”උඹව මානසික රෝගියෙක් කරනවා, කුඩු වලට දානවා”- පයාගල පොලිසිය.

හර්ෂි සි. පෙරේරා

ජනතාවගෙන් පඩි ලබන පොලිසියේ ක්‍රියාකාරීත්වය කෙසේද යන්න ටි තිලකරත්න පිරිස් මහතා මුහුණ දුන් සිද්දියෙන් මනාව පිලිබිබු වේ. ලංකාවේ නීතියේ අදිපත්‍ය මෙබදුද? දැන් නීතියේ අදිපත්‍ය සුරක්ෂිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයෙන්ද ආදාර ලැබෙන්නට යන බවට මාද්‍ය වල පල වේ. නීතියේ අදිපත්‍ය සුරක්ෂිත කිරීමට වැඩමුළු සම්මන්ත්‍රණ රැස්වීම වලින් ඔබ්බට ගිය දෙයක් සිදුවිය යුතුව ඇත. නැතිනම් ලබන සිය වසේදීත් ගම් දනවු වලින් තිලකරත්නලා බිහිවෙනු නොවලක්විය හැක. ශ්‍රී ලංකා පොලිසියද දිගින් දිගටම වදහිංසා පැමිණවීම බොරු නඩු දැමීම අපරාදකරුවන්ට සහය පල කිරීම සිදුවනු ඇත. 



01. සභාපති,
    ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභෘව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
    ජේ්‍ය.පෙ.අ. කාර්යාලය,
    ක`ඵතර.

ලිඛිත පැමිණිල්ල

තිඹිරි පොලගේ තිලකරත්න පීරිස්, අවු: 46යි, ජා.හැ.අ.663452029ඪ, අවිවාහක, 
රැුකියාව: වෙළඳාම
ලිපිනය : අංක 27, කුමාර කන්ද, මග්ගොන.

2014.01.16 දිනදීය.

ඉහත ලිපිනයේ පදිංචිව සිටන්නේ, මා සහ අවුරුදු 80ක් වියැති මාගේ මවයි. මා වෙළඳාම වශයෙන් කරන්නේ කෑම සාදා වෙළ`දසැල් වලට බෙදා හැරීමයි. මා ගෙදර සිටින්නේ සවස් කාලයේ පමණි. මා ගෙදර නොමැති අවස්ථාවල අම්මා පමණක් ගෙදර සිටී.

2013.10.27 දින මා ගෙදර පැමිණීයේ සවස 3.30 පමණය. දවල් ආහාරය ගැනීම සඳහා සූදානම් වූවා පමණි, බීමත්ව පැමිණි ටි. නිශාන්ත පිරිස් යන අය අසභ්‍ය වචන කියා බැණ වදිමින්, නිවස  ඉදිරිපිටට පැමිණි විට, මා ප‍්‍රශ්ණයක් ඇත්නම් වෙරි සිදුනු විට විසඳා ගනිමු යයි නිශාන්තට පවසා ඔහුව පිටත් කර හරින ලදි. නමුත් ඔහු නැවත නැවතත් පැමිණ මට සහ මවට බීමතින්් මරණ තර්ජණ කරන්නට පටන් ගත්තා. පාරට එන්න එපා, ආවොත් මා සහා මාගේ මව ද කපා මරා දමන බවට කියා සිටියා. 

මා 119 හදිසි පොලිස් ඇමතුම අංකයට කතාකර මේ සම්බන්ධයෙන් දැනුවත් කලා. ඉන් පසුව පොලිස් නිලධාරී මහතුන් දෙදෙනෙක් පැමිණ මාගෙන් කටඋත්තරයක් ද රැුගෙන නැවත බැන වැදුනොත් පොලිසියට කතාකරන ලෙසට උපදෙස් දි, 2013.11.28 වන දින පොලිසියට පැමිණෙන ලෙස දන්වා තුණ්ඩු කැබැල්ලක් ද දී නිශාන්ත යන අය මුන ගැසීමට ගියා. 

ඔහු එම අවස්ථාවේ සැඟවී පොලිසිය ගිය පසු නැවත පැමිණ පෙර පරිදිම බැණ වැදුනා. මා පොලිස් නිලධාරීන් කියූ පරිදි මාගේ ජංගම දුරකථනයෙන් පයාගල පොලසියට දැනුම් දුන්නා. එවිට පොලිසිය මා හට කියා සිටියේ පොලිසියට පැමිණ පැමිණීල්ලක් කරන ලෙයසි. මා පොලිසියට කියා සිටියේ ඔහුගේ අතේ ආයුධයක් ඇති බැවින් පොලිසියට එ්මට නොහැකි බවයි. එවිට පොලිසිය කියා සිටියේ තමුන්ට පහර දීමක් කලහොත් පහර දෙන ලෙයසි. 

ඉන් අනතුරුව මා  පොලිසියට යෑමට සූදානම් වුනා. එම අවස්ථාවේ දී මාගේ මව මාගෙන් මුදල් ඉල්ලාගෙන සීනි ග්?ම් 250ක් ගෙන එ්මට කඩයට ගියා. මාගේ මව සීන රැුගෙන ගෙදර එන විට ඉහත කී නිශාන්ත යන අය මාගේ මවට ආයුධයකින් පහර දෙනවා මා දුටුවා. මා දුවගෙන යන විට මාගේ මවගේ අතෙ ලේ ගලමින් තිබුනා. මටද නිශාන්ත පහර කීපයක් එල්ල කලා. ඉන් එක් පහරක් මාගේ වම් අතට වැදුනා. මාගේ අතෙන්ද ලේ ගලමින් තිබුනා. 

පසුව බීමත්ව සිටි නිශාන්ත යන අයට පහර කිපයක් එල්ලකර ඔහු අත ඇති ආයුධය උදුරා ගත්තා. උදුරා ගෙන ඔහු මෙල්ල කිරීමේ චේතනාවෙන් පහරක් එල්ල කලා. ඔහුගේ බිරිඳ ද පුතා ද දුව ද මට සහා මවට පහර දුන්නා. ඔවුන් අත ද ආයුධ තිබුනා. ඔහුගෙන් උදුරා ගත් ආයුධය ද ඔහුගේ වත්තට විසිකර, වැටී සිටි මව ද ඔසවාගෙන මා ගෙදර පැමිණ පොලිසියට මේ බව කියා සිටියා. 

පොලිසිය කියා සිටියේ පොලීසිය පැමිණෙන තෙක් සිටින ලෙසයි (අපහට ගෙදරින් එළියට බැසීමට නොහැකි තත්වයකයි සිටියේ*. ඉන් අනතුරුව රාත‍්‍රී 9.30ට පමණ පොලිස් ජීප් රථය පැමිණීයා. අප දෙදෙනාට රෝහල් ගත වීමට අවශ්‍ය බව කියා සිටියා. එ් වන විටත් අප දෙදෙනාගේ තුවාල වලින් ලේ ගලමින් තිබුනා. පොලිසිය එම අවස්ථාවේ මාගේ ගේ සෝදිසි කලා. 

ඉන් අනතුරුව මා පමණක් ජීප් රථයේ දමාගෙන අ`ඵත්ගම කන්ද විහාරය පැත්තේ තවත් අයෙක් දමාගෙන ජීප් රථයේ ත‍්‍රී විලරයක් ගැටගසාගෙන ඇදගෙන ආවා. එ් වන විටත් මාගේ අතෙන් ලේ ගලමින් තිබුනා. මා රෝහලට රැුගෙන යන ලෙස ඉල්ලා සිටියා. පොලිසිය එ් ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ලේ ගලන තුවාලය සහිත මා පොලිස් කූඩුවේ දැමුවා. 

මාගේ අත කකියන බවත්, ලේ ගලන බවත් මා රැුගෙන ගිය අපරාධ අංශයේ ස්ථානාධිපති ධම්මික මහතාට කියා සිටියා. ඔහු එ් ගැන සැලකුවේ නැහැ. පසුව මා මාගේ මව ගැන පොලිසියෙන් විමසුවා. අප දැන් ගිහින් අම්මාව රෝහලට ගෙන යන බව පවසා සිටියා. එ් වන විට රාත‍්‍රී 11.30 ට පමණ ඇති.

පසුව දින (2013.11.28* උදේ මාව කූඩුවෙන් එළියට ගත්තා. එළියට අරගෙන ”කපපු පිහිය දීපන්” කීවා. මා කියා සිටියා එ් මම ගෙන ගිය පිහියක් නොවෙයි, ඔහු ගෙන ආ පිහිය, මම උදුරාගත් බව ඇත්ත, මම එම අවස්ථාවේ ඔහුගේ වත්තට විසිකල බව කියා සිටියා. 

එම අවස්ථාවේ අපරාධ අංශයේ ස්ථානාධිපති සහා මාගේ මතකයේ හැටියට ඔහුගේ අංකය 78636 යන අය සහා කෝට් සාජන්ට් යන අය අසභ්‍ය වචනයෙන් මට බැණ වදිමින්, උඹව බෝම්බයකට දානවා කියා කීවා. 

පසුව මා සිද්ධිය වුන ස්ථානයට රැගෙන ආවා. එ් රැුගෙන ආවේ අපරාධ අංශයේ ස්ථානාධිපති මහතා සහා මා ඉහත අංකය සඳහන් කල නිලධාරියායි. එම ස්ථානයෙන් පසුව මාව ගෙදරට රැුගෙන ආවා. එ් වන විට වේලාව පෙ:ව:10.30 ට පමණ ඇති. මට කීවා ෙදාරවල් අරින්න කියා. මා කීවා මා ළඟ යතුරු නැහැ, අම්මා ෙදාරවල් වහලා ගියා නම් අම්මා ළඟ යතුරු ඇති කියා. පසුව ධම්මික මහතා ගේ වටේ සහා වත්ත වටේ පරීක්ෂා කරමින් කපාපු පිහිය ඉල්ලා සිටියා. ඔහු සමග පැමිණි අනෙත් නිලධාරියා වසා ඇති ජනේලය කැඩුවා. 

මම කීවා  ඕවා කඩන්න එපා කියා. පසුව මාහට අපහාස කරමින් ”උඹව මානසික රෝගියෙක් කරනවා, කුඩු වලට දානවා” කියා කීවා. පසුව ජනේලය කැඩුවා. එහි ඇතුලතින් කූරු ඇති නිසා ඇතුල් වීමට අපහසු වුනා. පසුව ඉදරි පස ජනේලයේ කූරු ගලවා ඉස්තෝප්පුවට ඇතු`ඵ වී ප‍්‍රධාන ෙදාර කඩා ගෙට ඇතු`ඵ වුනා. ගෙයි සෑම තැනම බැලූවා. අල්මාරිය ඇර බැලූවා. හැම ස්ථානයක්ම , හැම පෙට්ටියක්ම, ලාච්චුවක්ම ඇර බැලූවා. පසුව මාව ධම්මික මහතා එළියට රැුගෙන ආවා. අනෙක් නිලධාරියා පමණක් ගේ ඇතුලේ සිටියා. එළියට ගෙනවිත් ධම්මික මහතා මගෙන් ඇසුවා උඹ කසිප්පු පෙරනවා නේද කියා. මම කියා සිටියා පෙරනවා නම් අල්ල ගන්න කියා. 

පසුව කුඩු ගංජා විකුණනවා නේද කියා ඇසුවා. මම ජීවිතේට එ්ව දැක නැති බව කියා සිටියා. පැය 2කට වැඩි කාලයක් ගේ සහා වත්ත පරීක්ෂ කලා. අපරාධ අංශයේ ස්ථානාධිපති සමග පැමිණි අනෙක් නිලධාරියා ”උඹ ගෑණු නාන දිහා බලන් ඉන්නවා නේද” කියා ඇසුවා. උඹව මානසික රෝහලට අද යවනවා කියා පැවසුවා. පසුව මා පොලිසියට රැුගෙන ගොස් මාගේ ඇගිලි සලකුණු ලබ ගත්තා. 

කෝට් සාජන්ට් මහතා නොයෙක් අපහාස කරමින් බොරු චෝදනා ඉදිරිපත් කලා. මම ඇසුවා එවැනි පැමිණිලි කවුරුත් කර තිබෙනවාද කියා. පසුව එම නිලධාරියා කියා සිටියා ”පැමිණිලි අපට අවශ්‍ය නැහැ, අවශ්‍ය උනොත් උඹව බෝම්බයකට දාලා ඇප නැති වෙන්න ඇතුලට යවනවා” කියා. මම නිහඬව සිටියා. මම කිව්වා ” වන දින රාත‍්‍රී කෑමට පසුව කෑම නැහැ” කියා. ”උඹට කන්න  ඕනාද” කියා මගෙන් ඇසුවා. 

2013.11.28 වන දින සවස 3.30 ට පමණ මාව උසාවියට ඉදිරිපත් කලා. එ් වන විටත් මම නිරාහාරවමයි සිටියේ. කෝට් සාජන්ට් මහතා, නඩුකාර තුමාට මා මානසික රෝගයකින් පෙලෙන බව කියා සිටියා. එ් අනුව නඩුකාරතුමා මා මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන ලෙසට නියම කලා. 

2013.11.06 වන දින තෙකන් මා රිමාන්ඞ් බන්ධනාගාර ගත කලා. බන්ධනාගාරය මගින් මා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කලා. වෛද්‍යවරයාට මා සිය`ඵම කරුණු ඉදිරිපත් කලා. වෛද්‍යවරයා මාහට කියා සිටියේ හොඳ නීතිඥ මහතෙකු නඩුවට තෝරා ගන්නා ලෙසයි.

ඉන් පසු මා 2013.11.06 වන දින උසාවියට ඉදිරිපත් කලා. පොලිසිය ඇප ලබා දීමට විරුද්ධ වුනා. මාගේ නීතිඥ මහතා නඩුකාර තුමිය සමග කතා කර ඇප ලබා ගත්තා. මාගේ සහෝදරියක් ඇපයට අත්සන් තැබුවා.

මා ගෙදර එන විට අම්මා රෝහලෙන් ටිකට් කපා 2013.10.30 වන දින ගෙදර පැමිණ තිබුනා. අම්මාගේ කැපුම් තුවාලයට මැහුම් 06ක් දමා තිබුනා. මගේ අතේ තුවාලයට බන්ධනාගාර රෝහලෙන් ප‍්‍රතිකාර ගත්තා. අම්මා මට කියා සිටියා අම්මා ගෙදර එන විට ප‍්‍රධාන ෙදාර කඩා තිබුනු බව. මා කීවා පොලිසියෙන් ෙදාර කැඩූ බව. 

පසුව මා 2013.10.26 වන දින සවස වෙළඳාමේ ගොස් වෙළඳාම් කර ගෙනා මුදල් තිබූ තැන තිබේදැයි බැලූවා. එතන රුපියල් 10,000/=ක පමණ මුදලක් තිබුනා. එම මුදල එතන තිබුනේ නැහැ.

අපරාධ අංශයේ ස්තානාධිති සමග පැමි අනෙක් නිලධාරියා පමණයි තනිවම ගෙයි ඇතුලේ සේදිසි කළේ. එම මුදල් ගන්නේ ඇත්තේ එම නිලධාරියා බවට මා හට සැකයක් පවතිනවා. මට රැුකියාව කර ගැනීමට පවා දැන් මුදල් නැහැ. ඉන් අනතුරුව 2013.11.10 වන දින පොලිසියෙන් පැමිණ මාගේ මවට පොලිසියට පැමිණෙන ලෙසට තුණ්ඩුවක් දී තිබුනා. එහි සඳහන්ව තිබුනේ 2013.11.12 වන දින උදේ 8.00 ට පොලිසියට පැමිණෙණ ලෙසටයි. මාගේ මවට අවුරුදු 80ක් පමණ වයසයි. මාගේ මව විසින් මිරිස් කුඩු ගැසුවා යිය චෝදනා ගොනු කරමින් එදින උසාවියට ඉදිරිපත් කලා. පසුව උසාවියෙන් ඇප ලබා දුන්නා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් කිරීමට පවාව අපහට ඉඩ ලබා දුන්නේ නැහැ. මවට සහා මට පහර දුන් නිශාන්ත ඇතු`ඵ අනෙක් තිදෙනා ද සම්බන්ධයෙන් පයාගල පොලිසිය මේ දක්වා ක‍්‍රියා මාර්ගයක් ගෙන නැත. 

මා ඉල්ලා සිටින්නේ, අපරාධකරුවෙකු බේරා ගැනීම සහ අපරාධකරුව බේරා ගැනීමට බොරු නඩු පවරා අපරාධයට ගොදුරු වු මා රිමාන්ඞ් බාරයට පත්කල, පයාගල පොලීසියේ හිටපු ස්ථානාධිපති, උ.පො.ප. ධම්මික, පො.කො.78636, කෝට් සාජන්ට ලෙසට හඳුන්වනු ලබන නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකුල පිවර ගන්නා ලෙසටද, මාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව ප‍්‍රකාශයට පත් කරන ලෙසටය. 


ටී.තිලකරත්න පීරිස්