ජිනාගේ අලුත්ම තත්වය

කොල්ලූපිටියේ සුපිරි ගණිකා නිවසක් පවත්වාගෙන ගිය ජිනා මැඩම් හෙවත් රෝස්මේරි පෙරේරා පෙරේදා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කරුණු දක්වමින් කියා තිබෙන්නේ මෙතෙක් එළි නොවුණ කතාවකි.
ඒ මෙසේය..
‘පොලිසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේ සැකකාරිය රහස් සෝපානයකින් පැන ගියා කියල පොලිසිය කියනව... ඒක සම්පූර්ණ බොරුවක්..ඒ වෙලාවෙ ඇය එතැන සිට නැහැ.ඇය 62 හැවිරිදි වියේ පසුවන රෝගී කාන්තාවක්..පොලිස් භටයින් 32 ක මෙහෙයුමකදී ඇය පැන ගියා යයි කීමත් පිළිගන්න අමාරුයි.
මෙම සිද්ධිය ගැන පොලිසිය දක්වන බී වාර්තාවල පරස්පර විරෝධතා තියනව..’

මෙයට පිළිතුරු සැපයූ පැමිණිළි පාර්ශ්වය සැකකාරිය කාන්තාවන් 5ක් මත්පැන් හා මුදල් සමග අසුවූයේ ඇය නීත්‍යානුකූල ව්‍යාපාරයක් කළ නිසාදැයි ප‍්‍රශ්න කළ අතර ඇයට ඇප ලබාදීමට විරුද්ධ විය.
නඩුව කල් තැබුණ අතර ඇය තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබිණි.