බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් ඉල්ලා අස්නොවුයේ ඇයි ?



හර්ෂි සි. පෙරේරා 

අද විදෙස් මාද්‍ය ප්‍රකාශයට පත්කළ ආකාරයට ඊජිප්තුවේ බස් දුම්රිය අනතුරින් ළමුන් 50 ක් මියයාමත් සමග එරට ප්‍රවාහන ඇමති සහ දුම්රිය අදිකාරියේ ප්‍රදනියා ඉල්ලා අස්වී තිබේ. නොබෝදා ශ්‍රී ලංකාවේ වැලිකඩ බන්දනාගාරයේ සිදුවූ සමුල ගාතනයෙන් 27 දෙනෙකු මරණයට පත්විය. අපි එය කැරැල්ලක් ලෙස හදින්වුවට ජාත්‍යන්තර ප්‍රජාව එය හැදින්වුයේ බරපතල ලෙස මානව හිමිකම් උල්ලංගනය කල සමුල ගාතනයක් ලෙසයි. එහිදී බන්දනාගාර කොමසාරිස් හෝ අදාල ඇමතිවරයා ඉල්ලා අස්වූයේ නැත. කොමසාරිස් කලේ බන්දනාගාර ආරක්ෂක අමාත්යංශය යටතට ගත යුතුය යන සහාසික ප්‍රකාශය පමණි. ශ්‍රී ලාංකීය ජනතාවද එදෙස බැලුවේ මියගියේ අපරාදකරුවන්ය යන මානසිකත්වයෙනි. මේ තත්වය සදාචාරය ගැන කෑමොර දෙන ශිෂ්ටත්වය ගැන පාරම්බාන රටකට නුසුදුසුය. අපි ක්‍රමක්ක්රමයෙන් රාජාණ්ඩු පාලනයකටත් ගෝත්‍රික සමාජීය මනසිකත්වයකටත් ලගා වෙමින් සිටිමු. වැලිකඩ කැරැල්ල නොසලකා හැරීම තුල රටේ සමස්ත පරිපාලනය තුල ඇති කඩා වැටීම රාජ්‍ය දෙපාර්තමේන්තු සදහා දේශපාලන පත්වීම් දීමේ විපාක යලියලිත් පිලිබිබු කරමින් තිබේ. දැනට අදිකරණය තුලද සිදුවන්නේ එයයි. මහින්ද නම් පාලකයාට අවශ්‍ය රාජ්‍ය සමස්ත සුක්කානම සියතට ගෙන පවත්නා සුවාදින ආයතන වලපල්ලට යැවීමයි. ඒ ක්‍රමය තුල රැදවියන් සිය දහස් ගනනක් ගාතනය කරන පසුබිමක වුව බන්දනාගාර කොමසාරිස් විලිලජ්ජාවක් නොමැතිව යෙහින් වැජබෙනු ඇත. -->