මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළ බවට එකම සාක්ෂිය

| ටෙක්ලා පද්මිණී කාරියවසම්

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

රජගලසියවස් ගණනකට පෙර යුද්ධය හේතු කොටගෙන සැඟව ගිය ඓතිහාසික පුද බිමකි. ලජ්ජ තිස්ස රජ සමයේ සිට ශත වර්ෂ දහයකට වැඩි කාලයක් අඛණ්ඩ භික්ෂු වාසස්ථානයක්ව පැවැති ඓතිහාසික ලෙන් විහාරයක් වූ රජගල ගවේෂණ කටයුතු පුරාවිද්යා දෙපාර්තමේන්තුව හා ශ්රි ජයවර්ධනපුර විශ්ව විද්යාලය ඒකාබද්ධ ව්යාපෘතියක් ලෙස ආරම්භ කර තිබේ. ගවේෂණ කටයුතු ආරම්භ කරන ලද්දේ 2012 වසරේ දීය.

මේ වන විට පුරාවිද්යාත්මක හා ඓතිහාසික අගයෙන් යුත් ස්මාරක 135 පමණ රජගලින් සොයාගෙන ඇත. බ්රාහ්මීය අක්ෂර භාවිතයෙන් ලියූ ක්රි.වර්ෂ පළමු සියවසට අයත් සෙල් ලිපියක් අලුතින් සොයා ගැනීමට හැකි වී ඇත. බුද්ධදාස රජුට අයත් අප්රකාශිත ගිරි ලිපියක් සොයා ගැනීමට ජයවර්ධනපුර විශ්ව විද්යාලීය ගවේෂණ කණ්ඩායම සමත්ව ඇත.

සම්පූර්ණ ගන වනාන්තරයෙන් වැසී ගිය අක්කර 1025 කින් යුත් රජගල ඓතිහාසික ලෙන් විහාර සංකීර්ණය පුරාවිද්යා දෙපාර්තමේන්තුවට අයත් විශාලම පුරා විද්යාත්මක අගයෙන් යුත් භූමියයි. පසුගිය වසර 30 ක් පුරා පැවැති අභ්යන්තර යුද්ධ සමයේ රජගල ලෙන් විහාර සංකීර්ණය ත්‍රස්තවාදීන්ගේ වාසස්ථානයක්ව පැවැතිණි. එසේ නිධන් හොරුන් රජගල ඓතිහාසික භූමියේ ස්මාරක විනාශ කර තිබේ.

වර්තමානයේ රජගල හෙවත් රාජ්යහෙල නමින් ප්රසිද්ධ ඓතිහාසික විහාර සංකීර්ණය අතීතයේදී ගිරිකුම්භිල පබ්බත තිස්ස ලෙසත් අරියවංශ දේශනාව ප්රසිද්ධියක් ඉසිලූ බැවින් අරියාකාර නොහොත් අරිත්තා වෙහෙර ලෙස හඳුන්වා ඇති බවත් ඓතිහාසික මූලාශ් හා ශිලා ලිපි විමර්ශනයේදී පැහැදිලි වේ. ශිලා ලේඛන සාක්ෂි වලට හා ඓතිහාසික මූලාශ්රයන්ට අනුව රජගල තපෝවනය කරවීමේ මූලිකයා වන්නේ ලජ්ජතිස්ස කුමරුය. එය දුටුගැමුණු රාජ් සමයේය. සද්ධාතිස්ස රජු දීඝවාපියේ වසන සමයේ ලජ්ජ තිස්ස කුමරු (ක්රි.පූ. 167 - 137) ගිරිකුම්භිල පබ්බත තිස්ස විහාරය ඉඳිකරන ලද බවට ඉතිහාසය සාක්ෂි දරයි.

රජගල ලෙන් විහාර සංකීර්ණයේ ගවේෂණ කටයුතු සෙනරත් පරණවිතාන මහතා සිදු කළ අතර ඔහු සෙල්ලිපි විශාල ප්රමාණයක් සොයා ගන්නා ලදි. ඉන් 60 - 70 පමණ ලිපි කියවා ප්රකාශයට පත්කොට ඇත.

අම්පාර හා මහ ඔය අතර උහන නගරයට ආසන්නයේ පිහිටි රජගල ලෙන් විහාර සංකීර්ණය මුහුදු මට්ටමේ සිට අඩි 1038 පමණ උසින් පිහිටා ඇත.

ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ඉතිහාස හා පුරාවිද්යා අධ්යයන අංශය මඟින් මේ කැණීමේදී දාගැබ් දෙකක්, ආසන සරයක්, දානශාලා, ජන්තාගාර, ලෙන් විශාල ප්රමාණයක් සොයා ගෙන තිබේ. එම ලෙන් අතරට ශීත ලෙන් ඇතුළත්ය.

මෙහිදී හමුවී ඇති දාගැබ් දෙක නිධන් සොරුන්ගේ ග්රහණයට හසුවී විනාශයට පත්ව ඇත. එහෙත් විශ්ව විද්යාලීය ගවේෂණ කණ්ඩායම විසින් සිදු කරන ලද නැවත කැණීමේදී දාගැබෙහි පූජා භාණ්ඩ ලෙස නිධන් කරන ලද මැටි කරඬු දෙකක් හමුවී තිබේ. ඉන් එක් කරඬුවක් වටා අපර බ්රාහ්මීය අක්ෂරයෙන් ලියැවුණු ක්රි.. 2 සියවසට අයත් ලිපියක් හමු වී තිබේ. එහි පෙළ ජෙෂ්ඨ සේනාපති භෙජකන අගලිය ගේ පුත් මනිකාර අභය ගේ කාශ්යප ගේ ස්වර්ණ ස්ථූපයයි යනුවෙන් සඳහන්ව තිබේ. මේ මැටි පාත් තුළ බහාලූ කුඩා ස්ථූප හැඩයෙන් යුත් රන් කරඬුවක් ලිපියෙහි නම් සඳහන් පුද්ගලයන් විසින් දාගැබෙහි තැන්පත් කර තිබේ. එම ස්වර්ණ කරඬුව බහාලීමට අවශ් වූ පාත්රය අභිධර්ම විශාරද සුමන නම් වූ ස්වාමීන් වහන්සේ නම විසින් පිළිගන්වන ලද්දකි.

මේ කඳුවැටිය මත දාගැබ් විසි පහක් පමණ ඉඳිකොට තිබූ බවට සාක්ෂි ඇත. එහෙත් ඒවා විනාශයට පත්වී තිබෙන අයුරු දැකගත හැකිය. මුළු භූමි ප්රදේශය පුරා ඇති පුරාවිද්යාත්මක අගයෙන් යුත් ස්මාරක අතරින් එකම වේදිකාවක් මත ඉඳිවී ඇති ස්ථූප දෙක සුවිශේෂී වේ.
               

මිහිඳු මහරහතන් වහන්සේ ශ්රී ලංකාවට වැඩම කළ බවට ඇති එකම සාක්ෂි ඇත්තේ මෙසේ එකම වේදිකාව මත ඉඳිවූ චෛත් දෙක ආසන්නයේ ඇති පර්වත ලිපියෙහිය. ලංකා ද්වීපයෙහි සමෘද්ධිය සඳහා පැමිණි ඉට්ඨිය තෙරුන්ගේ හා මහින්ද තෙරුන්ගේ ස්ථූපයයියනුවෙන් එම පර්වත ලිපියෙහි සඳහන්ය. මෙම ස්ථූපය මහින්ද හිමියන් ගේ පරිනිර්වාණයෙන් නොබෝ කලක් ගිය තැන ඉඳිවන්නට ඇති බවට මහාචාර්ය පරණ විතානයන් අදහස් දක්වා ඇත. මේ පර්වත ලිපිය ක්රි.පූර්වයෙන් තුන්වැනි සියවසට අයත් බව චාල්ස් ගොඩකුඹුර මහතා තහවුරු කර තිබේ. උත්තිය රජ දවස මිහිඳු හිමියන් ගේ පරිනිර්වාණය සිදුවීමෙන් පසු ආදාහනය නිමවා දාගැබ් තනවා ධාතු නිධන් කළ බවට සැලකේ. ඉන් කොටසක් ගිරිකුම්භිල පබ්බත තිස්ස වෙහෙර නොහොත්, වත්මන් රජගල නිධන් කර පර්වත ලිපියක් ලියවා තබා තිබේ.

ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ගවේෂණ කණ්ඩායම විසින් බ්රාහ්මීය අක්ෂරයෙන් ලියැවුණු සෙල්ලිපියක් සොයාගෙන ඇති අතර එහි ගමිකයන් තිදෙනෙකු පිළිබඳව සඳහන් වේ. එම සෙල්ලිපිය විමර්ශනයෙන් පෙනී යන්නේ ගිරිකුම්භිල පබ්බත තිස්ස වෙහෙරේ සංවර්ධන කටයුතු සඳහා රජවරු මෙන්ම ගමිකයන් හෙවත් රාජ් පාලනයට සම්බන්ධ ප්රාදේශීය පාලකයන් දායක වී ඇති බවයි. අඩි 12 ක් දිගින් යුත් එම සෙල් ලිපිය මෙසේය.

ගමික යසොපාල පුත ගමික මල්බරිය ගමික ව්යජිත උපසික අනුරගිය සග්

ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ඉතිහාස හා පුරාවිද්යා අධ්යයන අංශය මඟින් කියවා අති එම සෙල්ලිපියේ අර්ථය වන්නේ ගමික යසොපාලගේ පුත් වූ ගමික මලිගේ බිරිය වූ ගමික වස ගේ දියණිය වූ උපාසිකා අනුරාධගේ ලෙන සංඝයාට පුදමි.යන්නයි.

ලජ්ජීතිස්ස කුමරු අතින් නිර්මාණය වූ ගිරිකුම්භිල පබ්බත තිස්ස වෙහෙර නොහොත් අරියාකාර විහාරය භික්ෂූන් ප්රභූන්, මෙන් සාමාන් ජනයාගේ සහයෙන් ඉඳිවූ බව අනාවරණය වුවද ගිරිකුම්භිල පබ්බර විහාරයට වැඩිම ලෙන් ප්රමාණයක් පූජාකොට ඇත්තේ ස්වාමීන්වහන්සේලා විසිනි. මෙම විහාරය ක්රි.පූර්වයෙන් 3 වැනි සියවසේ සිට සියවස් දහයක් පුරා ප්රසිද්ධියට පත්ව තිබුණේ අරියවංශ සූත්රය දේශනා කළ ස්ථානයක් වශයෙන්ය.

පරිසරය හා බැඳී ස්වභාවික භූමිය තම සුඛවිහරණය සඳහා සකසා ගැනීමට තරම් දැනුමක් ක්රිස්තු පූර්වයෙන් තුන්වැනි සියවසේ සිටි ලක්වැසියාට තිබූ බවට මනා සාක්ෂි රජගල විහාර සංකීර්ණය විමර්ශනාත්මකව ගවේෂණය කරද්දී හඳුනාගත හැක.

අනුරාධපුර අවධියේ සැකැසූ ලෙන් බිත්ති සහ ඒවායේ හුනු බදාම තවමත් සැලකිය යුතු මට්ටමකින් මෙම විහාර සංකීර්ණයේදී දැකගත හැකිය. ඇතැම් ලෙන්හි බදාම මත ඇඳි සිතුවම් තවමත් නිරුපද්රිතව තිබේ. මේ ලෙන් විහාර සංකීර්ණයේ එක් එක් ලෙන හැඳින්වීම සඳහා සුදස්සන, ඉන්ද්රසාල, සුපටිත්තික ආදී වශයෙන් නම් භාවිත කර ඇති අයුරු හඳුනාගත හැකිය.

මෙම විහාර සංකීර්ණය ඉඳිකිරීමේදී විවිධ කුලයන් සම්බන්ධ වී තිබේ. එබැවින් අනුරාධපුර යුගයේ උපරිභාගයේ තාක්ෂණය හා ශිල්පීය ක්රමද ඉඳිකිරීම් අතර හඳුනාගත හැකිය. මානවයාගේ සුව පහසුව වෙනුවෙන් ස්වභාවික පරිසරය උපරිම ලෙස භාවිතා කර ඇති අයුරු හඳුනාගත හැකිය. අදින් වසර 2000 කට පෙර අතීතයේ ඉඳිකළ ශීත ලෙන් තවමත් මනා ක්රියාකාරීත්වයෙන් යුතුවේ. ලජ්ජතිස්ස රජු විසින් සංඝයා වෙත ඉඳිකොට ශීත ලෙන් (25) විසිපහක් පූජා කර ඇති බව සඳහන් සෙල් ලිපියක් රජගලින් හමුවී ඇත. කඳුවැටිය සිසාරා හමා එන ශීත සුළං ගල්පර අතරින් පෙරෙමින් ගල්ලෙන තුළම හමා ඒමට සලස්වා ශීත ලෙන් නිර්මාණයට කොට ඇත. ලාංකිකයා තුළ වූ පරිසර භාවිතයෙහි උසස් දැනුම මින් අවබෝධ කර ගත හැකිවේ.

මේ ලෙන් සමඟ ලෙන් අසල සකසා ඇති වැසිකිළිය බොහෝවිට ඉඳිවී ඇත්තේ ලෙන තුළය. වැසිකිළිය භාවිත කරද්දී අවට සොබා සිරි විඳගත හැකි අතර පිටස්තර කිසිවෙකු හට වැසිකිළිය තුළ සිටින්නා නොපෙනෙන සේ මේවා ඉඳිවී තිබේ.

ස්වභාව ධර්මය අවශ් ලෙස හසුරුවා ගනිමින් ගල්පර්වත අතරින් ඇද වැටෙන දිය දහරාවන් ඉතා සරල තාක්ෂණ ක්රමවේදයන් භාවිත කරමින් අවශ් ස්ථානයන් කරා ගෙනයාමටත්, මනා ජල පිරිපහදු ක්රමයක් පවත්වා ගෙන යාමටත් ලාංකිකයා සමත් වූ අයුරු රජගල ලෙන් විහාර සංකීර්ණය නිරීක්ෂණයෙන් හඳුනාගත හැක. ලංකාවෙන් මෙතෙක් හමු වූ විශාල ගල් පාත් දෙක හමුවී ඇත්තේ රජගලිනි. එක මත එක ගල් තබා ඉඳිකොට වහලයට විශාල ගල් පතුරක් තබා සැකසූ හොඳින් සංරක්ෂණය වී ඇති භාවනා ගෘහයක් රජගල ලෙන් විහාර සංකීර්ණයෙන් හමුවී තිබේ.

අනුරාධපුර යුගයේ දියුණු තාක්ෂණ භාවිතය පරිසරය මනා ලෙස කළමනාකරණය කිරීම පිළිබඳව තොරතුරු හමුවන්නේ රජගල ලෙන් විහාර සංකීර්ණයෙනි.

ක්රිස්තු වර්ෂයෙන් 8 වැනි සියවස දක්වා අරියාකාර විහාරය කෙරෙහි පාලකයන් ගේ අවධානය යොමු විය. අරියවංශ දේශනාව හෙවත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහි උරුවෙල වග්ගයට අයත් සූත් දේශනාව මඟින් භික්ෂු ජීවිතය අර්ථවත්ව පවත්වා ගෙන යාමට උපකාරී වන ධර්ම කරුණු සතරක් පිළිබඳව කියැවේ. අප්රකාශිත බුද්ධදාස රජුගේ මීටර් 3.60 දිග මීටර් 2 පමණ පළළ පේළි 9 කින් යුත් ගිරි ලිපියෙහි සඳහන් වන්නේ

අරියකාර ගිරිකුම්භිලවාපී තිස්ස පර්වත මහා විහාරයේ පැවැත්මට කහවනු 300 දුන් බවත් මේවායෙන් ලැබෙන පොලිය සතර මණ්ඩපවල දෙසුම් හා භුත්තානු චෝදනාව සඳහා පොහෝ දිනයන් හි අරියවංශ දේශනාව පවත්වා ගෙන යාමට වැය කළ යුතු බවයි.

ක්රි.. 4 වැනි සියවසට අයත් මෙම ශිලා ලේඛනය දක්ෂ මූර්ති ශිල්පියෙකු වූ ජෙට්ට තිස්ස රජුගේ පුත් වූ කීර්තිධර වෛද්යවරයකු වූ බුද්ධදාස රජුගේය. එතුමා රට වැසියාට ධර්ම ඇසීමට නොයෙක් ආකාරයෙන් ඉඩකඩ සලසා දී ඇති බව මූලාශ් ග්රන්ථ සාක්ෂි දරයි.

ඡායාරූප - ඉතිහාස හා පුරාවිද්යා අධ්යයන අංශය