බදුරලිය පොලිසියේ නරුම වැඩක්.

ජනසංසදය

2010.06. 29 වෙනිදා උදේ 8.00 විතර අයියලාගේ ගෙදර ගියා. ගිහින් එනකොට වැස්සක් වැස්සා. මම වැස්ස නිසා සුසිල්ගේ ගෙදරට ගියා. ඒ යන විට ප‍්‍රියන්තත් එහි ඇවිත් හිටියා. අපි තුන් දෙනාම සාලේ වාඩිවෙලා කතා කර කර හිටියා.

බදුරලිය පොලිසියේ 29027 නමැති පොලිස් නිලධාරියා ඉස්සරහ දොරෙන් සුසිල්ගේ ගෙදරට ආවා. පිටිපස්ස දොරෙන් සැරයන් ගුණරත්න හා තවත් නිලධාරින් ආවා. 29027 නිලධාරියා මගෙන් ඇහුවා සමන්ත කියන්නේ උඹද කියා. මම ඔව් කිව්වා. ඒ වෙලාවේ මට කිසිම බයක් දැනුනේ නෑ. මම ඇහුවා ඇයි කියලා? එතකොට” ඒක අපි පස්සේ කියන්නම් කිව්වා. ඊට පස්සේ ප‍්‍රියන්තටත් මටත් මාංචු දැම්මා. අපි කිව්වා කිසිම වරදක් කරලා නෑ” මාංචු දාන්න එපා කියලා’ නමුත් ඒ නිලධාරින් මාංචු දැම්මා. අපි දිගින් දිගටම ඇහුවා ඇයි කියලා. නමුත් කිව්වේ නෑ.

හංදියට ගෙනාවට පස්සේ සමන්ත කියන අසල්වැසි අය ආවා’ පොලිසිය එක්ක එයා කතා කළා. එතකොට හිතුණා සමන්තගේ ගෙදර හොරු කඩලා තියෙන නිසාද කියලා’ පසුව පාර දිගේ අපව පයින්ම අරගෙන ආවා’ පසුව පුෂ්පගේ ත‍්‍රීවිල් එකේ දාගෙන අපි තුන්දෙනාව පොලිසියට අරගෙන ගියා.

පොලිසියේ මිදුලෙදි මාංචු ගලවලා ප‍්‍රියන්තව නිදහස් කළා’ මගේ අත් දෙකටම මාංචු දාලා ඒ දෙන්නව පොලිසියේ ඉස්සරහින් පොලිසිය ඇතුළට ගෙනිච්චා’ 29027 නමැති නිලධාරියා මාව පොලිසිය පිටිපස්සට ගෙනිච්චා’ පොලිස් නිලධාරින් නිදා ගන්න කාමරයකට මාව ගෙන ගියා’ එතනදි මට බය හිතුණා’ එම කාමරයේදී පොලිස් නිලධාරයා අතින් පාරවල් 2-3 ක් කම්මුලට ගැහුවා’ මගෙන් ඇහුවා මොනවද උඹට කියන්න තියෙන්නේ කියලා’ මම කිව්වා කියන්න දෙයක් නෑ කියලා’ මට තරහක් ඇති වුණා’ මට ඇඳුම් ගලවන්න කිව්වා’ ඒ වෙලාවේ මට ලැජ්ජාවකුත් බයකුත් ඇතිවුණා” මේ මොකක්ද වෙන්න යන්නේ කියලා’

මගේ අත්දෙකට මාංචු දාලා දනිස් අතරින් අත්දෙක රඳවලා” කකුල් දෙක අතරින් පොල්ලක් දැම්මා’ තවත් නිලධාරියෙක් ඒකට හවුල් වුණා’ ඒ පොල්ලේ කොන් දෙක එතන තිබුණු කබඞ් දෙකක් අතරින් උස්සලා තිබ්බා’ ඒ වෙලාවේ මාව කැරකිලා ඔලූව බිම පැත්තට හිටියා’ ඒ වෙලාවේ මට සෑහෙන වේදනාවක් දැනුණා’ බයකුත් ඇතිවුණා’ 29027 නිලධාරියා කිතුල් පොල්ලකින් යටිපතුල් වලට ගැහුවා’ මම කිව්වා මම කිසිම දෙයක් දන්නෙ නෑ කියලා’ එවිට ඔහු සමන්තලාගේ ගෙදර හොරකම් කරා නේද කියලා ඇහුවා’

මම නෑ කියලාම කිව්වා’ ඒ ගොල්ලො කියනවා නම් මම ගත්තා කියලා” මම අක්කලාට කියලා හදවලා දෙන්නම්” මට ගහන්න එපා කියලා කිව්වා’ නමුත් එම නිලධාරියා මට දිගින් දිගටම පහර දුන්නා’ එසේ පහරදෙන කොට මාව වටේටම කැරකුණා’ ඒ වෙලාවේ අත්දෙක ඇදිලා දරන්න බැරි වේදනාවක් ඇතිවුණා’ මම බිමට ගන්න කියලා කෑ ගැහුවා’ එසේ විනාඩි 10 ක් 15 ක් පමණ මට ගැහුවා’ පසුව එම නිලධාරින් දෙන්නා මාව බිමට ගත්තා’ මට ඒ වෙලාවේ ලොකු දුකක් ඇතිවුණා’ මම ගැන ගෙදර කව්රුත් දන්නෙත් නෑ’ හිතා ගන්න බැරිවුණා මට මොනවා වෙයිද කියලා’ එසේ බිමට බාලා මගේ යටිපතුල් වලට නැවතත් 29027 නිලධාරියා කිතුල් පොල්ලෙන් පහරදුන්නා’ එසේ විනාඩි 10 ක් පමණ පහරදුන්නා’ මම වරදක් නොකළ බවත්” පහර නොදෙන ලෙසත් ඉල්ලා සිටියා’

පසුව අතේ එක මාංචුවක් ගලවලා එහි තිබුණු ඇඳ කකුලකට දැම්මා’ පසුව ඔවුන් යන්න ගියා’ ? 9’30 විතර ආයෙත් ආවා’ බත් ගෙනත් දුන්නා’ මට බයට කන්න බැරිවුණා’ මොනවා කරයිද කියලා බයෙන් හිටියේ’ සිද්ධාලේප” පැනඩෝල් 2 ගෙනත් දුන්නා’ සිද්ධාලේප ගාගන්න කිව්වා’ මම අමාරුවෙන් සිද්ධාලේප ගාගත්තා’ පැනඩෝල් බිව්වා’

විනාඩි 10 විතර පස්සේ ඇඳ කකුලේ මාංචුව ගලවලා ඇඳට නැගලා නිදාගන්න කිව්වා’ අල්ලපු ඇඳේ 29027 නිලධාරියා නිදා ගත්තා’

ඇලවෙලා හිටියට මට නින්ද ගියේ නැහැ’ මට මොනවා කරයිද කියලා කල්පනා කර කර හිටියා’ මට ගෙදර අය මතක් වුණා’ එතකොට හරියට දුක හිතුණා’ මම නොකරපු දේකට ගුටි කන්න වෙච්ච එක ගැන මම හරි වේදනාවෙන් හිටියේ’ 29027 නිලධාරියා උදේ නැගිටලා මට මූණ හෝදගන්න කියලා ටැප් එක ළඟට අරගෙන ගිහින්” මූණ හෝදගන්න කිව්වා’ මම ඒ වෙලාවේ ඇවිදගෙන ගියේ අමාරුවෙන්’

ඊට පසුව මාව කූඩුවට ගෙනත් දැම්මා. ඒ වෙලාවේ මම දැක්කා මගේ අක්කලා මාව බලන්න ඇවිල්ලා ඉන්නවා. පසුව අක්කලා කූඩුව ළඟට ඇවිල්ලා මගෙන් මොකද වුණේ කියලා විස්තර ඇහුවා. මම ඒ අයට මට ගහපු හැටි විස්තර කර කිව්වා. මට ඒ වෙලාවේ හරිම දුක හිතුණා. නමුත් මට අක්කලාව දැක්කම ටිකක් බය අඩු වුණා. ඒ අතර මම දැක්කා අපේ හාමුදුරුවෝ ඇවිල්ලා ඕ. අයි. සී මහත්තයත් එක්ක කතා කරනවා. හාමුදුරුවෝ කූඩුව ළඟට ඇවිල්ලා මොකද වුණේ කියලා ඇහුවා.

මම හාමුදුරුවන්ට මට ගහපු හැටිත්” මට ඇවිදීමට බැරි බවත්” කකුල් රිදෙන බවත් කිව්වා. ඒ වෙනකොට මගේ කකුල් හොඳටම ඉදිමිලා තිබුණා. හාමුදුරුවෝත් අක්කලාත් ඒ බව දැක්කා. මම හාමුුදුරුවන්ට මට ගහපු නිලධාරියාව පෙන්නුවා.

ඊට ටික වෙලාවකට පසු පොලිස් කැබ් එකේ දාගෙන පොලිස් නිලධාරින් මාව බදුරලිය රෝහලට ගෙන ගියා’ වෛද්‍යවරයාට මම පොලිසියෙන් ගහපු බව කිව්වා’ ඒ වෙලාවේ අක්කලාත් රෝහලට ඇවිත් හිටියා’ වෛද්‍යවරයා මගේ කකුල් බලා” හොඳටම ඉදිමිලා තියෙන්නේ” මෙහේ බෙහෙත් කරන්න බෑ” එක්ස්රේ කරන්න වෙනවා” ඒ නිසා නාගොඩට ගෙනියන්න කියලා පොලිස් නිලධාරින්ට කිව්වා’ දැන් ඇම්බියුලන්ස් එක නැහැ” ආවාම පොලිසියට එවන්නම්” එතකොට නාගොඩ රෝහලට ගෙනියන්න කියලා වෛද්‍යවරයා පොලිස් නිලධාරින්ට කිව්වා’

පසුව නැවතත් මාව පොලිසියට ගෙනල්ලා කූඩුවට දැම්මා. ටික වෙලාවකින් එළියට අරගෙන මගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත්තා’ නැවතත් කූඩුවට දාලා හවස 2’30 ට 3’00 විතර පොලිස් කැබ් එකේ දාගෙන බදුරලිය පැත්තට අරගෙන ගියා’ ප‍්‍රධාන පාරෙන් නැතුව කැලෑ පාරකින් මාව ගෙනිච්චේ’ මට ඒ වෙලාවේ බය හිතුණා කොහේ ගෙනියනවද දන්නෙ නෑ කියලා.

මම ඒ නිලධාරින්ගෙන් ඇහුවා කොහෙටද මාව ගෙනියන්නේ කියලා’ ඔවුන් කිව්වා ඉස්පිරිතාලෙට ගෙනියන බව’ පසුව නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයට මාව ගෙන ගියා’ පොලිස් නිලධාරින් ගිහින් වෛද්‍යවරයා සමග කතා කර ඇවිත් මට ඇතුළට යන්න කිව්වා’

මම අපහසුවෙන් නොණ්ඩි ගසමින් වෛද්‍යවරයා ළඟට ගියා’ මම කිව්වා මට පොලිස් නිලධාරින් පහරදුන් බව’ වෛද්‍යවරයා කකුල් බලලා” කොලයක රූපසටහන් ඇඳලා මොනවද සටහන් කර ගත්තා’ මාව වෛද්‍යවරයාට ඉදිරිපත් කරන වෙලාවේ 29027 නිලධාරියාත් අපිත් සමග ගියා’ පසුව නැවතත් මාව පොලිස් කැබ් එකේ දාගෙන මතුගම උසාවියට ගෙනාවා’ ඒ වෙනකොට මගේ ගෙදර අය දන්නෙ නෑ මාව රෝහලටත් උසාවියටත් ගෙනාපු බව’

උසාවි යන නිලධාරියා මහේස්ත‍්‍රාත්තුමාගේ කාමරයට ගොස් පැමිණ නැවතත් මාව නිල කාමරයට ගෙන ගියා’ මට ඒ වෙලාවේ මා වෙනුවෙන් ඇප ඉල්ලන්න නීතිඥවරයෙකුත් නැති නිසා බය හිතුණා මට රිමාන්ඞ් වෙන්න වෙයි කියලා’ පොලිසියෙන් උසාවියට කිව්වා මම රත්තරන් බඩු හා සල්ලි හොරකම් කරලා කියලා’ උසාවියෙන් ඇහුවා මගෙන් වැරදිකරුද නිවැරදිකරුද කියලා’ මම කිව්වා නිවැරදිකරු කියලා.

මම කිව්වා ස්වාමිනී මේගොල්ලො මාව නිකන් ගෙනල්ලා මට ගහලා මට මේ බොරුවටයි නඩු දැම්මෙ කියලා’ නමුත් උසාවියෙන් ඒ ගැන මගෙන් කිසිම විමසීමක් කළේ නැහැ’ මාව අපේ ගෙදර අයට හොරෙන් රෝහලට ගෙනියලා උසාවියට ගෙනාවා කියලා’ මට මුදල් ඇපයක් නියම කළා’ මම කිව්වා මුදල් ඇප තියන්න කව්රුවත් එන්න දන්නෙ නෑ කියලා’ මට කිව්වා ශරීර ඇපයක් තියලා ගෙදර යන්න කියලා’

මාව ජේලර් කෙනෙක් මිස් කෙනෙක් ළඟට ගෙනිච්චා අත්සන් කරන්න’ රාළහාමි කෙනෙක් කිව්වා මට ජීප් එකේම යමු කියලා’ ආයෙත් මට මොනවා කරයිද දන්නෙ නැති නිසා මම බෑ කිව්වා’ මම රුද්‍රිගු කියන පොලිස් නිලධාරියාගෙන් රුපියල් 30/-ක් ඉල්ලගෙන අමාරුවෙන් නොණ්ඩි ගසමින් බස් නැවතුම්පොලට ඇවිත් බස් එකක නැගලා ගෙදර යන්න ගියා’ මම යනකොට දැක්කා බදුරලිය පොලිසිය ළඟ අක්කගෙ පුතා වෑන් එක තියාගෙන ඉන්නවා’ මම එතනින් බැස්සා’ පස්සෙ මම අක්කලාට සිදුවූ දේ කිව්වා’ පස්සේ නීතිඥ චන්දන මහත්තයා හමුවුණා’ නැවතත් අක්කලා මාව බදුරලිය රෝහලට ගෙන ගියා’ එහි වෛද්‍යවරු මාව නාගොඩ රෝහලට ගෙනියන්න කිව්වා’ ඒ වෙලාවේම නැවතත් නාගොඩ රෝහලට ගියා’ මාව නාගොඩ රෝහලට ඇතුළත් කළා’

2010’ 07’ 03 වන දින දක්වා මා එම රෝහලේ 11 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලැබුවා’ 2010’ 07’ 02 වන දින මට විරුද්ධව පැවරූ නඩුව තිබුණා’ ඒ වෙලාවේ මගේ නීතිඥ මහතා” මට පොලිසියෙන් පහරදීම මත රෝහලේ ප‍්‍රතිකාර ලබන බව අධිකරණයට දන්වා තිබුණා’ මේ සම්බන්ධව මා අදාළ බලධාරින්ට පැමිණිලි කළා’ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක්ද ගොනු කළා’

ඉන්පසුව මට හා මගේ සාක්ෂිකරුවන්ට පොලිසියෙන් නොයෙකුත් බලපෑම් ඇතිවූ අතර මේ වන විට මා මගේ පදිංචියද වෙනස් කොට වෙනත් ප‍්‍රදේශයකට ගොස් සිටිනවා’

නමුත් මා හට පහරදී ව්‍යාජ නඩු පැවරූ මෙම නිලධාරින්ට විරුද්ධව අදාළ බලධාරින් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර මට විරුද්ධව පැවති නඩුව හේතුවෙන් මේ වන විට මා තවදුරටත් පීඩනයට පත් වී ඇත.




Tell a Friend