හර්ෂි සි. පෙරේරා
2012 ජනවාරියට හෙයිටියේ දස දහස් ගණනක් මිනිස් ජිවිත විනාශවූ බුමිකම්පාව සිදුවී වසර දෙකක් සපිරේ. හයිටිය දුප්පත් කැරිබියානු රටකි. එය ලෝකයේ රටවල් අතර අන්ත දිලිදු ඉතා අඩුවෙන් සංවර්දනය වූ රටක් වේ.
2010 ජනවාරි 10 වැනිදා සිදුවූ හෙයිටි බුමිකම්පාව වසර 200 කට පසු කලාපයේ ඇති වූ බිහිසුනුම කෙදවාචකය වේ. ලක්ෂ 2 1/2 ක පමණ ජනතාවක් ජිවිතක්ෂයට පත් විය.
බුමිකම්පාව අවස්ථාවේ දින දෙකක් තුනක් යන තුරු හෙයිටි ආණ්ඩුව හෝ පොලිසිය කොහේදැයි සොයා ගැනීමටත් නොහැකි තත්වයක් තිබිණි. එක්සත් ජාතීන්ගේ හෙයිටි කාර්යාලය ගැනද කීමට ඇත්තේ එයයි.
ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබුණු ආදාර බොහොමයක් දෙන්නන් වාලේ දෙනුලැබූ දේ මිස සිහි බුද්දියෙන් හෙයිටි ජනතාවගේ මුලික අවශ්‍යතාවන්ට ගැලපෙන දේ නොවුනි.
උදාහරණයකට උණුසුම් රටක් වූ හෙයිටියේ බුමිකම්පාවෙන් අවතැන් වූ ජනයාට පෙරෝනා ලෙස ෂිට් වෙනුවට ලැබුනේ ශිත රට වලට ගැලපෙන බ්ලන්කෙට්ටුය. රෙදි සේදීමට රෙදි සෝදන යන්ත්‍ර සහ වියලා ගැනීමේ උපකරණ හිමි විය. නමුත් හෙයිටි අවතැන් වූ ජනයාට දෑතින් රෙදි සෝදා අවුවේ වියලා ගැනීමට හොදින් හිරු එලිය තිබිණි.
ඉතින් හෙයිටි බුමිකම්පාව සහ ජාත්‍යන්තර ප්‍රජාවේ ප්රතිචාරයන් ගෙන් පාඩම් රැසක් ඉගෙනීමට ඇත.
Post a Comment