අපේ රජා සහ ස්වාසිලන්ත රජා

බලූ බැල්මට සිත ඇද ගන්නා නාටකයකි. මෙවැනි නාටක හැරෙන්නට වෙනත් නාටක තිබේද? වෙනත් බොහොමයක් නාටක තිබුනත් මෙයත් එවැනිම වූ නාටකයක් හා සමානය. නීතිය පිළිබඳව වූ මහාචාර්ය මෙන්ම වර්තමාන රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ නාමික විදේශ ඇමතිවරයා වසහ්යෙන් කටයුතු කරන ගාමිණී ලක්ෂමන් පිරිස් ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් කටුනායක ගුවන් තොටුපලට ගොස් විශේෂ අමුත්තෙකු පිළිගත්හ. ඒ ස්වාසිලන්තයේ රාජ්‍යත්වය හොබවන ම්ස්වති ඉල් සහොහුගේ බිරිඳ ඇතුළු එරට නොයෝජිතයින් පිරිසය. එහි රජු මෙහි ස්වං ප්‍රකාශිත රජු හමුවන්නේ දෙරටේම සමාන සමාජ දේශපාලන තත්වයක් නිර්මාණය වී ඇති අවධියේදීය.

රාජපක්ෂ ජනාධිපතිවරයා කරමින් පවතින පාලන කටයුතු කෙරෙහි බලු කල්හී පෙනීයන්නේ ඔහු ස්වාසිලන්ත රජුට මදක් පිටුපසින් සිටින බවය එහෙත් දෙදෙනේගේම ලක්ෂණ එක හා සමානය. ලිබිය්වේ මුහම්මර් ගඩාෆි වූ කලි අතිශය දුෂකරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබා තමන්ගේම න්‍යායකට අනුව රට පාලනය කල අයෙකි. ඔහුට ඔහුගේ දැක්මක් තිබිණා පමණක් නොව ඔහු කියවීඒමට ක්ලිව්වෙමට ලැදිකමක් වූවෙක්ද විය. එය ඔහුව සාදාරනීකරණය කිරීම සනහා ගෙන එනු ලබන තර්කයක් නොවන අතර බොහෝමක හොරට විභාග සමත් වී තම දරුවන්ටද තමන් කල හොරකම් පුරුදු කරන අයට සාපේක්ෂව ගඩාෆි තරමක් ඉදිරියෙන් සිටින්නෙකි. නමුත් මොවුහු එකම මාර්ගයේ වෙනස් ස්ථාන වල සිටින සහ සිටි අයවලුන් වෙති.

රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවීමට ස්වාසි රජු තම බිරිඳ සමඟ මෙහි පැමිණ සිටිනෙන් තම රටේ අකණ්ඩ වර්ජනය පවතින අවස්තාවකය. මුලික වැටුප 4.5 කින් වැඩි කිරීමට යයි ඉල්ලා එරට ගුරුවරුන් කරන උද්ඝෝෂණයට සති පහක් ගත වීමත් සම්නග ඔහු ඊයේ මෙරටට පැමිණීමට පෙර නියෝග කරනු ලැබුවේ, වර්ජනයේයෙදෙන සියලුම දෙනාටම වහාම රාජකාරි කටයුතු සඳහා වාර්තා කරන ලෙසයි. රජුගේ වචනය ගැන දන්නා ස්වාසි ජාතික ගුරු සංවිධානය කියා සිටියේ රජු කියන හෙයින් රාජකාරි සඳහා වාර්තා කරන බවයි.

නමුත් අධ්‍යාපන සහ පුහුණු ඇමති, විල්සන් නාශන්ගශේ කියා සිටියේ වැඩවර්ජනයට සහභාගී වීම නිසා සේවයෙන් පහකළ කිසිවෙකු සේවයට වාර්තා කොනල යුතු බව සහ ඔහුන්ගේ දෛවය තම කැබිනට් මණ්ඩලය නුදුරු දිනකදී තීරණය කරන බවයි.

නමුත් රජුගේ වචනය අවසාන වචනය වේ. එය සියලු දෙනාම කොන්දේසි රහිතව පිළිගත යුතු සම්ප්‍රදාය වේ. ලංකාවට පැමිණ සිටින රජු එවැනි බල මහිමයක් ඇත්තෙකි. අපේ නාමික රාජටද එවැනි සම්ප්‍රදායක රජෙකු වීමට සිහින නැතුවා නොවේ. එහින් ස්වාසි රජාගෙන් ඉගෙන ගැනීමට ඇති දෑ බොහෝය.