ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය,
මොන්ටිනීග්‍රෝව, මැසිඩෝනියාව සහ මුරුසි රාජ්‍යයේ සම අනුග්‍රාහකත්වයෙන්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව තවත් දැඩි
කෙරෙනු ඇති බව ක්‍රියාධරයෝ පවසති.
යෝජනාවේ මූලික කෙටුම්පත සම්බන්ධයෙන් සඳුදා ජිනීවා
නුවර පැවැත්වුන සාකච්ඡාවේදී එය තවත් දැඩි කරන මෙන් කැනඩාව, ස්විට්සර්ලන්තය
සහ බටහිර යුරෝපා රටවල් ඉල්ලා සිටි බව ජිනීවා නුවර වෙසෙන මාධ්‍යවේදී සුනන්ද
දේශප්‍රිය බීබීසී සංදේශයට කියා සිටියේය.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය යටතේ ශ්‍රී ලංකාව
සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් කරමින් මූලික කෙටුම්පත බොහෝ
දුරට සංශෝධනය කෙරෙනු ඇති හැඩක් දක්නට ලැබෙන බවයි, සුනන්ද දේශප්‍රිය සඳහන්
කළේ.
බලය බෙදීම
ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන්නේ මහ
කොමසාරිස්වරියගේ කාර්යාලය යටතේද, නො එසේනම් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ
මණ්ඩලයක් පත් කළ යුතු ද යන්න පිළිබඳව සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු වී
තිබුණු බව එයට සහභාගි වූ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා නිමල්කා
ප්‍රනාන්දුද සංදේශයට කියා සිටියාය.
එමෙන්ම බලය විමධ්‍යගත කිරීම හා සම්බන්ධව උතුරේ
පමණක් නොව නැගෙනහිර පළාතේ වාතාවරණයද යෝජනාවට ඇතුලත් විය යුතු බව සාකච්ඡාවේ
අවධානයට ලක් වුනු තවත් කරුණක්.
"ඒ යෝජනාව සංශෝධනය වෙනවා, වඩා තීව්ර ආකාරයෙන්. ඒ
කියන්නේ වඩා පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි කියන තැන දක්වා සංශෝධනයක්
එනවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය.
චීනය, රුසියාව, කියුබාව සහ පාකිස්තානය එයට එරෙහිව කරුණු දැක්වූ නමුත් ඉන්දියාව කිසිදු මතයක් පළ නොකොට නිහඬව සිට තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් කරුණු
දැක්වීම පාකිස්තානයට භාර දී ඇති හඩක් පෙනී යන බව පවසන නිමල්කා ප්‍රනාන්දු,
මේ සතිය අග පමණ වන විට සංශෝධිත පිටපත ප්‍රකාශයට පත් වනු ඇතැයිද බලාපොරොත්තු
පළ කළාය.