එච්.එම්. ඉසුරු හේරත්
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
හැඳින්වීම:
පුරාතන ශ්‍රී ලාංකේය ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී දුටුගැමුණු එළාර යුද්ධයට හිමිවන්නේ සුවිශේෂි ස්‌ථානයකි. විශේෂයෙන්ම ක්‍රි.ව. 1920-1956 අතර ලංකාවේ පැවති දේශපාලනික චල්‍යයතා සහ ක්‍රි.ව. 1983 ක්‍රි.ව. 2009 අතර පැවති කොටි ත්‍රස්‌තවාදී යුද්ධය හේතු කොටගෙන දුටුගැමුණු එළාර යුද්ධය පිළිබඳව විවිධාකාර විද්වත් මතිමතාන්තර එළිදැක්‌විණි. ඇතැම් සිංහල අන්තවාදීන්ට අනුව දුටුගැමුණූ මිථ්‍යාදෘෂ්ටික අනාර්ය දෙමළුන්ට එරෙහිවන විජයග්‍රාහී සටන් ව්‍යාපාරයක් සිදුකළ ආර්යය සිංහල බෞද්ධයෙකි. කොටි ත්‍රස්‌තවාදීන්ට පක්‌ෂපාතී ඊනියා දෙමළ නිජබිම්වාදීන්ට අනුව දුටුගැමුණු එළාරට එරෙහිව ගෙනගිය යුද්ධ ව්‍යාපාරය අහිංසක දෙමළ ජනයාට එරෙහිව සිංහල බෞද්ධ අන්තවාදි හු ගෙන ගිය තවත් එක් ඉපැරණි ජනවාර්ගික යුද්ධයක් පමණි. එකී මතයම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ජාතික සාම මණ්‌ඩලය, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය වැනි බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ක`ඵ සල්ලි මත යෑපෙන ඊනියා රාජ්‍ය නොවන ආයතන ක්‍රියාකාරීන් ද දැරූහ. අනතුරුව ඔවුහු පවත්නා රජයන්වලට නිර්දේශ කළේ දුටුගැමුණු ඉතිහාසය දෙමළ විරෝධී ජාතිවාධී ආඛ්‍යානයක් ගොඩංනවන බවත් එබැවින් එය පාසල් පෙළපොතෙන් සහ අවශේෂ නූතන ඉතිහාස ග්‍රන්ථ තුළින් බැහැර කළ යුතු බවයි. එමගින් සිංහල සහ දෙමළ ජනයා අතර සමගිය වර්ධනය වේයෑයි ඔවුහු විශ්වාස කළහ.
මීට අමතරව කොටි හිතවාදී දෙමළ විද්වතුන් විසින් සිංහලයෙන් අතීතයේ සිට දෙම`ඵන්ට එරෙහිව ජාතිවාදී යුද්ධ ගෙන ගිය බවට ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීම සඳහා ද දුටුගැමුණු එළාර යුද්ධය නමැති ඓතිහාසික ප්‍රවෘත්තිය ඉදිරීපත් කළ බව පෙනේ. ජනවාර්ගික අර්බුදය නමැති අශාස්‌ත්‍රීය කඩතුරාවෙන් වෙලී පවතින දුටුගැමුණු එළාර යුද්ධය පිළිබඳව මධ්‍යස්‌ථ විචාරයක් ගෙන ඒමට මෙම ලිපියෙන් අපේක්‌ෂිතය.
එළාර දෙමළ ජාතිකයකු ද?
සේල රජු පරාජය කොට ක්‍රි.පූ. 205 සිට ක්‍රි.පූ. 161 දක්‌වා වසර 44 ක් අනුරාධපුර රාජධානිය පාලනය කළ එළාරයන් දෙමළ හෙවත් සොලී ජාතිකයකු බව මහාවංසය අවධාරණය කරයි. දීපවංසය පෙන්වාදෙන්නේ ඔහු ආර්ය රජ කුමරකු බවයි. මහාචාර්ය ඒ.ඩී.ටී.ඊ. පෙරේරාට අනුව එළාර යනු උතුරු ඉන්දීය සම්භවයක් සහිත රජ කුමරෙකි. ස්‌වකීය මතය සනාථ කිරීම සඳහා එළාරගේ උසස් චරිත ලක්‌ෂණ විග්‍රහ කිරීමට මහාවංසය යොදා තිබෙන "උජු" නම් වචය යොදාගනී. "උජු" යන්නෙන් සෘජු භාවය සඳහන් වන බව සාමාන්‍ය විද්වත් මතයයි.
එහෙත් මහාචාර්ය පෙරේරාට අනුව උජු යන්නෙන් ගුජරාටයේ උර්ජායන් නමැති ග්‍රාමය හෝ ශාක්‍යයන්ගේ උඡ්ජධිනි නම් ග්‍රාමය සිහි කැඳවේ. එබැවින් උක්‌ත උතුරු ඉන්දීය ප්‍රදේශ ද්විත්වයෙන් කුමන හෝ ප්‍රදේශයක සිට එළාරයන් පැමිණෙන්නට ඇති බව ඒ මහතා අවධාරණය කරයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව එළාර යනු එළාම් නම් ගෝත්‍රයකට අයත් සාතවාහන ප්‍රතිරාජවරයෙකි. හෙතෙම ක්‍රි.පූ. 205 සාතවාහන රජකු වූ කණ්‌හගේ නියමය පිට එළාම් ජාතික කුලී හමුදාවක් රැගෙන ලංකාව ආක්‍රමණය කළ බව ඔවුන්ගේ අදහසයයි. පසුව ක්‍රි.පූ. 172 බාරවේළ නම් කාලිංග වංශික රජතුමා හාතිගුම්පා සෙල්ලිපියෙහි සඳහන් වන පරිදි සාතවාහනයන් සතුව පැවති දකුණු ඉන්දියානු ප්‍රදේශ යටත්කරගත් බවත්, සාතවාහන පසුබෑම හේතුවෙන් සහ දුටුගැමුණු කුමරු එල්ලකළ ප්‍රහාර පදනම් කොටගෙන රජරට එළාරයන්ගේ බලය අවනතියට ලක් වූ බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වාදෙයි.
මහාචාර්ය අබය ආර්යසිංහයන්ට අනුව එළාර යනු ලංකාව යටත්කර ගැනීම සඳහා කාලිංග වංශික රජකු වූ ඛාරවේලයන් විසින් එවන ලද සේනාපතිවරයෙකි. දකුණු ඉන්දීය ආක්‍රමණයය කොට ජයග්‍රහණයට පත් ඛාරවේලයන් පසුව එළාර යටතේ මලල සේනාවක් ලංකාවට යවා රජරට ප්‍රදේශය ජයගත් බවත්, එළාර සේනාවේ සිටි දීඝජන්තු, භල්ලුක යන නාමයන් කාලිංග සම්භවයක් සහිත නම් බව ආර්යසිංහයන් වැඩිදුරටත් පෙන්වාදෙයි. මීට හාත්පසින්ම වෙනස් මතයක් දරන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව එළාර යනු චෝළ කුමාරයකු හෝ සංගම් සාහිත්‍යයට අයත් තිරුක්‌කුරල් නම් කෘතියේ සඳහන් එළෙලසිංගම් නම් ධනවත් නාවික වෙළෙන්දා විය හැකි බවට අනුමාන කරයි.
මේ හා සමාන මතයක් දරණ මහාචාර්ය සුමනසිරි වාව්වගේ මහතාට අනුව එළාර යනු පැහැදිලිවීම තිsරුක්‌කුරල් කෘතිය රචිත තිරුතේලවර් කවියාගේ අනුගාමික එළෙලසිංගම් නම් ධනවත් නාවික වෙළෙන්දාය. ඉපැරණි ලංකා සහ දකුණු ඉන්දීය සාහිත්‍යයේ එළාර , එළෙලසිංගම් යන කිසියම් දුරකට සමාන පුද්ගල නාම ද්විත්වය පමණක් දක්‌වා තිබීම සහ තිරුක්‌කූරල් කෘතිය රචනා වුණු කාලපරිච්ඡේදය එළාර ලංකාවේ රාජ්‍ය පාලනය කළ කාලපරිච්ඡේදයට සමාන්තරවීම යන කරුණු ස්‌වකීය මතය තහවුරු කර ගැනීම සඳහා වාව්වගේ මහතා ඉදිරිපත් කරන සාධක කිපයකි.
එළාරයන්ගේ සම්භවය පිළිබඳව නුතන විද්වතුන් ඉදිරිපත් කර තිබෙන මතවාද බොහොමයක් පරීක්‌ෂා කිරීමෙන් පෙනියන්නේ මොහු දකුණු ඉන්දීය ද්‍රවිඩ ප්‍රභවයකයට අයත් රජ කුමරෙකු සේනාපතිවරයෙකු හෝ ධනවත් සාමුද්‍රික වෙළෙන්දෙකුවීමේ අවකාශ වැඩි බවය. ඇතැම්විට මොහු සාමුද්‍රික වෙළෙදාමෙහි යෙදුණු ධනවත් චෝල හෝ පාණ්‌ඩ්‍ය වංශික දෙමළ කුමාරයකු වීමේ වැඩි ඉඩකඩක් ඇත මක්‌නිසාදයත් මෙකල සාතවාහන රජවරුන්ගේත් සහ කාලිංගයන්ගෙන් දැඩිලෙස පහරකා දැඩි ආයාසයෙන් දකුණු ඉන්දියාවේ පැවැති රාජ්‍යයන් දෙකවන්නේ පාණ්‌ඩ්‍ය දේශය සහ චෝල දේශයයි.
උක්‌ත කරුණු සම්භාරය වඩාත් තහවුරු කළ හැකි සාධක සමකාලීන දේශීය සහ විදේශීය ඓතිහාසික බලවේගයන් අධ්‍යයනය කිරීමෙන් හමුවෙයි. විශේෂයෙන්ම ක්‍රි.පූ. 3 සියවසේදී පමණ මෞර්යය අධිරාජ්‍යයක් ලංකාවත් අතර දේශපාලනික, සංස්‌කෘතික, සහ සමාජාර්ථික වශයෙන් වැදගත් සබඳතා ඇතිවිය. මෙම සබඳතා අතුරින් ඇතැම් අප්‍රකට දේශපාලන සබඳතා මහින්දාගමනය පදනම් කොටගෙන සැඟවීමට වංසකථාකරු උත්සුක වුවද ඔහුගේ රචනා තුළින්ම ඒවා අනාවරණය කරගත හැක. මෙහිදී මෞර්යය අධිරාජ්‍යය අශෝකයන්ට අවශ්‍ය වූයේ තමන් විසින් ආක්‍රමණය නොකර රූකඩ රාජ්‍යයන් ලෙස පවත්වාගෙන ගිය දකුණු ඉන්දියාවේ පාණ්‌ඩය, චෝළ, කේරළ, සතියපුත්‍ර යන ද්‍රවිඩ රාජ්‍යවල පක්‌ෂපාතිත්වය තහවුරු කිරීම සඳහා මෙන්ම එකී රාජ්‍යවලින් හදිසි ආක්‍රමණයක් එල්ල වුවහොත් එය වැළැක්‌වීම සඳහා පසු පෙරමුණක් ලෙස ලංකාව පවත්වාගෙන යැමටය. ස්‌වකීය සැලසුම් තහවුරු කරගැනීම සඳහා හෙතෙම දේවනප්‍රීය යන අභිධානය රැගත් මෞර්යය අභිෂේක ක්‍රමයෙන් සමකාලීන දිවයිනේ සිටි ප්‍රබලතම පාලකයා වූ තිස්‌සට ප්‍රදානකළ අතර මෞර්යය පරිපාලන ක්‍රමයද, අරිට්‌ඨ කුමරු හරහා ලංකාවට හඳුන්වා දුන්නේය. තවද ස්‌වකීය දූ පුතුන් වූ මිහිඳු හිමි සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ යටත් ලංකාවට බුදුදහම සහ ඒ හා සබැඳි බෞද්ධ මෞර්යය සංස්‌කෘතික වටිනාකම් ලැබිණි.
මේ හේතුවෙන් ලංකාව දේශපාලනික වශයෙන් කිසියම් දුරකට ශක්‌තිමත් විය. එසේම දිවයින සංස්‌කෘතික වශයෙන් ඒකාබද්ධ විය දකුණු ඉන්දීය ද්‍රවිඩ රාජ්‍යයන් දෙස සැකයෙන් බැලීමට අශෝකයන් පෙළඹ වූ තවත් සාධකයක් වන්නේ එහි ස්‌වකීය අධිරාජ්‍යයේ පැවැත්මට ඉතා අහිතකර වූ ජෛනාගම්කයනA සහ බ්‍රාහ්මණගමිකයන් එහි පැළපැදියම් වි සිටීමය. මේ නිසා දකුණු ඉන්දියාවට දකුණීන් පිහිටි ලංකාව බෞද්ධ රාජ්‍යයක් බවට පත්වනු දැකීම අශෝකයන්ගේ අනිවාර්ය අරමුණක් විය. ලංකාවේද එවකට බලවත් පාලකයා ලෙස රජැයුයේ දේවාණම්පියතිස්‌සයන්ය.
මහින්දාගමනයක් සම`ග ලංකාවට ලැබුණූ බුද්ධාගම දිවයින පුරා පැතිරගොස් කිසියම් දුරකට එකීය සංස්‌කෘතියක් බිහිවීම දේවාණපියතිස්‌ස රජුගේ රජරට රාජධානිය ප්‍රබල වුවාට සැකනැත. අනෙක දේවාණම් පියතිස්‌සයන්ටත් අවශ්‍ය වුයේ ස්‌වකීය රාජධානිය මෞර්යය අධීරාජ්‍යයේ සෙවනේ සිටිමින් ප්‍රබල ලෙස පවත්වාගෙන යාමටය. මෙපරිද්දෙන් බුද්ධාගමේ ආශීර්වාදයෙන් සහ තත්කාලීන පාලකයන්ගේ පෞරුෂත්වය හේතුකොට ගෙන මෞර්ය අධීරාජ්‍යය සහ ලංකාව සැලකිය යුතු කලකට සුරක්‌ෂිත විය. එහෙත් රාජධානි දෙකෙන් සහ එහි බලපෑමට ලක්‌ව සිටි දකුණු ඉන්දියාවේ පාණ්‌ඩය, චෝළ යන රාජධානිවල පැළපැදියම්වසිටි බ්‍රාහ්මණ සහ ජෛනාගමික පාලකවරු සහ ධනවත් වෙළඳ කොටස් ස්‌වකීය දේශපාලනික ආගමික සහ ආර්ථික අරමුණු සාක්‌ෂාත්කර ගැනිම සඳහා කල්බලමින් සිටියහ.
ඊට හොඳම අවස්‌ථාව මෞර්යය අශෝකයන්ගේ සහ දේවාණම්පියතිස්‌ස රජදරුන්ගේ මරණයෙන් පසුව උදාවිය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙරටේම සාමකාමි එහෙත් රණකාමිත්වයෙන් හීන බෞද්ධ පාලකවරු බලයට පත්වීම හේතුකොට ගෙන ඔවුන්ට විරුද්ධව අන්‍යාගමික රජවරුන් කුමාරවරු, සහ ධනවත් වෙළඳුන් නැගී සිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රී.පූ. 187 බෘහදරථ නම් අවසාන මෞර්යය අධිරාජයා පරාජයට පත්කොට බ්‍රාහ්මණ වංශික පුශ්‍යමිත්‍රශුංග බලයට පත්විය. ලංකාවේ විටින් විට දේශීය රජවරු පරාජයට පත්කොට සේන ගුත්තික එළාර වැනි ධනවත් වෙළඳුන් සහ රජ කුමාරවරු බලයට පත්විය.
මෙම පසුබිම යටතේ එළාර යනු උතුරු ඉන්දීය හෝ පාණ්‌ඩ්‍ය, චෝල වංශික ධනවත් සාමුද්‍රිත ව්‍යාපාර හිමි දෙමළ රජ කුමරෙකු සේනාපතිවරයෙකු හෝ කුලී සේනා සපයන වෙළඳ ශ්‍රේණියක අධිපතිවරයෙකු විය යුතුය. එහෙත් එළාරයන්ගේ ප්‍රභවය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතුය. එහෙත් මහාවංසාදී ප්‍රාථමික මූලාශ්‍ර සහ නූතන පර්යේෂකයන්ගේ අධ්‍යයනවලට අනුව තරාතිරම කුමක් වුවත් එළාරයන් දෙමළ ආක්‍රමනකයකු වශයෙන් පිළිගැනිSමට සිදුවේ. හෙතෙම ක්‍රි.පූ. 205 පමණ ලංකාවේ අනුරාධපුර පාලකයාව සිටි වයෝවෘද්ධ අසේලයන්ව පරාජයට පත්කොට බලය අත්පත්කොට ගනී.
මෙහිදී එළාරයන්ගේ පාලනය පිළිබඳව මහාවංසය දක්‌වන විස්‌තරය අපක්‌ෂපාතීය. විශේෂයෙන් මහාවංසය දෙමළ ජනතාවගේ මළ පොත යෑයිද, එය දෙමළ ප්‍රමුඛ සු`ඵ ජාතීන් පිළිබඳව මහා ජාතියේ වෛරය තීව්‍ර කරන බවද, සිංහල ජාතිවාදයේ බයිබලය ලෙසද මුසාවාදය දොඩන උමතු ඊළාම්වාදීන්ගේ සහ යටත් විජිතවාදීන්ගේ ඩොලර්වලට යට වී සිටින ඊනියා ෙµඩරල්වාදීන්ගේ මතවාද බිඳ දැමිය හැකි ප්‍රබල සාධක රැසක් මහාවංසයෙන් මෙලෙස උපුටා දැක්‌විය හැක. එනම්,
සෘජු ස්‌වභාව ඇති එළාර නම් දෙමළ තෙමේ රාජ්‍යය පිණිස සොලී රටින් මෙහි අවුත් අසේල රජු අල්වාගෙන සතළිස් සතර හවුරුද්දක් රාජ්‍ය කෙළේය. රජතෙමේ විනිශ්චය කාලයෙහි සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්‌ථ වී ඇඳ ඉස පසෙක ඉතා දික් යෝතකින් විනිශ්චය කැමැත්තවුන් විසින් හඬවනු පිණීස මිණියක් එල්විය. ඒ රජුහුගේ එක් පුතෙක්‌ද දුවක් ද වූහ. ඒ කුමර තෙමේ රථ නැගි නිසා වැවට යන්නේ මව් සමග ම`ග ගොස් ඉතා තරුණ වස්‌සෙකු රියසකින් බෙල්ල ඇක්‌ම නොදැන මැරූයේය. ඒ දෙන් තොමෝ කිපිසිත් ඇත්තී ගොස් ඒ මිණිගෙඩිය ගැසුවාය. රජ තෙමේ ඒ චක්‍රයෙන්ම පුත්‍රයාගේ හිස සිඳවි......."
(මහා වංසය පරි 21 ගාථා 13-18)
උක්‌ත පුවත ද්‍රවිඩ සංගම් සාහිත්‍යයේ ඇතුළත් මනුචෝළ රජුගේ කථාවට සමානය. මෙපරිද්දෙන් එළාර රජුගේ ධාර්මික ක්‍රියාවන් රැසක් නොපැළිකිලිව ද්‍රවිඩ සාහිත්‍යයේ දී ජනශ්‍රැති එකතු කරමින් රචනාකොට තිබීමෙන් පැහැදිලි වන්නේ වංසකථාකරු දෙමළ විරෝධියෙක් හෝ සිංහල අන්තවාදියකු නොවන බවයි. පුරා 44 වසරක් එළාරයන් රජරට ප්‍රදේශය ධාර්මිකව පාලනය කළ බවට උක්‌ත ප්‍රවෘත්ති වලින් කිසියම් දුරකට සනාථ වුවද, හෙතෙම දැඩි මිලටරීකරණය වූ පාලනයක් රාජ්‍යයේ අභ්‍යන්තරයෙත්, දේශසිමාසන්න ප්‍රදේශවල රැගෙන ගිය බව සාධක රැසක් වංසකථාවල අන්තර්ගතය. හෙතෙම රාජ්‍යය අභ්‍යන්තරයේත් රජරටත් මාගමත් වෙන්කරන මහවැලි ග`ග දිගේ ප්‍රබල බලකොටු රැසක් ඉදිකළේය. උක්‌ත බලකොටු රැසනම්,
මහියංගනය ගාමිණිගාම
අම්බතිත්ථ නන්දිකගාම
සත් බෑ කෝට්‌ටය කුම්භගාම
අන්තරාසොබ්භ දඹුන්නොරුව.
දෝණගාම විජිතපුරය
හාල් කොළ ගිරිනිල් නුවර
නාලිසොබිබ මහේල නුවර
ඛාණුගාම අනුරාධපුරය
තම්බුන්න දීඝාභයගල්ල
කසාතොට වහිට්‌ඨ නුවර
රජරට මිලටරිකරණය ලක්‌කළා පමණක් නොව එළාර රජු ස්‌වකීය විරුද්ධවාදීන් වු රුහුණේ දුටුගැමුණු රජුගේ සහෝදරයකු වූ දීඝාභය නමැත්තා ද තම පාර්ශවයට එකඟකොටගත් බව පෙනේ. තවද එළාර පාර්ශවයේ සිංහල බෞද්ධ ඇමැතිවරු සිටි බවට සාධක සහස්‌සවත්ථූපකරණයෙහි එළාරගේ ප්‍රධාන සේනාපති දීඝජන්තු සමනළ කන්ද වැඳපුදාගත් බවට සඳහන් පුවත සහ වරෙක එළාර රියක නැගී සෑගිරිය අසලින් යනවිට සිදුවූ අනතුරිකින් සෑයේ කොටස් බිඳීගිය විට ඇමැතිවරු පිරිසක් රජුට ඒ බව දැන්වීමේ පුවතින් පැහැදිලි වෙයි. එසේම එළාරයන්ගේ බලකොටු පාලනය කළ කපිසීස, ගාමිණි , මහේල, නන්දික යන සේනාපතිවරුන්ගේ නාමයන් ආර්යය නාමයන්ය. විශේෂයෙන්ම දුටුගැමුණු රජුගේ සේනාවේ ප්‍රධාන සේනාපතිවරයා වන නන්දිමිත්‍රයන් දෙමළ සම්භයක් සහිත පුද්ගලයෙකි. ඒ බව පහත දැක්‌වෙන මහාවංසය ප්‍රවෘත්තියෙන් මොනවට පැහැදිලි වෙයි.
එළාර රජුගේ මිත්‍ර නම් සෙනවියෙක් ඇත්තේය
නැගෙනහිර කඩරොද ( නම්රට) ඒ සෙනෙවියා
කර්මාන්ත ගම්හි සිත්පව් සමීපයෙහමි බුහුනනියන්
පිතෙක් වී ..........,(බලන්න මහා වංසය පරි 23 ගාථා 13-18)
මේ අනුව නන්දිමිත්‍ර එළාර රජුගේ මිත්‍ර සේනාපතිවරයකුගේ නැ`ගණියකගේ පුත්‍රයකු බව පැහැදිලි වෙයි. දෙමළ සම්බන්ධයක් සහිත නන්දමිත්‍රයන්ව ස්‌වකීය ප්‍රධාන සේනාපතිවරයා බවට කිරීමට දුටුගැමුණු කුමරු කටයුතු කළේය. මීට අමතරව දුටුගැමුණු කුමරුගේ අශ්වාරෝහක සේනාව භාරව සිටි වේ`ඵසුමනයන්ද ද්‍රවිඩ සම්භවයක් සහිත පුද්ගලයකු බවට සාධක ඇත. එනම් ඔහුගේ නාමයේ මුල සඳහන් වන වේ`ඵ නාමයයි.
වර්තමානයේදී ඇතැම් දෙමළ පුරුෂ නාමවල පවා වේ`ඵ යන නාමයට ඇතුළත් වෙයි. නිදසුන් ලෙස වෝඵපිල්ලේ යන දෙමළ නාමය දැක්‌විය හැක. එහෙත් මෙම සෙනවිවරු ස්‌වකීය සම්භවයද නොසලකා සිංහල බෞද්ධ සංස්‌කෘතියට අනුගත වෙමින් දුටුගැමුණුගේ සේනාවට සම්බන්ධ දෙමළ එළාරට එරෙහිව සටන් වැඳීම ඉතිහාසයේ කෙතරම් සිත්ගන්නාසු`ඵ අවස්‌ථාවක්‌ද? අනෙක දුටුගැමුණූ කුමරු ජාතිවාදියෙකු හෝ වර්ගවාදියකු නැතහොත් සිංහල බෞද්ධ අන්තවාදියකු නම් ස්‌වකීය සේනාවට නන්දමිත්‍ර, වේ`ඵසුමන වැනි දෙමළ සම්භවයක් සහිත රණශුරයන් සම්බන්ධ කර නොගැනීමට අවකාශ තිබිණි. නැතහොත් ස්‌වකීය විමුක්‌ති සටනට සහභාගි නොකර මරාදැමීමට අවස්‌ථාව තිබිණි. නමුත් සියලු ජාතිභේද වර්ගභේද නොසලකා දුටුගැමුණු කුමරු ලංකාවේ විමුක්‌තියත්, රටේ කොඳුනාරටිය වන් බුද්ධාගමේ චිරස්‌ථිය උදෙසා එළාරනම් ද්‍රවිඩ ආක්‍රමණිකයාට එරෙහිව නිදහස අගයන සෑම දේශප්‍රේමියකු සම්බන්ධ කොටගෙන සටන් වැදුනු බව පෙනේ.
විශේෂයෙන් සතුරු ආක්‍රමණිකයාගෙන් ලංකාව නිදහස් කර ගැනීමේ විමුක්‌ති සටන සාර්ථකව අවසන් වූ පසුව දුටුගැමුණු රජු තමන් හා ද්වන්ධ සටනකින් මියගිය එළාරයන්ගේ සිරුර රජකෙනෙකුට දක්‌වන ගෞරවය සහිතව මිහිදන් කරවා එතැන පසුව කුඩා චෛත්‍යයක් ද කරවිය. එසේම එළාර සොහොන අසලින් කවර හෝ රජ පුවලේ අයකු ගමන් කරන්නේ නම් තුර්යවාදන නතර කර ගෞරව කළ යුතු බවට දුටුගැමුණු රජතුමා සිහිකැඳවීය. ස්‌වකීය සතුරාට මෙවැනි ගෞරවයක් ලබාදෙන්නේ නම් දුටුගැමුණු සහ එළාර අතර පැවති සටන ජනවාර්ගික අර්බුදයක් වශයෙන් හුවා දැක්‌වීම සම්පූර්ණ අශාස්‌ත්‍රීය බව මෙයින් පැහැදිලි වෙයි.
තවද දුටුගැමුණු රජුට දෙමළ ජාතිකයන් පිළිබඳව දැඩි වෛරයකින් පසුවන්නේ නම් පැසිස්‌වාදීව ඔහුට දකුණු ඉන්දියාව පවා ආක්‍රමණය කිරීමට උත්සාහ ගන්නට ඉඩ තිබිණි. එසේම එවකට ලංකාවේ සිටි එළාර පාක්‌ෂිකයන් පවුලේ උදවියද කිසිදු වග විභාගයකින් තොරව සමූල ඝාතනය කිරීමට ඉඩ තිබිණි. නමුත් ඔහු ආක්‍රමණිකයන් පමණක් විනාශ කිරීමට පෙළඹුණේ යුක්‌ති ධර්මයට එක`ගවය.
එනම් එවකට ලංකාවේ නීත්‍යනුකූල පාලකයා ලෙස රෝහණ දී ඔටුණු පැළඳි දුටුගැමුණු රජුට ස්‌වකීය දේශයත්, බුද්ධ ශාසනයත් ජනතාවත් ආරක්‌ෂා කිරීමේ පරම වගකීම පැවරී තිබිණි. ඒ අනුව දුටුගමුණූ රජු එළාර ප්‍රමුඛ ආක්‍රමණික සේනාව පරාජය කරමින් උක්‌ත වගකීම මැනවින් ඉටුකළා මිස, එය හුදු ජනවාර්ගික අර්බුදයක් ලෙස හුවා දැක්‌වීම සම්පූර්ණයෙන්ම අශාස්‌ත්‍රීය ය. අනෙක බටහිරින් නිෂ්පාදන කරන ලද මතවාද අනුසාරයෙන් පැරණී ලංකාවේ දේශපාලනික, සංස්‌කෘතික ප්‍රවනතාවයන් විග්‍රහ කිරීමට යැම අශාස්‌ත්‍රීය නැමැති මඩ ගොහොරුවේ තවදුරටත් එරී යැමක් වැනිය.
ආශ්‍රිත ග්‍රන්ථ සහ ලිපි
01. සිංහලයේ විමුක්‌තිදාකයා දුටුගැමුණු රජතුමා- එල්ලාවල මේධානන්ද ස්‌ථවිර
02. එකල් හි සිංහයෝ ද කොටියෝද මෙසේ ජීවත් වූහ. - අනුරාධ සෙනෙවිරත්න
03. දෙමළ විත්තිය සහ සිංහල මහ සටන් - අබය ආර්යසිංහ
04. සංක්‍ෂ්පිත ලංකා ඉතිහාසය - එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන්
05. සිතුවම් සහිත දෙමළ ජනකතා - සුනිල් ආරියරත්න
06. ඉන්දියාවේ ඉතිහාසය- රොමිලා තාපර්
07. යාත්‍රා-කලාප 1- කේ. ටියුඩර් සිල්වා සහ තවත් අය
08. ලංකාදීප 2008 දෙසැම්බර් 7 ඉරිදා
09. රිවිර 2008 අගෝස්‌තු 31
10. දුට්‌ඨගාමිණි අභය මහරජ - සුමනසිරි වාච්වගේ
11. මහාවංසය - පළමුභාගය හික්‌කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්‌ෂිත
12. රාජ්‍යත්වය, රාජ්‍යය සහ ආගම- හ`ගුරන්කෙත ධීරානන්ද හිමි

උපුටා ගැනිම දිවයින