හා පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වන අංජලී නම් අලි
පැටවා නවසීලන්ත  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට ලබා දීමට සූදානම් වේ.

නමුත්  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයෙන් පින්නවල සිටින අලි පැටවුන් ලබා ගැනීමට වඩා ඇත් අතුරු
සෙවණේ ජීවත් වන අලි පැටවුන් දෙදෙනකු ලබා ගැනීමට වැඩි උත්සාහයක් දරන බව පෙනී යයි. ඊට
හේතුව ඔවුන්ගේ අධ්‍යයනයන්ට අනුව පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන්ට ක්ෂය රෝගය
පවතින බවට පර්යේෂණ වලින් තහවුරු වීම ය. මේ නිසා ඔවුන්ගේ අදහස වී ඇත්තේ උඩවලව ඇත්
අතුරු සෙවණේ ජීවත් වන නැවත වනාන්තරයට මුදා හැරීමේ හැකියාව නොමැති ගැහැනු අලි පැටවුන්
දෙදෙනකු ලබා ගැනීමට ය.

පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වූ අශෝකමාලා නම් ඇතින්න ආමේනියාවේ යෙරවේන්
සත්ත්වෝද්‍යානයට ලබා දීමට සූදානම් වූ අවස්ථාවේ දී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ ීක්‍ත්‍ඍ
380/2007 අංක දරන පෙත්සමට අනුව සකස් කළ විදේශීය රාජ්‍යයන්ට සතුන් යැවීමේ දී හා සත්ත්ව
හුවමාරු වැඩසටහන්වල දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශක ඇතුළත් අන්තර්වාර මාර්ගෝපදේශක
පත‍්‍රිකාවට අනුව පිටරටකට ප‍්‍රදානය කළ හැකි වන්නේ මෙරට සත්ත්වෝද්‍යානයේ හෝ අලි අනාථාගාරයේ
උපත ලැබූ අලියෙකු පමණකි. එය මෙම මාර්ගෝපදේශක පත‍්‍රිකාවේ ප‍්‍රධානතම කරුණකි. එය
සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන
උඩවලට ඇත් අතුරු සෙවණේ රැුකවරණය ලබන අලි පැටවුන් විදේශ රටකට ලබා දීම යනු මෙම
අන්තර්වාර මාර්ගෝපදේශක උල්ලංඝනය කිරීම මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පැහැර හැරීමකි.
ආචාර්ය විලී ගමගේ මහතා විසින් වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කර
ඇති ලිපියේ සඳහන් කර ඇත්තේ සත්ත්වෝද්‍යාන අතර සතුන් හුවමාරු කිරීමේ වැඩසටහන යටතේ
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව එම අලි පැටවුන්
දෙදෙනා ලබා දීම සිදු කරන බව ය. නමුත් මේ සම්බන්ධයෙන් අප විසින්  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයේ
බලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඔවුන් පැහැදිලිව ම සඳහන් කළේ කිසිදු ආකාරයක සතුන්
හුවමාරු කිරීමේ වැඩසටහනකට ඔවුන් එකඟතාවය පළ කර නොමැති බවත් මේ අලි පැටවුන් දෙදෙනා
ලබා ගැනීමට කටයුතු කරන්නේ සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ නොවන බවත් ය. එ් අනුව පෙනී
යන්නේ වගකිව යුතු අමාත්‍යාංශයක ලේකම්වරයකු වශයෙන් ආචාර්ය විලි ගමගේ මහතා සාවද්‍ය කරුණු
ඉදිරිපත් කරමින් වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය නොමඟ යවමින් ඇත් අතුරු සෙවණේ අලි
පැටවකු ලබා ගනීමට උත්සාහ ගන්නා බව ය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මේ පිළිබඳ ව නිවැරදි කරුණු සොයා
නොබලමින් නීති විරෝධී ලෙස උඩවලව ඇත් අතුරු සෙවණේ රැුකවරණය ලබන අලි පැටවකු
නවසීලන්ත  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානය වෙත යැවීමට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට
නියෝග නිකුත් කිරීම යනු ඉතා ම හානි කර කි‍්‍රයාවකි. මින් පෙනී යන්නේ නීතිරීති උල්ලංඝනය කරමින්
උඩවලව ඇත් අතුරු සෙවණේ අරමුණු සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග
හෑල්ලූවට ලක් කරමින් කටයුතු කිරීමට නිලධාරීන් යොමු වී ඇති බව ය.

උඩවලව ඇත් අතුරු සෙවණ පිහිටුවා ඇත්තේ මවු සතුන්ගේ රැුකවරණය අහිමි වූ අලි පැටවුන්
පුනුරුත්ථාපනය කර නැවත කැලයට මුදා හැරීම ප‍්‍රධාන අරමුණු කර ගෙන ය. එම අරමුණු හෑල්ලූවට ලක්
කරමින් ඇත් අතුරු සෙවණේ රැුකවරණය ලබන අලි පැටවකු ගෘහාශ‍්‍රිත කර අපනයනය කිරීමට උපදෙස්
ලබා දීම යනු ඉතා ම හානිකර ක‍්‍රියාවකි. එපමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පැහැර හරිමින්
සත්ත්වෝද්‍යානයේ හෝ අලි අනාථාගාරයේ නොඉපදුනු වනාන්තරයේ ජීවත් වන අලි පැටවකු  ඕක්ලන්ඞ්
සත්ත්වෝද්‍යානයට ලබා දීම යනු නොකළ යුතු ක‍්‍රියාවකි. සත්ත්වෝද්‍යානයක හෝ අලි අනාථාගාරයක ඉපදී
හැදී වැඩුණු සතකු පමණක් සත්ත්වෝද්‍යාන අතර සතුන් හුවමාරුවේ දී භාවිතා කළ යුතු බවට
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නිකුත් කර ඇත්තේ එම සතුන්ගේ රැුකවරණය, සුභසාධනය පිළිබඳ
අවබෝධයකින් හා වනාන්තරයේ සතුන් ඉවත් කර අපනයනය කිරීමෙන් ස්වාභාවික අලි ගහනයේ
පැවැත්මට, ජාන සංයුතියේ පැවැත්මට එල්ල වන අහිතකර බලපෑම් පාලනය කිරීම උදෙසා ය.

අද වනවිට වනාන්තරයේ ජීවත්වන අලි පැටවුන් නීති විරෝධී ලෙස අල්ලා ගෘහාශ‍්‍රිත කිරීම, අලි - මිනිස්
ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස විශාල අලි - ඇතුන් ප‍්‍රමාණයක් වසරකට මිය යාම, පින්නවල අලි අනාථාගාරයේ
සිටින අලි පැටවුන් අපනයනය කිරීම හා පෞද්ගලික හිමිකරුවන්ට පැවරීම, ඇත් අතුරු සෙවණේ ජීවත්
වන අලින් සත්ත්වෝද්‍යානයට ලබා දීම ඇතුළු එකිනෙකට පරස්පර විරෝධී, හානිකර මෙන්ම නීති විරෝධී
හා ජෛව විද්‍යාත්මකව හානි කර බලපෑම් එල්ල වන ක‍්‍රියාවලීන් ගණනාවක් අද වන විට අප රට තුළ සිදු
වෙමින් පවතී. එ් සියල්ල දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ උවමනාවන් මත සිදුවීම
ඉතා ම හානිකර තත්ත්වයකි. ඉන් සිදු වන්නේ ලංකාවේ අලි - ඇත් පරපුරේ අනාගත පැවැත්ම දැඩි
අවදානමකට පත් කිරීමකි. පොදු දේපල පනත යටතේ අලි ඇතුන් පොදු දේපලක් ලෙස සැලකුන ද
දේශපාලකයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් සිතන්නේ මේ සතුන් තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස
ය. ඔවුන් රිසි සේ මේ සතුන් සමඟ දාදු කෙලියේ යෙදීමෙන් අවසානයේ සිදු වන්නේ අප රටේ අලි - ඇත්
පරපුර සදහට ම වඳ කර දැමීම ය.

අප අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ හානිකර හා නීති විරෝධී අලි - ඇතුන් අපනයන කටයුතු
වහාම නවතා දමන ලෙස ය. අප රටේ හීලෑ අලි - ඇතුන්ගේ විශාල හිඟයක් පවතින බවට හීලෑ අලි -
ඇත් හිමිකරුවන් චෝදනා නගද් දී පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වන සතුන් අපනයනය කිරීමෙන්
අප රටේ හීලෑ අලි ඇතුන්ගේ හිඟය තව තවත් වර්ධනය වේ. එ් තත්ත්වය මඟ හැරීම සඳහා හොර රහසේ
අලි පැටවුන් වනාන්තරයෙන් අල්ලා හීලෑ කිරීමේ කටයුතු රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ජාවාරමක් තත්ත්වයට
අද වන විට පරිවර්තනය වී තිබේ. එ් අතරතුර දේශපාලන උවමනාවන් මත සත්ත්ව හුවමාරු වැඩසටහන්
යටතේ යැයි සඳහන් කරමින් සිදු කරන අලි - ඇතුන් අපනයන ජාවාරම වහා ම නතර කළ යුතු ව ඇත.
මීට අමතර ව වැරදි පූර්වාදර්ශ ලබා දෙමින් නීති විරෝධී ලෙස තම බලය භාවිතා කරමින් අලි පැටවුන්
අපනයනය කිරීමට කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව ද නීතිය කි‍්‍රයාත්මක කළ යුතු ය.