මෙම මස 4 වැනිදාට යෙදුණු මහාචාර්ය සෙනරත් පරණවිතාන වියතාණන්ගේ 38 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.
සිරිසමන් විඡේතුංග
ගී්‍ර ක් භාෂාවෙන් ලියන ලද බයිබලය ඉගෙනගන්ට ගී්‍රක් භාෂාව ද ගී්‍රක් අක්‌ෂර ද ඉගෙනගත යුතුයි. චීන රටේ ආගම් තුනකි. කොන්පියුසියස් ආගම, ටාඕ ආගම සහ බුද්ධාගමයි. මේ ආගම් තුනට අයත් ග්‍රන්ථ චීන භාෂාවෙන් ලියා තිබේ. චීන භාෂාවෙන් ලියන ලද බෞද්ධ ග්‍රන්ථ කියෑවීමට ආසාවෙන් ස්‌ටැනිස්‌ලා ජුලියන් නම් ප්‍රංසකාරයා විසි වර්ෂයක් චීන භාෂාව ඉගෙනීමට ගත කළේය. විසි වර්ෂයකට පසුව ඒ පණ්‌ඩිතයා විසින් චීන භාෂාවෙන් තිබුණ හියුංසාං භික්‍ෂුන් වහන්සේගේ ජීවිත කතාව ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළේය. සැමුවෙල් බීල් නමැති ඉංගී්‍රසි පාදිලි තැන චීන භාෂාව ඉගෙන, ඒ භාෂාවෙන් තිබුණ සම්බුද්ධ චරිතය ඉංගී්‍රසියට පරිවර්තනය කළේය. (ඔහු විසින් ෆාහියන් හා හියුංෂාන් නම් චීන සංචාරක භික්‍ෂූන් වහන්සේලාගේ සංචාරක සටහන් ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය කරන ලදී.)
යුරෝපීයයන් අතරින් පාලි භාෂාව පළමුකොට ඉගෙනගත් ටර්නර් මහතා විසින් මහාවංසය 1834 දී ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය කළේය. ඊට වර්ෂ 40 පසු රොබට් චිල්ඩරස් නම් ඉංගී්‍රසි මහතා පාලි ඉගෙන පාලි අකාරාදියක් කළේය. ඒ කාලයේදීම රීස් ඩේවිස් මහත්මයා පාලි ඉගෙන ගෙන පාලි පොත් ඉංගී්‍රසි අක්‍ෂරයෙන් මුද්‍රණය කරවීම 1882 දී ආරම්භ කළේය. (ධර්මපාලි ලිපි - සංස්‌කාරක ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ 1991 - පි. 156)
අප ඉහත සඳහන් කරුණු ඉදිරිපත් කළේ අද වන විට අප රටේ සිංහල භාෂාව පමණක් නොව පාලි හා සංස්‌කෘත භාෂා අධ්‍යයනය ද ඉතාමත් ෙ€දනීය තත්ත්වයකට ඇද වැටී තිබීම ගැන විමසා බැලීමටම නොව සිංහල භාෂාව, පාලි, සංස්‌කෘත මෙන්ම ඉංගී්‍රසි භාෂාව ද තවත් අපරදිග භාෂා ගණනාවක්‌ම උගත් පඬිවරුන් විසිඑක් වැනි සියවසේ දී බිහි වුවත් අද දවසේ මෙවැනි විද්වතුන් බිහි නොවන්නේ කුමක් නිසාද යන්න විමසීමටය. ඒ පඬිවරුන් අතරේ ගිහි පැවිදි පඬිවරු රැසකි. පැවිදි පඬිවරු අතරේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, වැලිවිටියේ සෝරත නාහිමි, කළුකොඳයාවේ පඤ්Æසේකර, කොටහේනේ පඤ්Æකිත්ති, බඹරැන්දේ සිරිසීවලී, වල්පොල රාහුල යන මහා යතිවරයාණන් වහන්සේලා ද, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, කුමාරතුංග මුණිදාස, බටුවන්තුඩාවේ පඬිතුමා, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්‍ර, ඩී. ඊ. හෙට්‌ටිආරච්චි, ගුණපාල මලලසේකර, විමලානන්ද තෙන්නකෝන් වැනි ගිහි විද්වතුන් ද පාලි සංස්‌කෘත හා ඉංගී්‍රසි භාෂාවන් පිළිබඳව ද සිංහල භාෂාවට අමතරව වියත්හු වූහ.
විශේෂයෙන්ම මේ භාෂා අධ්‍යයනය සමගම ඒ ඒ භාෂාවන්වලට අයත් සාහිත්‍යය පිළිබඳව ද ඔවුහු ඉතා හොඳින් දැන සිටියහ. මේ නිසාම ඔවුන් විසින් ජාතියට දායාද කළ නිර්මාණ සැබැවින්ම කවදත් ජනතාවගේ හදවත් තුළ සටහන් වී තිබිණි. එහෙත් අද වන විට මේ භාෂා අධ්‍යයනය ඉංගී්‍රසි භාෂාව පමණක් පෙරමුණ ගන්වා ගෙන ක්‍රියා කිරීම යහපත් වුවත් යටත් පිරිසෙයින් සිංහල භාෂාව ඉගෙනීම ඉංගී්‍රසි භාෂා අධ්‍යයනයට මෙන්ම විශේෂ සැලකිල්ලක් දේශපාලන නායකත්වය තුළ මෙන්ම පරිපාලන ක්‍ෂේත්‍රයේ නිලධාරීන් තුළ ද ඇතිවිය යුත්තක් සේ අපි දකිමු.
අපගේ මේ ලිපියේ නිමිත්ත ලෙසින් සඳහන් කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද ශාස්‌ත්‍රීය ග්‍රන්ථ අතරේ Sigiri Graffiti සීගිරි ග්‍රැෆිටි හෝ Inscriptions of Ceylon (ඉන්ස්‌ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන්) වැනි ග්‍රන්ථයක් ලිවීමට ඒ ක්‍ෂේත්‍රයේ පමණක් නොව වෙනත් භාෂා හා පුරාවිද්‍යා අධ්‍යයන ක්‍ෂේත්‍රයේ කිසිවකුත් සමත් වී නැත. ඊට හේතුව ලෙසින් අප දකින්නේ අපරදිග භාෂා මෙන්ම පෙරදිග භාෂාවන් පිළිබඳව ද අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තියට ඇතුළත් කිරීමේ වැදගත්කමය. පාලි හා සංස්‌කෘත භාෂා පාසල් තුළ ඉගැන්වීම සිදු කළ යුතු යෑයි අපි නොකියමු. එහෙත් පිරිවෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළවත් ඒ සඳහා මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.
අප රටේ පිරිවෙන් අධ්‍යාපනයෙන් පාලි සංස්‌කෘත මාතෘ භාෂා අධ්‍යයනයත් ඉංගී්‍රසි භාෂා අධ්‍යයනයත් සමබරව සිදු කිරීමට එදා තිබූ යහපත් වාතාවරණය නිසා යතිවරු බිහි වූහ. මේ තත්ත්වය අද අප රටේ අධ්‍යයන ක්‍ෂේත්‍ර තුළින් ගිලිහී ගොස් ඇති සේය.
ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් සඳහා සැලසුම් කරන මෙවන් යුගයකදී අප රටේ මාතෘ භාෂාවන් පිළිබඳ සංඝරත්නය සඳහාවත් පහසුකම් සැලසීම (පිරිවෙන් අධ්‍යාපනය තුළ) මීට වඩා වැඩි කළ යුතුව ඇත.
අප කිසිසේත්ම මෙහිදී ඉංගී්‍රසි භාෂා අධ්‍යාපනය පහතට හෙළීමක් හෝ එය අනවශ්‍ය යෑයි නොකියමු. ඉංගී්‍රසි භාෂාව එදාට වඩා අද අවශ්‍යතම භාෂාවකි. විශේෂයෙන්ම සන්නිවේදන ක්‍ෂේත්‍රයේ ලබා ඇති ලෝක ප්‍රවනතාව හමුවේ ඉංගී්‍රසි භාෂා අධ්‍යයනය ඉතාමත් වැදගත් වේ. ඒ පිළිබඳ රජයේ වැඩි අවධානයක් යොමු කර තිබීම අපි අගය කරමු. එසේම සිsංහල භාෂා අධ්‍යයනය පිළිබඳව ද මීට වඩා වැඩි සැලකිල්ලක් අධ්‍යාපන, ජනමාධ්‍ය හා තොරතුරු සහ ජාතික උරුමය හා සංස්‌කෘතික යන අමාත්‍යාංශවලින් දැක්‌විය යුතු කාලය එළැඹ ඇත.
අනගාරික ධර්මපාලතුමාගේ ධර්මදූත සේවාව පමණක් නොව ඉන්දියාවේ බුද්ධගයාව ඇතුළු පුදබිම් යළි බෞද්ධ ජනතාවට ලබාගැනීමට හැකි වූයේත් ඉංගී්‍රසි භාෂා ඥනය මෙන්ම සිංහල හා පාලි භාෂා ඥනය ද ඒ අයුරින් ලද බෞද්ධ දර්ශනය ද පිළිබඳ ලත් අවබෝධය නිසා බව රහසක් නොවේ.
ඉතිහාසය හා පුරාවිද්‍යා විෂයයන් පිළිබඳව ද මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් වැනි විද්වතුන්ගේ යුගයටත් වඩා ඉංගී්‍රසි දැනුම මෙන්ම පෙරදිග භාෂා දැනුම ද අවශ්‍යව ඇත. එහෙත් මේ පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ ගැන විමසා බලන විට ඒ ක්‍ෂේත්‍රයේ සිටින ආචාර්ය සිරාන් දැරණියගල, මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක, මහාචාර්ය සිරිමල් රණවැල්ල, නන්දසේන මුදියන්සේ, රෝලන්ඩ් සිල්වා, රාජා සිල්වා, සද්ධාමංගල කරුණාරත්න, එස්. බී. හෙට්‌ටිආරච්චි, මංගල ඉලංගසිංහ, සුදර්ශ සෙනෙවිරත්න, ඉන්ද්‍රdනි මුණසිංහ, සිරිමා කිරිබටුගේ, ලෙස්‌ලි ගුණවර්ධන, පී. එල්. ප්‍රේමතිලක, ඉන්ද්‍රකීර්ති සිරිවීර, මැන්දිස් රෝහණදීර වැනි ආචාර්ය හා මහාචාර්යවරු ද්විභාෂික ලේඛකයන් වූයේ ඉහත සඳහන් වූ භාෂාවන් පිළිබඳ මෙන්ම විෂය බද්ධ වූ ඥනය ද නිසාමය. ඉංගී්‍රසි භාෂාව සිය අවශ්‍යතාව දේශීය දේශ සීමා ඉක්‌මවා දේශ දේශාන්තරවලට පැතිර යැමේ ප්‍රවණතාවට වාහනයක් වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ පර්යේෂණාත්මක ග්‍රන්ථ මෙන්ම ලිපි ලේඛන හැදෑරීමෙන් පැහැදිලි වෙයි.
මෙකල පුරාතනය අධ්‍යයනය කිරීම කෙරෙහි රට තුළ යහපත් ප්‍රවණතාවක් නැතත් ඒ සඳහා යොමු වූ තරුණ පරපුරක් උගත් තරුණ පරපුරක් බිහිවී සිටීම අනාගතය පිළිබඳ සුබවාදී ලකුණකි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යයන ක්‍ෂේත්‍රය තුළ මෙන්ම රාජ්‍ය ආයතනවල (ජාතික උරුමයට අදාළ) සිටින තරුණ විද්‍යාර්ථීන්ට නිසි ඉංගී්‍රසි දැනුම මෙන්ම සිංහල භාෂා හා සාහිත්‍ය දැනුම ද ඉතා මැනවින් ලබාදීමේ අවශ්‍යතාවය අද මතු වී ඇත. ඒ ඒ ආයතනවල මෙම දැනුම නැති තරුණයන් සිටින්නේ යෑයි මෙයින් අදහස් නොවේ.
මේ සඳහා අද ඉංගී්‍රසි භාෂාව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ප්‍රමුඛතාවක් මත අධ්‍යයනය කිරීම කෙරෙහි ඇති ප්‍රවණතාව ඉතා වැදගත්ය. ඒ සඳහා පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ද ළමයින්ට ඉංගී්‍රසි භාෂා හා සාහිත්‍ය දැනුම ලබාදීමේ වැඩපිළිවෙළක් මීට වඩා වැඩි අවධානයකින් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
මීට අමතරව ජනමාධ්‍ය කලා, ඉංජිනේරු වෛද්‍ය විද්‍යා ආදී කුමන විෂය ධාරාවක් ඉගෙනීමේ යෙදීමට සූදානම් වන්නන් වුවද, අප රටේ සංස්‌කෘතිය හා බද්ධ වූ අතීත උරුමය පිළිබඳ දැනුමක් ද ඔවුන්ට ලබාදිය යුතුය. ඒ දැනුම නැතිකම අද විවිධ ක්‍ෂේත්‍රවලින් අප රටේ කටයුතු කරන සමහර තරුණ නායකයන් ගැන විමසන විට දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. විශේෂයෙන්ම මේ දැනුම ජනමාධ්‍ය පාඨමාලා හදාරණ තරුණ පිරිසට ලබාදිය යුතුව ඇත. එයින් අදහස් වන්නේ අනෙකුත් ක්‍ෂේත්‍ර පිළිබඳ තරුණ පරපුරට ඒ දැනුම අනවශ්‍ය බවක් නොවේ. වෛද්‍යවරයෙක් අප රටේ අතීතය ගැන දැන ගැනීම වෛද්‍ය වෘත්තියට ඇති ඵලය කුමක්‌ද යනුවෙන් කෙනකුට ප්‍රශ්නයක් නැගිය හැකිය. එය වෛද්‍ය වෘත්තියට අදාළ නොවුණත් රටේ පුරවැසියෙක් ලෙසින් වෘත්තිකයෙක් වශයෙන් ද රටේ අපගේ අතීත උරුමය පිළිබඳ දැන සිටීම වෘත්තියට ආභරණයක් වන්නේය. එවැනි වෛද්‍යවරුන් (විශේෂයෙන්ම තරුණ පිරිස) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද දේශනවලට සවන්දීම පිණිස පැමිණීම ඉතා යහපත් ප්‍රවණතාවකි.
මේ නිසා සියලුම විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට අප රටේ සංස්‌කෘතික පසුබිම පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පාඨමාලාවක් ද ඇතුළත් කළ යුතුව ඇත. එය ඉතා ගැඹුරු අධ්‍යයනයක් සඳහා නොවේ. උදාහරණයක් ලෙසින් සඳහන් කරතොත් අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ සෑම රටවැසියකුටම අවබෝධයක් තිබීම ඊළඟ පරම්පරාවට ද ඒ දැනුම සම්ප්‍රේෂණය වීමට ද බලපානු ඇත. එමෙන්ම බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ දැනුම ද ඒ සමගම ලබාගත හැකිය.
මෙසේ අපගේ සංස්‌කෘතික උරුමය පිළිබඳ දැනුම සිංහල බෞද්ධයන්ට පමණක් නොව (හින්දු), ඉස්‌ලාම් හා ක්‍රිස්‌තියානි ආගම් අදහන තරුණ පරපුර විසින් ද මේ කරුණු දැනගැනීම අවශ්‍ය වන්නේය. එවිට ඔවුන් දේශයේ සැබෑ පුරවැසියන් වනු ඇත.
පාසල් පංති කාමරයෙන් ලැබෙන දැනුම සීමිත කාල පරාසයකට වෙන්වෙයි. එහෙත් නිරන්තර අධ්‍යාපනය අප රටේ රූපවාහිනී හා එෆ්.එම්. නාලිකා මගින් සිදු කෙරේ. විශේෂයෙන්ම භාෂා භාවිතය (ප්‍රවෘත්ති විකාශනවලදී) මීට වඩා සැලකිලිමත් විය යුතු වන්නේය. සියලුම නාලිකාවල නොවුණත් සමහර නාලිකාවල සිංහල භාෂා භාවිතය ඉතාමත් දරුණු ලෙසින් නාය යැමකට භාජන වී ඇති බැව් ඉතා අකමැත්තෙන් වුවත් ප්‍රකාශ කළ යුතුව ඇත.
මේ අනුව බලන විට පරණවිතානවරුන් මෙකල බිහිවීමට මේ කාලයේ සමාජ, අධ්‍යාපනික හා සංස්‌කෘතික පරිසරයක් තවම උදාවී නැති බව සඳහන් කළ යුතුව ඇත. එපමණක් නොව, මුනිදාස කුමාරතුංගලා, මාර්ටින් වික්‍රමසිංහවරු, සරච්චන්ද්‍රලා, මහගමසේකරලා මෙකල බිහි නොවන්නේ අපගේ අධ්‍යාපන රටාව තුළ ඇති ඓතිහාසික කරුණු හා පුරාණ භාෂා සාහිත්‍ය භීතිකාව නිසා බව සඳහන් කළ යුතුව ඇත. ඒ භීතිකාව අධ්‍යාපන පාඨ ග්‍රන්ථවලින් ඉවත් කර නැවත ලියන තුරු මේ අප රටේ තරුණ පරපුර බහුතරයක්‌ම බටහිර රැල්ලට හසුවී යැම වැළැක්‌විය නොහැකිය.
Post a Comment