සදාචාරය හා සමාජ සංවිධානය

| නිතිඥ බැසිල් ප්‍රනාන්දු

නීතිය නැවත බලසහිත නොකොට ලංකාවට සංවිධානාත්මක සමාජයක් සේ පැවතිය නොහැකිය. සමාජ සංවිධානයේ බිඳ වැටිම හා සදාචාරයේ බිඳ වැටිම එකට සිදුවේ. මේවා වෙන් වෙන් වු ප්‍රශ්න ලෙස විසඳිය නොහැකිය. නීතියෙන් තොරව සදාචාරය ඇති කළ නොහැකිය. නීතිය හා සදාචාරයෙන් තොරව සංවිධානය වූ සමාජයක් සේ ලංකාවට පැවතිය නොහැකිය. මේසා විශාල ප්‍රශ්නයක් විසඳ ගැනිම ලංකිකයා වර්තමාන තත්ත්වය තුළ මුහුණ දෙන අභියෝගයයි. නිතියේ ආධිපත්‍යයට ඉඩ ඇතිවන සේ 1978 ව්‍යවස්ථාව නිශ්ප්‍රභාකිරිම හෝ සංශෝධනය කිරිම මෙම පරිහානියෙන් ගැලවිමට ඇති එකම මාවතය.

17 වන සංශෝධනය නැවත පණ ගැන්විය යුතු යැයි කියන්නන් ද කරණු ලබන්නේ ප්‍රශ්නයේ සැබෑ මූලය අමතකකර දැමිමය. ජනාධිපතිවරයා නීතියට ඉහළින් පිහිටා තිබිම නැතිකල යුතුය යන ස්ථාවරය අමාරු දේශපාලන ක්‍රියාමාර්ගයක් වන හෙයින් එයට මුහුණ නොදි 17 වන සංශෝධනයක් ගැන කථාකරන්නේ එක්කෝ තමන්ම මුලා වි ඇති නිසා හෝ වෙනත් රටවැසියා මුලා කිරිම සඳහා විය යුතුය.
අද සමාජයේ ඉහළම තලයේ ආයතන හා කණ්ඩායම් තුළින් පවා ඇසෙන්නට ලැඛෙන්නේ ලංකාවේ නීතියක් නැතිවියෑම ගැනය. අද සමාජයේ කාටත් මෙය දැරිය නොහැකි ප්‍රශ්නයක් බවට පත්වී ඇත. ඔක්තෝබර් 19 වන දා "ද අයිලන්ඩ්" පුවත් පතේ කතුවැකියේ එක් ඡේදයක පරිවර්ථනය මෙසේය. හොරකමකට ගොදුරුවි නැති එකද ගෙයක්වත්/ වෙළඳසලක්වත් නැති තරම්ය. මාල කඩාගන්නන් ගැන බියෙන් තොරව ආභරණයක් පැළඳගත් කාන්තාවකට පාරේ යා නොහැක. මුදල් පැහැර ගන්නන්, පුද්ගලයන් ඔසවාගෙන යන්නන් හා ඉඩම් පැහැරගන්නන් පිලිබඳ නිරන්තර බියෙන් තොරව ව්‍යාපාරිකයෙකුට ජීවත්විය නොහැක. රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් ඇති අවනීතිය නිසා ඇතිවි ඇති බිය අද ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ව්‍යාපාරය ගෙන යෑමටද, සාමාන්‍ය ජනතාවට තමන්ගේ වැඩපලට හා සමාජ ජිවිතයේ සම්බන්ධ වීමටද, කුඩා දරුවෙකුට වුවද මහපාරේ භීතියෙන් තොරව ගමන් කිරිමටද, බැරි තත්ත්වයක් උදා කර ඇතැයි පැවසිම තවදුරටත් කවුරුවත් අතිශයෝක්තියක් කොට නොසලකයි. එහෙත් මෙම තත්ත්වයෙන් අත්මිදිම සම්බන්ධයෙන් ගත් කල ඒ පිළිබඳව කිසිදු සෑහිමකට පත්විය හැකි පිළිතුරක් ව්‍යාපාරිකයෙකුටවත්, සාමාන්‍ය රටවැසියෙකුටවත් ලබාදිමට ඉදිරිපත් වන කිසිවෙකු නැත. විසඳුම් ලෙස ඉදිරිපත්කර ඇති සමහර අදහස් ව්‍යාජය.

ව්‍යාජ විසඳුම් -1- විශේෂ කාර්ය බලකාය

"ද අයිලන්ඩ්" පුවත් පත පවා ඉදිරිපත් කරන අදහස වන්නේ අවනීතිය හා එයින් ඇතිවන බිය පිළිබඳව ප්‍රශ්නය නිරාකරණය කර ගැනිමට මග ලෙස පවතින්නේ විශේෂ කාර්ය බලකායට එම කාර්ය කිරිම සඳහා සියලුම බලතල පැවරිමෙන් බවය. එහෙත් එම යෝජනාව දැන් පැණ නැගි ඇති නීතියේ කඩා වැටිම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරක් යැයි කිසිවෙකුටවත් ඒත්තු ගැන්විය නොහැකිය. විශේෂ කාර්ය බලකායද රටේ පවතින නීතිමය අර්බුදයේ කොටස්කරුවන් වනවා මිසඑයින් අත්මිදුනු කණ්ඩායමක් වශයෙන් පැවතිමට ඇති හැකියාවක් එයට පවතින්නේ නැත. මෙය නිමල් ලංසා නැමති බස්නාහිර පලාත් සභා අමාත්‍යවරයා පිළිබඳව ඇතිවු සිද්ධිය තුළින් පෙනේ. තවමත් පැහැදිලි කොට නොමැති කිසියම් හේතුවක් නිසා විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඔහුගේ ගෙය වටලා එය සෝදිසි කළහ. එයට රජයෙන් ලැබුනු ප්‍රතික්‍රියාව වුයේ ජනාධිපතිතුමාම නිමල් ලංසාගේ නිවසට ගොස් ඔහුගේ ගෙය පරික‍ෂා කිරිම පිළිබඳව ඔහුට කණගාටුව ප්‍රකාශ කිරිමය. කිසියම් රාජ්‍ය ප්‍රධානියෙකු විසින් මේ අයුරින් ක්‍රියාකල අවස්ථාවක් තවත් ඇත්දැයි සිතිමට අමාරුය. කෙසේ වුවත් මෙම ක්‍රියාවලිය නිසා රටපුරාම ඇතිවු ව්‍යාකුලත්වය ඉමහත්ය.

ව්‍යාජ විසඳුම් -2- හමුදා අධීක්ෂණය

තවත් කණ්ඩායමක් නීතිය පිළිබඳව පැණනැගි ඇති අර්බුදය විසඳීම සඳහා යෝජනා කරන්නේ දේශපාලනඥයන් ළඟ ඇති ගිණි අවි පිළිබඳව අධීක්ෂණය කිරිම හමුදාවට පැවරිය යුතු බවය. රටේ දේශපාලනඥයන් අධික්ෂනය් කිරිම හමුදාවට පැවරිම තුළින් ඇඟවෙන්නේ මෙම දේශපාලනඥයින් හමුදාවේ අධීක්ෂණය ලක්විය යුතු බවය. කෙසේ වුවත් නීති විරෝධි අවි ළඟ තබා ගැනිම පිළිබඳව පරීක්ෂණය කිරිම පැවරෙන්නේ පොලිසියට මිස හමුදාවට නොවේ. මෙය හමුදාවට පවරන්නේ එය පොලිසියට කළ නොහැකි වැඩක් නිසා යැයි කිවහොත් ඒ මගින් ද ඇතිවන්නේ විශාල ව්‍යාකූල තත්වයකි. පොලිසියට මෙම ක්‍රියාවන් කිරිමට බැරිවි ඇත්තේ එය මුළුමනින්ම දේශපාලනීකරණය වී ඇති නිසාය. 2010 ජනවාරි මැතිවරණයේ සිට මේ දක්වා හමුදාවේ සිදුවි ඇති වෙනස්විම්, ඒ තුළ සිදුවි ඇති රැකියා අත්හිටවිම්, මාරු කිරිම් හා වෙනත් ක්‍රියා සිදුවන ආකාරයන් දෙස බලන විට හමුදාවද රටපුරා පවතින දේශපාලනිකරණය යන රටාවට ඇතුළත් නොවේ යැයි ඒත්තු ගැන්විම පහසු කාර්යයක් නොවේ. කෙසේ වුවත්, ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක සියලුම කටයුතු අධීක්ෂණය කිරිම ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ කටයුත්ත වනවා මිස එය හමුදාව සතුකාර්යයක් නොවේ.

ව්‍යාජ විසඳුම් -3- 17 වන සංශෝධනය

රටේ පවතින නීතිය කඩාවැටිම සම්බන්ධයෙන් තවත් අය ඉදිරිපත් කරන විසඳුමක් වන්නේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත පණ ගන්වා ක්‍රියාත්මක කරවන ලෙසය. මෙය ප්‍රායෝගික යෝජනාවක් නොවේ. 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරිමට නම් 18 වන සංශෝධනය අවලංගු කල යුතුවේ. එසේ කිරිමට තරම් දේශපාලන අවශ්‍යතාවයක් ආණ්ඩුවට පවති නම් 18 වන සංශෝධනය නීතිගත කිරිම නොකර සිටිමට තිබුණි. මේ නිසා 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරිම සඳහා කරන ඉල්ලිම දේශපාලන මවා පෑමක් හැර තත්ත්වාවබෝධයකින් කෙරෙන යෝජනාවක් නොවේ.

කෙසේ වුවත් 17 වන සංශෝධනය නීතියට නැගුනේ1978 සිට ලංකාව මුහුණ දෙන ව්‍යවස්ථාමය හා නීතිමය ගැටලු මගහැරගත් පියවරක් ලෙසය. 2001 වන විට ඉතා පැහැදිලිව පෙනුනේ 1978 ව්‍යවස්ථාවේ නිසා රාජ්‍යපරිපාලනය පවත්වාගෙන යෑමට බැරි තත්ත්වයකට රට කඩා වැටි තිබු බවය.

එම කඩාවැටිමට හේතු වුයේ 1978 ව්‍යවස්ථාව මගින් ලංකාවේ විධායක ජනාධිපතිවරයා නීතියෙන් ඉහළ පුද්ගලයෙකු බවට පත්කොට තිබිමය. ඒ තුළින් නීතියේ රජකම නැතිවි විධායක ජනාධිපති නීතිය අභිබවා යන පුද්ගලයෙකු බවට පත්කලේය. මෙය නීතිය මත පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකම නොතකා හැරිමක් විය. 2011 වන විට පොලිසිය මැතිවරණ ක්‍රමය රාජ්‍ය සේවය හා වෙනත් ප්‍රධාන රාජ්‍ය සංස්ථා ක්‍රියාකරවා ගැනිමට බැරිතරම් දේශපාලනීකරණය සිදුවි තිබුනේ මේ නිසාය. මේ ප්‍රශ්නය ලංකාවේ පාර්ලිමේන්තුවේදී සාකච්චා විය. 17 වන සංශෝධනය එම සාකච්චාවේ ප්‍රථීපලයකි. එහෙත් එම සංශෝධනය ප්‍රතිපත්ති විරහිත දේශපාලන සම්මුතියක් විය. ප්‍රශ්නය හරි හැටි විසඳිම සඳහා එවකට ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බන්ඩාරණායක නීතියට ඉහළින් ඔසවා තිබු ලංකා ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය හා ඊට අනුකූල තවත් වගන්ති ගණනාවක් ඉවත් කිරිමට අවශ්‍ය විය. එහෙත් එම යෝජනාව පාර්ලිමේන්තුවේ ගෙනාවානම් එයට ජනාධිපතිවරියටත්, ඇයට සහයෝගය දුන් ඇයගේ පාක්ෂිකයන්වත් කැමති වන්නේ නැත. එම නිසා ඇයගේ කැමැත්තද ලබාගත හැකි ආකාරයෙන් යෝජනාවක් ඉදිරිපත්කරන ලදි. ඉන් කලේ යම් තනතුරුවලට පත්කිරිම් වලදි එසේ කිරිම ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත මත කරනු වළක්වා විවිධ කොමිෂන් සභා තුළින් ඒවා කිරිමට සැලැස්විමය. එහෙත් එසේ කලයුතු වාතාවරණය වුයේ ජනාධිපතිවරිය නීතියට හා අධිකරණයට ඉහළින් සිටින තත්ත්වයක් තුළය. තමන් කැමැති අවස්ථාවක 17 වන සංශෝධනය නිශ්ප්‍රභාකර දැමිය හැකි බව ජනාධිපතිවරිය දැන සිටියාට සැකයක් නැත. ඇයගේ අනුප්‍රාප්තිකයා වු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරන ලද්දේ එම නිශ්ප්‍රභාකිරිමයි. එම ක්‍රියාවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනිමට උත්සාහ කල විට, එයට ලැබුණ පිළිතුර වුයේ ජනාධිපතිවරයා අධිකරණයට කැඳවීමේ හැකියාව අධිකරණයට නොමැති හෙයින් ඔහු කල ක්‍රියා නිශ්ප්‍රභා කල නොහැකි බවය. 2001 දි මෙවැනි තත්ත්වයක් උදාවනු ඇතැයි සිතිමට නොහැකියාවක් පැවතුනේ නැත. එහෙත් ඒ වේලාව සඳහා සුදානම් කර ගත් ප්‍රතිපත්ති විරහිත සංශෝධනයක් ලෙස 17 වන සංශෝධනය සම්මත විය. 

සැබෑ විසඳුම - ජනාධිපතිවරයා නීතියට යටත් කිරිම

17 වන සංශෝධනය නැවත පණ ගැන්විය යුතු යැයි කියන්නන් ද කරණු ලබන්නේ ප්‍රශ්නයේ සැබෑ මූලය අමතකකර දැමිමය. ජනාධිපතිවරයා නීතියට ඉහළින් පිහිටා තිබිම නැතිකල යුතුය යන ස්ථාවරය අමාරු දේශපාලන ක්‍රියාමාර්ගයක් වන හෙයින් එයට මුහුණ නොදි 17 වන සංශෝධනයක් ගැන කථාකරන්නේ එක්කෝ තමන්ම මුලා වි ඇති නිසා හෝ වෙනත් රටවැසියා මුලා කිරිම සඳහා විය යුතුය.

ලංකාව පුරා සාමාන්‍ය ජනයාත් ව්‍යාපාරිකයෝත් භීතියෙන් පසුවන බව ඇත්තය. එහෙත් එම භීතිය තවතවත් වැඩිවෙනවා මිස එය නැතිකර ගැනිමට ඇති එකම යථානුරූපික ක්‍රියාමාර්ගය ගැනිම පිළිබඳව දැඩි මතවාදයක් තවමත් ඉදිරිපත් වි නැත. මෙහි ප්‍රථීපලය වන්නේ තවතවත් අවනීතිය රජ වී ජිවිත හා දේපල විනාශවි යාමය.

1978 ව්‍යාවස්ථාවේ විධායක ජනාධිපතිවරයා නීතියට ඉහළින් ඔසවා තබමින් නීතියේ ආධිපත්‍යය නැති වූ කල සියලුම වගන්තින් අහෝසි කිරිම ලංකාව පුරා පවතින භීතිය නැතිකිරිමටත් නීතිය නැවත ක්‍රියාත්මක විමටත්, නිතිය මත පදනම්වු රජයේ සංස්ථා ක්‍රියාකරවිමටත් හැකි එකම පියවර සේ පවති.

Tell a Friend