එක්සත් ජනපද රාජ්‍යය තාන්ත‍්‍රිකයා තවදුරටත් රිමාණ්ඩි

 පකිස්ථාන අධිකරණයක් රේමන්ඩි ඩාවිස්ගේ රැුදවුමි කාලය දිර්ඝ කරයි. ඔහු ලාේහා්රය මුලික කරගත් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයෙකි. ඔහුට තවත් දින 08 රැුදවුමි භාරයේ සිටිමට සිද්ධ වුයේ වෙඩි තැබිමකින් යතුරු පැදිකරුවන් දෙදෙනෙකු මියයැම හේතුවෙනි.

ඩාවිස් පවසන්නේ ඔවුන් තමන්ව මංකොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවෙි ආත්මාරක්ෂාව පිණිිස වෙඩි තැබු බවයි.

ඔහුව නැවතත් අධිකරණයට ඉදිරිිිපත් කරන්නේ පෙබරවාරි 11 වැනිදාය.

එක්සත් ජනපදය කියන්නේ ඔහුව මංකොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවෙි ආත්මාරක්ෂා උදෙසා කටයුතු කළ බැවින් සහ තානාපති විනිර්මුක්තිය නිසා පකිස්තානය විසින් ඔහුව නිදහස් කළයුතු බවයි.
මෙය පකිස්තානය තුළ ඇමෙරිකානු විරෝධි හැගිමි උත්සන්නවිමට හේතු විය. රට පුරා ඩාවිස් නිදහස් කිරිමට විරුද්ධව පෙළපාලි පැවැත්විණි.


මෙය පකිස්තානයේ අසිෆ් අලි සර්දාරි ආණ්ඩුවට දේශපාලන පිපිරිමක් හා සමාන වන අතර දෙරට අතර මතභේද වලටද තුඩු දෙනු ඇත.

අල් ජසිරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා